ඡන්දේ කල්දාන අලුත්ම ගුන්ඩුව මෙන්න

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු තහනම් කාල සීමාවේ පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කලහොත් 08 වැනිදා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සදහන් කරන්නේ එම කාල සීමාවේදී පාර්ලිමේන්තුව කැදවුවහොත් පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 12 හෝ ඊට පසු දිනක පැවැත්වීමට සලකා බලමින් සිටින බවයි.

මේ මස 08 වැනිදා පාර්ලිමේන්තුව කැදවීමට තමන් කතානායකවරයාට දැන්වූ බවත්
ඊට අදාල ලිපි හෙට පටත් යොමු කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පැවති එජාප ජන හමුවක් අමතමින් කියා සිටියේය.

ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව කැදවිමක් සිදු කලහොත් පෙබරවාරි 07 වැනිදායින් පසු මැතිවරණ ප‍්‍රචාරක කටයුතු තහනම් කාල සීමාව නිසා එදින අයත් වන්නේ තහනම් කාල සීමාවටයි.

වැල්ලවායේ පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මේ බව පෙන්වා දුන් අතර ඔහු කියා සිටියේ පෙබරවාරි 07 වැනිදා පාර්ලිමේන්තුව කැදවා අදාල විවාද පැවැත්විය යුතු බවයි.

lankamediahub.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *