විවාහයට පොරොන්දම් බලලා විතරක් මදි මේවත් බලන්න

අද වනවිට ජෝතිෂ්‍යය කෙරෙහි තිබෙන විශ්වාසය හා එයට යොමුවන පිරිස වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම දැරු උපතකදී, මල්වරවීමකදී මෙන්ම විවාහයකදීද එයට යොමුවීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය. විශේෂයෙන්ම විවාහයකදී අද බහුතරයක්දෙනා සිදු කරනුයේ විසි පොරොන්දම් පරික්ෂාකර එයින් 50%ක් වඩා ගැලපේ නම් විවාහය සිදුකරිමය. එනමුත් විවාහවී සුළු කලකින්ම ඒවා කැඩී බිඳී ගිය අවස්ථාද ඕනෑතරම් අපි දැක ඇත්තෙමු. එයට හේතුව වන්නේ හරි හැටි දැනුමක් නැති ජෝතිෂ්‍යවේදීන් යැයි කියාගන්න පිරිසක් විසින් විනාඩි 2,3න් දෙදෙනෙකුගේ ඉරණම තීරණය කරන්නට ගොස් කවදාවත් ගෙවා නිමකළ නොහැකි පවකට දායකවීමය.

එමනිසා විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ ඔබ එවන් පටු දේවල් වලින් අමාරුවේ නොවැටී පහත දේවල් පිළිබඳවත් විමසිලිමත් වන්නේ නම් එය ඔඅබගේ අනාගතය සම්බන්දයෙන් ගනු ලබන යහපත් තීරණයක් වනු නොවනුමානය.

විවාහයකදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු මෙසේය.

  • යම් කේන්දරයක 1-7-8 ස්ථාන වල පාපීන් සිටි නම් ඔවුන් කාමභෝගින් වේ. යුග දිවිය දෙදරීමට තරම් එය බලවත්ය.
  • 12වැන්නේ පාපියෙකු සමඟ කුජ සිටි නම් ස්ත්‍රියට අපලය.
  • සිකුරු දුර්වලවීම හෝ පාපීන් දැකීම, 5වැන්නේ සතුරුව සිටීම සහකරුට බලවත් අපල ගෙනදේ. හදිසි අනතුරක් හෝ ලේ වැගිරීමක් සිදුවේ.
  • 7වැන්නේ රාහු සිටීම ස්ත්‍රියට අපලය.
  • 8 අධිපති 2 සිටීම විවාහය දෙදරීමට හේතුවේ.
  • රවි-ශනි-රාහු 7 වැන්නට සම්බන්ධ පිරිමි අය වැඩිහිටි කාන්තාවන් සමඟ විවහ වේ.
  • 7 අධිපති 10-1-8 සිටීම කටුකය.
  • මේෂ රාශියේ හෝ වෘෂභ රාශියේ සිකුරු සිටීමත්, වෘෂභ හෝ තුලා රාශියේ කුජ සිටීමත් සරාගී යෝගයකි.
  • රවි-සිකුරු යෝගය, කුජ-සිකුරු යෝගය, රාහු-සිකුරු යෝගය කෑම යෝගයන්ය.
  • 7වැන්නේ පාපීන් තිදෙනෙකුට වඩා සිටීම බහු විවාහ යෝගයකි.

මිට අමතරව

  • බහු විවාහ යෝග
  • සරාගී යෝග
  • අවිවාහක යෝග
  • ස්ත්‍රී-පුරුෂ මර යෝග
  • වැන්දඹු යෝග
  • විෂ කන්‍යා දෝෂ
  • භෞම දෝෂ ආදිය ගැනද සැලකිලිමත් විය යුතුය.

සචිත් යාපා

lankamediahub.com
ලංකා මීඩියා හබ්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *