බිරිඳ අත්අඩංගුවට

තංගල්ලේ රාජ්‍ය බැංකුවක ස්වර්ණාභරණ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීන කලාකරු වික්ටර් රත්නායක මහතාගේ වත්මන් බිරිද අද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය තංගල්ල රජයේ බැංකුවක සේවය කරන කාලයේදී සිදුකර ඇතැයි කියන මෙම වංචාව සම්බන්ධයෙන් එම  බැංකුවේ කලමණාකාරවරයා විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

කෙසේ වෙතත්  ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි

විවාහයට පෙර සිදුි වී ඇති බව කියන මෙම වංචාව බැංකුවේ කලමණාකරු විසින් පොලිසියට පැමිණිලි කර ඇත. එහිදී පොලිසිය විමර්ශන සඳහා සැකකාරිය සොයමින් සිටි බැවින් නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී තිබේ..

2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ එහිදී වංචාවට ලක්ව ඇතැයිද කළමනාකාරවරයා පැමිණිලිකර තිබේ.

මේ සම්බන්ධව පොලිසිය පරීක්ෂණ ආරම්භ කලද ඇය පරීක්ෂණ සඳහා පෙනී සිට නැත. කෙසේ වෙතත් නීතිඥයකු මාර්ගයෙන් අද සැකකාරිය පොලිසියට භාර වී ඇත.

මෙම කාන්තාව විවාහකර ගැනීමට පෙර සිදුවී ඇති මෙම වංචාව සම්බන්දයෙන් සියලු බර මේ වනවිට වික්ටර් රත්නායක මහතාට දරන්නට වී ඇති බව ද වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *