සුවය

කෙල්ලනේ පරිසමින් මේ දවස්වල ලෙඩ ගොඩයි

ඔබත් එකපාරටම ලෙඩ වෙන කෙනෙක්ද ? ඒකියන්නෙ වැස්සට පොඩ්ඩක් තෙමුනත් හෙම්බිරිස්සාව එහෙම හැදිලා උණ හැදෙනවද ? එහෙම නම් ඒකට ප්‍රධානම හේතුවක් වෙන්නෙ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමයි. එහෙම නම් කරන්න ඕන ඒක වැඩි කරගන්නට කටයුතු කරන එකයි. ඕනෑම දෙයක් දරා ගැනීම අතින් ගැහැණු අය පිරිමින්ට වඩා දියුණුයි. මෙතනදි ඔබේ ආහාර වේල බොහෝම වැදගත් වෙනවා. ආහාර වේලට එළවළු අවම වශයෙන් 2-3ක්වත් තියෙන එක වටිනවා. පලතුරුත් කන්න ඕන. හැබැයි වැඩියෙන්ම කන්න ඕන එළවළු කියල මතක තියාගන්න. ඒකියන්නෙ බත් කන ප්‍රමාණයටම කන්න ඕන දේ තමයි එළවළු. පලතුරු ඊට වඩා අඩුවෙන්. තමන්ගෙ ගෙදර හදන නැත්නම් ඕගනික් (කාබනික) ක්‍රමයට හදන එළවළු – පළතුරු නම් වඩාම හොදයි කෑම කන්නට. ඒවගේමයි මත්පැන් වගේම සිසිල් බීමත් පාලනය කරනව නම්. නොබී ඉන්න තරමට හොදයි. සිසිල් බීමත් ඇත්තටම ඇඟට ගුණ නැහැ. ව්‍යායාම දවසකට 2කට වරක්වත් කරනව නම් ඒකෙන් ශරීරයේ ක්‍රමවත් බව ඇති කෙරෙනවා. දවසකට වරක්වත් කිලෝමීටර් 2-3ක් ඇවිදින්න කටයුතු කරන්න. මේ කාලයේ වැඩිය ඉර එළියට නිරාවරණය නොවී ඉන්න බලන්න. ඒවගේම හමුවෙන අය නිසා තමන් හිතට පීඩනයන් ඇති කරගන්න එපා. හදිසියෙ ඔබට උණ තත්වයක් හෝ උණ ඇති වෙන තත්වයක් ආවොත් මේ දේ කරන්න. 1. කැස්ස ගතියක්/ සෙම තියෙනව නම් මඳ උණු – ලුණු වතුරින් උගුර හෝදන්න. දවසට 2-3ක්වත් කරන්න. මේ ක්‍රමය කිරීම මගින් උගුර ආශ්‍රිතව තියෙන පීඩාකාරි බැක්ටිරියා වර්ග ඉවත් කරන්න හේතු වෙනවා. අසනීප කාලයේම විශේෂයෙන්ම සෙම වගේ අසනීප තියෙන කාල වල කරන්න. අසනීපය සුව උනාට පසුව සතිකට 1-2 වතාවක් කරාම ඇති. දිනපතා කල යුතු නෑ. 2. පුලුවන් නම් රතුළූණු ගෙඩි 2-3ක් කන්න. රතුළූණු කියන්නෙ විෂබීජ නාශකයක්. එනිසා කෑම ඇඟට ගුණයි. මෙතනදි වැදගත් වෙන්නෙ රතුළූණු වල සැර මොලයට දැනෙන්නට කන එකයි. ඒකියන්නෙ ඔබට සෙම තියෙනව නම් සමහරවිට 2 හෝ 3 වෙනි ගෙඩිය කන විටයි සැර දැනෙන්නට පටන් ගන්නෙ. හොඳට හපලා කන්න එහෙමයි කරන්න ඕන. 3. ලෙඩ ගතිය දැනුනාම වෛද්‍යවරයෙක් ලවා බෙහෙත් ගන්න ඕන. ඒ ගන්න අතර කෑම තරමක්වත් කන්න බලන්න. කෑම කන්න අමාරු උනොත් ඔබේ ලෙඩේ සුව වෙන්න කල් යන්න පුලුවන් නිසා. මේ කරුණු කාරණා ගැන අවදානමත් වෙලා නිරෝගී දිවියක් ගත කරන්න ! lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
මේ සතිය ඔබට කොහොමද - මෙන්න විස්තර දැනගන්න

මේෂ කීර්ති ප්‍රශංසා ලබයි සාර්ථක වේ. සමාජසේවා කටයුතුවලින් කීර්ති ප්‍රශංසා ලබයි. දේශපාලන කටයුතුවල යෙදී සිටින අයෙක් වේ. නම්බු නාම ලැබේ. උරුම හිමිකම් අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් වීමට ශුභයි. ජය අංකය – 1, 2, 7, 4 ජය වර්ණ – සුදු, කහ, රෝස වෘෂභ දුර බැහැර ගමන් යෙදේ යාන වාහන මිලදී ගැනීමක් හෝ අලුත්වැඩියාවක් සඳහා මුදල් යොදවයි. අන්තිම කැමති පත්‍රයක් මගින් නිරායාසයෙන් දේපළක් හිමිවේ. දුර බැහැර විනෝද ගමන් යෙදේ. පොතපත හා කියවීමටද අවස්ථාව උදාවන අතර එයින් යහපත් ප්‍රතිඵලද අත්වේ. ජය අංක – 1,8,9 ජය වර්ණ – නිල්, රතු, රෝස මිථුන ආදායම් පහතට සාමාජිකයින් අතර කලකිරුණු ස්වාභාවයක් ඇතිවේ. ව්‍යාපාර රැකියා ආදියෙන් බලාපොරොත්තු ලෙස ආදායමක් හෝ දියුණුවක් නොලැබේ. තැන්පත් මුදලක් ණය ගනුදෙනුවක් සඳහා ඇපයට තැබීමක්ද සිදුවේ ජය අංක – 1,3,8 ජය වර්ණ – කොළ, රෝස, නිල් කටක අධ්‍යාපනයට ශුභයි අයහපත් ක්‍රියාකාරකම් හේතුවෙන් බලවත් ලෙස අපවාද චෝදනාවෙන් රහසිගත ගමනක් යෙදේ. පවුලේ වැඩිහිටි අයෙකු වෙනුවෙන් කාලයත් ධනයත් වැය කිරීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු සඳහා ශුභයි. දරුවෙකුගෙන් පී්‍රතිමත් ආරංචියක් ලැබේ. ජය අංක – 1,7 ජය වර්ණ – කොළ, රතු සිංහ හදිසි ධන ලාභ පී්‍රති උත්සව සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසේ. නිවසින් බැහැරව සිටීමට කටයුතු සැලසේ. සතියේ අග භාගය තුළ හදිසි ධන ලාභයක්ද හිමිවේ. ජය අංකය – 6 , 3 ජය වර්ණ – රතු, කහ කන්‍යා ලැබීම් තරමක් අඩුවේ ලැබීම තරමක් අඩු කරයි. දේපළ විකිණීමකින් පාඩුවක් සිදුවේ. මිය ගිය අයගෙන් ලැබෙන උරුම හිමිකම්වලට ශුභවේ ජය අංක – 2, 8 ජය වර්ණ – රෝස, කහ තුලා ආත්ම විශ්වාසය වැඩිවේ දූෂමාන ආරංචියක් හේතුවෙන් තමාට එල්ල වී තිබූ චෝදනාවකින් තමා නිවැරදිකරු ලෙසට ඔප්පු වේ. පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සිය වෙනදාට වඩා ශුභදායක වේ ජය අංක – 3, 9 ජය වර්ණ – කොළ වෘශ්චික විදේශගත වීම් සඳහා ශුභයි කලකෝලාහල ආදියට පැටලීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථා ඇති කරයි. රහසිගත සම්බන්ධතාද ඇති වන අතර එයින් බලවත් දෝෂාරෝපණ එල්ල වීමක් වේ. විදේශ ගතවීම සඳහා ඉතා ශුභයි. අදහස් ඉටුවේ. ජය අංක- 6, 3 ජය වර්ණ – කහ, සුදු ධනු හදිසි තුවාල පීඩා හදිසි තුවාල පීඩාවලට හේතු ඇත. සතුරු බලවේග බලවත්වේ. ඔවුනට ඔබගේද සහයෝගය ලබා ගැනීමක්ද පෙන්නුම් කරන අතර කපටිකම්වලට හසුවීමද සිදුවේ. ජය අංකය – 6 ජය වර්ණය – කොළ මකර ආවේගශීලී අදහස් මතු කරයි හිතවතුන්ද මුණ ගැසේ. හිතවත් අයගේ උදව් උපකාර නොඅඩුව හිමිවන මෙම සතිය තුළ අනුන්ට උපකාර කිරීමටද ඉදිරිපත් වේ. ආවේගශීලී අදහස් මතු කරයි. වැඩිහිටි අයකු වෙනුවෙන් කාලයත්, ධනයත් වැය කිරීමට සිදුවේ. ජය අංක – 7,5 ජය වර්ණ – රෝස, කොළ කුම්භ විදේශ ගමන් සඳහා ශුභයි සතුරු බලවේග එල්ල වේ. උකස් භාණ්ඩ නිදහස් කර ගැනීමට අවස්ථාව උදාවේ. තමා යටතෙහි වැඩ කරන අය තමාට විරුද්ධව කටයුතු කිරීම සිදුවේ. සුරතලයට ඇති කරන සතකුගෙන් පීඩාවක් ඇතිවේ. ජය අංකය – 6 ජය වර්ණ – රතු, මිශ්‍ර වර්ණ මීන ආදායම් තර වේ ආදරය වෙනුවෙන් කාලය වැය කරයි. මිතුරන් සමග විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතුවල යෙදීම සිදුවේ. එයින් අමතර වාසි අත්වේ. රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් ලබන ආදායම තරවේ. ජය අංක – 8, 2 ජය වර්ණ – රතු, සුදු lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
කේන්දරයෙන් පෙන්නුම් කරන ඔබට උරුම රැකියාව - අනාගතේ ඇත්ත දැනගන්න මෙන්න කියවන්න

ඕනෑම කේන්දරයක් 10 වැන්න ජන්මියාට උරුම රැුකියාව පිළිබඳ තොරතුරු හෙළි කරයි. දහවැන්නේ තැන්පත් ග‍්‍රහයාගේ බල දුබලතාව, ලබන දෘෂ්ටින්, ග‍්‍රහ සංයෝග, නැකත් අනුව රැුකියාව හෝ ව්‍යාපාරය, එහි ස්වභාවය, එහිලා ජන්මියාගේ දායකත්වය පිළිබඳ කරුණු එහි සටහන්ව තිබේ. රැුකියා ස්ථානය වූ දහවැන්නේ ග‍්‍රහ පිහිටීම නොමැත්තේ නම්, භාවාධිපතියා ඇසුරින් හෝ ආරූඨ ලග්නය මගින් අවශ්‍ය තොරතුරු මතුකරගත හැකිය. 10 වැන්න බලවත් කේන්දර හිමියාගේ ජීවිතය සියලූ යස ඉසුරින් සපිරුණු වාසනාවන්ත එකක් වීම වැළැක්විය නොහැකිය. රවී 10 වැන්නේ රාජ්‍ය අංශයේ උසස් රැුකියා උත්පාදනය කරයි. මේෂ රවියේ උපන් කටක ලග්න හිමියාට මයුරපාල යෝගය හිමි බැවින් උසස් නිලතල, රාජ්‍ය බලය යාන වාහන පහසුකම් සහිත රාජ්‍ය අංශයේ ඉහළම තලයේ රැුකියා ලැබීමේ වාසනාව හිමිය. වෘශ්චික ලග්න හිමියාට 10 වැන්න වූ සිංහ රාශියේ රවී ස්වක්ෂේත‍්‍ර බැවින් උපේන්ද්‍ර යෝගයට හිිමිකම් ලැබෙන අතර, රාජ්‍ය අංශයේ වගකීම් සහිත ප‍්‍රධානියෙක් වීමට එය වටිනා පිහිටීමකි. චන්ද්‍රයා දහයට ශුභයෙකි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැුකියා ඔවුන්ට හිමිවේ. වෙළෙ`ද ව්‍යාපාර සඳහාද 10 වැන්නේ චන්ද්‍රයා සිටීම යහපත්ය. සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාර සඳහා හොඳ පිහිටීමකි. සඳු බලවත්ව සිටී නම් ජ්‍යොතිෂය, ගුප්ත ශාස්ත‍්‍ර, යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ඉගෙනීමටත්, ඒවායින් ධනය ඉපැයීමටත් දක්ෂය. සිංහ හා තුලා ලග්න හිමියන් සස හා කුලීර යෝගයට හිමිකම් ලබන නිසා රැුකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් සාර්ථක ගමනක් යා හැකිය. කුජ දහවැන්නට ඉතා බලවත්ය. කුජ දහවැන්නේදී දිග් බලය හිමිකර ගනී. තමන්ගේ රැුකියාව හෝ ව්‍යාපාරය කුමක් වුවද සාර්ථකත්වයේ ගිහිපෙත්තට යාමට නිරතුරුව උත්සාහ කරති. ආරක්ෂක අංශයන්හි රකියා සඳහා 10 වැන්නේ කුජ පිහිටීම ඉතා අගනේය. කුජ බලවත්ව ශුභයන් විසින් දකී නම් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රවලරැුකියාවකන් ලබයි. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකුගේ 10 වැන්නේ කුජ උච්චව/ස්වක්ෂේත‍්‍රව (කටක, කුම්භ, මේෂ ලග්න හිමියන්* පිහිටා ඇත්නම් කුජ මහ දශා, අතුරු දශා කාලයේදී දේශපාලන දිවියේ ඉහළ තනතුරු හිමිකරගනී. වෘත්තියමය ක‍්‍රීඩකයන්ටද මෙය අගනා පිහිටීමකි. 10 වැන්නේ බලවත් කුජ ග‍්‍රහයා ශුභ දෘෂ්ටි හා ගුරු, බුධ සමග සංයෝග වී සිටී නම් කාර්මික අංශයේ රැුකියා සඳහා අවශ්‍ය කරන ශිල්පීන් බිහි කරයි. අධ්‍යාපනයෙන් ලබන රැුකියාවන්ට වඩා කාය ශක්තිය, උත්සාහය, කථිකත්වය මගින් රැුකියා උපයා ගැනීමට මොවුහු සමත් වෙති. වතු පාලකයන්, ඉඩම් හිමි වැවිලිකරුවන්, කාර්මිකයන්, ඉංජිනේරුවන්, ක‍්‍රීඩාභාර පාලකයන් කුජ බලවත් කේන්දර හිමියන්ගෙන් බිහි කරේ. බුධ දහවැන්නේ විවිධත්වයෙන් යුතු රැුකියා උරුම කරදෙයි. දැනුම, බුද්ධිය, ඥානය සපිරි පොත්පත් සම්බන්ධ රැුකියා, ව්‍යාපාර, ග‍්‍රන්ථකරණය, මාධ්‍ය ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත රැුකියාලාභීන් බුද දහවැන්නේ පිහිටි කේන්දර හිමියෝය. කන්‍යා හා ධනු ලග්න හිමියෝ කුජගේ දහවැන්නේ පිහිටීම මගින් භද්‍රා යෝගයටඋමරුමකම් ලබති. ඒ අනුව ඉහත කී වරප‍්‍රසාද හිමිකරගනිති. කන්‍යා ලග්න හිමියාගේ 10 වැන්නේ හෙවත් මිථුනයේ බුධ අමෘත යෝගය උදා කරයි. කුමන හෝ අධ්‍යාපනයක් නොලැබුවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති උපදේශන මට්ටමේ රැුකියාවක් සඳහා එවැන්නෝ සුදුසුකම් ලබති. ධනු ලග්නයෙන් ඉපිද බුධ කන්‍යාවෙහි හෙවත් 10 වැන්නේ නම් විදුරවි යෝගයෙන් ශුභඵල උදාකෙරේ. විවිධ විෂයයින්, විවිධ භාෂා පිළිබඳ පුළුල්දැනුම බුද්ධිය හා ඥානයට අදාල රැුකියා ක්ෂේත‍්‍ර හිමිකරුවෝ ඔවුහු වෙති. ග‍්‍රන්ථ කතෘවරු, ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රසිද්ධ පොත් ප‍්‍රකාශකයෝ, ප‍්‍රසිද්ධ පොත් වෙළෙඳසැල් හිමියෝ, බහුශ‍්‍රැත මහා ප`ඩිවරු 10 වන්නෙන් නිර්මිත විදුරවි යෝගයටහිමිකම් ඇත්තෝ වෙති. ගුරු හෙවත් බ‍්‍රහස්පති දහවැන්නේ බොහෝ ශුභඵල උදා කරයි. 10 වැන්නේ තැන්පත් ගුරුගේ මහා දශාව තරුණ වයසේ ලැබීමෙන් රජයේ ඉහළ තනතුරු හිමිවෙයි. ගුරු ඥානකාරක මෙන්ම ධනකාරක හෙයින් එම රැුකියා ඇසුරින් ධනය ලබයි. විවිධ වරප‍්‍රසාද හෙවත්, නිල වාහන, නිල නිවාස, නිල විදේශ ගමන් ඔවුනට හිමිය. වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, තාක්ෂණික විද්‍යාඥයන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, අමාත්‍යංශ ඉහළ නිලධාරීන් දහවැන්නේ ගුරු බලවත් අය වෙති. තුලා ලග්න හිමියන්ගේගුරු කටකයේ හෙවත් 10 වැන්නේ පිහිටීම ජයසිඳු යෝගයට හිමි ශිල්ප ශාස්ත‍්‍රාදියට සම්බන්ධ උසස් අධ්‍යාපනය වෘත්තිකයන්, ජනප‍්‍රිය ටියුෂන් ගුරුවරුන් බිහි කරවන්නෙකි. තැන්පත් ධනයක් හෝ උපයාගත් ධනයක් යොදවා ප‍්‍රතිලාභ ලබන රැුකියාවකට උරුමකම් ලබයි. මීන ලග්න හිමියන්ට ගුරු 10 වැන්නේ සහිතවීම භූමිපාල යොග්ය උදා කරවීය. රාජ්‍ය අංශයේ, විශේෂයෙන් මූල්‍ය ක්ෂේත‍්‍රයේ රැුකියා අවස්ථා ඔවුනට හිමිය. උසස් නිලතල ලැබුණ ද නිහතමානී ලෙස විඳ දරා ගනිමින් සමාජය තුළ කතාබහට ලක්වන පුද්ගලයෝ වෙති. ග‍්‍රහ ලොව සුරතලිය වශයෙන් හඳුන්වන සිකුරු දහවැන්නේ නම් ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික ව්‍යාපාර සඳහා හොඳ පිහිටීමකි. අමාත්‍යංශ ලේකම්වරු, විදෙස් සේවා නිලධාරීන්, රංගන ශිල්පීන්, දක්ෂ සංගීතඥයන් දක්ෂ නළු නිළියන්, රූපලාවන්‍ය විශේෂඥයන්, මෝස්තර ශිල්පීන් එවැනි ව්‍යාපාර ඵහිමියන් සිකුරු 10 වැන්නේ බලවත් වූවෝ වෙති. මිථුන ලග්න හිමියාගේ දහවැන්න හෙවත් මීන රාශිගත සිකුරු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රැුකියා අධ්‍යාපනය අංශයේ උපදේශය රැුකියා ලබාදෙන්නේ මහෞෂධ යෝගයේ බල මහිමයෙනි. රූපලාවන්‍ය ආශ‍්‍රිත රැුකිය හා ව්‍යාපාර මගින් සිකුරු දහය හිමියන්ට වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකිය. සාර්ථක හවුල් ව්‍යාපාර සඳහා යහපත් පිහිටීමකි. මේෂ, වෘෂභ, මකර ලග්න හිමියන්ට ශනි 10 වැන්නේ සිටීම ශුභඵල උදා කරවන්නෙකි. දහවැන්නේ ශනි සේනක, ශ‍්‍රී කාන්තා, ජය යෝග උදා කරයි. ඉතිරි කරගැනීම්, ආයෝජන කිරීමට අදාළ ව්‍යාපාරවලින් ජය ලබයි. පොලීකරුවන් විශේෂයෙන් ගිනිපොලිකරුවන් ආයතනයන්හි රැුකී රක්ෂා, ආගමික ආයතනයන්හි රැුකියා අවස්ථා ඔවුනට හිමිය. ශන දහවැන්නේ බලවත්ව කුජ බුධ, ගුරු, ශුභ දෘෂ්ටි ලැබ රවීගෙන් පෝෂණය වූ කේන්දර හිමියන්ට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළ රැුකියා උරුමවන අතර, බල දුබලතාවයේ ප‍්‍රමාණය අනුව, වෛද්‍යවරයා, රසායනාගාර ශිල්පියා, ඖෂධවේදියා, හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් වැනි විවිධ තනතුරු හිමි වේ. කම්කරු නිලධාරීන් වෘත්තිය සමිති නායකයන් බිහි කිරීමේ ශක්තියද සෙනසුරු ග‍්‍රහයාසතුය. රාහු හා කේතු ඡුායා ග‍්‍රහයෝ වුවද, දහවැන්නේ තැන්පත් වීමෙන් ශුභ අශුභ ඵල උදා කරයි. රාහු බලවත්ව දහයේ සිටීම දේශපාලනඥයන්ට මෙන්ම දේශපාලන කටයුතුවලට ද, සංචාරක ව්‍යාපාරවලට හා ඒ ආශ‍්‍රිත රැුකියාලාභීන්ටද ශුභය. රාහු සහ කේතු ප‍්‍රබලව(උච්ච ස්වක්ෂේත‍්‍රව* දහවැන්නේ ග‍්‍රහයන් සමග සම්බන්ධ වීම එම ග‍්‍රහයන්ගේ ශුභඵල වැඩි කරවන්නෙකි. කරන කියන රැුකී රක්ෂාදියෙහි දිවා රාත‍්‍රී වෙහෙස නොබලා කටයුතු කිරීම, අධ්‍යාපන කටයුතුවල නියුක්ත වූවන් උසස් අධ්‍යාපනික කටයුතු සඳහා සහායවීම මෙම ග‍්‍රහයන් දෙදෙනා විසින් සිදුකෙරේ. භාෂා විශාරදයන්, මානසික වෛද්‍යවරුන් සමාජයට දායාද කිරීමට ද රාහු හා කේතු සමත් වේ. රාහු හා කේතු දුබලව 10 වැන්නේ සිටීම ඉහත කී ප‍්‍රතිඵල හීන කරවන්නක් වන අතර, එසේ සිදුවන්නේ එම ග‍්‍රහයන්ගේ මහදශා, අතුරු දශා කාලවලදී බැවින් එම කේන්දර හා කාලවකවානු හිමියන් පූර්ව සූදානමකින් හෝ සුදුසු ප‍්‍රතිකර්ම මගින් ඒවා මගහරවා ගැනීම වටී. ජ්‍යෙතිර්වේදී විසුර රත්නායක 0763125799 lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
වාසනාව උපද්දන මුළුතැන්ගෙයක් හදන්නේ මෙහෙමයි

මුළුතැන්ගෙයක් නිවැරදිව සකස්විය යුත්තේ කෙසේද? වාස්තු විද්‍යානුකූලව නිවසේ වැදගත්ම තැනක් හිමිවන ස්ථානයක් ලෙස මුළුතැන්ගෙය හැඳින්විය හැකියි. නිවසේ වැඩිම කාලයක් අවදිව සිටින කෙනා බවට පත්වන්නේ ගෘහණියයි. එමෙන්ම එම ගෟහණියට අයත් ප‍්‍රධානතම ස්ථානය වන්නේ ද මුළුතැන්ගෙයයි. පුරාණ ජ්‍යෙතිෂ්‍යය හා වාස්තු විද්‍යාවට අනුව ගෙදර ගෘහණිය යනු ශක්ති දෙවඟනයි. ගෙදර මුළුතැන්ගෙයි නිවැරැුදිව ආහාර පිසීමට හැකි නම් ගෙදර සියලූදෙනාගේනිරෝගී සුවය ආරක්ෂා වෙයි. එසේ වීමට නම් ගෙදර ගෘහණියද නිරෝගීමත්ව සිටිය යුතුයි. බොහෝවිට මුළුතැන්ගෙයි පවතින ගැටලූ නිසා ගෙදර ගෘහණියට තද රෝග පීඩා උදාවන අයුරු දැකිය හැකිය. ගෙදරක මුළුතැන්ගෙයක් පිහිිටුවිය යුතු ප‍්‍රධානතම දිශාව වන්නේ ගිනිකොන දිශාවයි. එසේ නොහැකි අවස්ථාවක මුළුතැන්ගෙය නිවසේ වයඹ දෙස පිහිටුවිය හැකිය. වෙනත් කිසිදු දිශාවක් මුළුතැන්ගෙය ස`දහා සුදුසු නොවේ. උතුරේ මුළුතැන්ගෙය නිවැසියන්ට කේන්තිය, ගෘහමූලිකයාට වෘත්තීයමය බාධා ගෙනදෙයි. ඊසාන දෙස දරුවන්ට අපල, අධ්‍යාපනික බාධා, දරුවන් අහිමිවීම, නැගෙනහිර දිශාව ගෙදර සාමයට බාධා,ලෙඩරෝග අධික වීම ඇති කරයි. දකුණු දිශාව ගෘහණියගේ සතුටට බාධා ගෙනදෙයි. ආර්ථිකයට බාධා එල්ල කරයි. නිරිත දෙස මුළුතැන්ගෙය පිහිටීම සියලූම ආකාරයෙන් අසුබ පල උදාකරනු ඇත. ආර්ථික බාධා, විවාහ ගැටලූ, දික්කසාද වීම්, ගෘහමූලිකයාගේ රැුකියා අහිමි වීම්, ඉතිරිය නොමැති වීම ආදී බොහෝ ව්‍යසන සිදුකරයි. බටහිර දෙස මුළුතැන්ගෙය සමෘද්ධියට බාධා මෙන්ම, ගුප්ත අසනීපවලට හේතු යෙදේ. දරුවන් මවුපියන් අතර ගැටලූ ඇති කරයි. එමෙන්ම ගිනිකොන වයඹ හැර සෙසු සෑම දිශාවකදීම මුලිකව ගෘහණියන්ටත් ඇතැම්විට නිවෙසේ ග‍්‍රහබලය දුර්වල වෙනත් සාමාජිකයෙකුටත් මානසික පීඩා උදාකරයි. සෞඛ්‍ය පීඩා ඇති කරයි. ගිනිකොන දිශාව මුළුතැන්ගෙයට සුබම දිශාව බව එ් අනුව පෙනී යයි. එහෙත් එහිදීද මුළුතැන්ගෙය සකස් විය යුතු ආකාරය පිළිබ`දව දැනුවත් වීම ඉතාම වටී. මුළුතැන්ගෙය මධ්‍යයේ මාලිමාව තබාගෙන එහි නිවැරැුදි දිශා හඳුනාගත යුතුයි. එ් අනුව මුළුතැන්ගෙයි ප‍්‍රධානතම අංශය වන ළිප හෝ පෝරණුව පිහිටුවා ගත යුත්තේ එහි ගිනිකොන දිශාවේය. එහිදී නැගෙනහිර හෝ දකුණු දිශාව බලා ළිප ගිනි දැල්වීම වඩාත් යෝග්‍යයි. එමෙන්ම ළිප අසලම ජල කරාම පිහිටුවීම සුබ නැත. එවිට ”ගිනි ජල” ගැටුම් නිර්මාණ වෙයි. ගෙදර අයට මානසික පීඩා ගෙන දෙයි. ජලය තැබිය යුතු හොඳම ස්ථානය වන්නේ ඊසාන දිශාවයි. එ් අනුව ගිනිකොන දිශාවේ පිහිටි ළිපත් ඊසාන දිශාවේ පිහිටි ජල කරාමයත් අතර නැගෙනහිර දිශාවට වන ලෙස ජනේලයක් පිහිටුවා ගැනීම කළ හැකිය. එමෙන්ම දකුණ, නිරිත, බස්නාහිර යන දිශාවලට පිහිටන ලෙස බිත්ති අල්මාරි, පැන්ටි‍්‍රකබඞ්, (අටල්ල* සකස් කරගත හැකියි. එහිදී දකුණ නිරිත ප‍්‍රදේශයේ ධාන්‍ය වර්ග, ආහාර වර්ග ගබඩා කරන අතර, බටහිර දෙසට තුනපහ වර්ග, යකඩ භාජන තබාගත හැකිය. මුළුතැන්ගෙයට බටහිර බිත්තියෙන් හෝ උතුරු බිත්තියෙන් ඇතුළු වීමට දොර දමා ගැනීම සුබයි. එහිදීද, උතුරු බිත්තිය වඩාත් සුබවනු ඇත. කෙසේ වෙතත් බිත්තියක් මුල්ලෙන්ම දොර තැබීමද එතරම් යෝග්‍ය නොවේ. මුළුතැන්ගෙයි බටහිර, වයඹ දෙස ශීතකරණය පිහිටුවා ගත හැකියි. අතුගෑමට ගන්නා කොසු ආදිය වයඹ දෙස තැබීම ඉතා යෝග්‍යයි. එමෙන්ම මුළුතැන්ගෙයි කපන කොටන ද්‍රව්‍යවලින් ඉතිරිවන අපද්‍රව්‍ය නැගෙනහිර මගහැර එතැන් සිට ගිනිකොන දෙසටත් ගිනිකොන, දකුණ අතරත් පැවතිම ඉතා සුබයි. බොහෝවිට මුළුතැන්ගෙයි පිටවීමට දොරක් තැබිය යුතුයි. එසේ මුළුතැන්ගෙයින් නිවෙසින් පිටට යන දොර නැගෙනහිර බිත්තියෙන් තබනවාට වඩා දකුණු දිශාවේ බිත්තියෙන් තැබීම ඉතා යෝග්‍යයි. සෑම දොරක්ම දක්ෂිණාවෘතව විවෘත කරගත යුතුයි. එනම් දොර විවෘත කරන විට දොර පියන දකුණට (ඔරලෝසු කටු කැරකෙන අතට* කැරකිය යුතුයි. එම එළියට බහින දොරෙන් කිසිවිටකත් නිවෙසේ ප‍්‍රධාන දොර නොපෙනිය යුතුයි. එමෙන්ම ඉදිරිපස ජනේලයක් හෝ නොපෙනෙන ලෙස සකස් කරගැනීම වඩාත් යහපත් වනු ඇත. කැපීමට යොදාගන්නා පිහි ගිනිකොන, දකුණ, නිරිත තබාගැනීම යෝග්‍යයි. නිතර මුළුතැන්ගෙය පිරිසිදුව තබාගැනීමට ද උනන්දු විය යුතුයි. මුළුතැන්ගෙයි පවතින පිරිසුදු බව පවුලේ සාමාජිකයන්ගේ නිරෝගී බවට, දියුණුවට ප‍්‍රධාන හේතුවක් වනු ඇත. මේ අයුරින් පවතින මුළුතැන්ගෙය නිවෙසට සිරිකත, සෞභාග්‍ය උදාකරන ස්ථානයක් බව අමතක නොකළ යුතුයි. මේ ආකාරයටසිදුකිරීමට නොහැකි වුවත් මෙයින් හැකිතාක් සිදුකරගැනීමෙන් වඩා යහපතක් වනු ඇත. ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී වාස්තු විද්‍යාඥ කැලූම් ගුණතිලක 0766765353 lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
අඹුසැමි සතුටට ජිවය දෙන හද පිනවන සතුට ගෙනෙන අමුක්කරා

මිනිස් සිරුරේ නාඩි පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනය වන එහි ශක්තිය වැඩෙන ආයුර්වේද ඖෂධ බොහොමයකට යොදා ගැනෙන අමුක්කරා පැළෑටියේ පංචාගයේම ඔසු ගුණ පිරි පවතී. දෙමළ බසින් අමුක්කිරා ලෙස හඳුන්වන මෙම බෙහෙත් පැළෑටිය ලංකාව ඉන්දියාව මෙන්ම මධ්‍යධරණී සහ සමසීත කලාපයේ රටවල හොඳින් වැඩෙයි. අමුක්කරා හි ගුණ පිළිබඳව විමසා බැලීමේදී පැළෑටියේ මුල්වල නාඩි ශක්තිමත් වන ගුණය හා වාජිකරණ ගුණයද පවතී.මෙයින් කුසගින්න වැඩිවේ. මළ බද්ධය නැතිවෙයි. හෘදයට හිතකරය. ලේ පිරිසිදු වෙයි. සෙම සහ ඇදුම නැසෙයි.පෘෂ්ටිමත් වේ. අමුක්කරා පත්‍ර උණ රෝග සඳහා යෙදෙන අතර ඵල මුත්‍රකාරක ඔසුවක් ලෙස භාවිත වෙයි. බටු පවුලට අයත් මෙම ඖෂධ පැළෑටියේ බීජ පහසුවෙන් පැල කර ගත හැකිය. පැසුණු රක්ත වර්ණ ඵල නෙලාගෙන මද අවුවේ වෙලා බිජ වෙන්කරගෙන ඉතා හොදින් සෝදා ජීවානුහරණය කරන ලද තවාන් වල අතුරා පැල මතුවූ පසු වැසුම් ඉවත්කර පාත්තිවල සිටුවිය හැකිය. අමුක්කරා මුල් නොහොත් අල මේරීමට වර්ෂයක් පමණ ගතවෙයි. lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
හිත "ශ්‍රමණ" නැති ශ්‍රමණ ලිංගය පමණක් ඇති ඇත්තන්ගෙන් ප්‍රවේසම් වන්න - තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ බණ පද

පුංචි කාලේ ඉඳලම මට තිබුණා මහා බරපතළ ප්‍රශ්නයක්. ඔන්න මේකයි . අපේ ගමේ පන්සලේ ලොකු සාදු පෙරවාගෙන හිටියේ තද මෙරුන් පාට කළු පාටට හුරු සිවුරක්. පොඩි සාදු පෙරවන් හිටියේ පාට පෙට්ටියේ තැඹිලි පාටේ පාටට සිවුරක්. එතකොට සිල් මෑණියෝ පෙරවන් හිටියේ ඇහැළ මලේ පාට සිවුරක්. මාසෙකට වතාවක් ගමට පිඬුසිඟා වඩින හාමුදුරුවෝ පෙරවන් හිටියේ කෝපි පාට සිවුරක්… ඇයි අම්මේ… එහෙම පාට පාට සිවුරු පෙරවන්නේ….? ඒ එක එක නිකායවල්වලට තෝරාගෙන තියෙන පාට. ඕක තමයි අම්මා දීපු උත්තරේ. හැබැයි මට ඒ නිකාය කියන වචනේ හරියටම තේරුණේ අටේ නමයේ පන්තිවලදී, තිබුණේ අර මල්වතු අස්ගිරි පාර්ශ්ව කියලා එකක්. එහෙම, අර උපසම්පදා, කර්මය පිහිටුවා ගත්තා කියලා ආන්න එතකොට තමයි මට කාරණා තේරුණේ. ඒත් හාමුදුරුවනේ තවමත් නොතේරෙන, ලිහාගන්න බැරිවුණ තැනක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ උන්වහන්සේත් මෙහෙම පාට බෙදාගෙන නිකාය වර්ග කරගෙන හිටියද? අපි පැවිදිවෙන්නෙම සබ්බ නිස්සරණ කියලනෙ. ඒ කියන්නේ මොකක්ද ” බුදුහාමුදුරුවොත් නිවන කියන මාර්ගය හොයාගත්තා, අපිත් ඒ මාර්ගය අනුගමනය කරනවා කියලනේ. අපි අනිත් දෘෂ්ටි අත්හරිනවා, අපි බුදුුහාමුදුරුවන්ගේ අදහසට එනවා, මජ්¿ධිම පටිපදාවට එනවා මධ්‍යස්ථ මනසක් හදාගන්නවා කියලනේ.” එතකොට ඒ පරම පිවිතුරු යථාර්ථය ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස බෙදාහරින්න බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක්ම පුදුම මහන්සියක් අරගත්තේ. ෆේස් බුක් තිබුණේ නෑ, යූ ටියුබ් තිබුණේ නෑ. ඒ නිසා උන්වහන්සේට ගමින් ගමට ගමින් ගමට ගිහිල්ලා තමන්ගේ අදහස එහෙම තමයි සමාජ ගත කළේ. එහෙම තමයි සමාජ සම්මත කළේ. ඒක ලොකු අරගලයක්. එතකොට ඒ අරගලය ඇතුළේ තියෙන ප්‍රධානම එකක් තමයි ඉන්දියාවේ මිනිස්සුන්ව බෙදාගෙන වර්ග කරගෙන හිටපු මිමි වෙනස් කරන එක. මොකද ඉන්දියාවේ මිනිස්සු කුලවලින් බෙදාගෙන හිටියේ. එතකොට බ්‍රාහ්මණ කුලයේ අය කිව්වා ඒ ගොල්ලෝ තමයි සුපිරි පැළැන්තිය, එයාලා දායාද වුණේ බ්‍රහ්මයගේ ඔළුවෙන් කියලා. එතකොට ශුද්‍රයෝ බ්‍රහ්මයගේ යටිපතුල්වලින්, උරහිස් වලින්, කලවෙන් කියලා ඔහොම මිනිස්සුන්ව උස් පහත් හැටියට වර්ග කරගෙන තමයි හිටියේ. එතකොට අර බ්‍රාහ්මණයෝ නාන වතුර තමයි ඊළඟට උසස් එක්කෙනා නාන්නේ එයා නාන වතුර ඊටපස්සේ උසස් එක්කෙනාට… ඔහොම ඔහොම අන්තිමට කුණු වතුර ටික නාන්නේ ශුද්‍රයා කියලා හංවඩු ගහපු කට්ටිය. මේක අදටත් ඉන්දියාවේ තියෙනවා. මේ කුල ප්‍රශ්නේ උපරිම තියෙනවා. ඉතිං ඕකත් එක්ක බුදුහාමුදුරුවෝ දැඩිව ඒ මතය හෙළා දැක්කා, බැහැර කරලා දැම්මා. බ්‍රාහ්මණයට බල්ලෝ කියලා කතා කළා. එහෙම මිනිස්සු බෙදලා වෙන් කරලා සළකන නිසා. බුදු හාමුදුරුවෝ දේශනා කළේ මේකයි, කවදාවත් මනුස්සයෝ උත්පත්තියෙන්, කුලයෙන් බෙදන්න බෑ. උපතින් මනුස්සයෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නෑ, වසලයෙක් වෙන්නෙත් නෑ, ඉතිං බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද තමන් කරන ක්‍රියාව මත, තමන් සිතන විදිය මත තමන් වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියන දේ තීරණය වෙනවා. එහෙමයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට අපි කියමු දැන් මල්වත්ත හරි අස්ගිරියේ හරි වෙන නිකායක හරි නායක හාමුදුරු කෙනෙක් කියනවා නං මේක කරාවෙද දුරාවෙද, මේක අපේ පංතියේද කියලා බලලා තමයි මහණ කරගන්නේ කියලා එතකොට එයා ඒ චින්තනයෙන්ම මොකෙක්ද ? ස්ථිරවම වසලයෙක්. බුදුහාමුදුරුවොන්ගේ වචනයෙන්ම කිව්වොත් හද්ද වසලයෙක්. ඒ මොකද ඒ, එහෙම කිව්වේ ඇයි ? ඒ එහෙම කුල පංති ගැන කියන හොයන තෝරන උදවිය චීවරය දරාගෙන ඉන්නේ කව්රු නිසාද බුදුරාජාණන් වහන්සේ නිසා. එයාට මිනිස්සු ගෞරව කරන්නේ, වන්දනා කරන්නේ, දාන මාන ගේන්නෙ කව්රු නිසාද, බුදුහාමුදුරුවෝ ඒ ගෞරවය භික්ෂුවට ලබාදීපු නිසා. එතකොට ඒ බුදුහාමුදුරුවන්ව සිහිකරගෙන ඒ භික්ෂුන්ට දෙන දානෙත් කාලා, බුදුහාමුදුරුවන්ගෙන්ම සම්පූර්ණයෙන්ම යැපිලා, බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට ඒක උඩටම මලපහ කරන එකෙක් තමයි මහ නායක හාමුදුරුවරු කියන්නේ. ඒ ඇයි මම එහෙම කියන්නේ, බුදු හාමුදුරුවෝ අවුරුදු හතළිස් පහක් ගත්ත මහා බුද්ධ ආඥාව මේ මහානායක හාමුදුරුවරු කුලය වෙනුවෙන් පාවා දෙනවා. එතකොට ඒ මහානායක කියන චරිතයේ බුදුහාමුදුරුවන්ට අල්ප මාත්‍රයකවත් ගරු කිරීමක් තිබිලද, අවුරුදු හතළිස් පහක් පුරාම බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මිනිස්සුන්ට මනස පිරිසිදු කරගන්න, හිත හදාගන්න. අන්න ඒ අනුශාසනාව අනුගමනය කරන බුද්ධ පුත්‍රයයි උසස්. මනුස්සයෙක් හිත පිරිසිදු වෙන මට්ටමයි උසස් වෙන්නේ, හිත අපිරිසිදු වෙන මට්ටමයි පහත් වෙන්නේ මිසක්, එයාට උත්පත්තියෙන් ලැබෙන මොකක්වත් මත උස් පහත් නම් තීරණය වෙන්නේ නෑ. ඒ වෙනුවෙට දැන් මේ නිකාය බෙදාගෙන චීවරයක් පොරවාගෙන නිකාය බෙදාගෙන චීවරයක් පොරවාගෙන නායක කියන අය මොනවද මේ ශාසනයට කරන්නේ, “උත්පත්තියෙන් ගොවිගම නං ආං එන්න අපි මහණ කරන්නං, උත්පත්තියෙන්, මේකේ නං මේකේ මහණ කරන්නං, අරකේ නං ඒකේ මහණ කරන්නං” එතකොට මං අහනවා, දැං උත්පත්තියෙන් එක. කුලයකටත් නැති එකෙක් එනවා බුද්ධ ශාසනයේ මහණ වෙන්න, ජීවිතය අවබෝධ කරන්න, එතකොට ඒකා මොහොකෙද මහණ කරන්නේ? ඒකගේ අම්මයි තාත්තයි මැරිලා පාරේ දාලා ගිහිල්ලා හිටපු එකෙක්. දැං ඒකගේ කුලේ කොහොමද හොයන්නේ? එතකොට අපි කොච්චර මේ ගැන කතා කළත්, ලංකාවේ නායක හාමුදුරුවරු මේ බුද්ධ ශාසනයට කුලය කියන එක ගාවගෙනමයි ඉන්නේ. මගෙනුත් අහලා තියෙනවා. “ඔයා මොකක්ද ?” එතකොට පැවිදි කළාට පස්සේ කුලය අයින් වෙනවනේ, එතකොට අහන්නේ “මොන නිකායෙද” මොන පාර්ශ්වයෙද” ආන්න ඒවට තමයි ඊට පස්සේ සලකන්නේ. ඒක, හරියට අර වයර් එකක් ඇතුළේ කරන්ට් එකක් යනකොට අපිට පෙන්නේ නෑ වගේ වයසට යන්ඩ යන්ඩ ඒ මතය නායක හාමුදුරුවන්ගේ වැඩියෙන් වැඩකරනවා. දැං ඒ මහ නායක හාමුදුරුවෝ අනුගමනය කරන දායකයොන්ගෙත් ඊට පස්සේ ඔළුවලට ඒක වැඩ කරනවා. ඇයි ඒ එහෙම වෙන්නේ. ප්‍රතිපත්ති පූජාව පුරලා නෑ. මොකක්ද? එයා ශාසනයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නෙවෙයි පිළිපැද්දේ, අනුගමනය කළේ, එයා අනිත් ඔක්කෝම ටික කරලා, හැබැයි, බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරලා ඒ තුළින් ධර්මාවබෝධයට පත්වෙලා නෑ. දැං එයාගේ හිත හයිය නෑ. මොකද එයා වීවරය දරාගත්තු අභිප්‍රාය එයා සාර්ථක කරගත්තේ නෑ. ඒ වෙනුවට එතනත් එයා භෞතික විසිතුරු ලෝකයක් හදාගත්තා. දැං තමන් නියම බුද්ධ පුත්‍රයෙක්ගේ මාර්ගයේ නෑ කියලා ලෝකයට වසං කරන්න එයා මොකද කරන්නේ, ජාතිය, කුලය, උපාධිය, විහාර භූමියේ අයිතිය, විහාරාධිපති පට්ටම, තමයි ඒ අඩුව වහගන්න එයා භාවිත කරන්නේ. ඒ වහගන්න හදන්නේ මොන අඩුවද? සතිපට්ඨානය වඩලා හිත හදාගත්තේ නැති අඩුව තමයි ඒ එහෙම වහන්න දඟලන්නේ. අපි කියමු යම් හාමුදුරුනමක් බුදුහාමුදුරුවෝ ඒ දේශනා කරපු ආකාරයට සතිපට්ඨානය වඩලා, “සේලෝ යථෝ ඒක ඝණෝ” හිත ගලක් වගේ හදාගෙන, තියේනං එයාට ඔය කුලයක, නිකායක ප්‍රශ්නයක් එයිද? එහෙනං හොඳට හිතේ තියාගන්න, ඔය කුලය, නිකාය ගැන හිතන හැම හාමුදුරුවරු කෙනෙක්ම බුදු හාමුදුරුවන්ගේ දර්ශනය අබමල් රේණුවක් තරම්වත් දැන්නැති හිස් මනුස්සයෙක්. හිස්ම හිස් මනුස්සයෙක්. වර්තමානය පිරිච්ච මනුස්සයෙක්ට කවදාවත් ඒ වාගේ බොල් දේවල් උවමනා නෑ. වර්තමානය පිරිලා කිව්වේ, සතිපට්ඨානය වඩපු මනුස්සයාට වර්තමානය පිරිලා තියෙන්නේ, සාක්ෂාත් කරලයි තියෙන්නේ. ඒ නිසා මේ නිකාය බෙදාගෙන කුල බලලා මහණ කරන එක ඇත්තටම ඛේදනීය තත්ත්වයක්. ලෝකයේ ඕනෑම තැනක මමත්වයක් එක්ක බෙදීම් තියෙනවා. එංගලන්තෙට ගියත් ඒ රටෙත් විවිධ බෙදීම් තියෙනවා. රස්සාව කරන තැනක් විවිධ බෙදීම් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ කවුරුහරි කෙනෙක් ඇවිල්ලා මහණ වෙනවද, බුදු හාමුදුරුවන්ට ඒ කව්ද කුලය මොකක්ද අදාළත්වයක් ඇත්තේම නෑ. උන්වහන්සේ සුනීත මහණ කළා. ශුද්‍ර කුලයේ, සෝපාක මහණ කළා. අනාථයෙක්, රජ්ජුමාලා මහණ කළා දාසියක්. ඊළඟට බ්‍රාහ්මණ කුලයේ අය මහණ කළා. සැරියුත් මුගලන්, ඒ ඔක්කෝම මහණ කළාට පස්සේ, බුදු හාමුදුරුවන්ගේ ශාසනයේ, “ඒ නාම ගොත්ථං අහෝසි” ඒ නම් ගොත් පට්ටන්තර සේරම අහෝසියි. දැන් තියෙන්නේ එකම නමයි. මොකක්ද “ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර” බුදු හාමුදුරුවෝ ඕකට ලස්සන උපමාවක් කියනවා. “ගංගා , මගී, සරභූ කියන ගංගාවල් මුහුදට වැටෙනවා. මුහුදට වැටෙනකංම ඒ ගංගාවල්වල නං වලින් තමයි ඒවා හඳුන්වන්නේ. හැබැයි මුහුදට වැටුණට පස්සේ, ඒ ඔක්කොම කරදිය. මුහුදු වතුර විතරයි. දැං මේ ගංගා නදිය වගේ තමයි අපේ හාමුදුරුවරු, උඹලා ගොවිගමද,අරගමද මේ ගමද කියලා… බෙදාගෙන ඉන්නේ, මේ අය තාම ගලාගෙන ඇවිත් මුහුදට කියන බුද්ධ දර්ශනයට එකතු වෙලා නෑ. තාම සිවුරු දාගත්ත ගිහියෙක්. තාමත් ඒ ඇත්තෝ ගංගානම් නදියෙන් කුළල් කනවා. ඇත්තටම ඔවුන් මුහුදට වැටුණේ නම් ඔවුන් එදාට “ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර” බුදුහාමුදුරුවෝ වරක් කියනවා “න මුණ්ඩකේණ ශ්‍රමණෝ” හිස මුඩු කළාට මහණෙක් වෙන්නේ නෑ. සිවුරු දැරුවට මහණෙක් වෙන්නේ නෑ. ඉතිං එයා තවම ඉන්නේ ගංගා නම් නදියේ, ගංගානං නදියට මුහුදු ජලය වෙන්න අවසර නෑ. අවසර තියෙන්නේ මෝය කටින් එළියට වැටුණට පස්සෙයි. ඒ කිව්වේ, බුද්ධ දර්ශනය සැබෑ ලෙසම අවබෝධ කළාට පස්සෙයි. ආන්න එදාට ගංගා නම් නදියට කුළල් කකා ඉන්නේ නැතිව සද්ධර්මය නැමති මහා සාගරේ රසය ඔහුට වැටහේවි අනුපමා ගල්කඩවල

Read more
ලග්න දොළහටම හොඳට හොඳ සතියක්

මේෂ විශේෂ දියුණුවක් ලැබේ දුරදිග නොබලා කරන ගනුදෙනුවකින් බලවත් පාඩුවක් සිදු කරගනී. විදේශ ගතවූ හිතවතකු නිවසට පැමිණේ. රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් දක්නට ලැබේ. උසස් වීම් සඳහා ඉල්ලුම් කිරීමට ශුභ දායකයි ජය අංක – 1,7,9 ජය වර්ණ – සුදු, රතු, රෝස ——————————————– වෘෂභ ප්‍රේමාන්විත ආරාධනා අයහපත් මිතුරු ඇසුරක් නිසා ආත්ම ගෞරවයට හානි සිදුවන අන්දමේ කටයුතු සිදුවේ. රැකියා ව්‍යාපාර කටයුතුවල අවුල් සහගත බවක් ඇතිවේ. පුරුෂයින්ට ස්ත්‍රීන්ගෙන්ද ස්ත්‍රීන්ට පුරුෂයින්ගෙන්ද ප්‍රේමාන්විත ආරාධනා ලැබේ. ශුභ අංකය – 8 ශුභ වර්ණය – නිල් —————————————— මිථුන ව්‍යාපාරවල දියුණුවක් ප්‍රියජනක මිතුරු ඇසුරක් ලබයි. ආදරය පිළිබඳව පිරිසිදු අදහස් මතු වේ. රහසිගත සබඳතා සමග රහසිගත ගමන්ද යෙදෙනු ඇත. රැකියා ව්‍යාපාර කටයුතුවල විශේෂ දියුණුවක් ලැබෙයි. ජය අංක – 2, 3 ජය වර්ණ – කොළ, රතු ——————————————- කටක පවුලේ සමගිය ඇතිකරයි නව නිවසක පදිංචි වීම හෝ නව නිවෙසක් මිලයට ගැනීමක් සිදුවේ. පවුලේ සමගිය සමාදානය ඇති කරයි. විවාහ සහකරුගේ අනිසි ක්‍රියාවක් හේතුවෙන් මිතුරකු සතුරු වනු ඇත. ජය අංක – 4, 7 ජය වර්ණ – සුදු, රතු ——————————— සිංහ මිල මුදල් ලැබීම යහපත්ය තමාගේ උදව් පතා පැමිණෙන අයට ඔවුන්ගේ සිතැඟි පරිදි උදව් උපකාර කිරීමට ඉදිරිපත් වේ. අනුන්ගේ බර තම කරට ගෙන ක්‍රියා කරන අතර ඔවුන්ගෙන්ද නොඅඩුව ගෞරව ආදරය ලබනු ඇත. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. ජය අංකය – 6 ජය වර්ණය – රතු ———————————- කන්‍යා කන්නස්සල්ලක් ඇති කරයි දෝෂාරෝපණ එල්ල වන අතර ඔවුන් එම ගිවිසුම්වලින් ඉවත් වීමද වේ. තරග විභාග ආදියෙන් අසමත් වන බවක් පෙනේ. දඩ මුදලකට යටත් වේ. මංගල යෝජනා වෙනස් වේ. අධ්‍යාපන කටයුතු සඳහා අයහපත් වේ. ජය අංක – 8, 9 ජය වර්ණ – රතු, කොළ ——————————— තුලා ජනප්‍රසාදය ලැබේ පවුලේ පැවැති අරමුදලක් නිරාකරණය කෙරේ. ජනප්‍රසාදය පළවේ. යහපත් ගමන් බිමන් යෙදේ. ලිපි ලේඛන මගින් වාසි දායකවේ. ව්‍යාපාර කටයුතු සඳහා ශුභයි. පරිත්‍යාග හිමිවේ. පොදු කටයුතු සඳහා කාලයක් ධනයක් වැයවේ. ජය අංක – 3, 7 ජය වර්ණ _ නිල්, කොළ ————————————– වෘශ්චික රහසිගත සබඳතා ඇතිවේ විදේශ ගමන් සඳහා ශුභයි. රහසිගත සබඳතා ඇතිවේ. බලවත් චිත්ත පීඩාවක්ද ඇති වන බව පෙනේ. අධ්‍යාපන කටයුතු සඳහා උනන්දුව ඇති නමුත් බාහිර බාධක ඇති කරයි. ජය අංක – 5, 3 ජය වර්ණ – කහ, සුදු —————————————- ධනු හදිසි ධන ලාභ ඉගෙනීම් කටයුතු සඳහා ශුභයි, තරග විභාග ආදියෙන් නිසැකව ජය ලබයි. ධන ලාභයක්ද පෙන්නුම් කරයි. සුදුසු සහකරුවන් ලබන මංගල යෝජනාද ඉදිරිපත් වේ. ජය අංක – 5, 2 ජය වර්ණ – රතු, නිල්, සුදු ——————————————— මකර බලාපොරොත්තු ලෙස ලාභ ලැබේ මිතුරන්ගෙන් උදව් උපකාර හිමි වුවත් කරන කටයුතු සාර්ථක නොවේ. සතුරු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වේ. පුද පූජා පවත්වයි. රැකියා ව්‍යාපාර සඳහා තරමක් ශුභ දායකයි. බලාපොරොත්තු ලෙස ලාභ ලැබේ. ජය අංක – 5 ජය වර්ණ – සුදු ——————————————- කුම්භ අස්වැසිල්ලක් ලැබෙන සතියකි සිතට මහත් අස්වැසිල්ලක් ලැබේ. නමුත් ණය මුදලක් හේතුවෙන් බලාත්මක ලෙස කරදරයට පත්වේ. තැන්පත් මුදල් වැඩිවේ. අනුන්ගේ කේලමක් නිසා ලැබුණු අවනම්බුවක් ඉවත්ව නි‍ෙදාස් බව අත්වේ. ජය අංකය – 3 ජය වර්ණය – නිල් ——————————————– මීන උත්සාවන්ත සතියකි අසනීපයකින් පෙළුන අයෙක් නම්, සුව අතට හැරේ. ණය මුදලකින් නිදහස් වීමද වේ. යහපත් මිතුරු ඇසුරක් හේතුවෙන් ප්‍රේමසබඳතාවක්ද ගොඩ නැගේ. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරයි. ජය අංක – 2, 8 ජය වර්ණ – රතු, සුදු

Read more
කුණු කොල්ලෙට යන වට්ටක්කාවල ගුණ මෙන්න

වට්ටක්කා ආහාරයට ගැනෙන්නේ හුදු ගෙඩි වශයෙන් පමණක් නොවේ. එහි දලු, මල්, ගෙඩි, ඇට ආදී සියලු දෑ ආහාර පිණිස මෙන්ම ඖෂධ පිණිසද ගනු ලැබේ. වට්ටක්කා අතීතයේ සිට අපේ රටේ අවමඟුල් ගෙවල්වල මළබතට පිසෙන සුවිශේෂ ආහාරයකි. එයට හේතු වන්නට ඇත්තේ මෙහි ඇති සුවිශේෂ ගුණය. අවමඟුල් ගෙදරක සිටිනුයේ ශෝකයෙන් පීඩිතව හෙම්බත්ව සිටින පිරිසකි. ඔවුනගේ ශරීරයේ ශක්තිය ඇති කරනු වස් එදා අපගේ ගැමියෝ වට්ටක්කා ආහාරයට දුන්හ. කුඩා දරුවාගේ ‍පෝෂණීය ආහාරවේලට එක්කර ගත හැකි ප්‍රධාන භෝගයක් ලෙසද වට්ටක්කා පිළිගත හැකිය. එයට හේතුව එහි පිෂ්ටය, ‍ප්‍රෝටීන්, ඛනිජලවණ, විටමින් වර්ග බොහෝමයක් අන්තර්ගතව තිබිමය. අප රටේ ජනයා වට්ටක්කා විවිධාකාරයෙන් ආහාරයට ගත්හ. ඒ කෙසේ වෙතත් වට්ටක්කා ආහාරය අපට බොහෝ ගුණදායක බව නම් කිව යුතුය. හේන් ගොවිතැන් කළ අපේ පැරැන්නන්ගේ ප්‍රධාන ආහාරවේලක් වූයේ වට්ටක්කාය. වට්ටක්කා තම්බා ආහාරයට ගැනීම මෙන්ම ඒවායෙන් විවිධ ව්‍යාංජන වර්ග සැකසීමද සිදුවිය. ශරීර ශක්තිය අඩු, බරෙන් අඩු දරුවන්ට එදා අම්මලා හේන් වට්ටක්කා තම්බා ආහාර පිණිස දුන්හ. එසේත් නැත්නම් වට්ටක්කා සිහින්ව පෙති කපා වියළා පිටි කොට ඉන් විවිධ කැවිලි වර්ග සකසා දුන්හ. මේ නිසාම දරුවා රෝගවලින් ආරක්ෂා විය. තවද නිතර හඬන දරුවන්ගේ හදවත ශක්තිමත් කිරීමටද වට්ටක්කා මහඟු ආහාරයක් විය. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු වන බව අපගේ පැරැන්නෝ දැන සිටියහ. ඒ වග එහි අන්තර්ගත විටමින් හා ඛනිජ වර්ග පිළිබඳව විශ්‍ලේෂණයේදී අවබෝධ කරගත හැකිය. වට්ටක්කාවල ඉතා බහුලව තන්තු අඩංගු වන නිසා මලබද්ධයද දුරුවෙයි. තවද ආන්ත්‍රික පිළිකා වැලඳීමේ අවදානම අඩුවෙයි. අපගේ රුධිර සංඝටකයන් අතර සුදු රුධිරානු වෙනස් වීම පාලනය කිරීමට වට්ටක්කාවලට හැකියාවක් ඇති බව නූතන විද්‍යාඥයෝද පවසති. විශේෂයෙන් පිළිකා සෑදීමේ අවදානමද අඩු කිරීමට වට්ටක්කාවලට හැකියාව ඇත. අධික තරබාරු අයට තරබාරුව අඩුකර ගැනීමටද ඉතාමත් හොඳ ආහාරයකි. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් ඇස්වල පෙනීම දියුණු වන අතර සමද පැහැපත් වේ. එහෙයින් සම පැහැපත් කරගැනීමට නොයෙක් කෘත්‍රිම ආ‍ලේපන පාවිච්චි කරනවා වෙනුවට වට්ටක්කා ආහාරයට ගැනීමෙන් සමට පමණක් නොව සමස්ත ශරීරයටම මහඟු ප්‍රතිලාභ උදාකරගත හැකි වේ. වට්ටක්කාවල තවත් සුවිශේෂ ගුණයක් වනුයේ ස්නායු පද්ධතිය ශක්තිමත් කර ඒ ආශ්‍රිතව හටගන්නා රෝගවලින් අප මුදවාලීමේ ඇති සමත්කමයි. මෙහි ඇති සුවිශේෂ ගුණයක් වනුයේ අපගේ හෘදය ශක්තිමත් කර හෘදයේ දුර්වලතා මගහැරීමයි. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත මේදය මෙන්ම දියවැඩියාවද පාලනය කරගත හැකි වේ. අධිරුධිර පීඩනය ඇති අයට ඉතාමත් හොඳ ආහාරයකි. අධිරුධිර පීඩනය පාලනය කළ හැකි විශේෂ ඛනිජලවණයන් මෙහි අන්තර්ගතය. නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝවන රෝගයන්ට ගොදුරු වන දරුවන් එම රෝගවලින් ආරක්ෂා කරගැනීමට නම් වට්ටක්කා තම්බා ආහාරයට දිය යුතු වේ. එදා හේන් ගොවියා තම හේනේ වට්ටක්කා හොඳින් පැසුණු පසු එහි නටුව පෙදෙස රවුමට කපා ගෙඩිය ඇතුළත ඇට ඉවත් කර හෝ නොකර ගෙඩිය තුළට මිරිස් තුනපහ පුරවා නැවත කට වසා, කෙසෙල් කොළවලින් ඔතා පසුව ඒ වටා මැටි බැඳ හේනේ වළක් හාරා එහි දමා ටික දිනක් ගිය පසු ඒ මත ගිනි මැලයක් ගසා පසුව පිටතට ගෙන තම ආහාරවේලට එක්කර ගැනීමට පුරුදුව සිටියේය. එය බත්, අල, බතල මෙන් ඉතා රසවත් ප්‍රධාන පෙළේ ආහාරයක් විය. ඊට අමතරව වට්ටක්කා කිරට මෙන්ම මිරිසටද, කළු‍පොල් දමාද ව්‍යාංජන ආකාරයෙන් ආහාරයට ගැනීමට අපි පුරුදුව සිටිමු. වට්ටක්කා තම්බා ‍පොල් සමග ආහාරයට ගැනීමටද හැකියාව ඇත. එය හුදෙක් පාන්පිටිවලින් කරන ලද අහරකට වඩා වටිනාකමින් ඉහළය. සිංහල අවුරුදු කාලයට වට්ටක්කා ගැන කියැවෙන්නේ රබන් පදයකිනි. ‘උඩ පලගත්තත් වට්ටක්කා, බිම පලගත්තත් වට්ටක්කා’ ලෙසිනි. නමුත් සිංහල අවුරුදු කාලයේදී සැකසෙන හත්මාළුවට වට්ටක්කා දලු අත්‍යවශ්‍යය. වට්ටක්කා දලු වෙනම ව්‍යාංජනයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස සකසාගත හැකිය. වට්ටක්කා දලු ආහාරයට ගත යුත්තේ දලු පවනේ තබා, පසුව එහි ඇති බූව කොටස වතුරින් සෝදාගත් පසුය. එවිට මැල්ලුම් සේම ව්‍යාංජන සේද සකසා ගත හැකිය. ඒ ව්‍යාංජනයට කොස්ඇට කිහිපයක් තළා එකතු කරගැනීමෙන් එය වඩාත් රසවත් කරගැනීමට ගෘහණියන් දැන සිටියහ. වට්ටක්කා දලු ආහාරය මලබද්ධයෙන් මිදීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්ද වේ. තවද ‍ලේ පිටවන රක්ත අර්ශස් රෝගීන්ටද එය ගුණදායකය. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම සමනය කිරීමටද ඉතාමත් හොඳ ආහාරයකි. දේශීය චිකිත්සාවේදී දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඖෂධවලට විශේෂයෙන් වට්ටක්කා දලුද එක්කර ගැනේ. තවද නිරන්තරයෙන් තුනටියේ වේදනාව ඇති අයට වට්ටක්කා දලු අහරින් එම වේදනාව සමනය කරගත හැකි වේ. නමුත් වට්ටක්කා දලු අයෝග්‍ය පිරිසක්ද සිටිති. ඒ අය නම් ගැබිනි මව්වරුය. ගැබිනි සමයේ මුල් මාස පහ හෝ හය තුළ මෙවැනි ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු වේ. වට්ටක්කා දලු මෙන්ම මල්ද රසවත් ආහාරයකි. එය ව්‍යංජන ලෙසද, කිරි හොද්දක් ලෙසද සකසාගත හැකිය. විශේෂයෙන් මලබද්ධය ඇති අයට එය ඉතාමත් ගුණදායකය. අප වට්ටක්කා පිස ගන්නා විට කරන විට එහි ඇති ඇට සියල්ල ඉවත දමනවා. නමුත් ඒවායෙහි අැති පෝෂ්‍යදායිභාවය ගැන ඇසුවොත් ඔබ ආයෙත් වට්ටක්කා ඇට ඉවත දමන එකක් නම් නැහැ. වට්ටක්කා ඇට මගින් ශරීරයේ අභ්‍යන්තරයට සිදුකරන සෞඛ්‍යමය වාසි රාශියක් තිබෙනවා. ඒවා වලින් විශේෂ කරුණු කිහිපයක් අද අප ඔබට ගෙන එනවා. ප්‍රෝටීන් බහුලව අඩංගු වීම වට්ටක්කා ඇට මගින් ශරීරයට ලැබෙන ප්‍රෝටීන් මස් මාංශ වලින් ලැබෙන ප්‍රෝටීන් වර්ග වලට වඩා වෙනස් උනත් සෞඛ්‍යය සම්පන්න බව එක හා සමාන වනවා. ඔබ නිර්මාංශි පුද්ගලයෙක් නම් ප්‍රෝටීන් ලබා ගැනීමට හැකි සාර්ථකම ක්‍රමය මෙයයි. එපමනක් නොවේ ශරීරයේ මේදය තැම්පත් වීමකින් තොරව සෞඛ්‍යය සම්පන්නව මේදය ලබාගැනීමටද මෙමගින් හැකියාව ලැබෙනවා. ඇස් පෙනීම වර්ධනය කිරීම අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගැනීමට අවශ්‍ය වන සින්ක් වට්ටක්කා ඇට වල අඩංගු වනවා. ඒවගේම තන්තු, මැන්ගනීස්, පොස්පරස්, පොටෑසියම් සහ ප්‍රෝටීන් නිසා ඇස් පෙනීමද වර්ධනය කරනවා. පිළිකා නැසීමේ ගුණයන් මෑතකදී කරනු ලැබූ අධ්‍යයනයක් මගින් සොයාගෙන තිබෙන්නේ වට්ටක්කා ඇට වල පිළිකාව නැසීමේ බලයක් ඇති බවයි. එහි අන්තර්ගත වන සංයෝගයන් මගින් පිළිකා සෛල නැසීම සහ විවිධ පිළිකා ඇතිවීම මර්ධනය වන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා. ආර්තවාභාවයේ පසුවන කාන්තාවන් වට්ටක්කා ඇට දිනපතා ආහාරයට ගැනීම මගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම 23% දක්වා අවම කරගන්න පුළුවන් පොටෑසියම් සමබර කිරීම ඔබගේ ශරීරයේ අස්ථි වැහැරීම වැලැක්වීම, අධි රුධිර පීඩනය පාලනය කිරීම, වකුගඩු වල ගල් ඇතිවීම වැළකීම, මාශ පේශී ශක්තිමත් කිරීමට වට්ටක්කා ඇට කෝප්පයක් ආහාරයට ගැනීම මගින් හැකියාව ලැබෙනවා. එමගින් පොටෑසියම් ග්‍රෑම් 588 පමණ ශරීරයට ලැබෙනවා. සුවබර නින්දක් සදහා වට්ටක්කා ඇට වල ඇමයිනෝ අම්ලයක් වන ට්‍රේප්සොපැන් අම්ලය අන්තර්ගත වනවා. මෙමගින් සුවදායක නින්දකට අවශ්‍ය හෝමෝන නිසිලෙස නියාමනය කරනු ලබනවා. ඔබත් නින්ද නොයෑමෙන් පීඩා විඳිනවා නම් නින්දට යාමට පෙර වට්ටක්කා ඇට ස්වල්පයක් ආහාරයට ගන්න. lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
විවාහයට පොරොන්දම් බලලා විතරක් මදි මේවත් බලන්න

අද වනවිට ජෝතිෂ්‍යය කෙරෙහි තිබෙන විශ්වාසය හා එයට යොමුවන පිරිස වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම දැරු උපතකදී, මල්වරවීමකදී මෙන්ම විවාහයකදීද එයට යොමුවීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය. විශේෂයෙන්ම විවාහයකදී අද බහුතරයක්දෙනා සිදු කරනුයේ විසි පොරොන්දම් පරික්ෂාකර එයින් 50%ක් වඩා ගැලපේ නම් විවාහය සිදුකරිමය. එනමුත් විවාහවී සුළු කලකින්ම ඒවා කැඩී බිඳී ගිය අවස්ථාද ඕනෑතරම් අපි දැක ඇත්තෙමු. එයට හේතුව වන්නේ හරි හැටි දැනුමක් නැති ජෝතිෂ්‍යවේදීන් යැයි කියාගන්න පිරිසක් විසින් විනාඩි 2,3න් දෙදෙනෙකුගේ ඉරණම තීරණය කරන්නට ගොස් කවදාවත් ගෙවා නිමකළ නොහැකි පවකට දායකවීමය. එමනිසා විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ ඔබ එවන් පටු දේවල් වලින් අමාරුවේ නොවැටී පහත දේවල් පිළිබඳවත් විමසිලිමත් වන්නේ නම් එය ඔඅබගේ අනාගතය සම්බන්දයෙන් ගනු ලබන යහපත් තීරණයක් වනු නොවනුමානය. විවාහයකදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු මෙසේය. යම් කේන්දරයක 1-7-8 ස්ථාන වල පාපීන් සිටි නම් ඔවුන් කාමභෝගින් වේ. යුග දිවිය දෙදරීමට තරම් එය බලවත්ය. 12වැන්නේ පාපියෙකු සමඟ කුජ සිටි නම් ස්ත්‍රියට අපලය. සිකුරු දුර්වලවීම හෝ පාපීන් දැකීම, 5වැන්නේ සතුරුව සිටීම සහකරුට බලවත් අපල ගෙනදේ. හදිසි අනතුරක් හෝ ලේ වැගිරීමක් සිදුවේ. 7වැන්නේ රාහු සිටීම ස්ත්‍රියට අපලය. 8 අධිපති 2 සිටීම විවාහය දෙදරීමට හේතුවේ. රවි-ශනි-රාහු 7 වැන්නට සම්බන්ධ පිරිමි අය වැඩිහිටි කාන්තාවන් සමඟ විවහ වේ. 7 අධිපති 10-1-8 සිටීම කටුකය. මේෂ රාශියේ හෝ වෘෂභ රාශියේ සිකුරු සිටීමත්, වෘෂභ හෝ තුලා රාශියේ කුජ සිටීමත් සරාගී යෝගයකි. රවි-සිකුරු යෝගය, කුජ-සිකුරු යෝගය, රාහු-සිකුරු යෝගය කෑම යෝගයන්ය. 7වැන්නේ පාපීන් තිදෙනෙකුට වඩා සිටීම බහු විවාහ යෝගයකි. මිට අමතරව බහු විවාහ යෝග සරාගී යෝග අවිවාහක යෝග ස්ත්‍රී-පුරුෂ මර යෝග වැන්දඹු යෝග විෂ කන්‍යා දෝෂ භෞම දෝෂ ආදිය ගැනද සැලකිලිමත් විය යුතුය. –සචිත් යාපා lankamediahub.com ලංකා මීඩියා හබ්  

Read more
ජනවාරි 31 සිදුවූ පූර්ණ චන්ද්‍රග‍්‍රහනයේ විපාක දින 90ක් ඉදිරියට - ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.

ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. චන්ද්‍රයා හා සූර්යා අතරට පෘථිවිය පැමිණ රේඛීය වීම හේතුවෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත පතිත වීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍රග‍්‍රහණය ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ. චන්ද්‍රග‍්‍රහණ පුර පසළොස්වක දිනවල සිදුවන අතර රාත‍්‍රිය පවතින ඕනෑම ස්ථානයක දර්ශනය වනවා ඇත. මේ වසරේ ප‍්‍රථම චන්ද්‍රග‍්‍රහණය ජනවාරි 31 වැනි බදාදා රාත‍්‍රී 7.01ට සිදුවිය. මේ අවස්ථාවේ කටක ලග්නයත් අස්ලිස නැකැත් එහි ප‍්‍රථම පාදයත් උදාවී ඇත. මෙම ග‍්‍රහණ අවස්ථාවේ ශ‍්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ පිහිටීම දැන් විමසා බලමු. ලග්නය කුම්භ, ලග්නයේ නැප්චූන්, තුන් වන්නේ යුරේනස්, හය වැන්නේ සඳු-රාහු, නව වැන්නේ ගුරු, දස වැන්නේ කුජ, එකොළොස් වැන්නේ ශනි, ෙදාළොස් වැන්නේ රවී – බුධ සිකුරු-කේතු ගමනේ යෙදී සිටී. සිතට අධිපති සඳු රාහුගෙන් පීඩාවට පත්ව ග‍්‍රහණය වන බැවින් මිනිස් සිත් සතන් අවුලෙන් අවුලට ඇද දමන නිසා කොයි කවුරුත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතු කාලයක් අපේ‍්‍රල් අවසන් වනතුරු යෙදී පවතී. සඳුට අයත් කටක රාශියේ මේ ග‍්‍රහණය සිදුවූ බැවින් අපේ‍්‍රල් පසුවනතුරු කාන්තාවන්ට බලවත් පීඩා බහුල කාලයකි. කටක ලග්න කාන්තාවන් විශේෂයෙන් ප‍්‍රවේශම් විය යුතුය. දේශපාලනයට සම්බන්ධ කටක ලග්න කාන්තාවන්ට පරාජය විපත් බහුල කාලයකි. රට පිළිගත් ප‍්‍රභූ කාන්තාවන්ට මාරක විපත් යෙදෙයි. චන්ද්‍රග‍්‍රහණයට දින තුනකට පෙර සිට පටන් ගන්නා ස්වාභාවික විපර්යාසයන් දිගින් දිගට බලපෑම් ඇතිකරයි. හිටි හැටියේ පීඩාකාරී වැසි, සුළං, අකුණු අනතුරු ඇතිවෙයි. විශේෂයෙන් මුහුද රළු වීමෙන් පීඩා පවතී. නාවික අනතුරු බහුලවේ. බෝට්ටුවලට වඩා පීඩා පෙන්වයි. ගංඟා ජලයෙන් ජනතාවට පීඩා ඇතිවේ. ජලය මුල්ව විපත් අනතුරු පවතී. දුම්රිය අනතුරු, බස් රිය අනතුරු බහුලවේ. දරුවන්ට වඩාත් පීඩාකාරී කාලයකි. පාසල් බස් අනතුරු පවතින බැවින් වළකා ගැනීමට උනන්දු වන්න. කුජ බලවත්ව සිටියදී සඳු ග‍්‍රහණයට ලක්වීම රට තුළ වැඩ වර්ජන රැුළි ඇති කරයි. සෑම අංශයකම ප‍්‍රශ්න උග‍්‍රවේ. සිසු අරගල බහුලවේ. වෛද්‍යවරුන් පවා කුසීත ක‍්‍රියාමාර්ග ගනී. රජය අඩියක් පස්සට ගෙන වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාල සීමාවකි. ශනි ධනුවේ යන කාලයක කොහොමත් පෙරළි වරදින්නේ නැත. දේශපාලන වශයෙන් රවි ග‍්‍රහණය සමග පෙරළි රැුසකට මඟපාදනු ඇත. මා පෙරත් පුන පුනා කියා ඇති පරිදි ඔළුගෙඩි මාරුවක උච්ච අවස්ථාව ජනවාරි 31 වැනිදාට පසු පත්වනු ඇත. අගමැතිවරයාට අපේ‍්‍රල් දක්වා අවදානම් ගමනක් යෙදී පවතී. සඳුගේ පීඩාකාරී තත්ත්වයට කුජගේ හා ශනිගේ තදබල බලපෑම නිසා නායකයන්ගේ එකමුතුකම් පවත්වාගෙන යෑමට ඇති ඉඩකඩ සීමාවේ. මේ නිසා දේශපාලන පෙරළි අපේ‍්‍රල් අවසන් වීමට පළමු ඕනෑම අවස්ථාවක සිදුවිය හැකිය. 2020 ජනවාරි 26 දක්වා රටට පවතින එ්රාෂ්ඨක නිසා පෙරළි, හැලහැප්පිලිමැද ගමනක් සිදුවන බැවින් කිසිවකුටත් සතුටු විය හැකි වකවානුවක් නොවේවි. මොන විසඳුම් යෙදුවත් රටේ ආර්ථිකය පසුපස ගමනකට බර ග‍්‍රහ ගමනකින් පීඩා විඳින බැවින් සතුටුදායක ප‍්‍රථිඵල අත්නොවේ. වංචා ¥ෂණවල අඩුවක්ද නොවනු ඇත. බැඳුම්කර ප‍්‍රශ්නය චන්ද්‍රග‍්‍රහණයට පසු නීතිය දෙසට යොමුවන ග‍්‍රහ බලයක් ඇති කරයි. බලවත් අයට උසාවි ගාණේ රස්තියාදුවන්න කරුණු යෙදේ. අධිකරණයේ විවිධ වෙනස්කම් පෙන්නුම් කරයි.චන්ද්‍රග‍්‍රහණයේ බලපෑම් නිසා අධිකරණය ගැන ජනතාව අතර විවේචන ඇතිවේ. අධිකරණයට සම්බන්ධ අයට විවිධ චෝදනා එල්ල වෙයි. සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන, ජලය සම්බන්ධ මැති ඇමතීන්ට අසීරු ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවේ. ස්වභාවික විපත් බහුල බැවින් දේශීය නිෂ්පාදනවලට බලවත් පීඩා පැමිණේ. පොල්, හාල් නිෂ්පාදන අඩාලවේ. ගොවිතැනට හානි පවතී. නවීන උපක‍්‍රම යොදාගත් වංචා ගැන තොරතුරු හෙළිවේ. හොර සල්ලි උවදුර පෙරට වඩා බලවත් වන අතර, මත් ජාවාරම නව මුහුණුවරකින් ව්‍යාප්ත විය හැකිය. බෝවන රෝග පැතිර යන අතර, හඳුනා නොගත් රෝගයක් රට තුළ පැතිර යයි. ඊට අදාළ ප‍්‍රතිකාර හා ඖෂධ හිඟවීමත් ප‍්‍රශ්නයක් වේවි. ඩෙංගු යළිත් හිස ඔසවයි. වෛද්‍යවරුන්ගේ අත් වැරදීම් හා නොසැලකිල්ල නිසා වන මරණයත් සිදුවේ. 2015දීත් කියා ඇති පරිදි ඉදිරියට රට තුළ අච්චාරු පාලනයක් ඇතිවේ. පළාත් පාලනයටත් මෙය යම් පමණකට බලපායි. නපුරු ග‍්‍රහ බලයක් මැද සිදුවූ පූර්ණ චන්ද්‍රහ‍්‍රගණය මිනිස් සිත් සතන් අවුල් කරන බැවින් ජනවාරි 31 සිට අපේ‍්‍රල් අග දක්වා නීතිගරුකව, ආගම දහමට බරව ඉවසිලිමත් ගමනකට සූදානම් විය යුතුය. මේ කාලය වැඩට වඩා කතා බහුල වන ග‍්‍රහ බලයද යෙදී ඇති නිසා වගකිවයුතු අය කට ප‍්‍රවේශම් කරගත යුතුය. නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය ප‍්‍රමුඛ අංශ උනන්දුනොවුණත් පොලිසියටත් බලවත් චෝදනා එන කාලයකි. කොයි කවුරුත් දහමට බර නීතිගරුක ගමනක් යෑමට අදිටන් කරගන්න. තව වසර දෙකක් අපි යන්නේ අවදානම් ගමනක් බව සිහියට ගන්න. සැමට සැනසීම උදාවේවි. ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදී නාත්තන්ඩියේ පී.ඞී. පෙරේරා 0776619446 lankamediahub.com ලංකා මිඩියා හබ්  

Read more