ආරක්ෂක හේතූන් මත දෙවනගල පූජා භූමිය ඉස්ලාම් ජාතිකයන්ට තහනම්

0
10

ආරක්ෂක හේතූන් මත පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික මාවනැල්ල -දෙවනගල පූජා භූමිය නැරැඹීමට ඉස්ලාම් ජාතිකයන්ට නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට එම විහාරස්ථානයේ භාරකාරිත්වය දරන පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමිපාණන් වහන්සේ තීරණය කර තිබේ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබූයේ පසුගිය 12 වැනි දින හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේ පැවැති රැස්වීමට එක් වෙමිනි.

දැන් අපට ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න තියෙනවා. බුදු පිළිම කැඩීම පටන් ගත්තේ මාවනැල්ලෙන්. පොලිසිය හරියට නිවාස පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. හමුදාව නිවාස පරීක්ෂා කරන්න ආවත් ප්‍රබල මුස්ලිම් ඇමැතිවරු අවස්ථාව දෙන්නේ නැහැ. මේ කතා කරන මොහොතෙත් අපේ දෙවනගල විහාරස්ථානයේ හමුදාවෙන් විශාල පිරිසක් ඇවිත් ඉන්නවා. එයාලා ආවේ දහවල්. දැන් පැය 4කට වැඩි කාලයක් ගත වුණා. නමුත් ඉහළින් අවශ්‍ය ස්ථාන පරීක්ෂාවට නියෝග ලැබුණේ නැහැ. අපිට හරියට පරීක්ෂා කරලා ආරක්ෂාව ගැන තහවුරු කරලා දෙනකම් මල්වත්තේ නායක හාමුදුරුවන්ටත් කියලා තීරණයක් ගත්තා දෙවනගල පූජා භූමියට ඉස්ලාම් ජාතිකයන්ට ඇතුළු වීම තහනම් කරන්න.

දෙවනගල පූජා භූමිය අවට බොහෝ නිවාස කඩ සාප්පු සකස් කරලා තියෙනවා. පසුගිය කාලයේ අපි රජයෙන් ඉල්ලා සිටියා දෙවනගල පූජා භූමියේ ඉඩම් නිරවුල් කරලා දෙන්න කියලාත්. නමුත් ඒවා වගකිව යුත්තන් පැහැර හැරියා.

ලංකා ඉතිහාසය වැදගත් වන මහා පරාක්‍රමබාහු රජතුමා විසින් බුරුමයට එරෙහිව කරන ලද සටන සම්බන්ධයෙන් වංශකතා මූලාශ්‍රය දක්වා සිටින තොරතුරු විශ්වසනීය ලෙස සනාථ කර සිටින ලංකාවේ හමුවන එකම සෙල්ලිපිය තියෙන්නෙත් දෙවනගලයි. තවද දළදා වහන්සේ නුවර දක්වා වැඩම වීමේදී එක් රැයක් දෙවනගල පූජා භූමියේ තැන්පත් කර පුද පූජාවන් සිදු කර ඇති බවද ඓතිහාසික තොරතුරුවල සඳහන්ව පවතී. එසේ හෙයින් එවැනි ස්ථානයක ආරක්ෂාවට මීට වඩා වගකීමකින් අවධානය යොමු කළ යුතුව පවතින බවද උන්වහන්සේ පෙන්වා දෙති.

 

මව්බිම – Mawbima