ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකයෙක් ඉන්දියාවෙන් ආනයනය කරයි

Sharing is caring!

දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන 2019 icc cricket world cup ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා දේශීය ව්‍යාපාරික ආයතන ඉදිරිපත් නොවන පසුබිමක එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිල අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කිරීමට ඉන්දීය අනුග්‍රාහක ආයතනයක් වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියට සිදුවී තිබේ.

අනුග්‍රාහකත්වය උදෙසා දේශීය ආයතන කිසිවක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉන්දීය සෞඛ්‍ය නිෂ්පාදනායතනයක් වන කෙන්ට් රෝ සිස්ටම් ආයතනය පිළීගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු පියවර ගෙන තිබේ.

මීට පෙර දී නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ලබා ගැනීම සඳහා වැළ නොකැඩී පැමිණියද කණ්ඩායමක් වශයෙන් දිගින් දිගටම ලබා සිටින අසාර්ථකත්වය නිසා දේශීය අනුග්‍රාහක ආයතන කිසිවෙක් ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදැක්වීය. එමෙන්ම මෙම 2019 වසර ආරම්භයේ සිට මේ දක්වා සහභාගි වුණු එකම තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වී තිබීම, මෙකී තත්ත්වය ඔඩු දිවීමට මූලාශ්‍ර වී තිබේ.

මේ අතර මෙම ඉන්දියානු සමාගම ලෝ ප්‍රකට ඉන්දීය ජනප්‍රිය නළු නිලි දේපලක් වන ශාරුක් ඛාන් සහ මදුරි ඩිස්කිට අයත් එකක් බවටද කතා බහක් ඇති වෙමින් පවතී.