ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට සවි කළ මොකද්ද මේ අරුම පුදුම ගැජට් එක

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට අමුතුම උපාංගයක් සවිකර ඇති බවට පසුගිය දිනවලදී මාධ්‍යවලින් කියැවිණි. එමගින් සිදුවන්නේ කුමක්ද? මෙපමණ කලක් නොතිබූ මේ අරුම පුදුම උපාංගය රැුගෙන ආවේ නව ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහද? හතේ හත වැදී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් ප‍්‍රතිවාදීන්ට එළව එළවා පහරදුන්නේ මේ අමුතු ගැජට් එක නිසාද?

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාව අතරතුරදී පල`දින අලූත් උපාංගයක් ගැන වාර්තාවූයේ පසුගිය දින කිහිපයේදීය. මේ පිළිබඳ පුවත මුලින්ම කරළියට එන්නේ නිදහස් කුසලානය අතරතුර දිවයිනට පැමිණ සිටි විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමකට පිළිතුරු වශයෙන් අලූතින් ඉදිකර තිබූ ක‍්‍රීඩකයන්ගේ උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය ඔවුනට නැරඹීමට ඉඩකඩ ලබාදීමත් සමගිනි.

එම මධ්‍යස්ථානය නරඹන අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්හි උසස් කාර්ය සාධන පුහුණුකරු වූ සයිමන් විල්ස් මහතා ඔවුනට ප‍්‍රකාශ කර තිබුණේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ කාර්ය සාධනය මැනීමට නවතම උපාංගයක් ඔවුනට සවිකර ඇති බවත්, GPS තාක්ෂණයෙන් එය නිරතුරුවම නිරීක්ෂණය කරන බවත්ය. එමනිසා පෙරට වඩා ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය වී ඇති බවත් ක‍්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම සැලකිය යුතු තරමින් අඩුවන බවත් ඔහු පෙන්වා දී ඇත.
මේ අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් මේ පිලිබඳ වාර්තා කිරීමෙන් අනතුරුව බොහෝ පිරිසක් මේ පිළිබඳ උනන්දු වූයේ ශ‍්‍රී ලංකාවට ඉතා ඉක්මනින් යළි සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට හැකිවූයේ මේ උපකරණයේ පිහිටෙන්නේදැයි දැනගැනීමට අවැසි වූ නිසාවෙනි.

ලොව වැඩිම කඩුලූ ප‍්‍රමාණයක් බිඳ හෙළුෑ වමත් පන්දු යවන්නා වන රංගන හේරත්ගෙන් අප මේ පිළිබඳව විමසුවේ ඒ සියලූ සැක සංකා දුරුකරගැනීමේ අටියෙනි.

”මෙපමණ කලක් ක‍්‍රීඩකයන්ගේ අදරන work Loard කොපමණද කියල නිසි ඇගයීමක් සිදු කළේ නැහැ. එහෙම ක‍්‍රමවේදයක් තිබුණෙත් නැහැ. ඉතින් මේ නව උපකරණය මගින් අපි කොපමණ දුරක් දුවනවද? කොපමණ වෙහෙසෙනවද? වගේ දේවල් හොයාගන්න පුළුවන්. ඒක තමයි ඕකෙන් සිද්ධවෙන මූලිකම දේ. ඒක හරිම වැදගත්වෙනවා ක‍්‍රීඩකයන්ට.

අපි හිතමුකෝ ෆෝර්මැට් 3ම සෙල්ලම් කරන වේග පන්දුයවන්නෙක් කියලා. එහෙම කෙනෙක්ගේ උදරන work Loard එක Monitor කරන එක ඉතාම වැදගත්. මොකද ක‍්‍රීඩකයෝ හැමෝම එකිනෙකාට වෙනස්නේ. මම ගත්තොත් ටෙස්ට් විතරයි සෙල්ලම් කරන්නේ. සමහරු ඉන්නවා එක්දින තරගවලට විතරයි සෙල්ලම් කරන්නේ. තවත් කෙනෙක් ගත්තොත් විස්සයි විස්ස හා එක්දින විතරයි ගහන්නේ. එතකොට කොහොමද ඒ අයට පුහුණුවීම් කරන්නේ, තරගවලට සූදානම් කරන්නේ ඒ වගේ දේවල් කරන්නේ කොහොමද කියල තමයි මේකෙන් සැලසුම් කරන්නේ” මුරලිගෙන් පසුව ශ‍්‍රී ලංකාව බිහිකළ හොඳම දඟපන්දු යවන්නා මේ පිළිබඳව එලෙස අදහස් දක්වද්දී අපිට තවත් පැනයක් අහන්න හිතුණා.

එනම් මේ උපකරණය සවිකිරීම එහෙමත් නැත්නම් පැලඳීම සිදුකරන්නේ තරගය අතරතුරදීද? නැතහොත් ශාරීරික ව්‍යායාම් වැනි දේ සිදුකරද්දී, පුහුණුවීම් අතරතුරදී පවා එය පැලඳීම සිදුකරන්නේදැයි අපි රංගනගෙන් විමසුවෙමු. එහිදී ඔහු සඳහන් කළේ පුහුණුවීම් අතරතුරදී මෙන්ම තරගය අතරතුරදීත් එය සිදුකරනා බවයි.

”මම මේක පැලඳගෙන බංගලාදේශයේදී ටෙස්ට් තරග දෙකක් සෙල්ලම් කළා. පොඩි පටියක් වගේ දෙයක් අපි පල`දිනවා. ඒකේ තියෙන ගැජට් එකකින් තමයි මේ හැමදේම Monitor කරන්නේ. ඒ දත්ත පරිගණකයෙන් බලලා විශ්ලේෂණය කරලා තමයි එයාල මේ දේවල් කරන්නේ.” ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් අපව දැනුම්වත් කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට මෙම උපකරණය මුලින්ම හ`දුන්වාදෙනු ලැබුවේ කුමන තරගවලියකදී ද යන්න අප විසින් විමසනු ලැබුවේ මෙය හතුරුසිංහගේ ආගමනයෙන් පසුව සිදුවූවක්ද නැතිද යන්න සහතික වශයෙන්ම දැනගැනීමේ අටියෙනි. එහෙදී රංගන හේරත් ඒ පිළිබඳව නිශ්චිතවම නොදන්නා බවත් ඔහු විසින් මෙය මුලින්ම භාවිත කරනු ලැබුවේ බංග්ලාදේශ තරගාවලියේදී බවත් අප සමග පැවසීය.

මෙම නව උපාංගය හා ඉන් සිදුකෙරෙන්නා වූ ක‍්‍රියාවලිය පිළිබඳව ක‍්‍රීඩකයෙකු වශයෙන් තෘප්තිමත්දැයි විමසීමේදී ඔහු පැවසුවේ අනිවාර්යෙන්ම එය හොඳ දෙයක් බවයි. එයට හේතුව වශයෙන් සඳහන් කළේ ඕනෑම ක‍්‍රීඩකයෙකු බලන්නේ ආබාධයක් නොමැතිව සෙල්ලම් කරන්නේ කොහොමද කියන දේ බැවින් මෙමගින් ඒ සඳහා ඉතා හො`ද සහයෝගයක් ලැබෙන බවයි. මේකෙන් ලැබෙන දත්ත මත එක් එක් ක‍්‍රීඩකයා පුහුණුවිය ආකාරය පිළිබඳව වෙන වෙනම පුහුණුකරුවන් උපදෙස් ලබාදෙන බැවින් ක‍්‍රීඩකයන්ට ආබාධවලින් වැළකීමට ඉතා හොඳ අවස්ථාවක් මෙමගින් උදාවේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පුහුණුකරු නික් ලී මේ පිළිබඳව කියා තිබුණේ පිටියේ සිටින ක‍්‍රීඩකයන්ගේ සියලූම අංග චලන දත්තයන් ලෙස එක්කාසු වී ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලැබෙන බවයි.

”අපි ඒ උපකරණය පැලඳගෙන ක‍්‍රීඩා කළා. ඇත්තටම හොඳ දෙයක්. පන්දු රැුකීමේදී තමයි ගොඩක් වැදගත් වෙන්නේ. පන්දුවට පහරදීමේදී සමහර ක‍්‍රීඩකයන් ඒක පලඳින්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කැමතියි සුපුරුදු විදිහට ක‍්‍රීඩාකරන්න. මානසික දෙයක් ඒක” ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයෙකු නව උපකරණය ගැන ජාත්‍යන්තර මාධ්‍යයක් වෙත අදහස් දක්වා තිබුණේ එලෙසිනි.

මේ අතර එම උපාංගයට අමතරව ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායම භාවිත කරන ක‍්‍රීඩකයන් කළමනාකරණය කිරීමේ මෘදුකාංගයක්ද ශ‍්‍රී ලංකාව විසින් මිලදීගන්නා බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. අතර ඒ අනුව ජාත්‍යන්තර කණ්ඩායමක් සතු නවීන තාක්ෂණය ශ‍්‍රී ලංකා කණ්ඩායමටද පවතින බවයි ඔහුගේ අදහස වන්නේ.
වාර්තාවන ආකාරයට මේ සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කිරීමට නියමිතය. තවද මෙම උපකරණය හා මෘදුකාංගය නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3ක් පමණ වැයවන බවද වාර්තා වේ.

කෙසේවෙතත් හතුරුසිංහගේ පැමිණීමත් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි වෙනස්කම් රැුසක් සිදුවූ අතර ඒවායින් බහුතරයකින් මේ වනවිටත් ක‍්‍රීඩකයන් සාර්ථක ප‍්‍රතිඵල පෙන්වීමට පටන්ගෙන තිබීම සතුටට කරුණකි.

ඉරිදා ඇපල් පුවත්පත – සචිත් යාපා

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *