බස් කාරයන්ගේ භූමිතෙල් ගැහිල්ලෙන් රටේ සල්ලි පිට යනවා – රාජිත ඇත්ත හෙළි කරයි

පුද්ගලික බස් ඩිසල් වෙනුවට භූමිතෙල් යොදා බස් ධාවනය කිරීමේ කුමන්ත්‍රණය හේතුවෙන් විශාල මුදල් කන්දරාවක් විදේශයන්ට ඇදීයන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනතාවත් ආණ්ඩුවත් රවටා බස් හිමිකරුවන් ලාභ ඉපයීමට සිදුකරන භූමිතෙල් පරිහරණය හේතුවෙන් බස් රථවල කොටස් වේගයෙන් විනාශවීම හේතුවෙන් එම අමතර කොටස් විදේශයන්ගෙන් ගෙන්වීමට රටේ මුදල් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදු වන බව ඇමති වරයා පෙන්වා දෙයි.

ඉන්දන පිරවුම් හල්වල cctv මගින් බස් රථවලට සපයන්නේ භූමිතෙල් ද දිසල්ද යන්න සොයා ගැනීමේ හැකියාවක් නැති බවත් ඉන්දන හල්වලට මෙම මාෆියාව වලක්වාලීම උදෙසා පොලිසිය යෙදවීමේ හැකියාවක් නොමැති බවත් ඇමතිවරයා පවසයි.

ඊයේ පැවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාවේදී ඇමතිවරයා මෙම කරුණු පැහැදිලි කළේය.

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *