මෛත්‍රී ශිරාල් දොට්ට දමයි ?

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කල ශිරාල් ලක්තිලක මහතා එම තනතුරේන් ඉවත්කර ඇති බවට වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාපයක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා ලෙස කටයුතු කල ඔහු පසුව මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ ජනාධිපති උපදේශකයෙක් වශයෙන් කටයුතු කරමින් සිටියේය.

පසුගිය කාලයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීම සම්බන්ධයෙන්ද ඔහුට දෝෂාරෝපණ එල්ල වූ අතර මෙවර මැතිවරණයේ අත්විදීමට සිදුවූ දැවැන්ත පරාජය හමුවේ ඔහු ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

lankamediahub.com
ලංකා මිඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *