කේන්දරයෙන් පෙන්නුම් කරන ඔබට උරුම රැකියාව – අනාගතේ ඇත්ත දැනගන්න මෙන්න කියවන්න

ඕනෑම කේන්දරයක් 10 වැන්න ජන්මියාට උරුම රැුකියාව පිළිබඳ තොරතුරු හෙළි කරයි. දහවැන්නේ තැන්පත් ග‍්‍රහයාගේ බල දුබලතාව, ලබන දෘෂ්ටින්, ග‍්‍රහ සංයෝග, නැකත් අනුව රැුකියාව හෝ ව්‍යාපාරය, එහි ස්වභාවය, එහිලා ජන්මියාගේ දායකත්වය පිළිබඳ කරුණු එහි සටහන්ව තිබේ. රැුකියා ස්ථානය වූ දහවැන්නේ ග‍්‍රහ පිහිටීම නොමැත්තේ නම්, භාවාධිපතියා ඇසුරින් හෝ ආරූඨ ලග්නය මගින් අවශ්‍ය තොරතුරු මතුකරගත හැකිය. 10 වැන්න බලවත් කේන්දර හිමියාගේ ජීවිතය සියලූ යස ඉසුරින් සපිරුණු වාසනාවන්ත එකක් වීම වැළැක්විය නොහැකිය.

රවී 10 වැන්නේ රාජ්‍ය අංශයේ උසස් රැුකියා උත්පාදනය කරයි. මේෂ රවියේ උපන් කටක ලග්න හිමියාට මයුරපාල යෝගය හිමි බැවින් උසස් නිලතල, රාජ්‍ය බලය යාන වාහන පහසුකම් සහිත රාජ්‍ය අංශයේ ඉහළම තලයේ රැුකියා ලැබීමේ වාසනාව හිමිය. වෘශ්චික ලග්න හිමියාට 10 වැන්න වූ සිංහ රාශියේ රවී ස්වක්ෂේත‍්‍ර බැවින් උපේන්ද්‍ර යෝගයට හිිමිකම් ලැබෙන අතර, රාජ්‍ය අංශයේ වගකීම් සහිත ප‍්‍රධානියෙක් වීමට එය වටිනා පිහිටීමකි.

චන්ද්‍රයා දහයට ශුභයෙකි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැුකියා ඔවුන්ට හිමිවේ. වෙළෙ`ද ව්‍යාපාර සඳහාද 10 වැන්නේ චන්ද්‍රයා සිටීම යහපත්ය. සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාර සඳහා හොඳ පිහිටීමකි. සඳු බලවත්ව සිටී නම් ජ්‍යොතිෂය, ගුප්ත ශාස්ත‍්‍ර, යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ඉගෙනීමටත්, ඒවායින් ධනය ඉපැයීමටත් දක්ෂය. සිංහ හා තුලා ලග්න හිමියන් සස හා කුලීර යෝගයට හිමිකම් ලබන නිසා රැුකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් සාර්ථක ගමනක් යා හැකිය. කුජ දහවැන්නට ඉතා බලවත්ය. කුජ දහවැන්නේදී දිග් බලය හිමිකර ගනී. තමන්ගේ රැුකියාව හෝ ව්‍යාපාරය කුමක් වුවද සාර්ථකත්වයේ ගිහිපෙත්තට යාමට නිරතුරුව උත්සාහ කරති. ආරක්ෂක අංශයන්හි රකියා සඳහා 10 වැන්නේ කුජ පිහිටීම ඉතා අගනේය. කුජ බලවත්ව ශුභයන් විසින් දකී නම් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රවලරැුකියාවකන් ලබයි. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකුගේ 10 වැන්නේ කුජ උච්චව/ස්වක්ෂේත‍්‍රව (කටක, කුම්භ, මේෂ ලග්න හිමියන්* පිහිටා ඇත්නම් කුජ මහ දශා, අතුරු දශා කාලයේදී දේශපාලන දිවියේ ඉහළ තනතුරු හිමිකරගනී. වෘත්තියමය ක‍්‍රීඩකයන්ටද මෙය අගනා පිහිටීමකි. 10 වැන්නේ බලවත් කුජ ග‍්‍රහයා ශුභ දෘෂ්ටි හා ගුරු, බුධ සමග සංයෝග වී සිටී නම් කාර්මික අංශයේ රැුකියා සඳහා අවශ්‍ය කරන ශිල්පීන් බිහි කරයි. අධ්‍යාපනයෙන් ලබන රැුකියාවන්ට වඩා කාය ශක්තිය, උත්සාහය, කථිකත්වය මගින් රැුකියා උපයා ගැනීමට මොවුහු සමත් වෙති. වතු පාලකයන්, ඉඩම් හිමි වැවිලිකරුවන්, කාර්මිකයන්, ඉංජිනේරුවන්, ක‍්‍රීඩාභාර පාලකයන් කුජ බලවත් කේන්දර හිමියන්ගෙන් බිහි කරේ.
බුධ දහවැන්නේ විවිධත්වයෙන් යුතු රැුකියා උරුම කරදෙයි. දැනුම, බුද්ධිය, ඥානය සපිරි පොත්පත් සම්බන්ධ රැුකියා, ව්‍යාපාර, ග‍්‍රන්ථකරණය, මාධ්‍ය ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත රැුකියාලාභීන් බුද දහවැන්නේ පිහිටි කේන්දර හිමියෝය. කන්‍යා හා ධනු ලග්න හිමියෝ කුජගේ දහවැන්නේ පිහිටීම මගින් භද්‍රා යෝගයටඋමරුමකම් ලබති. ඒ අනුව ඉහත කී වරප‍්‍රසාද හිමිකරගනිති. කන්‍යා ලග්න හිමියාගේ 10 වැන්නේ හෙවත් මිථුනයේ බුධ අමෘත යෝගය උදා කරයි. කුමන හෝ අධ්‍යාපනයක් නොලැබුවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති උපදේශන මට්ටමේ රැුකියාවක් සඳහා එවැන්නෝ සුදුසුකම් ලබති.

ධනු ලග්නයෙන් ඉපිද බුධ කන්‍යාවෙහි හෙවත් 10 වැන්නේ නම් විදුරවි යෝගයෙන් ශුභඵල උදාකෙරේ. විවිධ විෂයයින්, විවිධ භාෂා පිළිබඳ පුළුල්දැනුම බුද්ධිය හා ඥානයට අදාල රැුකියා ක්ෂේත‍්‍ර හිමිකරුවෝ ඔවුහු වෙති. ග‍්‍රන්ථ කතෘවරු, ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රසිද්ධ පොත් ප‍්‍රකාශකයෝ, ප‍්‍රසිද්ධ පොත් වෙළෙඳසැල් හිමියෝ, බහුශ‍්‍රැත මහා ප`ඩිවරු 10 වන්නෙන් නිර්මිත විදුරවි යෝගයටහිමිකම් ඇත්තෝ වෙති.

ගුරු හෙවත් බ‍්‍රහස්පති දහවැන්නේ බොහෝ ශුභඵල උදා කරයි. 10 වැන්නේ තැන්පත් ගුරුගේ මහා දශාව තරුණ වයසේ ලැබීමෙන් රජයේ ඉහළ තනතුරු හිමිවෙයි. ගුරු ඥානකාරක මෙන්ම ධනකාරක හෙයින් එම රැුකියා ඇසුරින් ධනය ලබයි. විවිධ වරප‍්‍රසාද හෙවත්, නිල වාහන, නිල නිවාස, නිල විදේශ ගමන් ඔවුනට හිමිය. වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, තාක්ෂණික විද්‍යාඥයන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, අමාත්‍යංශ ඉහළ නිලධාරීන් දහවැන්නේ ගුරු බලවත් අය වෙති.

තුලා ලග්න හිමියන්ගේගුරු කටකයේ හෙවත් 10 වැන්නේ පිහිටීම ජයසිඳු යෝගයට හිමි ශිල්ප ශාස්ත‍්‍රාදියට සම්බන්ධ උසස් අධ්‍යාපනය වෘත්තිකයන්, ජනප‍්‍රිය ටියුෂන් ගුරුවරුන් බිහි කරවන්නෙකි. තැන්පත් ධනයක් හෝ උපයාගත් ධනයක් යොදවා ප‍්‍රතිලාභ ලබන රැුකියාවකට උරුමකම් ලබයි.

මීන ලග්න හිමියන්ට ගුරු 10 වැන්නේ සහිතවීම භූමිපාල යොග්ය උදා කරවීය. රාජ්‍ය අංශයේ, විශේෂයෙන් මූල්‍ය ක්ෂේත‍්‍රයේ රැුකියා අවස්ථා ඔවුනට හිමිය. උසස් නිලතල ලැබුණ ද නිහතමානී ලෙස විඳ දරා ගනිමින් සමාජය තුළ කතාබහට ලක්වන පුද්ගලයෝ වෙති.

ග‍්‍රහ ලොව සුරතලිය වශයෙන් හඳුන්වන සිකුරු දහවැන්නේ නම් ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික ව්‍යාපාර සඳහා හොඳ පිහිටීමකි. අමාත්‍යංශ ලේකම්වරු, විදෙස් සේවා නිලධාරීන්, රංගන ශිල්පීන්, දක්ෂ සංගීතඥයන් දක්ෂ නළු නිළියන්, රූපලාවන්‍ය විශේෂඥයන්, මෝස්තර ශිල්පීන් එවැනි ව්‍යාපාර ඵහිමියන් සිකුරු 10 වැන්නේ බලවත් වූවෝ වෙති. මිථුන ලග්න හිමියාගේ දහවැන්න හෙවත් මීන රාශිගත සිකුරු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රැුකියා අධ්‍යාපනය අංශයේ උපදේශය රැුකියා ලබාදෙන්නේ මහෞෂධ යෝගයේ බල මහිමයෙනි. රූපලාවන්‍ය ආශ‍්‍රිත රැුකිය හා ව්‍යාපාර මගින් සිකුරු දහය හිමියන්ට වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකිය. සාර්ථක හවුල් ව්‍යාපාර සඳහා යහපත් පිහිටීමකි.

මේෂ, වෘෂභ, මකර ලග්න හිමියන්ට ශනි 10 වැන්නේ සිටීම ශුභඵල උදා කරවන්නෙකි. දහවැන්නේ ශනි සේනක, ශ‍්‍රී කාන්තා, ජය යෝග උදා කරයි. ඉතිරි කරගැනීම්, ආයෝජන කිරීමට අදාළ ව්‍යාපාරවලින් ජය ලබයි. පොලීකරුවන් විශේෂයෙන් ගිනිපොලිකරුවන් ආයතනයන්හි රැුකී රක්ෂා, ආගමික ආයතනයන්හි රැුකියා අවස්ථා ඔවුනට හිමිය.

ශන දහවැන්නේ බලවත්ව කුජ බුධ, ගුරු, ශුභ දෘෂ්ටි ලැබ රවීගෙන් පෝෂණය වූ කේන්දර හිමියන්ට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළ රැුකියා උරුමවන අතර, බල දුබලතාවයේ ප‍්‍රමාණය අනුව, වෛද්‍යවරයා, රසායනාගාර ශිල්පියා, ඖෂධවේදියා, හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් වැනි විවිධ තනතුරු හිමි වේ. කම්කරු නිලධාරීන් වෘත්තිය සමිති නායකයන් බිහි කිරීමේ ශක්තියද සෙනසුරු ග‍්‍රහයාසතුය.

රාහු හා කේතු ඡුායා ග‍්‍රහයෝ වුවද, දහවැන්නේ තැන්පත් වීමෙන් ශුභ අශුභ ඵල උදා කරයි. රාහු බලවත්ව දහයේ සිටීම දේශපාලනඥයන්ට මෙන්ම දේශපාලන කටයුතුවලට ද, සංචාරක ව්‍යාපාරවලට හා ඒ ආශ‍්‍රිත රැුකියාලාභීන්ටද ශුභය. රාහු සහ කේතු ප‍්‍රබලව(උච්ච ස්වක්ෂේත‍්‍රව* දහවැන්නේ ග‍්‍රහයන් සමග සම්බන්ධ වීම එම ග‍්‍රහයන්ගේ ශුභඵල වැඩි කරවන්නෙකි. කරන කියන රැුකී රක්ෂාදියෙහි දිවා රාත‍්‍රී වෙහෙස නොබලා කටයුතු කිරීම, අධ්‍යාපන කටයුතුවල නියුක්ත වූවන් උසස් අධ්‍යාපනික කටයුතු සඳහා සහායවීම මෙම ග‍්‍රහයන් දෙදෙනා විසින් සිදුකෙරේ. භාෂා විශාරදයන්, මානසික වෛද්‍යවරුන් සමාජයට දායාද කිරීමට ද රාහු හා කේතු සමත් වේ.

රාහු හා කේතු දුබලව 10 වැන්නේ සිටීම ඉහත කී ප‍්‍රතිඵල හීන කරවන්නක් වන අතර, එසේ සිදුවන්නේ එම ග‍්‍රහයන්ගේ මහදශා, අතුරු දශා කාලවලදී බැවින් එම කේන්දර හා කාලවකවානු හිමියන් පූර්ව සූදානමකින් හෝ සුදුසු ප‍්‍රතිකර්ම මගින් ඒවා මගහරවා ගැනීම වටී.

ජ්‍යෙතිර්වේදී
විසුර රත්නායක
0763125799

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *