නොදන්නා කතාවේ ඇතුල් පැත්ත

ලිංගික ආලයට සීමා විරහිත නිදහසක් ඇති යුගයක මර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ‘විරාගය’ නවකතාවේ ප්‍රධාන චරිතය වන ‘අරවින්ද’ ගැන සාකච්ඡාවක් අවශ්‍ය වන්නේ ඇයි ? 1956 වර්ෂයේදී ප්‍රකාශයට පත් වූ ‘ විරාගය’ නවකතාව පසුව සිනමා නිර්මාණයකටද පදනම් විය. සිනමා සංස්කෘතිය සහ සභ්‍යත්වය තුළ ජීවත් වන බහුතර දෙනා අරවින්දගේ චරිතය සමග අනන්‍ය වෙයි. ගැටලුව වන්නේ ඒ මන්ද යන කාරණයයි.

‘විරාගය’ නව කතාව සමඟ තදින් බැදීමක් ඇති කරගත් පළඹු ලේඛකයා ගුණදාස අමරසේකර සාහිත්‍යරයාය. කෘතිය පිළිබඳ මේ ඔහුගේ අදහසයි.

‘විරාගය එක් වරක් නොව නැවත නැවතත් කියවීමෙන් මා ලත් රසාස්වාදය මා මෙතෙක් ලබා ඇත්තේ පොත් අතළොස්සකින් පමණි. කලකිරීමෙන් සහ හුදෙකලාවෙන් පීඩිතව ගිය සිත් ඇති ඇතැම් මොහොතක මම එය රැගෙන කුමන පිටක් වුවද පෙරළා කියවීමෙන් මහත් අස්වැසීමක් ලද්දෙමි…. මිනිස් සිත ධර්මයට නොව අධර්මයට ආකරයකැයි මට සිතේ. ධර්මය උපදින්නේ ඒ අධර්මය ආශ්‍රයෙනි.

අරවින්ද, සරෝජිනී සහ බතී අතර පැවති සම්බන්ධය කුමක් දැයි වටහා ගැනීම අරවින්දගේ ගූඪ චරිතය වටහා ගැනීමට කදිම මාර්ගයකැයි මට සිතේ. ඒ ස්ත්‍රීන් දෙදෙනා ඔහුගේ සිත් සතන් නමැති ඇතුළු ගර්භයට වැදීමට කදිම යතුරකි. මාර්ටින් වික්‍රමසිංහ විසින් අරවින්ද නම් චරිතය හඳුන්වන්නේ මෙසේය. ගිහියෙකු මෙන් ජීවත් වී මියගිය එකකු වුවද ඔහු ළං වන්නේ ථෙර ගාථාවෙන් තමාගේ ආධ්‍යාත්මය සෘජුව හෙළි කළ පැරණි තවුසෙකුටය.

ජ්චජඥඡධධඬ සහ නිල් සිනමාව ඇති තරම් සමකාලීන මිනිසා වටා ගොනු වී ඇත. මුහුණුපොත සහ නිල් සිනමාව නිසා වර්තමාන තරුණ පරපුරේ බහුතරදෙනාගේ ආශාව (ච්ඥඵඪපඥ) මිය ගොස් ඇත. අපි යමකට අනුරාගික වන්නේ ඒ දෙය අපට දුරින් පවතිනවා නම් පමණි. සමකාලීන ප්‍රේමයේ මුඛ්‍ය ගැටලුව වී ඇත්තේ එය විසින් අතීතයේ අෑතින් පැවති උත්කර්ෂවත් වස්තූන් අති සමීපයට රැගෙන ඒමයි. ජංගම දුරකතනය සහ මුහුණු පොතේ අධිකතර සුඛනම්‍ය විවෘතභාවය නිසා ඔබට අවශ්‍ය නම් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය සමග සෑම මොහොතකටම සමීපව ජීවත් විය හැකිය. මේ සමීප බව කෙතරම් දරාගත නොහැකි අන්තයක් කරා මුහුණුපොත විසින් රැගෙන යනවා ද යත් එහි ඵලය වන්නේ යම් දුරස් බව සිත විසින් රැගෙන යනවාද යත් එහි ඵලය වන්නේ යම්දුරස් බව සිත විසින්ම ඉල්ලා සිටීමෙනි. අප තව කෙනෙකුට ආදරය කරන්නේ ඒ කෙනා ” අප” නොවන නිසාය. නමුත් මුහුණුපොත සහ අන්තර්ජාලය හා බැඳුණු ජංගම දුරකතනය නිසා අප සහ ඇය / ඔහු අතර පරතරය බිඳ වැටෙයි. සෑම මොහොතකම ලබාගත හැකි වස්තුවක් වූ විගස එම වස්තුව කෙරෙහි වූ භක්තිය බිඳ වැටෙයි. ආදරය කරන වස්තුව හෝ ලිංගිකව අපව තෘප්තිමත් කරන වස්තුව ඕනෑවට වඩා කිට්ටු වූ විට බිහි වන්නේ යම් අසහනයකි. මේ අසහනයෙන් ගැලවීමට අපට නැවත වස්තුව හා අප අතර යම් පරතයක් නඩත්තු කළ යුතුය.

සාරාංශගත කළහොත් තත්ත්වය මෙසේය. මුහුණු පොත සහ නිල් සිනමාව නිසා අප ආදරය කරන අනෙකා (ස්ත්‍රිය හෝ පිරිමියා) අපට දරාගත නොහැකි තරම් සමීපයට පැමිණ ඇත. කලින් අප පුරෝකථනය කළේ මෙම තත්ත්වය සාරවත් වනු ඇත කියාය. නමුත් අප රුචි කරන අනෙකා අපට වඩා කිට්ටු වූ විට සිදු වන්නේ පොරොත්තු වූ ආකාරයට සහනයක් ලබා දෙනු වෙනුවට අසහනය නිපද වීමයි.

මෙවිට සිදු වන්නේ අදාළ සම්බන්ධය හේතුවෙන් තොරව බිඳ වැටීමයි. එවිට වැරදිකාර හෘද සාක්ෂියක් හදවත තුළින්ම මතු වෙයි. මෙම තත්ත්ව තුළ දී යම් පරතරයක් තබාගෙන ආදරය කරන ‘අරවින්ද’ යම් විකල්පයක් නිපදවයි.
‘ අෑ නිසා මා තුළ හට ගත්තේ රාගයක් නොව අද්භූත හැඟීමකි. විරාග රාගයකි’

‘කසාද බඳින්න මගේ කිසිම අදහසක් නැහැ. මට කිසිවකුට ආලය කරන්න බැහැ. වෛර කරන්නත් බැහැ. මම සරෝජිනීට ආලය කළා දැයි මම දන්නේ නැහැ. ඒ නිසා මම ප්‍රිති වෙනනේ නැහැ. සෝක වෙන්නෙත් නැහැ.’
‘අරවින්දට ගෑනියකුට ආලය කරන්න බැහැ. අරවින්ද ආලය කරන්නේ දුරින් ඉඳගෙන.’

අද දවසේ මුහුණු පොත හරහා මානව සබඳකම් ඇති කරගන්නා ඕනෑම කෙනෙකුට ඉහත ආකාරයේ හැඟීම් පහල වීම පුදුමයට කාරණයක් නොවේ. මුහුණු පොත හරහා ගටගන්නා මිනිස් සබඳතා එක දුරකට වඩා ගමන් කරන විට හේතුවකින් තොර වැරදිකාර දෘෂ්ටියක් හට ගනියි. මුහුණු පොත වෙතට අරගෙන එන්නේ අනෙකාගේ තොරතුරු (ජ්චජබඵ) මිස ආශාව නොවේ. මේ හේතුව නිසා මුහුණු පොත දීර්ඝ කාලයක් ඇසුරු කරන අයට අලුත් ලෙඩක් බෝ වෙයි. එනම් සැකයයි. මුහුණු පොතේ සියලුදෙනා තමන්ගේ මිතුරු මිතුරියන් දෙස බලන්නේ සැකයෙනි. මේ හේතුව නිසා සිංහල මුහුණු පොත කළ නිර්නාමිකයන් අධික වෙයි. මන්දයත් මුහුණු පොතට එබෙන බහුතරය අනෙකා තුළ සොයන්නේ අර්ථයක් නොව අශ්ලීල අඩංගුවක් නිසාය. මුහුණු පොත සහ නිල් සිනමාව මෙතැනදී සමපාත වෙයි.

මුහුණු පොත හරහා අප අනෙකා තුළ සොයන්නේ හුදු නැරඹීමක් පමණි. අප මුහුණු පොතේදී අපගේ අනෙකාට කියන්නේ අසරණ වාක්‍යයකි. ‘අප දෙස බලන්න !’ නමුත් කිසිවකු මුහුණු පොතේදී අප දෙස බලන්නේ නැත. මුහුණු පොත තුළ ඊට සහභාගි වන්නන් හැර හැරී බලන අය නැත.

ඉහත දේශපාලන පසුබිම නිසා මුහුණු පොත් සහ නිල් සිනමා යුගයකදී අපගේ ආශාව යළි උත්පාද කරගැනීමට නම් අප ආදරය කරන වස්තුව අපට තරමක් අෑතින් පැවතිය යුතුය යන අදහස නැවතත් තාර්කික වෙයි. 1956 යුගයේ ද රචිත අරවින්දගේ ආශාව අනුකරණය කරන අය යළිත් බිහි වීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත.

එක පැත්තකින් සමකාලීන පරපුරට ස්ත්‍රිය ගැන විද්‍යාත්මක සහ දාර්ශනික දැනුමක් නැත. තව පැත්තකින් ගෝලීය ධනවාදය හරහා තාක්ෂණයේ දියුණුම මෙවලම් හමු වී ඇත. මේ පැති දෙකේ ක්‍රියාකාරීත්වය ගැන විශේෂ දැනුමක් කිසිවකුට නැත. තාක්ෂණය බොහෝදෙනා වටහාගන්නේ දියුණුව සහ සංවර්ධනය යන වචන සමගය. නමුත් ”නූතන ආත්මය” පිහිටන්නේ නොදැනුම සහ තාක්ෂණය අතරමැද තැනකය. මේ හේතුව නිසා නූතන ආත්මයට ජීවත්වීමට සිදුවී ඇත්තේ 56 මැනි යුගයකය. අපගේ යන්නේ විකල්පය ලෙනින් වෙනුවට අරවින්ද වීම අහම්බයක් නොවේ. තාක්ෂණය අපව රැගෙන අනාගතයට නොව අතීතයටය. අද දවසේ ආදරය කරන කෙනෙක් නම් අනෙකාව යම් පරතරයක් තබා ගෙන ඇසුරු කිරීම අනිවාර්ය සාධකයකි. ඒ පුද්ගලයා. ධනවාදී සමාජ ක්‍රමය සමග ද පවත්වාගෙන යන්නේ යම් පරතරයකි.

දීප්ති කුමාර ගුණරත්න
ඉරිදා ඇපල් පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *