කිතුල්ගල රහස් සොයා ගිය ගමන

ශී‍්‍ර ලංකාවේ සුන්දරත්වය ලොවටම පෙන්වූ අවස්ථාවකට පාදක වුණු ස්ථානයක් සොයා යාම තමයි අද දිනයේ අපගේ සංචාරයේ අරමුණ වූයේ. මෙය ලාංකිකයන් මෙන්ම විදේශිකයන් අතරද ප‍්‍රචලිත වූයේ ත‍්‍රාසජනක කී‍්‍රඩා සඳහා අපූරු ස්ථානයක් ලෙසයි. කැලණි ගඟ පාදක කරගෙන සිදුකරන මෙම අපූරු ත‍්‍රාසජනක කී‍්‍රඩා සිදු කරන්නේ අප හැමෝම අතර ප‍්‍රසිද්ධ කිතුල්ගල ප‍්‍රදේශයේයි.

කළුතර සිට කිතුල්ගල දක්වා යාමට මාර්ග කිහිපයක් පැවතුනත් අප තෝරා ගත්තේ වඩාත් හුරුපුරුදු මාර්ගය වූ කළුතර – හොරණ මාර්ගයයි. උදෑසනම අප ගමන ආරම්භ කළේ ත‍්‍රාසජනක ජල කී‍්‍රඩා කිහිපයක යෙදීමට සහ ගම්වැසියන් කිහිප දෙනෙකු සමග පිළිසඳරේ යෙදීමටත් අපට අවශ්‍යව තිබූ නිසාවෙනි. කළුතර – හොරණ මාර්ගයේ අඟුරුවාතොටටත් වේවල හරහා ඉංගිරියටත් ගමන් ගත් අපි ඉංගිරියෙන් උදෑසන ආහාරය ලබාගැනීමට අමතක කළේ නැහැ. ගැමි කඩයකට ගොඩ වැදුණු අප කොළ කැඳ කෝප්පයක් සමග හකුරු කැබැල්ලක් සහ උණු බත් සමග පොල්සම්බෝලයක් රස බැලූ අතර ආහාරය අවසන් වූයේ රසවත් බෙලිමල් වීදුරුවකින්. නගරබද වෙසෙන අපට බෙලි මල් වැනි ගුණදායක බීම වර්ග පානයට නිරන්තරයෙන් අවකාශ නොලැබුණත් යන එන ගමන් අපට හමු වන ගැමි කඩවලින් බෙලිමල් වියළි පැකට්ටු ගෙන ඒමට අප අමතක කරන්නෙ නැහැ. මෙය තේ වෙනුවට පානය කළ හැකි ඉතාමත් රසවත් පානයක් වන අතර ඖෂධීය ගුණයෙන් අනූන වනවා.

උදෑසන ආහාර වේලෙන් පසුව අප නැවතත් ගමන ආරම්භ කළ අතර අප එතැනින් ඇහැළියගොඩ දක්වා ගමන් ගත්තා. ඇහැළියගොඩ මැණික් සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන අතර උදෑසනම වුවද මැණික් මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් මුළු නගරය පුරාවටම පිරී සිටිනු දක්නට ලැබුණා. සමහරු මැණික් පරීක්ෂා කරන උපකරණවලින් මැණික් ගල් අහසට අල්ලා පරීක්ෂා කළ අතර සමහරු ලන්සු තියනු දක්නට ලැබුණා. ඉතා සුඛෝපභෝගී වාහනවලින් බැසගත් මැණික් මුදලාලිලා මෙන්ම පතල්වල වැඩ කරනා කම්කරුවන්ද පාර පුරා දක්නට ලැබුණා.

ඇහැළියගොඩ පසු කළ අප ඉන්පසුව පනාවල පසු කොට යටියන්තොටට පැමිණි අතර එහිදී අප කොළඹ මඩකලපුව ප‍්‍රධාන මාර්ගයට වැටුණු අතර එතැන් සිට දිගටම කිතුල්ගල දක්වා ගමන් ගත්තේ කරවනැල්ල තුනීකන්ද ඔස්සේයි.
කිතුල්ගල අයත් වනුයේ කෑගල්ල දිස්ති‍්‍රක්කයට වන අතර සබරගමුව පළාතේ පිහිටයි.

ක‍්‍රමයෙන් අප සේන්දු වී සිටියේ සුන්දර කිතුල්ගල පුරවරයටයි. අප කලින් මෙම ප‍්‍රදේශයේ සංචාරක සේවා සපයන කෝසල මහතාට කතා කොට අපගේ අවශ්‍යතාව පවසා තිබුණු අතර ඔහු අපි එන පෙර මග බලා සිටිනු දක්නට ලැබුණා. මෙම ප‍්‍රදේශය ඔහුගේ උපන් ගම් පෙදෙස වූ අතර අපට පවසන්නට ඔහු හා ඔහුගේ මවට ඉතාමත් රසවත් කතා ගොන්නක් තිබෙන බව අප හා දුරකතන සංවාදයේදී ඔහු පැවසූ අතර එම කතා අසා ඔබට ගෙන ඒමට අප තුළ පැවතියේ ඉමහත් ආශාවක්. අපව ඉතාම අපූරු ලෙසට පිළිගත් ඔහු අලංකාර ලෙස සැකසූ තැඹිලි ගෙඩි දෙකක් අපට පිරිනැමූ අතර ගමන් විඩාව එමගින් ක්ෂණිකව මැකී ගියා.

කෝසල අයියා මඳ වේලාවකින් අපේම හිතවතෙකු බවට පත් වූ අතර ඔහු දැනට කිතුල්ගල සහ ශී‍්‍ර ලංකාවේ සියලූම ප‍්‍රදේශ ආශි‍්‍රතව සංචාරක කර්මාන්තයේ යෙදෙන බවත් කිතුල්ගල ජල කී‍්‍රඩා ආරම්භයට මූලිකත්වය ගත් කෙනෙක්ගෙන් එක් අයෙකු තමා වන බවත් පැවසූවේ ඉමහත් ආඩම්බරයකින්. ඔහු අපට ප‍්‍රථමයෙන් පැවසූවේ ඉර මුදුන් වීමට පෙර ජල කී‍්‍රඩා සඳහා ගොස් පැමිණෙන ලෙසයි. ඔහුගේ ඉල්ලීම පිළිගත් අප ඔහු ගේ බෝට්ටු සේවාව ආරම්භ කරන ස්ථානයට අප රැුගෙන ගියා. එම ස්ථානය කිතුල්ගල – හැටන් මාර්ගය අයිනේම පිහිටා තිබුණු අතර ඔහුගේ සහායකයින් දෙදෙනා ඒ වන විටත් අප එන තෙක් මග බලා සිටියා. එතැන තිබූ ට‍්‍රක් රථයක බෝට්ටුව, හබල් සහ ජීවිතාරක්ෂක උපකරණ පටවා ගත් අප ඔවුන් සමග ගඟ උඩහට ගමන් කළා. මෙම ගංගාව වනුයේ කැලණි ගඟ වන අතර මෙහි කිහිප ස්ථානයක් බෝට්ටු කී‍්‍රඩාව ආරම්භ කිරීම සඳහා වෙන් කොට තිබුණා.

ආත්මාරක්ෂක උපදෙස් ලබාගත් අප ජීවිතාරක්ෂක කබා පැලඳ හබල් රැුගෙන බෝට්ටුවට නැග ගත්තේ එම අපූරු අත්දැකීම විඳ ගැනීම සඳහායි. ජල පහර නිසල වුවත් කෙමෙන් කෙමෙන් ජල පහරේ වේගය වැඩි වූ අතර බෝට්ටුව ඒ හා සමානව ගැස්සීම් හා පැද්දීම්වලින් ගහණ වුණා. අප හා සමග එක් ජීවිතාරක්ෂකයෙකු සිටි අතර ඔහු අපගේ ජීවිතාරක්ෂකයෙකු මෙන්ම බෝට්ටුව හසුරවන්නා ලෙසද කි‍්‍රයා කළා. ඔහුගේ උපදෙස අනුව අප සැඩ පහරේ බෝට්ටුව පදවන්න උත්සාහ කළා. විටෙක ජලයෙන් අප වැසී ගිය අතර තවත් විටෙක අප උඩ ගොස් බෝට්ටුවේම වෙන ස්ථානයක පතිත වුණා. සුදු පැහැති පෙණ පිඩු අතරේ බෝට්ටුව ඉතා සුන්දරව ඇදී ගිය අතර මෙය ඉතාමත් සුන්දර අත්දැකීමක් වුණා. පැයක පමණ ධාවනකයකින් පසුව බෝට්ටුව අප නැවතත් නිසල ජල තලය මතට සහ ඉන්පසුව ගොඩබිමටත් රැුගෙන ආවේ ඒ සුන්දර සහ ත‍්‍රාසජනක ගමන අවසන් කරමින්.

කෝසල අයියා අප වෙනුවෙන් ඊළ`ගට සංවිධානය කර තිබුණේ තවත් එක් ඉතාමත් ත‍්‍රාසජනක කී‍්‍රඩාවක්. මෙය සිදු කිරීමට ඉතාමත් දැඩි ආත්ම විශ්වාසයක් මෙන්ම ශක්තිමත් සහ කී‍්‍රඩාශීලී සිරුරක් තිබීම වැදගත් වනවා. මෙය වෝටර් ෆෝල් ඇබ්සේලින්ග් හෙවත් දිය පහරක් ඔස්සේ ඉහළ සිට පහළට කඹ ආධාරයෙන් බැසීම වන අතර මේ සඳහා ඉතාමත් විධිමත් නමුත් කෙටි පුහුණුවක් ලබා දෙන අතර ඊට අමතරව ඒ සඳහා දස්කම් ඇති පුහුණුකරුවෙකු සහ ජීවිතාරක්ෂකයන් දෙදෙනෙකු මෙම කි‍්‍රයාදාමයේදී අප හා එක් වී සිටිනවා. විදේශ රටවලින් ආනයනය කරන ලදැයි පැවසූ නොයෙක් ආකාරයේ කඹ වර්ග, කොකු වර්ග සහ අප නම නොදන්නා බොහෝ උපකරණ ඔවුන් සතුව පැවතුනා. උපදෙස්වලින් අනතුරුව අප ආරම්භ කළේ වරෙකට එක්කෙනා බැගින් පහලට බැසීමටයි. ලිස්සනසුලූ ගල මතුපිට ජල පහරට සමාන්තරව අප හෙමින් පහළට බැස ගත් අතර විටෙක එක එල්ලේ මුහුණට වදින ජල පහර අපගේ ගමනට විටින් විට බාධා පැමිණුවා.

මඑම කී‍්‍රඩාවෙන් පසුව අප ජලය මත ලිස්සා යාමේ කී‍්‍රඩාවට ඔහු විසින් යොමුකළ අතර එය අවධානය අඩු කී‍්‍රඩාවක් වූ අතර විනෝදාත්මක බවෙන් ඉහළ වුණා. ගල්තලාවක් මතු පිට ගලා යන ජලය මත හිඳ ගත් අප කුඩා උන් මෙන් ගල් තලාවේ පහතට ජලය මතින් ලිස්සා ගියේ කෑ ගසමින්. එය ඉතාමත් අපූරු අත්දැකීමක් වුණු අතර අප වැඩි වේලාවක් ගත කළා. ඉන්පසුව ඔවුන් එම ස්ථානයෙන් මඳක් ඔබ්බට වන්නට තිබූ තවත් ස්ථානයකට අපව රැුගෙන ගියේ තවත් ඇ`ග සීතල වන අත්දැකීමක් ලබා දීමටයි. කොන්ෆිඩන්ට් ජම්ප් ලෙස හැඳින්වූ අතර ඉතා උසක සිට ජලයට පැනීමට අප උනන්දු කරවූවා. පහළ බැලූ විට කැලඹෙන ජල දහරා අපගේ දිරිය හීන කළද අප සිත දැඩිකරගෙන එම කි‍්‍රයාදාමයේ යෙදුනා.

මේ අයුරින් අපගේ ජල කී‍්‍රඩා අවසන් වූ අතර අප ඉන්පසුව පිවිසුණේ අපගේ ගමනේ ප‍්‍රධාන අරමුණ සොයායි. එනම් කිතුල්ගල ලොව පුරා ප‍්‍රසිද්ධ වීමේ හේතුව සොයාගෙනයි..

මේ අයුරින් අපගේ ජල කී‍්‍රඩා අවසන් වූ අතර අප ඉන්පසුව පිවිසුණේ අපගේ ගමනේ ප‍්‍රධාන අරමුණ සොයායි. එනම් කිතුල්ගල ලොව පුරා ප‍්‍රසිද්ධ වීමේ හේතුව සොයාගෙනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *