තවමත් කළුතර බෝධිය ළඟින් යනකොට දණගහලා වැඳලා යන කෝටිපතියා

මේ පිළිගැනීම වාහනයේ මිල මත තීරණය වන බව ඔබ හොදටම දන්නා කරුණක්. ඒ කෙසේ වෙතත් මේ දවස වල අන්තර්ජාලය හරහා දිගට හරහට එක්තරා තරුණයෙක් පිළිබඳව වැඩි කතා බහක් යොමු වෙනවා. මෙයට හේතුව වන්නේ ”ලක්ෂ ගණනාවක් වටිනා තමන් මිලට ගත් වාහනයක සින්හල අකුරිම් ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූවිම්යේ පහළ වේවා”  ”ස්වර්ණමාලී මහා සෑ රජු පිහිටයි !” යැයි ඔහු විසින් තම වාහනයේ සදහන් කර තිබූ වාක්‍යකි.

මෙවන් ලක්ෂ ගණනක් වටින වාහනයක එවැනි ආකාරයේ වදනක් ගසාගෙන යාම එක්තාර අන්දමින් අපූරු දුර්ලභ කාරණයක් ලෙස දැක ගන්නට හැකියි.

මේ තරුණැයා පිළිබඳව කරුණු සොයා ගෙන යන විට අපට අනාවරණය වුණේ මොහු වයස අවුරුදු 20 ක් පමණ වන දිලින නැමැති තරුණැයෙකු බවයි.

මේ ඔහු ගැන මිතුරෙක් තබා තිබූ සටහනක් ……

දිලින ගැන සදහන් කරනවා නම් ඔහු මේ වන අප රටේ සහ අන්තර්ජාතික වශයෙන් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වී තිබෙන දක්ෂ සුපිරි මෘදුකාන්ග නිර්මාණ ශිල්පියෙක්ය.

මොහු කළුතර ප්‍රදේශයෙන් පාසල් අධ්‍යාපනය ලබා තම ස්ව උත්සහයෙන් මෙවන් තත්වයක් උදා කර ගෙන තිබේ.

උපතින්ම පොහොසතුන් නොවූ දිලිනගේ දෙමව්පියන්ද ඉතාමත් සාමාන්‍ය පුද්ගලයින් වේ.දිලින තම උනන්දුව කැපවීම මත මෙම තත්වය උදා කරගෙන තිබේ.

2018 වර්ශයේදී ගූගල් අයි ඕ තුලදී අප රටේ හොඳම ඇප් එකට හිමි දක්ශතා කුසලානය හිමි වී තිබෙන්නේ දිලිනටයි.

මොහු දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක වැඩි දුර අධ්‍යාපනය ලබා ඇති අතර මෘදුකාන්ග පිළිබඳව උනන්දුව ඔහුට ඇති වී තිබෙන්නේ පාසල් යන අවධියේ පටන්මය.

ඒ කෙසේ වෙතත් මොහු මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි තුළ ජනප්‍රිය තරුවක් වී තිබෙන්නේ ඔහුගේ දක්ෂතාවය නිසා නම් නොවේ.

ඔහුගේ වටිනා වාහනය තුළ ගසා තිබෙන අපූරු වදන නිසාවෙනි. කෙසේ වෙතත් අප වැඩි වශයෙන් අවධානය සහ ඇගයීම කළ යුත්තේ ඔහුගේ මෙම සහජ කුසලතාවය වෙනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *