The Body Shop වෙතින් ස්ට්‍රෝබෙරි හිසකෙස් සත්කාර සහ පලතුරු ‘ලිප් ජූසර්’ පෙළක්

නවතම ස්ට්‍රෝබෙරි හිසකෙස් සත්කාර නිෂ්පාදන සහ පලතුරු ‘ලිප් ජූසර්’ පෙළක් හඳුන්වා දීමට The Body Shop මෑතකදී කටයුතු කළේ ය. ඉතාමත් ආකර්ෂණීය සුවඳක් සහිතව, සුවිශේෂී අමුද්‍රව්‍ය යොදා මේවා නිපදවා ඇත.

නව ස්ට්‍රෝබෙරි හිසකෙස් සත්කාර නිෂ්පාදනයStrawberry Clearly Glossing Shampoo සහ Strawberry Clearly Glossing Conditioner යන නිෂ්පාදන දෙකෙහි එකතුවකි. ඉතාලියෙන් ලබාගත් ස්ට්‍රෝබෙරි වල යුෂ යොදා, හිසකෙස් වලට නැවුම් හා ප‍්‍රසන්න පලතුරු සුවඳක් ලැබෙන ආකාරයට මෙය නිපදවා තිබේ. තවද හිසකෙස් සුවපත් කිරීම සඳහා මෙක්සිකෝවෙන් ලබාගත් Community Trade කෝමාරිකා යුෂද මීට ඇතුළත් කර ඇත.

හිසකෙස් වලට සහ හිස් කබලට මෘදු සත්කාරයක් සපයන Glossing Shampoo දිනපතා පාවිච්චියට ඉතාමත් සුදුසු ය. නොඇලෙනසුලූ සංයෝගයක් ලෙස සකසා ඇති මෙය හිසකෙස් වලට දිදුලන බවක් ලබාදෙන අතර, හිසකෙස් වලට බරක් නොදී බාහිර සමට සත්කාරය ගෙනෙයි. වියළි සමට ඉතාම සුදුසු මෙම ෂැම්පු වර්ගය, හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් දීප්තිය ඇතිකිරීමට සමත් ය. මෘදුව, නොවියළෙන ආකාරයට හිසකෙස් පිරිසිදු කිරීම සඳහාSodium Laureth Sulfate සහ හිසකෙස් වලට තෙතමනය ලබාදීම සඳහා ග්ලිසරීන් යොදා මෙම ෂැම්පු නිපදවා තිබේ.

Strawberry Clearly Glossing Conditioner යනු හිසකෙස් වලට ස්ට්‍රෝබෙරි සුවඳ සමග දීප්තිය දෙන නිෂ්පාදනයකි. ඉතාම මෘදු නිෂ්පාදනයක් වන මෙය භාවිතා කිරීම ආරම්භ කළ අවස්ථාවේ පටන්ම හිසකෙස් වලට පැහැදිලි දීප්තියක් සහ මෘදු බවක් සමගින් තෙතමනය ලබාදෙයි. ග්ලිසරින් මෙන්ම බ‍්‍රසීලයෙන් ලබාගත් Community Trade සෝයා තෙල් යොදා මෙය නිපදවා ඇත.

The Body Shop නිෂ්පාදන එකතුවට අලූතින්ම එකතු වන නිෂ්පදාන වන්නේ පලතුරු ‘ලිප් ජූසර්’ පෙළයි. Fruity Acai, Luscious Blueberry, Juicy Kiwi යනාදී රස වර්ග වලින් ලිප් ජූසර් බාම් වර්ග 5 ක් මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී ඇත. නවතම ‘සුපර්ෆුඞ් ස්මූදී’ පාන සම්ප‍්‍රදායෙන් ආභාෂය ලබා නිපදවා ඇති මේවා, ඝානාවෙන් ලබාගත් Community Trade බටර් යොදා නිපදවා තිබේ.

මෙම ලිප් ජූසර් සඳහා ඝානාවේ Tungteiya Women’s Shea Butter Association හි කාන්තාවන් 500 කට අධික පිරිසක් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද භාවිතයෙන් ෂී බටර් නිපදවති. මෙය ලොව පුරා ප‍්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා The Body Shop ගන්නා උත්සාහයේ එක් පියවරක් වන අතර මෙවැනි වැඩසටහන් මගින් වසරකට ලොව පුරා 45,000 කට අධික පිරිසකට සෙත සැලසේ.

ස්ට්‍රෝබෙරි හිසකෙස් සත්කාර සහ පලතුරු ‘ලිප් ජූසර්’ නිෂ්පාදන කොළඹ බගතලේ පාරේ පිහිටි The Body Shop ප‍්‍රදර්ශනාගාරයෙන් සහ, කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ සහ මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හි පිහිටි ඔඩෙල් ප‍්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැකි වේ.

The Body Shop පිළිබඳව

1976 වසරේදී ඇනිටා රොඩික් විසින් එංගලන්තයේ ලිට්ල් හැම්ටන් ප‍්‍රදේශයේ දී ‘ද බොඩි ෂොප්’ ආරම්භ කරන ලදි. ව්‍යාපාරයක් යනු සමාජයට යහපතක් සිදුකිරීම සඳහා භාවිතා කළ හැකි බලවේගයක් ය යන සංකල්පය පදනම් කරගෙන එය ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි. ස්වභාවිකත්වයට මුල්තැන දෙන, උසස් තත්ත්වයෙන් යුත්, ආචාරධර්ම සහ තිරසාරත්වය සුරකිමින් නිෂ්පාදනය කළ හිසකෙස් සත්කාර නිෂ්පාදන, සම සඳහා වන සත්කාර නිෂ්පාදන සහ රූපාලංකරණ නිෂ්පාදන තිළිණ කරමින් සමාජයේ යහපත් වෙනසක් ඇතිකිරීම සඳහා ද බොඩි ෂොප් උත්සාහ කරයි. වසර 42 කට පසුවත් සිය මුල් දැක්ම අනුව යමින්, 2020 වසර වනවිට තමන් භාවිතා කරන Community Trade අමුද්‍රව්‍ය ප‍්‍රමාණය දෙගුණ කිරීම සමාගමේ ඉලක්කය වී ඇත.

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *