මේ සතිය ඔබට කොහොමද – මෙන්න විස්තර දැනගන්න

මේෂ
කීර්ති ප්‍රශංසා ලබයි
සාර්ථක වේ. සමාජසේවා කටයුතුවලින් කීර්ති ප්‍රශංසා ලබයි. දේශපාලන කටයුතුවල යෙදී සිටින අයෙක් වේ. නම්බු නාම ලැබේ. උරුම හිමිකම් අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් වීමට ශුභයි.
ජය අංකය – 1, 2, 7, 4
ජය වර්ණ – සුදු, කහ, රෝස

වෘෂභ
දුර බැහැර ගමන් යෙදේ
යාන වාහන මිලදී ගැනීමක් හෝ අලුත්වැඩියාවක් සඳහා මුදල් යොදවයි. අන්තිම කැමති පත්‍රයක් මගින් නිරායාසයෙන් දේපළක් හිමිවේ. දුර බැහැර විනෝද ගමන් යෙදේ. පොතපත හා කියවීමටද අවස්ථාව උදාවන අතර එයින් යහපත් ප්‍රතිඵලද අත්වේ.
ජය අංක – 1,8,9
ජය වර්ණ – නිල්, රතු, රෝස

මිථුන
ආදායම් පහතට
සාමාජිකයින් අතර කලකිරුණු ස්වාභාවයක් ඇතිවේ. ව්‍යාපාර රැකියා ආදියෙන් බලාපොරොත්තු ලෙස ආදායමක් හෝ දියුණුවක් නොලැබේ. තැන්පත් මුදලක් ණය ගනුදෙනුවක් සඳහා ඇපයට තැබීමක්ද සිදුවේ
ජය අංක – 1,3,8
ජය වර්ණ – කොළ, රෝස, නිල්

කටක
අධ්‍යාපනයට ශුභයි
අයහපත් ක්‍රියාකාරකම් හේතුවෙන් බලවත් ලෙස අපවාද චෝදනාවෙන් රහසිගත ගමනක් යෙදේ. පවුලේ වැඩිහිටි අයෙකු වෙනුවෙන් කාලයත් ධනයත් වැය කිරීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු සඳහා ශුභයි. දරුවෙකුගෙන් පී්‍රතිමත් ආරංචියක් ලැබේ.
ජය අංක – 1,7
ජය වර්ණ – කොළ, රතු

සිංහ
හදිසි ධන ලාභ
පී්‍රති උත්සව සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසේ. නිවසින් බැහැරව සිටීමට කටයුතු සැලසේ. සතියේ අග භාගය තුළ හදිසි ධන ලාභයක්ද හිමිවේ.
ජය අංකය – 6 , 3
ජය වර්ණ – රතු, කහ

කන්‍යා
ලැබීම් තරමක් අඩුවේ
ලැබීම තරමක් අඩු කරයි. දේපළ විකිණීමකින් පාඩුවක් සිදුවේ. මිය ගිය අයගෙන් ලැබෙන උරුම හිමිකම්වලට ශුභවේ
ජය අංක – 2, 8
ජය වර්ණ – රෝස, කහ

තුලා
ආත්ම විශ්වාසය වැඩිවේ
දූෂමාන ආරංචියක් හේතුවෙන් තමාට එල්ල වී තිබූ චෝදනාවකින් තමා නිවැරදිකරු ලෙසට ඔප්පු වේ. පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සිය වෙනදාට වඩා ශුභදායක වේ
ජය අංක – 3, 9
ජය වර්ණ – කොළ

වෘශ්චික
විදේශගත වීම් සඳහා ශුභයි
කලකෝලාහල ආදියට පැටලීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථා ඇති කරයි. රහසිගත සම්බන්ධතාද ඇති වන අතර එයින් බලවත් දෝෂාරෝපණ එල්ල වීමක් වේ. විදේශ ගතවීම සඳහා ඉතා ශුභයි. අදහස් ඉටුවේ.
ජය අංක- 6, 3
ජය වර්ණ – කහ, සුදු

ධනු
හදිසි තුවාල පීඩා
හදිසි තුවාල පීඩාවලට හේතු ඇත. සතුරු බලවේග බලවත්වේ. ඔවුනට ඔබගේද සහයෝගය ලබා ගැනීමක්ද පෙන්නුම් කරන අතර කපටිකම්වලට හසුවීමද සිදුවේ.
ජය අංකය – 6
ජය වර්ණය – කොළ

මකර
ආවේගශීලී අදහස් මතු කරයි
හිතවතුන්ද මුණ ගැසේ. හිතවත් අයගේ උදව් උපකාර නොඅඩුව හිමිවන මෙම සතිය තුළ අනුන්ට උපකාර කිරීමටද ඉදිරිපත් වේ. ආවේගශීලී අදහස් මතු කරයි. වැඩිහිටි අයකු වෙනුවෙන් කාලයත්, ධනයත් වැය කිරීමට සිදුවේ.
ජය අංක – 7,5
ජය වර්ණ – රෝස, කොළ

කුම්භ
විදේශ ගමන් සඳහා ශුභයි
සතුරු බලවේග එල්ල වේ. උකස් භාණ්ඩ නිදහස් කර ගැනීමට අවස්ථාව උදාවේ. තමා යටතෙහි වැඩ කරන අය තමාට විරුද්ධව කටයුතු කිරීම සිදුවේ. සුරතලයට ඇති කරන සතකුගෙන් පීඩාවක් ඇතිවේ.
ජය අංකය – 6
ජය වර්ණ – රතු, මිශ්‍ර වර්ණ

මීන
ආදායම් තර වේ
ආදරය වෙනුවෙන් කාලය වැය කරයි. මිතුරන් සමග විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතුවල යෙදීම සිදුවේ. එයින් අමතර වාසි අත්වේ. රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් ලබන ආදායම තරවේ.
ජය අංක – 8, 2
ජය වර්ණ – රතු, සුදු

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *