එංගලන්ත පිල අතිදක්ෂයි, ඕනෑම තත්ත්වයක ක්‍රීඩා කර ජයගත හැකියි

ඕනෑම කණ්ඩායමක් එංගලන්ත‍යේ සංචාරය කරනා විට සංචාරක කණ්ඩායමේ මානසිකත්වය බිද දැමීම සදහා මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීම එංගලන්ත ක්‍රිකට් සම්ප්‍රදායයි. ඒ අනුවම වෙනත් රටක එංගලන්තය ක්‍රීඩා කරනා විට එංගලන්ත කණ්ඩායමේද මානසිකත්වය ඉහළ දැමීමට ඔවුන් කටයුතු කරනවා.

එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය එල‌ඹෙන 10 වැනිදා ආරම්භ වීමට නියමිතය. මේ වන විට ශ‍්‍රී ලංකාවේදී පුහුණුව අරඹා ඇති එංගලන්ත පිල සම්බන්ධයෙන් සුබවාදී ධනාත්මක අදහස් පළ කිරීමට කුමාර් සංගක්කාර ඉදිරිපත් වී තිබේ.

ප්‍රමුඛ ක්‍රිකට් වෙබ් අඩවියක් සමග කුමාර් සංගක්කාර පවසා ඇත්තේ එංගලන්ත කණ්ඩායමට ලෝකයේ කුමන ප්‍රදේශයේ සංචාරය කළද හොදින් ක‍්‍රීඩා කළ හැකි දක්ෂ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ඉන්නා බවයි.

“එංගලන්ත කණ්ඩායමට ඕනෑම තත්ත්වයකට ක‍්‍රීඩා කළ හැකි තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටින බවට මා විශ්වාස කරනවා. ලෝකයේ ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ක‍්‍රීඩකයන් ඉන්නවා. ඇලිස්ටයාර් කුක් සමුගැනීම නිසා ඔවුන්ට අලූත් ආරම්භක පිතිකරු යුගලක් ශ‍්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියේදී යොදවන්න වෙනවා, එංගලන්තයට හොඳ දඟපන්දු යවන්නනුත් ඉන්නවා. ඇඩිල් රෂීඞ් සහ මොයින් අලී මෙහි තත්ත්වය ශ‍්‍රී ලංකාවට තර්ජනක් විය හැකි පන්දු යවන්නන්” යනුවෙන් සංගා පවසා තිබුණා.

කුමාර් සංගක්කාර එංගලන්තය ක්‍රීඩා කළ තරගයන්හි විස්තර විචාරකයෙක් ලෙස ද කටයුතු කළ අතර සරේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු ද වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *