සුජීව අගමැතිගේ පලු අරී – ඇමතිකමක් නැතුව කලකිරිලා

හාල්පාරුවන් පිරිසක් ඇමතිකම්වලට පත් කිරීම නිසා වැඩ කල හැකි අයට ඒ සදහා අවස්තාව අහිමි වී ගොස් ඇතැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ආණ්ඩුව බලයට පත් කලේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ රනිල් වික‍්‍රමසිංහ මහතා නොව තමන් වැනි තරුණයන් විශාල පිරිසක් විසින් කරන ලද සටනක ප‍්‍රතිඵලයක් ලෙස බවද ඔහු කියයි.

බලය ගත් පසු දක්‍ෂයන් සුදුසු තැන්වලට දමා වේගවත් ලෙස රට සංවර්ධනය කරනු ඇතැයි බලාපොරාත්තු වුවද එවැන්නක් සිදුව නැතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

පක්‍ෂය ගැන විශාල කලකිරීමක් ඇතත් පක්‍ෂය අත් නොහරින බවත් කෙසේ හෝ ඉදිරියට ගෙන ගොස් ජයග‍්‍රහණය කරවන බවත් ඔහු සදහන් කරයි.

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *