දෙරණ ටී.වී හැඩකරන කටකාර හාදයා තිසන්ක ගමගේ

“මල්බර දෙරණ” නිසා තිසන්ක ගැන වැඩිපුර කතාබහක් වුණා කිව්වොත්?
හැබැයි ඊට වඩා එහා ගියපු ලොකු කතාවක් තියෙනවා. මම දැනට ටී.වී දෙරණ වැඩසටහන් තුනක් හතරක් විතර ඉදිරිපත් කරලා නැතුව ඇත්තේ, ඒ හැර විවිධ වර්ගයේ, විවිධ ආකෘතීන්ට යටත්ව ඕනෑම වැඩසටහනක් ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් විදිහට මං ගැන කතා බහක් ඇතිවුණා කිව්වොත් හරි.

නිවේදකයෙක් වෙන්නමද හිතාගෙන හිටියේ?
අපි එහෙම ලොකු සල්ලිබාගේ තිබුණු මිනිස්සු නෙමෙයි. අපි සාමාන්‍ය උදවිය. මගේ අම්මයි, තාත්තයි දෙන්නට කවදාහරි මං නිසා ඉහළම ගෞරවයක් අරන් දෙන්න ඕනෙ කියන හැඟීම මට තිබුණා. මොකද ඒ දෙන්නා මාව මෙතෙන්ට ගේන්න සෑහෙන දුකක් වින්දා. කැපකිරීම් කළා.

අභියෝග භාරගන්න චරිතයක් කියලා ආරංචියි?
ඕනේ එකක්. ජීවිතයත් මරණයත් අතර එකක් වුණත් භාරගන්න බය නෑ. හේතුව, අභියෝග තමයි ජීවිතේ අලුත් කරන්නේ, ජීවිතේ වෙනස් කරන්නේ, ඒකාකාරී බව නැති කරන්නේ.

නිවේදක නිවේදිකාවන්ගේ හැසිරීම් කතාබහ ගැන පසුගිය දවස්වල හරි හරියට කතා බහක් ඇති වුණා. නිවේදකයෙක් විදියට මොකද හිතෙන්නෙ ඒ ගැන?
ඕනෙම මිනිහෙකුට අතීතයක් තියෙන්න ඕනේ. ඕනෙම මිනිහෙකුට වර්තමානයක් තියෙන්න ඕනේ. ඒ දෙකම තියෙන මිනිහා තමයි අනාගතයට යන්නේ.
කෙනෙක්ට සමාජය ගැන වගේම ඒකෙ භාවිත වෙන විවිධ පැතිකඩ ගැන හොඳ කියවීමක් තියෙනවානං, හොඳ දේ තෝරාගන්නවානං හොඳ විනයක්, ඉවසීමක් තියෙනවානං, නිවේදකයා කියලා නෙවෙයි ඕනෙම කෙනෙක්ට ඕනෑම වෘත්තියක් සාර්ථකව ගැම්මට කරන්න පුළුවන්.

පළවෙනියටම දෙරණ ජ්ර් එකේ නිවේදනය කරපු වැඩසටහන මතකයිද?
ඔව්. මේකට උත්තරේ දෙන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. දෙරණ රේඩියෝ එක පටන් ගන්නකොට හිටපු ආරම්භක සමාජිකයෝ නම දෙනාගෙන් කෙනෙක් තමයි මම.
“ඉතිං මම ඒකේ දෙරණ නිවහන කියලා වැඩසටහනක් කළා. මමයි උෟෂා ගයානියි තමයි ඒ වැඩසටහන කළේ, එතකොට උෟෂා මට වඩා මේ ක්ෂේත්‍රයේ පළපුරුදු කෙනෙක්. එදා මට උෟෂා ඒ වැඩසටහන කරන්න මාර විදිහට උදව් උපදෙස් දුන්නා. මම මෙච්චරක් දුරක් එන්න මට එදා උෟෂා ලබා දුන්නු ඒ ධෛර්යය අනිවාර්යෙන්ම හේතුවක් වෙන්න ඇති.

තිසන්ක ගමගේ අනිත් නිවේදක නිවේදිකාවන් අතරින් සුවිශේෂයි කියලා යමෙක් කියනවානං, ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද?
මම වැඩක් කරනකොට ඒ වැඩේ මගේ වැඩක් හැටියට භාර අරගෙන කරනවා. ඒකට 100% උපරිම විශ්වාසයෙන් කරනවා. වැඩේ ගැන දැනගෙන කරනවා. දන්නවා මදි වගේ නම් සොයාගෙන ඉගෙන ගෙන කරනවා.

තිසන්ක ”හරි පොරක්” කියලද හිතාගෙන ඉන්නේ?
අපෝ නෑ. පොරක් කියලා හිතපු හැමෝම ටික කාලෙකින් කොර වෙලා ගිහිල්ලා තියෙනවා. මම එහෙම “කොර” වෙන්න ආස කෙනෙක් නෙමෙයි. හැබැයි එළියේ ඉන්න ඕනේ කෙනෙක්ට හිතන්න පුළුවන් මම පොරක් කියලා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ.

අම්මා තාත්තා පවුල ගැනත් මතක් කරමු.
අම්මා ඉන්ද්‍රානි ලියනගේ, තාත්තා ජයතිස්ස. තව නංගියි, මල්ලියි ඉන්නවා.

බලාපොරොත්තු එහෙමත් ඇතිනෙ?
මානව සම්පත අභිප්‍රේරණය කරන්න පුළුවන් ආකාරයේ වැඩසටහනක් එක්ක සමාජයට සේවයක් කරන්න රටට වැඩක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

තරුණ පරම්පරාවකින් ඉස්මතු වුණු තිසන්කට, ඉදිරියට එන තරුණ පරම්පරාවට මොනවද කියන්න තියෙන්නේ?
ලෝකය මේ මොහොතේ ‍ෙදාරකඩටම ඇවිත් තියෙන්නෙ. හැබැයි පරිස්සමින්. අවශ්‍ය දේ විතරක් තෝරගන්න, සීමාව බලාගෙන දැනගෙන ඒ කොයිදේත් පාවිච්චි කරන්න.

විශේෂ මතක් කිරීම් අවශ්‍යද?
ඔව්. අනිවාර්යෙන්ම, මගේ පාසල, ඊළඟට පළවෙනියටම අපේ ගමේ ප්‍රසංග වැඩසටහනක් නිවේදනය කරන්න කියලා මයික් එක මගේ අතට දීපූ ඇන්ටන් බර්නාඩ් මහත්තයාව.
මාධව මඩවල, ෂර්මිලා ධර්මරාසා, චානුක සමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු දෙරණ රේඩියෝ ටීම් එක සහ දෙරණ ටී.වි එක.තව විශේෂම කෙනෙක් ඉන්නවා, නම දැන්ම කියන්නේ නෑ. එයාවත් විශේෂයෙන්ම මතක් කරනවා.

අනුපමා ගල්කඩවල

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *