නාඳුනන හතර දෙනෙක් බටේමුල්ල ජාතික පාසලට රාත්‍රියේ ඇවිත්

0
11

ගාල්ල – ඉමදුව බටේමුල්ල ජාතික පාසලට පෙරේදා (13දා) උදෑසන කාලය තුළ කිසියම් පිරිසක් පැමිණ පාසල තුළ සිටි බවට ඇති වූ සැකයක් නිසා පෙරේදා (13දා) පාසල වසා දැමීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබිණි.

බටේමුල්ල ජාතික පාසලේ මුරකරුවන් දෙදෙනා විසින් පෙරේදා (13දා) මැදියම් රෑ පසුවෙද්දී හතර දෙනකුගෙන් යුත් පිරිසක් පාසලේ සිටි බවට දැක ඇති අතර අදාළ මුරකරු ප්‍රදේවාසීන්ගේ සහාය ඇතිව මෙම පිරිස අල්ලා ගැනීමට උත්සාහ කර ඇත. නමුත් එය අසාර්ථක වී ඇත. ඒ අනුව ඔවුන් එම ස්ථානයෙන් පැනගොස් ඇත. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ද පැමිණ පාසල විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත. පාසල සඳහා දරුවන් 27 දෙනෙක් පමණ එදින පැමිණ තිබූ අතර ඔවුන් ද නිවෙසේ වෙත යවා මවුපියන් හා ගුරුවරුන් සමඟ ආරක්ෂක අංශ පාසල පරීක්ෂාවට ලක් කර තිබුණද සැකකටයුතු කිසිවක් හසුවී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මව්බිම – Mawbima