ජනවාරි 31 සිදුවූ පූර්ණ චන්ද්‍රග‍්‍රහනයේ විපාක දින 90ක් ඉදිරියට – ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.

ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.

චන්ද්‍රයා හා සූර්යා අතරට පෘථිවිය පැමිණ රේඛීය වීම හේතුවෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත පතිත වීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍රග‍්‍රහණය ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ. චන්ද්‍රග‍්‍රහණ පුර පසළොස්වක දිනවල සිදුවන අතර රාත‍්‍රිය පවතින ඕනෑම ස්ථානයක දර්ශනය වනවා ඇත.

මේ වසරේ ප‍්‍රථම චන්ද්‍රග‍්‍රහණය ජනවාරි 31 වැනි බදාදා රාත‍්‍රී 7.01ට සිදුවිය. මේ අවස්ථාවේ කටක ලග්නයත් අස්ලිස නැකැත් එහි ප‍්‍රථම පාදයත් උදාවී ඇත.

මෙම ග‍්‍රහණ අවස්ථාවේ ශ‍්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ පිහිටීම දැන් විමසා බලමු. ලග්නය කුම්භ, ලග්නයේ නැප්චූන්, තුන් වන්නේ යුරේනස්, හය වැන්නේ සඳු-රාහු, නව වැන්නේ ගුරු, දස වැන්නේ කුජ, එකොළොස් වැන්නේ ශනි, ෙදාළොස් වැන්නේ රවී – බුධ සිකුරු-කේතු ගමනේ යෙදී සිටී.

සිතට අධිපති සඳු රාහුගෙන් පීඩාවට පත්ව ග‍්‍රහණය වන බැවින් මිනිස් සිත් සතන් අවුලෙන් අවුලට ඇද දමන නිසා කොයි කවුරුත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතු කාලයක් අපේ‍්‍රල් අවසන් වනතුරු යෙදී පවතී.
සඳුට අයත් කටක රාශියේ මේ ග‍්‍රහණය සිදුවූ බැවින් අපේ‍්‍රල් පසුවනතුරු කාන්තාවන්ට බලවත් පීඩා බහුල කාලයකි. කටක ලග්න කාන්තාවන් විශේෂයෙන් ප‍්‍රවේශම් විය යුතුය. දේශපාලනයට සම්බන්ධ කටක ලග්න කාන්තාවන්ට පරාජය විපත් බහුල කාලයකි. රට පිළිගත් ප‍්‍රභූ කාන්තාවන්ට මාරක විපත් යෙදෙයි.
චන්ද්‍රග‍්‍රහණයට දින තුනකට පෙර සිට පටන් ගන්නා ස්වාභාවික විපර්යාසයන් දිගින් දිගට බලපෑම් ඇතිකරයි. හිටි හැටියේ පීඩාකාරී වැසි, සුළං, අකුණු අනතුරු ඇතිවෙයි. විශේෂයෙන් මුහුද රළු වීමෙන් පීඩා පවතී. නාවික අනතුරු බහුලවේ. බෝට්ටුවලට වඩා පීඩා පෙන්වයි. ගංඟා ජලයෙන් ජනතාවට පීඩා ඇතිවේ. ජලය මුල්ව විපත් අනතුරු පවතී.

දුම්රිය අනතුරු, බස් රිය අනතුරු බහුලවේ. දරුවන්ට වඩාත් පීඩාකාරී කාලයකි. පාසල් බස් අනතුරු පවතින බැවින් වළකා ගැනීමට උනන්දු වන්න.

කුජ බලවත්ව සිටියදී සඳු ග‍්‍රහණයට ලක්වීම රට තුළ වැඩ වර්ජන රැුළි ඇති කරයි. සෑම අංශයකම ප‍්‍රශ්න උග‍්‍රවේ. සිසු අරගල බහුලවේ. වෛද්‍යවරුන් පවා කුසීත ක‍්‍රියාමාර්ග ගනී. රජය අඩියක් පස්සට ගෙන වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාල සීමාවකි.

ශනි ධනුවේ යන කාලයක කොහොමත් පෙරළි වරදින්නේ නැත. දේශපාලන වශයෙන් රවි ග‍්‍රහණය සමග පෙරළි රැුසකට මඟපාදනු ඇත. මා පෙරත් පුන පුනා කියා ඇති පරිදි ඔළුගෙඩි මාරුවක උච්ච අවස්ථාව ජනවාරි 31 වැනිදාට පසු පත්වනු ඇත. අගමැතිවරයාට අපේ‍්‍රල් දක්වා අවදානම් ගමනක් යෙදී පවතී.
සඳුගේ පීඩාකාරී තත්ත්වයට කුජගේ හා ශනිගේ තදබල බලපෑම නිසා නායකයන්ගේ එකමුතුකම් පවත්වාගෙන යෑමට ඇති ඉඩකඩ සීමාවේ. මේ නිසා දේශපාලන පෙරළි අපේ‍්‍රල් අවසන් වීමට පළමු ඕනෑම අවස්ථාවක සිදුවිය හැකිය.

2020 ජනවාරි 26 දක්වා රටට පවතින එ්රාෂ්ඨක නිසා පෙරළි, හැලහැප්පිලිමැද ගමනක් සිදුවන බැවින් කිසිවකුටත් සතුටු විය හැකි වකවානුවක් නොවේවි. මොන විසඳුම් යෙදුවත් රටේ ආර්ථිකය පසුපස ගමනකට බර ග‍්‍රහ ගමනකින් පීඩා විඳින බැවින් සතුටුදායක ප‍්‍රථිඵල අත්නොවේ. වංචා ¥ෂණවල අඩුවක්ද නොවනු ඇත.
බැඳුම්කර ප‍්‍රශ්නය චන්ද්‍රග‍්‍රහණයට පසු නීතිය දෙසට යොමුවන ග‍්‍රහ බලයක් ඇති කරයි. බලවත් අයට උසාවි ගාණේ රස්තියාදුවන්න කරුණු යෙදේ. අධිකරණයේ විවිධ වෙනස්කම් පෙන්නුම් කරයි.චන්ද්‍රග‍්‍රහණයේ බලපෑම් නිසා අධිකරණය ගැන ජනතාව අතර විවේචන ඇතිවේ. අධිකරණයට සම්බන්ධ අයට විවිධ චෝදනා එල්ල වෙයි.
සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන, ජලය සම්බන්ධ මැති ඇමතීන්ට අසීරු ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවේ.
ස්වභාවික විපත් බහුල බැවින් දේශීය නිෂ්පාදනවලට බලවත් පීඩා පැමිණේ. පොල්, හාල් නිෂ්පාදන අඩාලවේ. ගොවිතැනට හානි පවතී.

නවීන උපක‍්‍රම යොදාගත් වංචා ගැන තොරතුරු හෙළිවේ. හොර සල්ලි උවදුර පෙරට වඩා බලවත් වන අතර, මත් ජාවාරම නව මුහුණුවරකින් ව්‍යාප්ත විය හැකිය.
බෝවන රෝග පැතිර යන අතර, හඳුනා නොගත් රෝගයක් රට තුළ පැතිර යයි. ඊට අදාළ ප‍්‍රතිකාර හා ඖෂධ හිඟවීමත් ප‍්‍රශ්නයක් වේවි. ඩෙංගු යළිත් හිස ඔසවයි. වෛද්‍යවරුන්ගේ අත් වැරදීම් හා නොසැලකිල්ල නිසා වන මරණයත් සිදුවේ.

2015දීත් කියා ඇති පරිදි ඉදිරියට රට තුළ අච්චාරු පාලනයක් ඇතිවේ. පළාත් පාලනයටත් මෙය යම් පමණකට බලපායි. නපුරු ග‍්‍රහ බලයක් මැද සිදුවූ පූර්ණ චන්ද්‍රහ‍්‍රගණය මිනිස් සිත් සතන් අවුල් කරන බැවින් ජනවාරි 31 සිට අපේ‍්‍රල් අග දක්වා නීතිගරුකව, ආගම දහමට බරව ඉවසිලිමත් ගමනකට සූදානම් විය යුතුය.
මේ කාලය වැඩට වඩා කතා බහුල වන ග‍්‍රහ බලයද යෙදී ඇති නිසා වගකිවයුතු අය කට ප‍්‍රවේශම් කරගත යුතුය. නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය ප‍්‍රමුඛ අංශ උනන්දුනොවුණත් පොලිසියටත් බලවත් චෝදනා එන කාලයකි.

කොයි කවුරුත් දහමට බර නීතිගරුක ගමනක් යෑමට අදිටන් කරගන්න. තව වසර දෙකක් අපි යන්නේ අවදානම් ගමනක් බව සිහියට ගන්න. සැමට සැනසීම උදාවේවි.

ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදී
නාත්තන්ඩියේ පී.ඞී. පෙරේරා
0776619446

lankamediahub.com
ලංකා මිඩියා හබ්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *