ලංකාව එකපාරට හිතල උනේ ඇයි

කොහොමද මේ දවස්වල හීතල. උදේ පාන්දර නැගිට ගන්නවා කියන්නේ, භයානක හීනයක් වගේ ඇඟ කිළිපොලා යන එකක්. කොටින්ම වෙනදා සාමාන්‍යයෙන් උදේ 5.30, 6.00 කියන්නේ, දෙයියනේ කියලා වැඩ කටයුතු එකලස් කරගෙන වැඩ රාජකාරිවලට යන්න ගෙදරින් පිටත්වෙන වෙලාව. ඒකට මේ දවස්වල නම් හැමදාම බාලගිරි දෝසේ. මේ හීතල පුදුම හීතලක්. සාමාන්‍යයෙන් වෙනදට දෙසැම්බර් මාසේ හීතලයිනෙ.

මෙදා සැරේ දෙසැම්බරේටවත් තිබ්බේ නැති හීතලක් ජනවාරි මාසෙට අල්ලලා. ඒ අස්සේ, අරහේ ඇමරිකාව හීතලෙන් ගල් ගැහිලා, ඔස්ට්‍රේලියාව අධික උෂ්ණත්වයෙන් ගිනියම් වෙලා. දැන් දැන් මේ ලෝක ගෝලෙට මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ.

විවිධ කාලගුණික, දේශගුණික විපර්යාස රාශියක් සිද්ධ වෙන එක ගැන නම් අපි පුංචි කාලේ ඉඳලාම රූප සටහන් ඇඳලා, කටපාඩම් කරගෙන ඉන්න දෙයක්නෙ. හැබැයි එදා ඉදලා අද වෙනකම්ම එතැනින් එහාට වෙන්නේ මොකක්ද, වුණේ මොකක්ද කියලා අපිට හිතලා බලන්න ඉඩකඩක් තිබුණේ නෑ. එහෙමත් නැත්තං අපිට ඒ දේවල් ගැන හිතන්න කරදර වෙන්න තරම් උවමනාවක් තිබුණේ නෑ.

සාමාන්‍යයෙන් ඒක ලෝක ස්වභාවයක්නේ. අපිට ගංවතුර ගැලුවදාට, අපේ ගෙවල් නායගිය දාට තමයි අපිට අනවසර ඉදිකිරීම්, උස් භූමිය ඩෝසර් කිරිම්, වැලි ගොඩදැමීම් වගේ දේවල් ගැන කැක්කුමක් ආවේ. ලංකාවේ වුණත්, ලෝකයේ වුණත් ඔය තත්ත්වය කොහෙත් එකයි.

දැන් මේ දවස්වල සිද්ධවෙලා තියෙන මේ උෂ්ණත්ව විපර්යාසයත් එක්ක ඔන්න දැන් ආයෙත් ලෝකෙට මොකක් හරි වෙලාවත්දෝ කියලා, කතාබහක් සිද්ධ වෙනවා.

ඇත්තටම ලෝකෙට මොකක්වත් සිද්ධවෙලාදෝ නෙවෙයි, ලෝකෙට වෙන්න තියෙන හුඟාක් දේවල් මේ වෙද්දි සිද්ධ වෙලා ඉවරයි.

සාමාන්‍යයෙන් වායුගෝලයේ තියෙන වායු අණු මිලියනයකට තියෙන්න ඕන ඛ්ර්ණී2 අණු ප්‍රමාණය ඛ්ර්ණී2 අණු 330යි කියලා දැනට අවුරුදු ගාණකට කලින් ලෝකයා විශ්වාස කරගෙන හිටියා. ඒක පැන්නොත්, එතැනින් පස්සේ ලෝකේ විනාස වෙයි කියන බයකුත් හිතේ තිබුණා.

හැබැයි 1970 ගණන්වල වගේ ඔය කිව්ව 330 පැන්නා. කරදරයක් නැතුවම පැන්නා. ලෝකයාගේ අර තිබ්බ බය සැක ආපහු නැතිවෙලා ගියා. ක්‍රමිකව ඛ්ර්ණී2 මට්ටමත් වර්ධනය වෙවී ගියා.

ඔහොම යනකොට, ආපහු වතාවක් මේ මෑතකදී මිනිස්සුන්ට නැවතත් පොඩි බයක් ආවා, අර අගය 400 පැන්නොත් නම් අනිවාර්යෙන්ම ලෝකේ විනාශ වෙනවායි කියලා. එහෙම බැරි වෙලාවත් වුණොත් ලෝකේ අනිත් පැත්තට වුණත් කැරකෙන්න පුළුවන් කියලත් සමහරු කිව්වා.

හැබැයි ගිය 2016 මැයි 09 වෙනිදා ඔන්න 400ත් පැන්නා කියලා ලෝකෙට රෙකෝඩ් වුණා. හැබැයි හිතාගෙන හිටපු ඒ භයානක විපත්තියක් වගේ මුකුත් සිද්ධ වුණේ නැති හන්දා, මිනිස්සුන්ගේ හිතේ තිබුණු බය ආපහු නැති වුණා.

ඉතින්, වනාන්තර විනාශ වෙනවා, ගොඩනැගිලි ඉදිවෙනවා, නගර සංවර්ධනය වෙනවා, තාක්ෂණය අලුත් වෙනවා. ඔය අතරේ ඔහොම හෙමින් හෙමින් ඛ්ර්ණී2 මට්ටමත් ඔය කිව්ව දේවල්වලට සමාන්තරව වැඩි වෙනවා
මේ විපර්යාස ගැන කතා කරද්දි ඛ්ර්ණී2 කියන්නේ, එකක් විතරයි. ඊට වඩා එහා ගියපු දූෂ්‍යකාරක ගොඩක් පරිසරයේ විපර්යාසත් එක්ක සමාන්තරව ලෝකයට එකතු වෙවී එකතු වෙවී තියෙනවා.

ලෝකයේ වන විනාශය අවුරුද්දකට බැලුවොත් හෙක්ටයාර මිලියන 13, 14ක්. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයම ගත්තත් තියෙන්නේ වර්ග කිලෝමීටර් 65,000යි. තත්ත්වයේ භයානකකම කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේද?

දැන් මේ කතා කරන ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක පරිසර විනාශය විනාශය නිසා අපිට දැනෙන එක ඡ්ටටඥජබ එකක් විතරයි.

ඒ උෂ්ණත්වය වැඩිවීමත් එක්ක තමයි පහුගිය දවස්වල ඇතිවුණු සුළි කුණාටු, අධික වර්ෂාව වගේ සංසිද්ධීන් හටගන්නේ. ඒ විපර්යාසවල තීව්‍රතාවයේ වැඩිවීමක් එන්න එන්නම, සිද්ධවෙනවා. ඒ වගේම එවැනි පරිසර විපර්යාස හටගන්න බලපාන කාල පරතරය ක්‍රමිකව අඩුවෙමින් පවතිනවා. උදාහරණයක් ගත්තොත්, 2016 වෙසක් මතකද? මහ වැස්සක්. බියගම, කැලණිය යට වුණා. හැමෝම කිව්වා මේ වාගෙ එකක් ඔය ආවේ අවුරුදු ගාණකින්, ආයෙත් ඔහෙම එකක් ආවොත් එන්නේ තවත් අවුරුදු 100කට විතර පස්සේ තමයි කියලා.
අපි එහෙම හිතුවට 2017 අවුරුද්දේ වෙසක් වෙනකොට ආපහු අර 2016 එකටත් වැඩි මහා බරපතළ විදියේ වැස්සක් ආවා. එතකොට දැන් අවුරුදු 100කට එන්නේ නෑ කියලා සහතික කරපු කාලය අවුරුද්දකින් නැවත සිද්ධ වෙන විදියට පරතරය අඩුවෙලා ගිහිල්ලා.

එක පැත්තක ලැව්ගිනි, තවත් පැත්තක අධික හිම පතනයක්. මේ හැමදේම සිද්ධවෙමින් පවතින අතරේ, දවසින් දවස ලෝකයේ උෂ්ණත්වය ඉහළ යාමේ සාමාන්‍ය අගය වැඩිවෙමින් පවතිනවා.
මේ උෂ්ණත්වය වැඩිවීමේ බලපෑම හොඳටම නිරීක්ෂණය වෙන කාරණයක් තමයි, මුහුද මට්ටම ඉහළ යාම එන්න එන්නම වැඩිවීම.

ලෝකය සමස්ත වශයෙන් අරගත්තොත් මුහුදු මට්ටම ඉහළ යාම අවුරුද්දකට 2.9ථථ තරම් සුළු අගයක්. අපි අවුරුදු 100ක් ජීවත් වෙමු කියල හිතුවොත්, අවුරුදු 100ටම 290ථථක්. ඒ කියන්නේ අවුරුදු 100කටම අඩියක් වගේ ප්‍රමාණයක් තමයි 100ටම මුහුදු මට්ටම ඉහළ යන්නේ. ඒකෙන් අපිට ඒ තරම්ම බලපෑමක් වෙන්නේ නෑ.
අපි හිතමු අවුරුද්දකට මුහුදු මට්ටම අඩියකින් ඉහළ යනවා කියලා. එහෙම වුණොත් අඩියකින් ගොඩබිම් ප්‍රමාණය අඩුවෙලා මුහුදු ප්‍රමාණය අඩියකින් වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ.

ඒත් එක්ක තාප ධාරිතාව සැලකිය යුතු අන්දමින් වෙනස් වෙනවා
එහෙම වෙද්දි ලෝකයේ ජලයෙන් ආවරණය වෙන ප්‍රමාණය වැඩිවෙනවා. ග්ලැසියර ප්‍රමාණය දියවෙලා අඩුවෙලා යනවා. ඒත් එක්කම ගොඩබිම් ප්‍රමාණය එන්න එන්නම අඩුවෙමින් යනවා.

ඔන්න ඔය දේ දැන් වෙමින් පවතිනවා. හැබැයි ලෝක උෂ්ණත්වය 1ඛ්ධන් ඉහළ ගියොත්, මුහුද මට්ටම අඩි 7 1/2 කින් ඉහළ යන බවට ගණනය කරලා තියෙනවා. ඒ අඩි 7 1/2 කිව්වේ ග්ලැසියර දියවෙලා ජලය ප්‍රසාරණය වෙලා යන අගයත් එක්කයි.

2050 වෙනකොට, ලෝකයේ උෂ්ණත්වය 2ඛ්ධ ඉඳලා 5ඛ්ධ වෙනකම් වැඩිවෙනවා කියලා ලෝකය ර්ථීපඥඤඪජබ කරනවා. 2050 කියන්නේ, තව වැඩි අෑතක් නෑ.
ලංකාව විතරක් අරගෙන බැලුවොත් 2025 වෙනකොට ලංකාවේ අද භාවිත කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 6110ක් අපට නැතිවෙනවා.

මේ කියන කතන්දර ඔක්කොම එකට එකතුවෙච්ච තැනක තමයි අද අපිට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙන්නේ. මේ කියන පරිසර විපර්යාස, මේ අධික ශීතල, අධික උණුසුම මේ හැමදේම ඒ කතන්දරේ ඇතුළේ සිද්ධවෙමින් පවතිනවා.

ඉස්සර ඉඳන්ම අපි පරිසරය ආරක්ෂා කරන්න කියලා මහා ලොකුවට කෑ ගහන, සම්මුති පවත්වන, සමුළු කැඳවන ලෝකයක්. හැමදාම පරිසරය මාතෘකාවට අරගන්න කතාවක අවසානෙට ලස්සනට චීෆ් සියැටෙල් වොෂින්ටන් ආදිපාදට ලියපු ලියුමෙන් කෑල්ලක් කොහාට හරි රිංගවලා ලස්සනට කියලා, නැවතීමේ තිතත් තියලා, ස්තුතියි කියලා, ස්ටේජ් එකෙන් බැහැලා යනවා. අපි කවුරුත් හැමදාම කළේ ඔන්න ඔය ටික විතරයි.
එහෙම කියලා, අපිම කැලෑ කපනවා. විෂ වායු, පරිසරයට එකතු කරනවා. නගර ඉදිවෙනවා. ජනාකීර්ණ වෙනවා. ඔය හැමදේම අපි කළා.

හැබැයි, අර “කොටියා කෑවෝ කොටියා කෑවෝ” කිව්වා වගේ හැමදාම අපි අපේ ලෝකයේ අවදානම ගැන අනාවැකි කිව්වා.

ඒවා සිද්ධ වුණත් නැතත්, අපි අපිට ඕන විදියට අපේ සැලසුම් ක්‍රියාත්මක කළා.
දැන් මෙහෙම ගිහිං… දවසක “ඇත්තටම කොටියා ඇවිල්ලා ළමයා මරලා කාලා ගියා” වගේ… මුළු ලෝකයම ඇහිපිය ගහන වේගෙටත් වඩා හිතාගන්න බැරි ක්ෂණයකින් අළු දූවිලි බවට පත්වෙන දවසක් එනවා.
ඒක කවදටද වෙන්නෙ කියල හරියටම මට කියන්න බෑ. ඒක වෙන්න නියමිතයි.
දැන් අහන්න තව ඉතුරු මෙච්චරයි. ඒ ටිකත් වෙනකම්මද අපි බලාගෙන ඉන්නේ කියලා විතරයි.

සටහන _ අනුපමා ගල්කඩවල
සංවාදය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංගික හල්වතුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *