වාසනාව උපද්දන මුළුතැන්ගෙයක් හදන්නේ මෙහෙමයි

මුළුතැන්ගෙයක් නිවැරදිව සකස්විය යුත්තේ කෙසේද?

වාස්තු විද්‍යානුකූලව නිවසේ වැදගත්ම තැනක් හිමිවන ස්ථානයක් ලෙස මුළුතැන්ගෙය හැඳින්විය හැකියි. නිවසේ වැඩිම කාලයක් අවදිව සිටින කෙනා බවට පත්වන්නේ ගෘහණියයි. එමෙන්ම එම ගෟහණියට අයත් ප‍්‍රධානතම ස්ථානය වන්නේ ද මුළුතැන්ගෙයයි. පුරාණ ජ්‍යෙතිෂ්‍යය හා වාස්තු විද්‍යාවට අනුව ගෙදර ගෘහණිය යනු ශක්ති දෙවඟනයි.

ගෙදර මුළුතැන්ගෙයි නිවැරැුදිව ආහාර පිසීමට හැකි නම් ගෙදර සියලූදෙනාගේනිරෝගී සුවය ආරක්ෂා වෙයි. එසේ වීමට නම් ගෙදර ගෘහණියද නිරෝගීමත්ව සිටිය යුතුයි. බොහෝවිට මුළුතැන්ගෙයි පවතින ගැටලූ නිසා ගෙදර ගෘහණියට තද රෝග පීඩා උදාවන අයුරු දැකිය හැකිය.

ගෙදරක මුළුතැන්ගෙයක් පිහිිටුවිය යුතු ප‍්‍රධානතම දිශාව වන්නේ ගිනිකොන දිශාවයි. එසේ නොහැකි අවස්ථාවක මුළුතැන්ගෙය නිවසේ වයඹ දෙස පිහිටුවිය හැකිය. වෙනත් කිසිදු දිශාවක් මුළුතැන්ගෙය ස`දහා සුදුසු නොවේ. උතුරේ මුළුතැන්ගෙය නිවැසියන්ට කේන්තිය, ගෘහමූලිකයාට වෘත්තීයමය බාධා ගෙනදෙයි. ඊසාන දෙස දරුවන්ට අපල, අධ්‍යාපනික බාධා, දරුවන් අහිමිවීම, නැගෙනහිර දිශාව ගෙදර සාමයට බාධා,ලෙඩරෝග අධික වීම ඇති කරයි. දකුණු දිශාව ගෘහණියගේ සතුටට බාධා ගෙනදෙයි. ආර්ථිකයට බාධා එල්ල කරයි. නිරිත දෙස මුළුතැන්ගෙය පිහිටීම සියලූම ආකාරයෙන් අසුබ පල උදාකරනු ඇත. ආර්ථික බාධා, විවාහ ගැටලූ, දික්කසාද වීම්, ගෘහමූලිකයාගේ රැුකියා අහිමි වීම්, ඉතිරිය නොමැති වීම ආදී බොහෝ ව්‍යසන සිදුකරයි. බටහිර දෙස මුළුතැන්ගෙය සමෘද්ධියට බාධා මෙන්ම, ගුප්ත අසනීපවලට හේතු යෙදේ. දරුවන් මවුපියන් අතර ගැටලූ ඇති කරයි. එමෙන්ම ගිනිකොන වයඹ හැර සෙසු සෑම දිශාවකදීම මුලිකව ගෘහණියන්ටත් ඇතැම්විට නිවෙසේ ග‍්‍රහබලය දුර්වල වෙනත් සාමාජිකයෙකුටත් මානසික පීඩා උදාකරයි. සෞඛ්‍ය පීඩා ඇති කරයි.

ගිනිකොන දිශාව මුළුතැන්ගෙයට සුබම දිශාව බව එ් අනුව පෙනී යයි. එහෙත් එහිදීද මුළුතැන්ගෙය සකස් විය යුතු ආකාරය පිළිබ`දව දැනුවත් වීම ඉතාම වටී. මුළුතැන්ගෙය මධ්‍යයේ මාලිමාව තබාගෙන එහි නිවැරැුදි දිශා හඳුනාගත යුතුයි. එ් අනුව මුළුතැන්ගෙයි ප‍්‍රධානතම අංශය වන ළිප හෝ පෝරණුව පිහිටුවා ගත යුත්තේ එහි ගිනිකොන දිශාවේය. එහිදී නැගෙනහිර හෝ දකුණු දිශාව බලා ළිප ගිනි දැල්වීම වඩාත් යෝග්‍යයි. එමෙන්ම ළිප අසලම ජල කරාම පිහිටුවීම සුබ නැත. එවිට ”ගිනි ජල” ගැටුම් නිර්මාණ වෙයි. ගෙදර අයට මානසික පීඩා ගෙන දෙයි. ජලය තැබිය යුතු හොඳම ස්ථානය වන්නේ ඊසාන දිශාවයි. එ් අනුව ගිනිකොන දිශාවේ පිහිටි ළිපත් ඊසාන දිශාවේ පිහිටි ජල කරාමයත් අතර නැගෙනහිර දිශාවට වන ලෙස ජනේලයක් පිහිටුවා ගැනීම කළ හැකිය. එමෙන්ම දකුණ, නිරිත, බස්නාහිර යන දිශාවලට පිහිටන ලෙස බිත්ති අල්මාරි, පැන්ටි‍්‍රකබඞ්, (අටල්ල* සකස් කරගත හැකියි. එහිදී දකුණ නිරිත ප‍්‍රදේශයේ ධාන්‍ය වර්ග, ආහාර වර්ග ගබඩා කරන අතර, බටහිර දෙසට තුනපහ වර්ග, යකඩ භාජන තබාගත හැකිය.

මුළුතැන්ගෙයට බටහිර බිත්තියෙන් හෝ උතුරු බිත්තියෙන් ඇතුළු වීමට දොර දමා ගැනීම සුබයි. එහිදීද, උතුරු බිත්තිය වඩාත් සුබවනු ඇත. කෙසේ වෙතත් බිත්තියක් මුල්ලෙන්ම දොර තැබීමද එතරම් යෝග්‍ය නොවේ. මුළුතැන්ගෙයි බටහිර, වයඹ දෙස ශීතකරණය පිහිටුවා ගත හැකියි. අතුගෑමට ගන්නා කොසු ආදිය වයඹ දෙස තැබීම ඉතා යෝග්‍යයි. එමෙන්ම මුළුතැන්ගෙයි කපන කොටන ද්‍රව්‍යවලින් ඉතිරිවන අපද්‍රව්‍ය නැගෙනහිර මගහැර එතැන් සිට ගිනිකොන දෙසටත් ගිනිකොන, දකුණ අතරත් පැවතිම ඉතා සුබයි.

බොහෝවිට මුළුතැන්ගෙයි පිටවීමට දොරක් තැබිය යුතුයි. එසේ මුළුතැන්ගෙයින් නිවෙසින් පිටට යන දොර නැගෙනහිර බිත්තියෙන් තබනවාට වඩා දකුණු දිශාවේ බිත්තියෙන් තැබීම ඉතා යෝග්‍යයි. සෑම දොරක්ම දක්ෂිණාවෘතව විවෘත කරගත යුතුයි. එනම් දොර විවෘත කරන විට දොර පියන දකුණට (ඔරලෝසු කටු කැරකෙන අතට* කැරකිය යුතුයි. එම එළියට බහින දොරෙන් කිසිවිටකත් නිවෙසේ ප‍්‍රධාන දොර නොපෙනිය යුතුයි. එමෙන්ම ඉදිරිපස ජනේලයක් හෝ නොපෙනෙන ලෙස සකස් කරගැනීම වඩාත් යහපත් වනු ඇත.
කැපීමට යොදාගන්නා පිහි ගිනිකොන, දකුණ, නිරිත තබාගැනීම යෝග්‍යයි. නිතර මුළුතැන්ගෙය පිරිසිදුව තබාගැනීමට ද උනන්දු විය යුතුයි. මුළුතැන්ගෙයි පවතින පිරිසුදු බව පවුලේ සාමාජිකයන්ගේ නිරෝගී බවට, දියුණුවට ප‍්‍රධාන හේතුවක් වනු ඇත. මේ අයුරින් පවතින මුළුතැන්ගෙය නිවෙසට සිරිකත, සෞභාග්‍ය උදාකරන ස්ථානයක් බව අමතක නොකළ යුතුයි. මේ ආකාරයටසිදුකිරීමට නොහැකි වුවත් මෙයින් හැකිතාක් සිදුකරගැනීමෙන් වඩා යහපතක් වනු ඇත.

ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී වාස්තු විද්‍යාඥ
කැලූම් ගුණතිලක
0766765353

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *