පැසිපන්දු ක්‍රීඩකයෙකු පැසිපන්දු ක්‍රීඩිකාවකට පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේදී විවාහ යෝජනා කළ හැටි

එංගලන්ත පිරිමි පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයකු වන 27 හැවිරිදි ජැමෙල් ඇන්ඩර්සන් සිය දිගු කාලීන පෙම්වතිය වන 28 හැවිරිදි එංගලන්ත පැසිපන්දු ක්‍රීඩිකා ජෝජියා ජෝන්ස් හට විවාහ යෝජනාව ගෙන ඒමට පසුගිය අට (08) වනදා තෝරා ගත්තේ ගෝල්ඩ් කෝස්ට් හි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන ක්‍රීඩාංගණයයි.

එදින පැවති තරඟ ජයගත් බ්‍රිතාන්‍ය පිරිමි හා කාන්තා පැසි පන්දු කණ්ඩායම් දෙක ජය සමරමින් සිටි අවස්ථාවේ ඇන්ඩර්සන් සිය මිතුරන්ට පවසා ඇත්තේ තමන් දැන් සිය පෙම්වතිය වන ජෝර්ජියා හට විවාහ යෝජනා කරන බවයි. එයින් උද්දාමයට පත් මිතුරන්ගේ ප්‍රීති ගෝෂා මැද ඇන්ඩර්සන් සිය පෙම්වතියට විවාහ යෝජනා කළේ මෙසේයි.

මෙවැනි තවත් විශේෂාංග නරබන්න lanka media hub youtube චැනලය SUBSCRIBED  කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *