එදිරිසිංහ බ‍්‍රදර්ස් හයිබි‍්‍රඩ් හබ් දෙවෙනි පහසුකම පිළියන්දලට

ශ්‍රී ලංකාව තුළ හයිබි‍්‍රඩ් සහ ප්ලග්-ඉන් හයිබි‍්‍රඩ් වාහන සේවා, අලුත්වැඩියා සහ හයිබි‍්‍රඩ් බැටරි යළි ආරෝපණය කිරීමේ විශේෂඥභාවය සතු කරගත් එකම ආයතනය ‘හයිබි‍්‍රඩ් හබ්’ සිය දෙවෙනි සේවා ස්ථානය පිළියන්දල, මිරිස්වත්තේ දී විවෘත කළබව එදිරිසිංහ බ‍්‍රදර්ස් සමාගම (EBL) සතුටින් දන්වා සිටී.

මෙයට වසර දෙකකට පෙර කොළඹ, ඛෙත්තාරාමයේ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රකට් කී‍්‍රඩාංගණය යාබදව ප‍්‍රථම එදිරිසිංහ බ‍්‍රදර්ස් හයිබි‍්‍රඩ් හබ් සේවා සැපයුම් මධ්‍යස්ථානය පිහිටුවූ අතර මෙරට ‘හයිබි‍්‍රඩ් වාහන විශේෂඥයා’ ලෙසින් එය ස්ථාපිත විය. එහි පැමිණි සහ පැමිණෙන පාරිභෝගිකයින් සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ තොරතුරු සුහද ලෙසින් හුවමාරු කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉතා විශිෂ්ට මට්ටමේ සේවාවන් සැපයීම හේතුවෙන් ඔවුන් සියල්ලන්ගේම විශ්වාසය, ගෞරවය සහ ඉමහත් කැමැත්ත ඉතා කෙටි කලෙකින් දිනාගැනීමට ‘හයිබි‍්‍රඩ් හබ්’ට හැකි විය. මෙහි කාර්යමණ්ඩලයේ සියල්ලන්ම වාහන නඩත්තු කිරීමේ නිවැරැදිම උපදේශයන්, ඉන්ධන කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවිය හැකි වාහනය පැදවීමේ නිවැරැදි ආකාර පෙන්වා දෙමින් හයිබි‍්‍රඞ් රථයෙන් උපරිම ඵල නෙළාගැනීමේ හැකියාවන් ලබාගැනීමේ උපදෙස් පාරිභෝගිකයින් වෙත නිරන්තරයෙන්ම ලබා දෙයි.

හයිබි‍්‍රඩ් බැටරි දෝෂ හඳුනාගැනීමේ සහ ආරෝපණය කිරීමේ තාක්‍ෂණයක් හිමි ඇමෙරිකානු සමාගමක් වන ක්වෝතෝ ටෙක්නිකල් සර්විසස් සමාගමේ තාක්‍ෂණය මෙරටට හඳුන්වාදීමේ සහ භාවිත කිරීමේ පූර්ණ බලය සහ අවසරය ‘හයිබි‍්‍රඩ් හබ්’ ලබා ඇත. මෙම සුවිශේෂී තාක්‍ෂණය මගින්, දුර්වල වුණු හයිබි‍්‍රඩ් බැටරියක බලය සහ ශක්ති ධාරිතාව පෙර පැවති තත්ත්වයෙන් 95%ක් දක්වා යළි බලගැන්වීමේ, ආරෝපණය කිරීමේ හැකියාව ලැබෙයි. මෙම උපකරණ පද්ධතිය මගින් බැටරියේ ඇති එක් එක් මොඩියුල සෘජුවම සම්බන්ධ කරගෙන එ්වායේ පවතින සැබෑ තත්ත්වය විශ්ලේෂණය කිරීමේ හැකියාව ලබා දෙයි.

එදිරිසිංහ බ‍්‍රදර්ස් හයිබි‍්‍රඩ් හබ් සම ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි, සංඛ එදිරිසිංහ මහතා මේ පිළිබඳව සිය අදහස් මෙසේ පළ කළා. ”මුලින්ම අපි කොළඹ ‘හයිබි‍්‍රඩ් හබ්’ ආරම්භ කරන කාලයේ ශ්‍රී ලංකාව තුළ හයිබි‍්‍රඞ් වාහනවලට හොඳ උනන්දුවක් තිබුණා. එ් වෙනකොට 90,000කට අධික හයිබි‍්‍රඩ් වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කරලා. අවුරුදු දෙකක් ගතවෙන මේ මොහොතේ එ් උනන්දුව, ඉල්ලූම සෑහෙන දුරකට වැඩිවීමේ ප‍්‍රවණතාවක් පෙනෙනවා.”

”දෙවෙනි එ්කකය ආරම්භ කිරීමට එම වැඩිවීමේ ප‍්‍රවණතාවය එක් ආසන්නම හේතුවක්. අපේ පළමු හයිබි‍්‍රඩ් හබ් ඒකකයේ වසර දෙකක මෙහෙයුම්වලින් අපි උගත් දේ බැලූවොත් හයිබි‍්‍රඞ් වාහනවලට තියෙන උනන්දුව වැඩිවීමක් දක්නට ලැබුණත් මෙම වාහන සේවා සපයන බොහොමයක් යාන්ත‍්‍රික ශිල්පීන්, සර්විස් සහ ලූබ්රිකන්ට් යොදන ආයතන සම්බන්ධයෙන් නිසියාකාර ප‍්‍රමිතියකින් තොර තාක්‍ෂණික ක‍්‍රමවේද භාවිත කිරීමේ භයානක තත්ත්වයක් වර්ධනය වෙමින් තිබෙනවා. එ්වාගේම ආරක්‍ෂණ ක‍්‍රමවේද පිළිබඳව වැරදි අවබෝධයන් හේතුවෙන් වාහනවල තත්ත්වය නුසුදුසු බවට පත්වීම නිසාවෙන් දිගුකාලීනව නියම අයුරින් වාහන පවත්වාගැනීමේ ගැටලු මතුවෙන්න පුළුවන්. අපේ අරමුණ සහ උත්සහය කොළඹ නගරයෙන් පිටත අපගේ සේවාවන් ව්‍යාප්ත කිරීමත් සමගින්, හයිබි‍්‍රඞ් වාහන හිමියන්ට විශ්වාසදායී සහ නිවැරදි හයිබි‍්‍රඩ් වාහන නඩත්තු සේවාවක් හඳුන්වා දීමයි, ලබා දීමයි” එදිරිසිංහ මහතා ප‍්‍රකාශකර සිටියා.

පිළියන්දල, මිරිස්වත්තේ විවෘත වූ නවතම එදිරිසිංහ බ‍්‍රදර්ස් හයිබි‍්‍රඩ් හබ් එ්කකය, ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් සහ පළපුරුදු සහිත සේවා උපදේශකවරුන් මෙන්ම සුවිශේෂී පුහුණුවීම් සහ සුදුසුකම් ලත් කාර්මික-තාක්‍ෂණික ශිල්පීන්ගෙන් සමන්විත දක්‍ෂ කාර්යමණ්ඩලයකින් පරිපූර්ණයි. මෙම පිළියන්දල එ්කකය ද පළමු එ්කකය මෙන්ම නියමාකාර ප‍්‍රමිතීන්ගෙන් ගොඩනගා ඇති අතර දිනකට හයිබි‍්‍රඞ් වාහන 60ක ප‍්‍රමාණයක සේවා අවශ්‍යතා සපයා දීමේ හැකියාව සහිතය. මෙම පහසුකම් සැපයීම සඳහා HEV බැට්රි ලැබ් එ්කකය, නඩත්තු කටයුතු හා සියලුම ආකාරයේ විද්‍යුත් සහ යාන්ත‍්‍රික අලුත්වැඩියාවන් සඳහා සියලුම තාක්‍ෂණික උපකරණ ස්ථාපිත කර ඇත. තම හයිබි‍්‍රඩ් වාහනයේ අවශතාවන් හයිබි‍්‍රඩ් හබ් ඉටු කරදෙන තෙක් මෙහි පැමිණෙන පාරිභෝගික ජනතාවට කොළඹ එ්කකයේ මෙන් ඉදිකර තිබෙන අති නවීන පාරිභෝගික විවේකස්ථානය සමගින් නිදහසේ සුවපහසුව සිටිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *