වොඩ්කා බෝතලේ තිබුණේ උණු වතුරලු – රංගේ බණ්ඩාර තවත් කතාවක් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයාගේ වාහනයේ තුබූ විදේශීය මත්පැන් බෝතලයේ අඩංගුව තිබුනේ වොඩ්කා නමැති මත්පැන් වර්ගය නොවන බවත් උණුවතුර බවත් මන්ත්‍රීවරයා පවසයි.

මිනි ඉහතදී ඔහු සඳහන් කර තිබුනේ එම බෝතලයේ වතුර තිබු බව වබ අතර දැන් ඔහු පවසන්නේ තම පුත්‍රයා පානය කරන්නේ උණුකර නිවාගත් ජලය බැවින් එම බෝතලයේ තිබී ඇත්තේ උණු වතුර බවයි.

පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ වතුර බෝතලයක් තිබූ බවට යයිද ඇමතිවරයා කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.

තම පුත‍්‍රයා තම අමාත්‍යංශයේ නිලයක් දරන කෙනෙක් නිසා රජයේ වාහනයක් අවභාවිතා වීම කිසිසේත්ම සිදුව නැති බවත් ඔහු කියා සිටී.

අනතුරට පත් වූ වාහනයේ සිටි අයට පහර දුන් අය, කඩු පොලු ගෙනා අය ගැනද පරීක්‍ෂණ කල යුතු බවත් රාජ්‍ය ඇමති එහිදී පැවසීය.

 

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *