හමුදාව වෙනුවෙන් නිර්මාණය වුනු අලුත්ම පට්ට ඇඩ් එක – රට රකින ජාතිය ශ්‍රී ලංකා යුද්ද හමුදාව

හමුදාවකට පුළුවන් රට රකින්න, රටක මිනිස්සුන්ට පුළුවන්ද හමුදාව රකින්න, ඔව් පුළුවන් මේ ඒ රට රකින ජාතියට කරන වර්තමාන සුපිරිම ආමන්ත්‍රණය තමයි මේ අලුත්ම ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම.

වසර තිහක් යුද්ධයෙන් බැට කාපු රටක අපි රටක් ජාතියක් ගැන ආඩම්බරයෙන් කතාකරපු අපි පසුගිය කාලයේ පබයෝ වගේ හිටියේ ඇයි. මේ ජාතියක අපුර්වතම නැගිටීමේ පෙරමන් සලකුණු. ආඩම්බරයි වියයුතු කාරණය නම් රට රකින ජාතියට කොන්ද පන ඇති නායකත්වයක් හිමි වීමය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට මේ පිළිබඳව ජාතියක් ලෙස අප ස්තුති වන්ත විය යුතුය.

මේ අපුර්ව නිර්මාණයේ නිර්මාණ කරුවා වෙන්නේ සංජක ප්‍රසාද් දොලේවත්ත කියන වර්තමාන පෙරලිකාර තාරුණ්‍යයේ විප්ලවීය පුවත්පත් කලාවේදියාය. වර්තමාන ඉරිදා ඇපල් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වන ඔහු ඉන් ඉහතදී ට්‍රයඩ් වෙළඳ ප්‍රචාරණ ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂණ කටයුතුද සිදු කරමින් ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රචාරණ කලාවේ නව ප්‍රවණතා අනුව නිර්මාණ කටයුතු සිදුකරමින් ක්ෂත්‍රයේ නම් තැබුවෙකි.

ගැම්ම කියන්නේ ලේ නහර ආදරෙන් නාඩි වැටෙන තාලයට…අපි එකිනෙකාට අනුව ඒ නාඩි වැටෙන තාලේ වෙනස් උනාට මේ නිර්මාණයේ හැම නාඩියක්ම තනි තාලෙකට අරගෙන..ඒකතමයි ගැම්ම…ගැම්මක් නැති රටකට පිම්මක් පනින බෑ කියල දන්න නොදන්නා හැම හිතකටම පිම්මක් ගන්න ගැම්මක් දෙන වර්තමාන වෙළඳ ප්‍රචාරණ කලාවේ දැවැන්ත නිර්මාණයක් බවට පත් වනු ඇත.

 

ශ්‍රී ලාංකීය ජාතිය රකින රට රකින ජාතියට ඔබත් එක්වන්න
රට රකින ජාතිය ශ්‍රී ලංකා යුද්ද හමුදාව

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *