සුවය

සහකරු සහකාරිය ගැන බදින්න කලින් දැනගන්න ක්‍රමයක්

අද බොහෝම දෙනෙක්‌ සාම්ප්‍රදායික විදිහට විසිපොරොන්දම් බලලා විවාහය තීරණය කළත් ඒ වගේ විවාහ අතරමග කඩාකප්පල් වෙච්ච අවස්‌ථා ඒ තරම් දුර්ලභ නෑ. මේ නිසා පොරොන්දම්වලට හසු නොවන වැදගත් කාරණා කීපයක්‌  විමසිය යුතුයි මුලින්ම අපි පුංචි කතාන්තරයක්‌ ගැන හිත යොමු කරලා බලමු. සුනිමල්, සුනීතත් එක්‌ක විවාහ වෙලා අවුරුදු තුනක්‌ විතර පහු වුණා. ඒ දෙන්න විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ හැටියට. සුනීතා හරි හොඳ බිරිඳක්‌. ඒ විතරක්‌ නොවේ හරිම ලස්‌සනයි. හරියට තරුණ නිළියක්‌ වගේ ආකර්ෂණීය පෙනුමක්‌ තමා එයාට තිබුණෙ. බැලූ බැල්මට මේ දෙන්න තරුණ යුවළක්‌. ඒ වුණත් මේ ප්‍රේමණීය විවාහ ජීවිතය ඇතුළාන්තය හරිම කනගාටුදායක තත්ත්වයක්‌ තමයි තිබුණෙ. ඒකට හේතුව තමයි සුනිමල් ලිංගික බෙලහීනතාවය කියන රෝගී තත්ත්වයකින් පෙළීම. එයාට සුනීතව සතුටු කරන්න හැකියාව තිබුණෙ නෑ. ඒ අතරෙ ලස්‌සන වගේම ගුණ යහපත්කම තිබුණු සුනීතට තමන් කරලා තියෙන්නෙ අසාධාරණයක්‌ කියලා නිතරම සුනිමල්ට හිතුණා. තවත් තරුණ හිතවතෙක්‌ එකක්‌ සුනීත කතා කරන කොට සුනිමල්ට බයකුත්, සැකයකුත්, ඊර්ෂ්‍යාවකුත් ඇති වුණා. සමහර දවස්‌වල නිදි යහනෙදී ඇති වෙච්ච දැඩි කලකිරීම නිසා ඇදේම ඉඳගෙන සුනිමල් ඇඬුවා. එයාව අස්‌aවසන්න හදන සුනීත ගැන තවත් කනගාටු වෙනවා ඇරෙන්න සුනිමල්ට කරන්න දෙයක්‌ තිබුණෙ නෑ. ප්‍රශ්නෙ තිබුණෙ ඒ ගොල්ලන්ගේ පොරොන්දම්වලින් සීයට හැත්තෑපහක්‌ විතර ගැළපෙනවා කියලයි කියලා තිබුණෙ. එහෙම නම් කොහොමද මෙහෙම වුණේ? අද සමාජෙ මේ වගේ සුනිමල්ලා සූනීතලා වගේ යුග දිවිය අපායක්‌ කරගත්තු අය එමට ඉන්න පුළුවන්. මෙය කියවන ඔබ නැත්නම් හිතවතෙකුට, ඥතියෙකුට මේ වගේ තත්ත්වයන් ඇති වෙලා තිබෙන්න පුළුවනි. ඇත්තටම හරියට කේන්ද්‍ර පරීක්‌ෂා කළා නම් මේ වගේ ගැටලු හඳුනා ගන්න අමාරු වෙන්නෙ නෑ. ඒ වුණත් අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නෙ සියට හැත්තෑපහක්‌ ගැළපෙනවා කියන කොට එහෙම නම් හොඳටම හොඳයි කියලා. නැත්නම් සියට සියයි කියලා හිතන්න. මේ නොගැළපෙන සීයට විසිපහ මොනවද කියලා අවබෝධ කරගන්නෙ නෑ. පොරොන්දම් නොගැළපෙනවා නම් මොකද කරන්නෙ? දිගු කාලයක්‌ පෙම් සබඳතාවක්‌ පවත්වපු පෙම්වතුන්ගේ එකම පැතුම එක්‌ වෙන එකයි. නැත්නම් යුග දිවියක්‌ ආරම්භ කරන එකයි. ඉතින් ඔය පොරොන්දම් ගැන හිතන්නවත් එහෙම අය කැමැති නෑ. නැත්නම් කියයි “ඕවා මිථ්‍යා මත” කියලා. අපි මේ ගැන නිවැරදි අවබෝධයක්‌ ලබා ගැනීම වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම පොරොන්දම් ගැළපීම මතම නොවෙයි විවාහයක ශුභ අශුභ තීරණය වෙන්නෙ. පෙර කර්ම මතයි. කර්ම විපාක විඳින්න තියනවා නම් ඒක පොරොන්දමින් තීරණය වෙන්නෙ නෑ. මෑත යුගයේ හිටපු විශිෂ්ට පුද්ගලයෙක්‌ තමා එඩ්ගාර් කේසි එයා මනෝ චිකිත්සකයෙක්‌. තමා ළඟට ආපු රෝගීන් වෙනුවෙන් මෝහන නිද්‍රdව භාවිත කරලා රෝග මූලය හොයන්න ඔහු වෙහෙසුණා. මේකෙ ප්‍රතිඵල විස්‌මය ජනකයි. ඉතින් ඔය විවාහයට බලපාන ලිංගික දුර්වලතාවලට හේතුව පෙර ආත්ම භවයක කරපු අකුසල් බව මෙවැනි කියවීම් ගණනාවකම අනාවරණය වුණා. විසි පොරොන්දම්වල ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම වගේ පොරොන්දම්වලින් කියෑවෙනවා කායික ගැළපීම නැති නම් විවාහක යුවළකගේ ලිංගික තෘප්තිය ගැන. ඒ වගේම කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්වලිනුත් ලිංගික ශක්‌තිය ගැන කියෑවෙනවා. මේ වගේ ගැටලුවකට පත් වුණාම නොයෙකුත් හොර වෙදුන්, හොර කට්‌ටඩියන් පස්‌සෙ ගිහින් කාලයත්, මුදලත් නැති කරගන්නා අය එමටයි. තමන්ගේ ප්‍රශ්නෙ කියන්න තියන ලැඡ්ජාවට විසඳුමක්‌ හොයන්න සුදුසු වෛද්‍යවරයකුට කියන්නත් ඉදිරිපත් වෙන්නෙ නෑ. පත්තරවල දැන්වීම්වල තියන නොයෙකුත් පෙති වර්ග, කරල් බේත් පාවිච්චි කරනවා. ඒ වුණත් මේ ගැටලුවට හේතුව සැබෑ ලෙසින්ම අවබෝධ කර ගත්තොත් විසඳන්න පහසුයි. ඇයි මෙහෙම වෙන්නෙ? නොගැළපීම ගළපා ගන්න බැරිද? පුළුවනි. ලිංගික දුර්වලතාවලට ප්‍රධානම හේතුවක්‌ වෙන්නෙ කායික හේතුන්ට වඩා මානසික හේතුන් බව අනාවරණය වෙනවා. ඒ කියන්නෙ හිත සහ සිතුවිලි. එහෙම නම් සිතුවිලි පාලනය කර ගැනීමෙන් මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවනි. විශේෂයෙන්ම කාන්තාවන් හා පිරිමි අතර වෙනස්‌කම් අවබෝධ කරගැනීම ඉතා අවශ්‍යයි. කාන්තාවන් හා පිරිමින් සමානයි කියන කියමන හුදු දේශපාලනික මතයක්‌a විතරයි. කාන්තාවන් හා පිරිමින් සමාන නෑ. ශරීරය වගේම මනසත් වෙනස්‌. බලන්න යුවළක්‌ ඇඳුම් මිලට ගන්න සාප්පුවකට යනවා. පිරිමියා ඉක්‌මනින් තමන්ට අවැසි ඇඳුම් තෝරා ගෙන එළියට එනවා. කාන්තාවට එහෙම බෑ. එයා තෝරනවා. බොහෝ වේලාවක්‌ තෝරනවා. ප්‍රමාදයි. හැම තැනකදීම මෙහෙමයි. ලිංගික සම්බන්ධතාවලදීත් තත්ත්වය මේකයි. ස්‌වභාවයෙන්ම පිරිමි ඉක්‌මන් වෙනවා. ස්‌වභාවයෙන්ම ස්‌ත්‍රීන් ඉක්‌මන් වෙන්නෙ නෑ. මේ නිසා පිරිමියා ඉක්‌මනින්ම තෘප්තියට පත්වීමටත්, ස්‌ත්‍රිය ප්‍රමාද වීමටත් හේතුයි. ස්‌වභාවිකවම පවතින මේ තත්ත්වය වළක්‌වා ගත හැක්‌කේ ස්‌ත්‍රීය නැති නම් බිරිඳ ඉක්‌මන් වීමටත්, සැමියා ප්‍රමාද වීමටත් කය වගේම මනසත් හුරු කිරීමෙන්. එතකොට දෙදෙනාගේම කැපවීම මගින් පොදු තැනකට එන්න පුළුවනි. අනෙකා ගැන හිතීම කැපවීම ඊට අවශ්‍යයි. එතකොට මේ නොගැළපීම ජය ගන්න පුළුවනි. පහත සඳහන් ප්‍රස්‌තාරයෙන් මේ තත්ත්වය අවබෝධ කරගන්න පුළුවනි. කොහොම වුණත් ලිංගික දුර්වලතා මඟ හරවා ගන්න ඕන. මානසික තත්ත්වය වගේම සමහර ආහාර පානවලිනුත් මේ තත්ත්වය වළක්‌වා ගන්න පුළුවනි. හැබැයි මානසික තත්ත්වය විශේෂ බව මතක තබා ගන්න. පැරණි රහස්‌ බෙහෙත් කවිවලින් තමයි රචනා වුණේ. මේ බලන්න. වැල් පෙනෙල සාකා ගිතෙලින් මලවලා කා ගැහැනු නොපතන එකා සියක්‌ අඹුවන් පතයි සැණෙකා මේ කියන්නෙ වැල්පෙනෙල ගිතෙල්වලින් මලවලා අනුභව කළාම ගැහැනු එපා කියන කෙනා වුණත් සියයක්‌ අඹුවන් ප්‍රාර්ථනා කරන බවයි. මේක ප්‍රත්‍යක්‌ෂයි. කේන්දර පොරොන්දම්වලින් පෙන්නන ලිංගික නොගැළපීම් මේ වගේ සරල ක්‍රමවලින් වළකා ගන්න අමාරු නෑ. පොරොන්දම් විස්‌සෙම තියෙන්නෙ ගැළපීම් වර්ග දෙකක්‌ ගැනයි. ඒ නම් කායික ගැලපීම සහ මානසික ගැළපීම. ඉහත සාකච්ඡා කළේ කායික ගැළපීම ගැන. අදහස්‌වල නොගැළපීමත් විවාහයක්‌ දෙදරන්න හේතු වෙන්න පුළුවනි. අපි හිතමු බිරිඳ කහ පාටට කැමැතියි. සැමියා නිල් පාටට කැමැතියි. ඉතින් මේක වුණත් සමහර වෙලාවට දුරදිග යන්න පුළුවනි. මේ කතාව බලන්න. ඔන්න එක දවසක්‌ අලුත විවාහ වුණ යුවළක්‌ මධුසමය ගත කරන්න කැලණි ගං මිටියාවතේ ලස්‌සන පරිසරයක තයන හෝටලයකට ගියා. මේ දෙන්න උදේ පාන්දර ගඟ අයින දිගේ ඇවිදගෙන යනවා. ලස්‌සන උදැසනක්‌. හරිම සුන්දරයි. එක පාරටම පාර හරහා පුංචි සතෙක්‌ මාරු වෙලා දුවගෙන ගියා. ” අන්න පූස්‌ පැටියෙක්‌” බිරිඳ කිවා. ” නෑ නෑ හා පැටියෙක්‌” සැමියා කීවා. ” නෑ අනේ මම හොඳටම දැක්‌ක පූසෙක්‌” බිරිඳ කියනවා “බම්බුව මම පූසො දන්නෙ නැද්ද හාවෙක්‌” සැමියා කේන්තියෙන් ” නෑ අනේ ඔයාට වැරදිලා ඌ පූසෙක්‌” “තමුසෙගෙ ඇස්‌ පොට්‌ට වෙලා වෙන්නැති” සැමියා කීවා. “ඉහි – ඉහි – ඉහි” බිරිඳ අඬන්න ගත්තා. සැමියා අසරණ වුණා. රණ්‌ඩුව බේරන්න කවුරුවත්ම නෑ. අලුත් මනමාලි අඬනවා. අපි ආවෙ පුසෙක්‌ හරි හාවෙක්‌ හරි බලන්න නෙවෙයි. මධුසමය ගත කරන්න. ඌ මොකෙක්‌ වුණාම අපට මොකද? කිසි වැඩකට නැති දේකට අපි රණ්‌ඩු වෙනවා නේද? කියලා සැමියා කල්පනා කළා. ” හරි… හරි…. එක අමතක කරමු” සැමියා කීවා. ” ඒක තමයි මට දුක හිතුණා” හුඟක්‌ අඹු සැමියන් අතරේ ආරවුල් ඇති වෙන්නෙ මේ වගේ ජීවිතේට අදාළ නැති කිසි වැදගත්කමක්‌ නැති දේවල්වලට. ඇත්තටම බිරිඳ හා සැමියා දෙන්නෙක්‌. එක්‌ කෙනෙක්‌ නෙවෙයි. සමහර කාරණා ගැන ප්‍රතිවිරුද්ධ අදහස්‌ තියෙන්න පුළුවනි. ඉතින් ඇයි ඒවා ගැන තර්ක කරන්නෙ? නිහඬ වීමෙන් පමණක්‌ බොහෝම ගැටලු නිරාකරණය කර ගන්න පුළුවනි. ඉවසීම, නිහඬ වීම කියන්නෙ පරාජයට පත්වීම නෙවෙයි. විසි පොරොන්දම්වල තියනවා ලිංග පොරොන්දම කියලා එකක්‌. ඒකෙන් කියනවා උපන් නැකතට හිමි ලිංගිකත්වය ගැන. ස්‌ත්‍රී, පුරුෂ, නපුංසක කියලා නැකත් 27 තුනට බෙදෙනවා. ඉතින් ස්‌ත්‍රිය ස්‌ත්‍රී නැකතකිනුත්, පුරුෂයා පිරිමි නැකතකිනුත් ඉපදිලා නම් ලිංග පොරොන්දම ගැළපෙනවා. හැබැයි ස්‌ත්‍රීය පිරිමි නැකතකිනුත්, පුරුෂයා ස්‌ත්‍රී නැකතකිනුත් ඉපදුණා නම් ගැළපීම හොඳ නෑ. අශුභයි කියනවා. මේකට මොකද කරන්නෙ? පිරිමි නැකතකින් උපන් ස්‌ත්‍රියක්‌ තුළ පිරිමි ගතිගුණ පිහිටනවා. කොල්ලෙක්‌ වගේ කෙල්ලෙක්‌. ඉදිරියටම යන ගතිය, නිර්භීත බව යටත් නොවෙන ගතිය, හරියට ගෙදර නම් අම්මාගෙ චරිතෙ තාත්තටත්, තාත්තාගෙ චරිතෙ අම්මාටත් මාරු වෙලා. තාත්තා මුල් කරගත් පීතෘ මූලික සමාජයකදී මේ තත්ත්වය ටිකක්‌ අස්‌වභාවිකයි. ඒකයි ප්‍රශ්නෙ. මේ වගේ බිරින්දැවරු, ස්‌වාමියා ඉක්‌මවා යන ගතිය, ගෞරවය අඩුකම, උවමනා නැති දේවල්වලට පවා තර්ක විතර්ක කිරීම, ස්‌වාධීන බව, සැමියා සමඟ සාකච්ඡා නොකර වැදගත් තීරණ ගැනීම පෙන්වනවා. සැමියාගේ මිතුරන් ඉදිරියේ ඔහු හැල්ලුවට ලක්‌ කර කතා කරනවා. එතකොට සැමියාට කේන්ති යනවා. ඉතින් නිතරම රණ්‌ඩු සරුවල් ඇති වෙනවා. හැබැයි මේ වගේ කාන්තාවකට තනියම ප්‍රශ්aනවලට මුහුණ දීමේ ශක්‌තියකුත් තියෙනවා. ලිංග පොරොන්දම ගැළපෙන්නෙ නැත්නම් වුණත් කරන්න තියෙන්නෙ මේ තත්ත්වය අවබෝධ කර ගැනීමයි. සැමියා තේරුම් ගන්න ඕන බිරිඳගේ උප්පත්තිය ගතිය නම් මේ කියන එක. බිරිඳ තේරුම් ගන්න ඕනෑ උප්පත්තිය ගතිය කියලා බෑ, ටිකත් නම්‍යශීලී වෙන්න ඕන කියලා. ගරු කිරීම, අවමන් නොකිරීම කියන කාරණා විවාහයේ සමගියට අත්‍යවශ්‍යයි. පවුල ඇතුළෙ තාත්තාගෙ ගෞරවය රැකීම අම්මාගෙ යුතුකමක්‌ බව අවබෝධ කරගන්න ඕන. මේ වගේ කාරණයක්‌ වුණත් විවාහය, දික්‌කසාදය දක්‌වා යන්න හේතු වෙන්න පුළුවනි. ලෝක ප්‍රකට සමාජ විද්‍යාඥයින්, විනිශ්චයකරුවන් කියලා තියනවා විවාහයේ ගැටලුවලට හේතු වන්නේ ලොකු ලොකු ප්‍රශ්නවලට වඩා කුඩා පුංචි ප්‍රශ්න බව. පුංචි දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් පොරොන්දම්වල මානසික නොගැළපීම කොයි තරම් තිබුණත් සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන බිරිඳගේ යුතුකම් පහ සහ සැමියාගේ යුතුකම් හා අනුගමනය කරනවා නම් විවාහ ජීවිතය ශක්‌තිමත් වෙනවා. සසර පුරා කරලා තියෙන අකුසල කර්ම ශක්‌තීන් වුණත් යටපත් කරන්න පුළුවන් ධාර්මික ජීවිතය හා අවබෝධය තුළින්. යුගදිවියේ ගැටලු නිරාකරණය කරගන්න බලපාන වැදගත් කරුණු ගැන තවත් දවසක කතා කරමු. වැඩි විස්‌තර ස`දහා – 035 2232084/ 077 1234313 කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

Read more
ෆෙංෂුයි නිවසක අදහගන්නත් බැරි වාසි මෙන්න

අපේ කතානායිකාව තනුජා යයි නම් කරමු. තනූජා නිවසක් සාදන්නේ 2013 වසරේදීය. ඉතා අලංකාර ලෙස මෙම නිවස නිමවා තිබුණත් මෙහි බොහෝ වැරැදි ඇති බව නිවසට පැමිණෙන බොහෝ දෙනෙකු පවසන්නට විය. නිවසේ ප්‍රධාන දොරේ පාදය වැරැදිය. ප්‍රධාන දොර කැරකෙන පැත්ත වැරැදිය. ප්‍රධාන දොර නිවස තුළට දක්‍ෂිණාවර්තව කැරැකිය යුතුය. තවත් අයුරකින් කියනවා නම් ඔරලෝසුවේ කටු කැරකෙන අතට එහි දිග පළල වැරැදිය. නාන කාමරය තිබෙන දිශා වැරැදිය, දොරවල් ජනෙල් ගණන වැරැදිය යන අයුරින් විශාල වැරැදි රැසක්‌ බොහෝ දෙනෙකු පවසන්නට විය. නිවස කොතරම් අලංකාර වුවත් නිවසට පැමිණෙන අයගෙන් අසන දේවල්වලට ඇයගේ සිත බොහෝ සේ කලකිරී තිබිණි. ඇය නිවසේ බිම්මල් ව්‍යාපාරයක්‌ කරගෙන ගියද එහිද විශාල දියුණුවක්‌ නොවීය. ඇයටද සෑම අවස්‌ථාවකම සිතුණේ නිවසේ ඇති මෙම දෝෂ නිසා ඔවුන්ගේ දියුණුව අඩාල වී ඇති බවය. නමුත් මැය මෙම නිවසේ කිසිදු කොටසක්‌ කඩා ඉවත් කිරීමට හෝ නිවසේ කොටස්‌ වෙනස්‌ කිරීමට අකමැත්ත දැක්‌වූයේ එහි ඇති අලංකාර බවට හානියක්‌ වේ යෑයි යන හැඟීමෙනි. එනිසා මැය මෙම නිවස ෆෙංෂුයි විද්‍යාත්මකව සකසා ගැනීමට අදහස්‌ කළේය. ෆෙංෂුයි යනු එක්‌ විෂයයකි. වාස්‌තු යනු තවත් විෂයයකි. නමුත් නිවසක වාස්‌තු නිවැරැදි වීම අත්‍යවශ්‍ය කාරණයකි. ෆෙංෂුයිවලින් ප්‍රධානවම සිදු කරන්නේ නිවසේ ඇති වාසනා ශක්‌තිය බලගැන්වීමකි. ඇයගේ නිවසේ ප්‍රධාන දොර පිහිටියේ උතුරු දිශාවේය. ගැඹුරු ෆෙංෂුයි සංයුතිය අනුව ඇයගේ නිවසේ එම දිශාව වාසනාවන්ත එකකි. එපමණක්‌ද නොව පහුවුණු 2017 වසරේදී උතුරු දිශාවේ යම් වාසනාවක්‌ ඇත. 2017 වසරේද උතුරු දිශාව වාසනාවන්ත එකක්‌ බැවින් එම දිශාවේ සෙලවෙන ජලය තැබීමට ඇයට උපදෙස්‌ දුනි. නමුත් 2018 වසරට ඔබ උතුරු දිශාවට ජලය තැබීමෙන් වළකින්න. මෙම වසරේදී ජලය තබන දිශා පිළිබඳ මෙම පුවත්පත් තුළින් අප ඔබව දැනුවත් කරන්නෙමු. ඒ සඳහා ඇයගේ නිවසේ තිබූ මාළු ටැංකියම භාවිතා කළේය. තවද නිවසක නැගෙනහිර හා ගිණිකොන දිශාවන්වලට සැන්ඩි්‍රයානා ශාකය තැබීමට උපදෙස්‌ දුනි. ඔබටද ඔබේ නිවසේ, නිවස තුළ තබන ශාක වර්ග ඉහත දිශා දෙකෙහි තැබිය හැක. ඇයගේ සහ ස්‌වාමියාගේ උපන්දින සැලකීමෙන් ඔවුන්ට වාසනාව ගෙන දෙන කාමරයක්‌ තෝරාදී ඔවුන්ගේ වාසනාව වැඩිවන අයුරින් නිදන ඇඳන් සකස්‌ කළේය. ඔබද බොහෝ විට භාවිතා කළ යුතු වන්නේ සුභ දිශාවල නිදන කාමරයකි. නිරිත දිශාව කෑම කාමරයකට අයත්ව තිබුණේය. එම දිශාවේ නිවසේ ප්‍රධාන ධන නිලය පිහිටා තිබුණි. එහි කෘතීම දිය උල්පතක්‌ තැබීමෙන් නිවසේ ධන වාසනාව වැඩි කළේය. තවද ආදර වාසනාව ශක්‌තිමත් කිරීමට මැන්ඩරීන් තාරා ජෝඩුවක්‌ සහ මෘදු පළිඟු බෝල 6 ක්‌ එම දිශාවේ තැබුවේය. ඇය නිවසේ වෙනත් වැඩ කටයුතු සිදු කිරීමේදී බොහෝ විට වාඩිවී සිටින්නේ පඩිපෙළ යටට වන්නටය. කිසිඳු අවස්‌ථාවක පඩිපෙළක්‌ යට අප වාඩිවී වැඩ කිරීම කොහෙත්ම සුදුසු නැත. දරුවන්ටද පාඩම් වැඩ කිරීමටද පඩිපෙළ යට කොහෙත්ම සුදුසු නොවේ. වැසිකිළිය පිහිටා තිබුණේ නිවස තුළ වයඹ කොටසේය. නිවසක වයඹ දිශාවේ වැසිකිළිය තිබීමෙන් ඔවුන්ගේ අන්තර් සම්බන්ධතා බිඳ වැටී යයි. ඒ සඳහා පිළියමක්‌ ලෙස වැසිකිළිය තුළ පැය 3 ක්‌ පමණ දීප්තිමත් බල්බයක්‌ දැල්වීම කළ හැක. එමගින් ඉන් සිදුවිය හැකි හානිය මඟහැරී යයි. ඔබගේ නිවසේද, නිවස තුළ වයඹ දිශාවේ වැසිකිළිය පිහිටා ඇත්නම් එය තුළ පැය 3 ක්‌ පමණ දීප්තිමත් බල්බයක්‌ දැල්වීම ඔබට සිදු කළ හැක. තවද සෑම අවස්‌ථාවකම වැසිකිළිය තුළ කොමඩ් එකෙහි පියන වසා කබන්න. එහි දොරවල් වසා තබන්න. එමගින් වැසිකිළිය මගින් ඇතිවිය හැකි හානි මඟහරවා ගත හැක. ඇයගේ නිවසේ විවිධ වූ වාස්‌තු වැරැදි රැසක්‌ තිබුණි. නමුත් ඒ කිසිවක්‌ කඩා ඉවත් කිරීමකින් තොරව ඒ සඳහා පිරමීඩ වාස්‌තු ශක්‌තිය බලගැන්වීම සිදු කිරීම කළෙමි. ඉන් නිවස කිසිදු කැඩීමකින් බිඳීමකින් තොරව වාස්‌තු නිවැරැදි කළ හැක. වැඩිදුර විස්‌තර සදහා 077 – 611 6229 වාස්‌තු, ෆයිරා වාස්‌තු සහ ෆෙංෂුයි උපදේශක රිෂී නානායක්‌කාර lanka media hub    

Read more
ජනවාරි -මාර්තු අතර දරුවන්ට සිද්ධවෙන දේ මෙන්න

ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්‌ඩියා නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා පසුගිය 2018 ජනවාරි මස 17 වැනි බදාදා දින පෙ.ව. 05.12 ට මෙතෙක්‌ කල් රැඳී සිටි සිකුරු හිමි තුලා රාශියේ සිට කුජටම අයත් තම ස්‌වක්‌ෂෙත්‍ර රාශිය වන වෘශ්චික රැසට ගෝචර විය. වෘශ්චිකය අඟහරුට සිය ස්‌වක්‌ෂේත්‍ර රාශිය වන අතර ඒ අනුව කුජ ග්‍රහයා එතැන් සිට එළැඹෙන 2018 මාර්තු 07 වැනිදා ප.ව. 6.30 දක්‌වා ම මාස දෙකකට ආසන්න කාලයක්‌ වෘශ්චික රාශිය තුළ සිය ස්‌වක්‌ෂේත්‍ර ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත. ඒ අනුව මෙම කාලසීමාව තුළ කුජ ග්‍රහයා ජන්ම පත්‍රයේ 1, 4, 7, 10 යන කේන්ද්‍රස්‌ථානවල බලවත් වීමෙන් උදාවන පංච මහා පුරුෂ යෝග අතරින් බලවත් යෝගයක්‌ වන රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදාවනු ඇත. වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ යන ලග්න 4 ට හා මෙම කාලය තුළ ඉන් ජන්ම ලාභය ලබන දරුවන්ට ඉතා සුභ ප්‍රතිඵල උදාවෙයි. වෘශ්චික ලග්නයේ දී ලග්න ගතවන කුජ, කුම්භයේ දික්‌බලව ලග්නයෙන් 10 වැන්නටත්, වෘෂභයේ 7 වැන්නටත්, සිංහයේ 4 වැන්නටත් ගෝචර වනු ඇත. ඒ අනුව එළැඹෙන මාර්තු 07 දක්‌වා කුම්භ, සිංහ, වෘශ්චික හා වෘෂභ යන ලග්නවලින් උපදින දූ දරුවන් ඉතාම පින්වත් හා බුද්ධිමත් මෙන්ම බලවත් හා එඩිතර වූ අනාගත දේශපාලන ක්‌ෂෙත්‍රයේ හා සමාජයේ මෙන්ම ආරක්‌ෂක අංශවල කැපී පෙනෙන සුවිශේෂ චරිත වනු නොඅනුමානය. එම දරුවන් සෘජු අදහස්‌ ඇත්තා වූ යහපත් පුද්ගලයන් වනු ඇත. මෙම කාලය දරු උපත් සඳහා අති ප්‍රබල පංච මහා පුරුෂ යෝගයක්‌ සහිතව උදාවන අතර මාර්තු මාසයේ මුල් භාගය දක්‌වාම ඉතාම සුබදායක වනු ඇත. සුබ යෝග ඇතුළු තවත් ග්‍රහ යෝග කීපයක්‌ මෙම කාලය තුළ උදාවනු ඇත. නමුත් ඉහත කාලය තුළ රටේ මහජනතාවට යම් යම් අපහසුතා හා දේශගුණ විපර්යාස ඇතිවීමටත් කාන්තාවන්ට යම් අපහසුතා ඇතිවීමටත් හැකියාව පවතී. වැඩිදුර විස්‌තර සදහා 0382293771 / 0772753100 ජ්‍යෙතිෂවේදී බණ්‌ඩාරගම, සම්පත් එස්‌ කල්පගේ “තසුනි” සෙත්කවි හා ජ්‍යෙතිෂ සේවය, නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්‌ඩාරගම

Read more
අමනුෂ්‍ය දොෂ ගැන ඔබ දැනුවත්ද? - නැතිනම් මෙය කියවන්න

“යකෙක්‌ වැහිලා” “පෙරේතයෙක්‌ වැහිලා”, “පෙරේත ගඳයි”, “මල පෙරේත බැල්මක්‌” වැනි වදන් අපට නිරතුරුව ඇසේ. සාමාන්‍ය ජන ජීවිතයේදී මෙන්ම ඊටත් වඩා ජ්‍යෙdතිෂය ගුප්තවිද්‍යාව වැනි දේ කරන අපට දිනපතා අපට සුපුරුදු වදන්ය. කවුරු පිළිගත්තද කවුරුන් පිළිනොගත්තද අප සත්‍යයට මුහුණ දිය යුතුය. බුද්ධ ධර්මයේදී ප්‍රේත ලෝක , දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක ගැන සඳහන්වේ. “ප්‍රේත වත්ථු” සහ “විමාන වත්ථු” යන දෙකේ ප්‍රේත ආත්ම සහ දේව ආත්ම ගැන මනාව සඳහන්වේ. යම් අයකුට ප්‍රේත ආත්ම ගැන දැනගත යුතු නම් “ප්‍රේත වත්ථු” පරිශීලනය සුදුසුය. අපට දැනෙන සියල්ල දකින්නට නොහැක. සුළඟ, ඇඟට, නහයට, දැනුණද දැසට පෙනෙන්නේ නැත. දෙනෙතට නොපෙනෙන නිසා සුළඟ වාතය නැතැයි තර්ක කළ නොහැක. අපට නොපෙනෙන එහෙත් අප වටා සැරිසරන බොහෝ දේ පවතී. මින් එක්‌ අවස්‌ථාවක්‌ ලෙස අමනුෂ්‍ය දොaෂ දැකිය හැක. මේ පොදුවේ අමනුෂ්‍යයෑයි සඳහන් කළද ඒවා වර්ග කිහිපයකට බෙදා දැක්‌විය හැක. භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ, මළ ප්‍රේත (මළ පෙරේත), මළ යක්ෂ, ගෙවල ආදී වශයෙන් අවස්‌ථා ගණනක්‌ ඇත. මෙයින් මළ යéයින් හෙවත් යéයින් දරුණු ගණයේ ලා සැලකේ. අප කවුරුත් දන්නා රීරියéයා, මහසොහොනා, කඩවර යéයා නම් වශයෙන් සඳහන් කළ හැකි වුවද මෙවැනි චරිත බොහෝ රාශියක්‌ ඇත. සාමාන්‍ය ජීවිතයේදී ඔබට හා මට හුරු පුරුදු චරිත කිහිපයක්‌ විමසා බැලුවොත් අප දන්නේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු රැසක්‌ සිටියද නාමිකව මතකයේ ඇත්තේ සුළු පිරිසක්‌. චිත්‍රපට නළු නිළියන්ද එසේමය. විදේශ රටවල ජනාධිපතිවරු ඇමතිවරුද සියල්ල අපට මතක නැත. අදාළද නැත. ඒ ලෙසම යéයින්ද සිය දහස්‌ ගණනක්‌ ඇතත් ඔවුන් සියල්ල අපට හමුවන්නේ හෝ වින කරන්නේ නැත. යéයන්ට අමතරව ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ ආදී විවිධ අමනුෂ්‍යයන් රාශියකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ආදී ලෙස දේශපාලකයින් සිටින්නාක්‌ මෙන් චිත්‍රපට නළු නිළියන් රූපවාහිනී නළු නිළියන් වේදිකා නාට්‍ය නළු නිළියන් ආදී බොහෝ රාශියකි. අන් අංශවලත් එසේමය. භූත විද්‍යාවට අනුව මනුෂ්‍ය වර්ගයාට අමනුෂ්‍ය දෝෂ එල්ලවිය හැකි අවස්‌ථා රාශියකි. මළ ගෙදරකදී, සොහොන් පිටියකදී, පාළු භූමියකදී,මස්‌, මාළු, පුළුටු ආදී ආහාර ගැනීමේදී, ඇඳුම් මාරු කරන අවස්‌ථාවලදී, හුදකලා ස්‌ථාන, දෙමංසල, තුන්මංසල, රදාතොට ආදී ස්‌ථාන, දිය නාන අවස්‌ථාවලදී (ළිං තොට, ගං තොට, පැන් තොට) අපට අමනුෂ්‍ය දොaෂයන් ඇතිවිය හැකි අවස්‌ථා බොහෝය. “අප දුර්වල” වන ඕනෑම අවස්‌ථාවක අමනුෂ්‍ය දොaෂයක්‌ ඇතිවිය හැක. දුර්වල වීම යනු සිරුරේ ශක්‌තිය නොව මානසික හෝ ග්‍රහ බලය දුර්වලවීමයි. මේ සමඟම සිරුර දුර්වල වේ. ඉහත සඳහන් කළේ ඉබේම සිදුවන යක්ෂ , ප්‍රේත (අමනුෂ්‍ය) දෝෂ පිsළිබඳවයි. මෙයට අමතරව නූල් පැන්නුම්, ඉරි පැන්නුම්බී, මට දීම, කෑමට දීම, තෙල් මතුරා දීම, මිනී අළු ඉසීම, හදි හූනියම් ආදියෙන් කෙනෙකු තව අයකුට අත්කළ හැකි අමනුෂ්‍ය දොaෂ රාශියකි. මේ දොaෂ ඉබේම ඇතිaවූයේද නැතහොත් තවත් කෙනකු විසින් ඇති කළේද? යන්න නොව මේවායින් ඇතිවිය හැකි ප්‍රතිපල භයානකය. සාමාන්‍ය වශයෙන් යමකුට නිතර ඇතිවන හිසරුදාව, වමනය, ඔක්‌කාරය, බඩ පුරවාලීම, නිදිමත ගතිය, යටිබඩ කොරවීම, සිරුරෙන් දුර්ගන්ධයක්‌ පිටවීම, දරුවන් නොමැතිවීම,නෂ්ඨකාමය,අකලට වියපත්වීම ආදී දේ සිදුවේ. මුලදී මේවා කුමන හෝ රෝගයක්‌ යෑයි සිතා අත් බෙහෙත් ගන්නටත් පසුව වෛද්‍ය ප්‍රතිකාර කරන්නටත් අප පෙළඹේ. වෛද්‍යවරු විවිධ පර්යේෂණ හා ඖෂධ වර්ග ලබාදුන්නද රෝගය සුවවීමක්‌ සිදු නොවේ. එවිට අප හමුවීමට පැමිණෙන අවස්‌ථා ඇත. ඇතැම් විට ඒ එන්නේ රෝගය බොහෝ උත්සන්න වූ පසුවය. නැතහොත් වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කරන්නට “නොහැකි” නැතහොත් “රෝගයක්‌ නොමැති” බව පැවසූ විටය. පොදුවේ අමනුෂ්‍ය දොaෂ ඇති විට ඉහත කී රෝග ලක්‌ෂණ පෙන්නුවද ඒ ඒ අමනුෂ්‍යයාට ඇතිවන රෝග ලéණ වෙනස්‌ය. ගෙවල යක්ෂ දෝෂය උදාහරණ ලෙස ගතහොත් සුව නොවන තුවාල, අධික හිස රුදාව, කටින් කෙළ පිටවීම, කථාකරනවිට දුගද හැමීම, විකාර සිහින පෙනීම, අම්ල පිත්ත (ගැස්‌ට්‍රයිසිස්‌) රෝගය, කුම්භාණ්‌ඩ අවස්‌ථාවේදී, හොරි දද ඇතිවීම, පාචනය, අපිරිසිදු බව, නිදිමත ගතිය, විඩාබර ගතිය, නෂ්ඨ කාමය ආදී රෝග මැවේ. මේ නිසා තම තමන්ට ඇතිව ඇති දොaෂය පළමුව හඳුනාගත යුතුය. එය දé භූත වෛද්‍යවරයෙකුට පහසුවෙන් කළ හැක. නැතහොත් අඳුන හෝ අංජනමක්‌ මගින් දැනගත යුතුය. එසේත් නැතිනම් “මළ පෙරේත දිෂ්ටිය” හෝ මහ සොහොන් දිෂ්ටිය” වැනි දිෂ්ටියකින් මතුරන්නට අවශ්‍යය. මේ මැතිරීමේදී රෝගියාට දහඩිය දැමීම, ක්‌ලාන්තය, හෝ දොඩමළුවීම ආදී රෝග ලéණ පහළවේ. රෝගය හඳුනාගත් පසු තැම්බුම් හොදි මතුරා දීම, පස්‌ ඇඹුල මතුරා දීම, තැඹිලි මතුරාදීම, දෙහි, අහු, අළුපුහුල් ආදිය කැපීම, නූල් යන්ත්‍ර දැමීම ආදිය සිදුකළ යුතුයි. 1) මෙහිදී රෝග ලක්ෂණ, 2) රෝගය (දොaෂය හඳුනාගැනීම), 3) නිවැරදි පිළියම් යෙදීම වැදගත්ය. එසේ නොකළහොත් දීර්ඝ කාලීන රෝගී භාවය, විවාහ දෙදරා යාම, රැකියා අහිමිවීම, අංගවිකලවීම, සිරුර අධික ස්‌ථුලවීම, හෝ අධික ලෙස කෙට්‌ටුවීම, ආදිය විය හැක. අවසානය මරණය වුවද විය හැක. ඒ නිසා නිවැරදිව තමාට ඇති දොaෂ තත්වය හඳුනාගැනීම වැදගත්ය. ඒ සඳහා නිවැරදි ක්‍රම වේදයන් අනුගමනය කළ යුතුයි. ඕනෑම රෝගයකට “පෙනඩෝල්” පෙති බොන්නාක්‌ මෙන් ජලනන්දන පිරිත හෝ රතන සූත්‍රය සියල්ලට සුදුසු නොවේ. ඒවායෙන් ඇතිවන්නේ ඇතැම් අමනුෂ්‍ය දෝෂ පහකිරීම පමණි. ඒ නිසා රෝගියා සහ භූත වෛද්‍යවරයා පළමුව සුහඳව කථාබහකොට තමාගේ රෝග තත්ත්වය (දෝෂය) ඇදුරාට පැවසිය යුතුය. භූත වෛද්‍යවරයාට තමාවෙත එන දෝෂ (රෝගියා) හඳුනාගෙන අවශ්‍ය පිළියම් යෙදීම වැදගත්ය. මනෝ වෛද්‍යවරු බොහෝ මානසික රෝග සුවකළ ද අමනුෂ්‍ය දෝෂ මනෝ විද්‍යාවෙන් සුව කිරීම කළ නොහැක. මේ අංශ දෙක දෙකකි. ඒ නිසා මනෝ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය එකක්‌ වන අතර භූත වෛද්‍යවරයාගේ කාර්යය වෙනත් එකකි. ජ්‍යෝතිෂය විද්‍යා ප්‍රසාදිනී එස් වීරරත්න වැඩිදුර විස්‌තර සදහා 072 7 430 179, 081 2 085 541 lanka media hub

Read more