ලග්න දොළහටම හොඳට හොඳ සතියක්

මේෂ
විශේෂ දියුණුවක් ලැබේ
දුරදිග නොබලා කරන ගනුදෙනුවකින් බලවත් පාඩුවක් සිදු කරගනී. විදේශ ගතවූ හිතවතකු නිවසට පැමිණේ. රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් දක්නට ලැබේ. උසස් වීම් සඳහා ඉල්ලුම් කිරීමට ශුභ දායකයි
ජය අංක – 1,7,9
ජය වර්ණ – සුදු, රතු, රෝස

——————————————–

වෘෂභ
ප්‍රේමාන්විත ආරාධනා
අයහපත් මිතුරු ඇසුරක් නිසා ආත්ම ගෞරවයට හානි සිදුවන අන්දමේ කටයුතු සිදුවේ. රැකියා ව්‍යාපාර කටයුතුවල අවුල් සහගත බවක් ඇතිවේ. පුරුෂයින්ට ස්ත්‍රීන්ගෙන්ද ස්ත්‍රීන්ට පුරුෂයින්ගෙන්ද ප්‍රේමාන්විත ආරාධනා ලැබේ.
ශුභ අංකය – 8
ශුභ වර්ණය – නිල්

——————————————

මිථුන
ව්‍යාපාරවල දියුණුවක්
ප්‍රියජනක මිතුරු ඇසුරක් ලබයි. ආදරය පිළිබඳව පිරිසිදු අදහස් මතු වේ. රහසිගත සබඳතා සමග රහසිගත ගමන්ද යෙදෙනු ඇත. රැකියා ව්‍යාපාර කටයුතුවල විශේෂ දියුණුවක් ලැබෙයි.
ජය අංක – 2, 3
ජය වර්ණ – කොළ, රතු

——————————————-

කටක
පවුලේ සමගිය ඇතිකරයි
නව නිවසක පදිංචි වීම හෝ නව නිවෙසක් මිලයට ගැනීමක් සිදුවේ. පවුලේ සමගිය සමාදානය ඇති කරයි. විවාහ සහකරුගේ අනිසි ක්‍රියාවක් හේතුවෙන් මිතුරකු සතුරු වනු ඇත.
ජය අංක – 4, 7
ජය වර්ණ – සුදු, රතු

———————————

සිංහ
මිල මුදල් ලැබීම යහපත්ය
තමාගේ උදව් පතා පැමිණෙන අයට ඔවුන්ගේ සිතැඟි පරිදි උදව් උපකාර කිරීමට ඉදිරිපත් වේ. අනුන්ගේ බර තම කරට ගෙන ක්‍රියා කරන අතර ඔවුන්ගෙන්ද නොඅඩුව ගෞරව ආදරය ලබනු ඇත. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ.
ජය අංකය – 6
ජය වර්ණය – රතු

———————————-

කන්‍යා
කන්නස්සල්ලක් ඇති කරයි
දෝෂාරෝපණ එල්ල වන අතර ඔවුන් එම ගිවිසුම්වලින් ඉවත් වීමද වේ. තරග විභාග ආදියෙන් අසමත් වන බවක් පෙනේ. දඩ මුදලකට යටත් වේ. මංගල යෝජනා වෙනස් වේ. අධ්‍යාපන කටයුතු සඳහා අයහපත් වේ.
ජය අංක – 8, 9
ජය වර්ණ – රතු, කොළ

———————————

තුලා
ජනප්‍රසාදය ලැබේ
පවුලේ පැවැති අරමුදලක් නිරාකරණය කෙරේ. ජනප්‍රසාදය පළවේ. යහපත් ගමන් බිමන් යෙදේ. ලිපි ලේඛන මගින් වාසි දායකවේ. ව්‍යාපාර කටයුතු සඳහා ශුභයි. පරිත්‍යාග හිමිවේ. පොදු කටයුතු සඳහා කාලයක් ධනයක් වැයවේ.
ජය අංක – 3, 7
ජය වර්ණ _ නිල්, කොළ

————————————–

වෘශ්චික
රහසිගත සබඳතා ඇතිවේ
විදේශ ගමන් සඳහා ශුභයි. රහසිගත සබඳතා ඇතිවේ. බලවත් චිත්ත පීඩාවක්ද ඇති වන බව පෙනේ. අධ්‍යාපන කටයුතු සඳහා උනන්දුව ඇති නමුත් බාහිර බාධක ඇති කරයි.
ජය අංක – 5, 3
ජය වර්ණ – කහ, සුදු

—————————————-

ධනු
හදිසි ධන ලාභ
ඉගෙනීම් කටයුතු සඳහා ශුභයි, තරග විභාග ආදියෙන් නිසැකව ජය ලබයි. ධන ලාභයක්ද පෙන්නුම් කරයි. සුදුසු සහකරුවන් ලබන මංගල යෝජනාද ඉදිරිපත් වේ.

ජය අංක – 5, 2
ජය වර්ණ – රතු, නිල්, සුදු

———————————————

මකර
බලාපොරොත්තු ලෙස ලාභ ලැබේ
මිතුරන්ගෙන් උදව් උපකාර හිමි වුවත් කරන කටයුතු සාර්ථක නොවේ. සතුරු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වේ. පුද පූජා පවත්වයි. රැකියා ව්‍යාපාර සඳහා තරමක් ශුභ දායකයි. බලාපොරොත්තු ලෙස ලාභ ලැබේ.
ජය අංක – 5
ජය වර්ණ – සුදු

——————————————-

කුම්භ
අස්වැසිල්ලක් ලැබෙන සතියකි
සිතට මහත් අස්වැසිල්ලක් ලැබේ. නමුත් ණය මුදලක් හේතුවෙන් බලාත්මක ලෙස කරදරයට පත්වේ. තැන්පත් මුදල් වැඩිවේ. අනුන්ගේ කේලමක් නිසා ලැබුණු අවනම්බුවක් ඉවත්ව නි‍ෙදාස් බව අත්වේ.
ජය අංකය – 3
ජය වර්ණය – නිල්

——————————————–

මීන
උත්සාවන්ත සතියකි
අසනීපයකින් පෙළුන අයෙක් නම්, සුව අතට හැරේ. ණය මුදලකින් නිදහස් වීමද වේ. යහපත් මිතුරු ඇසුරක් හේතුවෙන් ප්‍රේමසබඳතාවක්ද ගොඩ නැගේ. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරයි.
ජය අංක – 2, 8
ජය වර්ණ – රතු, සුදු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *