අඹුසැමි සතුටට ජිවය දෙන හද පිනවන සතුට ගෙනෙන අමුක්කරා

මිනිස් සිරුරේ නාඩි පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනය වන එහි ශක්තිය වැඩෙන ආයුර්වේද ඖෂධ බොහොමයකට යොදා ගැනෙන අමුක්කරා පැළෑටියේ පංචාගයේම ඔසු ගුණ පිරි පවතී.

දෙමළ බසින් අමුක්කිරා ලෙස හඳුන්වන මෙම බෙහෙත් පැළෑටිය ලංකාව ඉන්දියාව මෙන්ම මධ්‍යධරණී සහ සමසීත කලාපයේ රටවල හොඳින් වැඩෙයි.

අමුක්කරා හි ගුණ පිළිබඳව විමසා බැලීමේදී පැළෑටියේ මුල්වල නාඩි ශක්තිමත් වන ගුණය හා වාජිකරණ ගුණයද පවතී.මෙයින් කුසගින්න වැඩිවේ. මළ බද්ධය නැතිවෙයි. හෘදයට හිතකරය. ලේ පිරිසිදු වෙයි. සෙම සහ ඇදුම නැසෙයි.පෘෂ්ටිමත් වේ. අමුක්කරා පත්‍ර උණ රෝග සඳහා යෙදෙන අතර ඵල මුත්‍රකාරක ඔසුවක් ලෙස භාවිත වෙයි.

බටු පවුලට අයත් මෙම ඖෂධ පැළෑටියේ බීජ පහසුවෙන් පැල කර ගත හැකිය. පැසුණු රක්ත වර්ණ ඵල නෙලාගෙන මද අවුවේ වෙලා බිජ වෙන්කරගෙන ඉතා හොදින් සෝදා ජීවානුහරණය කරන ලද තවාන් වල අතුරා පැල මතුවූ පසු වැසුම් ඉවත්කර පාත්තිවල සිටුවිය හැකිය. අමුක්කරා මුල් නොහොත් අල මේරීමට වර්ෂයක් පමණ ගතවෙයි.

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *