නෙළුම් කුලුනේ ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වෙයි

කොළඹ  ඉදිකෙරෙන නෙළුම් කුලුන ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ජල කාන්දු සිදුවන බව වාර්තා වුණා.

නෙළුම් පෙති හැඩයට නිමවා ඇති කොටස්වල වීදුරුවලින් මෙලෙස ජල කාන්දු සිදුවන බවයි වැඩිදුරටත් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ.

ඒ අනුව මේ පිළිබඳ නැවත සොයා බලන බව ඉදිකිරීම් සිදුකරන චීන සමාගම ප‍්‍රකාශ කර තිබෙනවා.

නෙළුම් කුලුන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 අගෝස්තු මාසයේදීයි. එහි සේවයේ නිරත වන්නන්ගෙන් සියයට 70ක් චීන ජාතිකයන්. සෙසු පිරිස ශී‍්‍ර ලාංකිකයන් වනවා. මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම  අමෙරිකානු ඩොලර් මිලියන 1,404ක්.

ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසර 7ක් ඇතුළත එය චීනයේ එක්සිම් බැංකුව වෙත පියවිය යුතු වනවා.

මේ වනවිට නෙළුම් කුලුන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සියයට 85ක් පමණ අවසන්. ලබන වසරේ ජනවාරි 8 වැනිදා එය විවෘත කිරීමට නියමිතව තිබෙනවා. දකුණු ආසියාවේ දැනට ඇති උසම සන්නිවේදන කුලුන ද නෙළුම් කුලුනයි. එහි උස මීටර් 356ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *