තවමත් කිසිඳු දේශපාලන තීන්දුවක් ගෙන නැහැ ජනපති නිවේදනයක් නිකුත් කරයි

පැවති පලාත්පාලන මැතිවරණයෙන් අනතුරුව සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී කල සාකඡ්චාව සම්බන්ධයෙන් මාධ්‍යවල පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග තීන්දු තීරණ පිළිබඳව මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන හෝ එකඟතාවයකට පැමිණ නොමැති බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

මින් ඉහතදී ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග අනුව එජාපය තනි ආණ්ඩුවක් පිහිටුවන බවත් ඒ සඳහා ජනධිපතිවරයාගේ එකඟතාවය ලැබී ඇති බවත් වාර්තා විය.

එසේම බලය ලබා ගැනීමට අවස්ථාව ඇති පළාත් පාලන ආයතන 100ක බලය සංධානයක් මගින් මෛත්‍රී රනිල් යුගලය එක්වී ආණ්ඩුවට නතු කර ගන්නා බවටද තොරතුරු අනාවරණය වන්නට විය.

මේ තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය මෙම නිවේදනය නිකුත් කර ඇත.

 

lankamediahub.com
ලංකා මිඩියා හබ්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *