Business

එදිරිසිංහ බ‍්‍රදර්ස් හයිබි‍්‍රඩ් හබ් දෙවෙනි පහසුකම පිළියන්දලට

ශ්‍රී ලංකාව තුළ හයිබි‍්‍රඩ් සහ ප්ලග්-ඉන් හයිබි‍්‍රඩ් වාහන සේවා, අලුත්වැඩියා සහ හයිබි‍්‍රඩ් බැටරි යළි ආරෝපණය කිරීමේ විශේෂඥභාවය සතු කරගත් එකම ආයතනය ‘හයිබි‍්‍රඩ් හබ්’ සිය දෙවෙනි සේවා ස්ථානය පිළියන්දල, මිරිස්වත්තේ දී විවෘත කළබව එදිරිසිංහ බ‍්‍රදර්ස් සමාගම (EBL) සතුටින් දන්වා සිටී. මෙයට වසර දෙකකට පෙර කොළඹ, ඛෙත්තාරාමයේ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රකට් කී‍්‍රඩාංගණය යාබදව ප‍්‍රථම එදිරිසිංහ බ‍්‍රදර්ස් හයිබි‍්‍රඩ් හබ් සේවා සැපයුම් මධ්‍යස්ථානය පිහිටුවූ අතර මෙරට ‘හයිබි‍්‍රඩ් වාහන විශේෂඥයා’ ලෙසින් එය ස්ථාපිත විය. එහි පැමිණි සහ පැමිණෙන පාරිභෝගිකයින් සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ තොරතුරු සුහද ලෙසින් හුවමාරු කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉතා විශිෂ්ට මට්ටමේ සේවාවන් සැපයීම හේතුවෙන් ඔවුන් සියල්ලන්ගේම විශ්වාසය, ගෞරවය සහ ඉමහත් කැමැත්ත ඉතා කෙටි කලෙකින් දිනාගැනීමට ‘හයිබි‍්‍රඩ් හබ්’ට හැකි විය. මෙහි කාර්යමණ්ඩලයේ සියල්ලන්ම වාහන නඩත්තු කිරීමේ නිවැරැදිම උපදේශයන්, ඉන්ධන කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවිය හැකි වාහනය පැදවීමේ නිවැරැදි ආකාර පෙන්වා දෙමින් හයිබි‍්‍රඞ් රථයෙන් උපරිම ඵල නෙළාගැනීමේ හැකියාවන් ලබාගැනීමේ උපදෙස් පාරිභෝගිකයින් වෙත නිරන්තරයෙන්ම ලබා දෙයි. හයිබි‍්‍රඩ් බැටරි දෝෂ හඳුනාගැනීමේ සහ ආරෝපණය කිරීමේ තාක්‍ෂණයක් හිමි ඇමෙරිකානු සමාගමක් වන ක්වෝතෝ ටෙක්නිකල් සර්විසස් සමාගමේ තාක්‍ෂණය මෙරටට හඳුන්වාදීමේ සහ භාවිත කිරීමේ පූර්ණ බලය සහ අවසරය ‘හයිබි‍්‍රඩ් හබ්’ ලබා ඇත. මෙම සුවිශේෂී තාක්‍ෂණය මගින්, දුර්වල වුණු හයිබි‍්‍රඩ් බැටරියක බලය සහ ශක්ති ධාරිතාව පෙර පැවති තත්ත්වයෙන් 95%ක් දක්වා යළි බලගැන්වීමේ, ආරෝපණය කිරීමේ හැකියාව ලැබෙයි. මෙම උපකරණ පද්ධතිය මගින් බැටරියේ ඇති එක් එක් මොඩියුල සෘජුවම සම්බන්ධ කරගෙන එ්වායේ පවතින සැබෑ තත්ත්වය විශ්ලේෂණය කිරීමේ හැකියාව ලබා දෙයි. එදිරිසිංහ බ‍්‍රදර්ස් හයිබි‍්‍රඩ් හබ් සම ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි, සංඛ එදිරිසිංහ මහතා මේ පිළිබඳව සිය අදහස් මෙසේ පළ කළා. ”මුලින්ම අපි කොළඹ ‘හයිබි‍්‍රඩ් හබ්’ ආරම්භ කරන කාලයේ ශ්‍රී ලංකාව තුළ හයිබි‍්‍රඞ් වාහනවලට හොඳ උනන්දුවක් තිබුණා. එ් වෙනකොට 90,000කට අධික හයිබි‍්‍රඩ් වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කරලා. අවුරුදු දෙකක් ගතවෙන මේ මොහොතේ එ් උනන්දුව, ඉල්ලූම සෑහෙන දුරකට වැඩිවීමේ ප‍්‍රවණතාවක් පෙනෙනවා.” ”දෙවෙනි එ්කකය ආරම්භ කිරීමට එම වැඩිවීමේ ප‍්‍රවණතාවය එක් ආසන්නම හේතුවක්. අපේ පළමු හයිබි‍්‍රඩ් හබ් ඒකකයේ වසර දෙකක මෙහෙයුම්වලින් අපි උගත් දේ බැලූවොත් හයිබි‍්‍රඞ් වාහනවලට තියෙන උනන්දුව වැඩිවීමක් දක්නට ලැබුණත් මෙම වාහන සේවා සපයන බොහොමයක් යාන්ත‍්‍රික ශිල්පීන්, සර්විස් සහ ලූබ්රිකන්ට් යොදන ආයතන සම්බන්ධයෙන් නිසියාකාර ප‍්‍රමිතියකින් තොර තාක්‍ෂණික ක‍්‍රමවේද භාවිත කිරීමේ භයානක තත්ත්වයක් වර්ධනය වෙමින් තිබෙනවා. එ්වාගේම ආරක්‍ෂණ ක‍්‍රමවේද පිළිබඳව වැරදි අවබෝධයන් හේතුවෙන් වාහනවල තත්ත්වය නුසුදුසු බවට පත්වීම නිසාවෙන් දිගුකාලීනව නියම අයුරින් වාහන පවත්වාගැනීමේ ගැටලු මතුවෙන්න පුළුවන්. අපේ අරමුණ සහ උත්සහය කොළඹ නගරයෙන් පිටත අපගේ සේවාවන් ව්‍යාප්ත කිරීමත් සමගින්, හයිබි‍්‍රඞ් වාහන හිමියන්ට විශ්වාසදායී සහ නිවැරදි හයිබි‍්‍රඩ් වාහන නඩත්තු සේවාවක් හඳුන්වා දීමයි, ලබා දීමයි” එදිරිසිංහ මහතා ප‍්‍රකාශකර සිටියා. පිළියන්දල, මිරිස්වත්තේ විවෘත වූ නවතම එදිරිසිංහ බ‍්‍රදර්ස් හයිබි‍්‍රඩ් හබ් එ්කකය, ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් සහ පළපුරුදු සහිත සේවා උපදේශකවරුන් මෙන්ම සුවිශේෂී පුහුණුවීම් සහ සුදුසුකම් ලත් කාර්මික-තාක්‍ෂණික ශිල්පීන්ගෙන් සමන්විත දක්‍ෂ කාර්යමණ්ඩලයකින් පරිපූර්ණයි. මෙම පිළියන්දල එ්කකය ද පළමු එ්කකය මෙන්ම නියමාකාර ප‍්‍රමිතීන්ගෙන් ගොඩනගා ඇති අතර දිනකට හයිබි‍්‍රඞ් වාහන 60ක ප‍්‍රමාණයක සේවා අවශ්‍යතා සපයා දීමේ හැකියාව සහිතය. මෙම පහසුකම් සැපයීම සඳහා HEV බැට්රි ලැබ් එ්කකය, නඩත්තු කටයුතු හා සියලුම ආකාරයේ විද්‍යුත් සහ යාන්ත‍්‍රික අලුත්වැඩියාවන් සඳහා සියලුම තාක්‍ෂණික උපකරණ ස්ථාපිත කර ඇත. තම හයිබි‍්‍රඩ් වාහනයේ අවශතාවන් හයිබි‍්‍රඩ් හබ් ඉටු කරදෙන තෙක් මෙහි පැමිණෙන පාරිභෝගික ජනතාවට කොළඹ එ්කකයේ මෙන් ඉදිකර තිබෙන අති නවීන පාරිභෝගික විවේකස්ථානය සමගින් නිදහසේ සුවපහසුව සිටිය හැකිය.

Read more
කොළඹ පාරවල් මයික්‍රෝ සමාගම ආක්‍රමණය කළේ කොහොමද

හදිස්සියේ මයික්‍රෝ වාහන සට සට ගාල වැඩි වුන හේතුව මෙන්න සුප්‍රසිද්ධ “MG” යනු 1924 දක්වා ඈත අතීතයකට දිවෙන උද්වේගයෙන්පිරි ධාවන අත්දැකීමක් ලබාදුන්පැරණි බ්‍රිතාන්‍ය මෝටර්රථ සමාගමකි. “MG” සන්නාමය පෙර නොවූවිරූ ආකාරයෙන්හැඩයෙන්සහ ඉඩකඩ අතින්සන්නද්ධව සංයුක්ත “SUV” ආකෘතියක්ලෙස කරළියට පැමිණ තිබේ. සියලුම හිමිකම්ඇවිරුණු ආදේශකයක්වන “Euro Sports Auto Lanka” සමාගම සහමයික්‍රෝකාර්සමාගම මෙම ප්‍රසිද්ධ වෙළඳනාමය සම්බන්ධයෙන්ශ්‍රීලංකාවේ කළමනාකාරිත්වයට පත්ව ඇති අතර “MG” සඳහා ඇති එකම නියෝජිතයාදවේ. 2018 මාර්තු මාසයේදී නව “MG ZS” ලංකාවට හඳුන්වා දෙනු ලැබූඅතරඉතා කෙටිකාලයක්තුළ එය ලංකිකයන් අතර ජනප්‍රිය වාහනයක් බවට පත්ව තිබේ. “MG ZS” රු. 4,998,000ක විශේෂිත මිලකට හඳුන්වාදෙනු ලබනඅතර මෙය අසමසම අවුරුදු පහක වගකීමකින්ද සමන්විතය. “Global Fortune 500” හිශ්‍රේණිගතකිරීම්වල 41වනස්ථානයේසිටින 2017 දීඇමරිකානුඩොලර්බිලියන 113.86ක ආදායමක්ඉපයීමට සමත්වූ ෂැංහයි මෝටර්රථ කර්මාන්තය (SAIC) විසින්අත්පත්කරගැනීමට පෙර “MG” මෝටර්රථය සම්බන්ධයෙන්සාම්ප්‍රදායිකව හිමිකාරීත්වය දැරුවේ බ්‍රිතාන්‍යයේ “MG” මෝටර්රථ සමාගමයි. වර්තමානයේ ෂැංහයි හිපිහිටා ඇති SAIC යනු චීනයේ විශාලතම මෝටර්රථ නිෂ්පාදන සමාගම වනඅතර එය චීන වෙළඳපොළ තුළ ලෝකප්‍රකට වොක්ස්වැගන්සමාගමේ සහ ජෙනරල්මෝටර්ස් “Cadillac” හිද එකලස්කරුවේ. SAIC හි ගෝලීය සන්නාමය “MG” සහ “Rover” අපනයනවලින්සමන්විත වන අතර එක්සත්රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රීලංකාව ඇතුළු යුරෝපීය වෙළඳපොළවල්එලෙස අපනයනය කරන ප්‍රමුඛ රටවල්වේ. එක්සත්රාජධානියට නියමවූ නිෂ්පාදනදාමය සහ පිරිවිතරයන්මතගොඩනංවා ඇති “MG ZS” අපේ රටට හඳුන්වා දෙන්නේද ඒඅයුරින්මය. MG ZSමෝටර් රථය euro encapමෙන්ම යුරෝපා සංගමයේ සියලුම ප්‍රමිතීන්ට සහ ඕස්ට්‍රේලියාවේ වාහනවල ගුණාත්මකබාවය මනිනු ලබන “ADR” සම්මතයන්යන්ටද අනුකූලව නිෂ්පාදනය කර ඇත.ජපානයේ AISIN සමාගමෙන් MG ZS රථය සඳහා 6 ස්පීඩ් අධි තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් නිෂ්පාදනය කරනු ලබයි. මෙහි එන්ජිම ඉතා වැඩි බලයක් සහ අධි තාක්ෂණයෙන් පරිසර හිතකාමී අයුරින් නිෂ්පාදනය කර ඇති අතර අධිවේගී මාර්ග සඳහාද ආරක්ෂාකාරී ධාවනයක් සඳහා සුදුසු වේ. සෘජුවමආනයනයකරනලද “MG ZS” එම මිල දර්ශකයේ ඇති අන්කිසිවකට සමනොවී කල්ප ගණනාවක්සමඟින්පැමිණේ. 60% දක්වා විවෘත කළ හැකිසම්පූර්ණ දිශානතියක්සහිත sun roof, ලෙදරආසන, ස්වයංකාලගුණපාලකය, “Apple CarPlay”, ස්පීකර්හය, බ්ලූටූත්පහසුකම, පසුපසකැමරා, ටයර්පීඩනමෙහෙයුම්පද්ධතිය (TPMS),විචල්‍යය සහායක්තෝරාගැනීමට ඉඩ ලබාදෙන විද්‍යුත්සුක්කානම් පද්ධතිය, “ABS” සහ “EBD” වක්‍ර තිරිංගසමගනිපදවා ඇති නිසැකතිරිංගපද්ධතිය,ආරක්ෂාව තහවුරුකරන වායු බෑග් 6ක් ඇති“ZS” හි ඇති බොහොමයක්වූ ලක්ෂණ අතුරින්කීපයකි. “MG ZS” සඳහා වූ ලාංකික ප්‍රතිචාරය සහ උනන්දුව ඉතාම ඉහල වන අතර ලෝකප්‍රකට රථවාහන දැවැන්තයා වන “SAIC MG”සමග අත්වැල්බැඳගැනීමට සහ ශ්‍රීලංකා වෙළඳපොළට මෙම අනර්ඝ බ්‍රිතාන්‍ය මෝටර්රථ සන්නාමය තරඟකාරී මිලක්යටතේ යළිත්වරක්හඳුන්වා දීමට ලැබීම ගැන සතුටට පත්වන මයික්‍රෝ මෝටර්රථ සමාගම මෙම “අනර්ඝසන්නම්තැබූ SUV” රථය දිවයින පුරා සමස්ත පාරිභෝගික ඉල්ලුමට සරිලන ලෙස නුදුරු අනාගතයේ දීම අසමසම පසු විකුණුම්සේවාවලින්ද පූර්ණ කරනු ඇත.

Read more
CLC ‘රිය සැණකෙළිය’ දිවයින පුරා දැවැන්ත පාරිභෝගික ආකර්ෂණයක් දිනාගනී

ප‍්‍රධාන නගරවලින් බැහැරව වෙසෙන පාරිභෝගික ජනතාවගේ වාහන අවශ්‍යතා සියල්ලම පාහේ, ඔවුන් වෙත සමීප කිරීම අරමුණු කරගත් මෙරට ප‍්‍රමුඛතම ලීසිං සහ මූල්‍ය සේවා සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් සමාගම (CLC, මෑතකදී හඳුන්වා දුන් ‘රිය සැණකෙළිය’ වැඩසටහන මෙරට ලියාපදිංචි කළ සහ නොකළ වාහන වෙළෙඳපොළ තුළ දැවැන්ත පෙරළියක් සිදුකිරීමට සමත්ව සිටී. රිය සැණකෙළියේ ප‍්‍රධාන වෙනසක් වන්නේ එය තවත් එක් රියපොළක් හෝ වාහන ප‍්‍රදර්ශනයකට එහා ගිය සේවාවන් රැසක් පිරිනැමීම ය. එනම් පාරිභෝගිකයන්ට වාහන මිලදීගැනීමේ සිට ඊට අවශ්‍ය ලීසිං, රක්ෂණ, තක්සේරු, වාහන හුවමාරු ආදී පහසුකම් සියල්ල එකම වහලක් යටදී ලබාගැනීමට අවස්ථාව උදාකර දී ඇත. lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
නවතම AI Beauty 2.0 තාක්ෂණය සමගින් OPPO F7 දුරකතනය හඳුන්වාදෙයි

නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකතනය දියත් කිරීමට OPPO පසුගියදා කටයුතු කළේය. Super Full Screen සහ වැඩිදියුණු කළ multi-tasking මෘදුකාංග සමග පැමිණෙන එය 64GBiy4GB RAM සහිත වන අතර රු. 54,990 කට මිලදීගත හැකිවේ. 2018 අපේ‍්‍රල් 25 වනදා සිට එය දිවයින පුරා අලෙවිසැල් වෙතින්Solar Red, Moonlight Silver සහ Diamond Black යන වර්ණවලින් මිලදීගත හැකිවේ. මීට අමතරව F7 128GBiy6GB මාදිලියක් F7 128GBiy6GB වර්ණවලින් රු.69,990කට හඳුන්වා දීමට OPPO දැනටමත් සැලසුම්කර ඇත. තවද ඉදිරියේදී OPPO සමාගම යුරෝපීය වෙළෙඳපොළට පිවිසීමට සැලසුම් කර ඇති බව ද F7 දුරකතනය දියත් කිරීමේ අවස්ථාවේදී අනාවරණය කරන ලදි. lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
ජීවිත රක්ෂණ අලෙවිකරණයේ විශිෂ්ටයන් ඔප්නැංවීම පිණිස AIA සහ SLIM ගිවිසුම්ගත වේ

මෙරට අලෙවිකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් වසර 50කට ආසන්න කාලයක් තිස්සේ සේවය සපයමින් අලෙවිකරණය සඳහා වූ ජාතික ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM ආසියාවේ විශාලතම ස්වාධීන මහජන ලැයිස්තුගත pan-Asian  life  insurance සමූහයේ කොටසක් වන AIA Insurance Lanka PLC සමග ඉකුත්දා අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. SLIM විසින් මෙරට මෙන්ම ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයට සාර්ථක අලෙවිකරුවන් රාශියක් දායක කර තිබේ. ආර්ථික සමෘද්ධිය සහ තිරසාර සංවර්ධනය සඳහා වන ජාතියේ පරිශ‍්‍රමයේදී දේශීය හෝ විදේශීය වශයෙන් බලපානු ලබන අලෙවිකරණය මත රැුඳුණු ඕනෑම කරුණක් උදෙසා ජාතික ප‍්‍රතිපත්ති සැකසීම, ක‍්‍රියාත්මක කිරීම සහ ඇගයීම පිණිස සහාය වීම, SLIM හී ප‍්‍රධාන අරමුණ වේ.

Read more
Resus Energy ජාතික විදුලි පද්ධතියට එක්කරන බලශක්ති ධාරිතාව ඉහළ නංවයි

ශ‍්‍රී ලංකාවේ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් වඩාත් පැරණිතම සහ ප‍්‍රධානතම මූලාශ‍්‍රය වන්නේ ජල විදුලියයි. විශාල පරිමාණයේ ජල විදුලි බලාගාර මෙන්ම කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඔස්සේ විදුලිය ජනනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව විශේෂයෙන් ගැළපෙන්නේ එහි ඇති සුවිශේෂිත භූගෝලීය පිහිටීම හේතුවෙනි. නවීනතම තාක්ෂණය භාවිත කරමින් පරිසර හිතකාමී ක‍්‍රමවේදයක් යටතේ පුනර්ජනනීය සහ තිරසාර බලශක්ති නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කීර්තියක් දිනාගෙන ඇති Resus Energy PLC සමාගම පරිසර හිතකාමී ක‍්‍රමවේදයක් යටතේ ශ‍්‍රී ලංකාව තුළ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර කිහිපයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා යොමු වී සිටී.

Read more
The Body Shop වෙතින් ස්ට්‍රෝබෙරි හිසකෙස් සත්කාර සහ පලතුරු ‘ලිප් ජූසර්’ පෙළක්

නවතම ස්ට්‍රෝබෙරි හිසකෙස් සත්කාර නිෂ්පාදන සහ පලතුරු ‘ලිප් ජූසර්’ පෙළක් හඳුන්වා දීමට The Body Shop මෑතකදී කටයුතු කළේ ය. ඉතාමත් ආකර්ෂණීය සුවඳක් සහිතව, සුවිශේෂී අමුද්‍රව්‍ය යොදා මේවා නිපදවා ඇත. නව ස්ට්‍රෝබෙරි හිසකෙස් සත්කාර නිෂ්පාදනයStrawberry Clearly Glossing Shampoo සහ Strawberry Clearly Glossing Conditioner යන නිෂ්පාදන දෙකෙහි එකතුවකි. ඉතාලියෙන් ලබාගත් ස්ට්‍රෝබෙරි වල යුෂ යොදා, හිසකෙස් වලට නැවුම් හා ප‍්‍රසන්න පලතුරු සුවඳක් ලැබෙන ආකාරයට මෙය නිපදවා තිබේ. තවද හිසකෙස් සුවපත් කිරීම සඳහා මෙක්සිකෝවෙන් ලබාගත් Community Trade කෝමාරිකා යුෂද මීට ඇතුළත් කර ඇත. හිසකෙස් වලට සහ හිස් කබලට මෘදු සත්කාරයක් සපයන Glossing Shampoo දිනපතා පාවිච්චියට ඉතාමත් සුදුසු ය. නොඇලෙනසුලූ සංයෝගයක් ලෙස සකසා ඇති මෙය හිසකෙස් වලට දිදුලන බවක් ලබාදෙන අතර, හිසකෙස් වලට බරක් නොදී බාහිර සමට සත්කාරය ගෙනෙයි. වියළි සමට ඉතාම සුදුසු මෙම ෂැම්පු වර්ගය, හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් දීප්තිය ඇතිකිරීමට සමත් ය. මෘදුව, නොවියළෙන ආකාරයට හිසකෙස් පිරිසිදු කිරීම සඳහාSodium Laureth Sulfate සහ හිසකෙස් වලට තෙතමනය ලබාදීම සඳහා ග්ලිසරීන් යොදා මෙම ෂැම්පු නිපදවා තිබේ. Strawberry Clearly Glossing Conditioner යනු හිසකෙස් වලට ස්ට්‍රෝබෙරි සුවඳ සමග දීප්තිය දෙන නිෂ්පාදනයකි. ඉතාම මෘදු නිෂ්පාදනයක් වන මෙය භාවිතා කිරීම ආරම්භ කළ අවස්ථාවේ පටන්ම හිසකෙස් වලට පැහැදිලි දීප්තියක් සහ මෘදු බවක් සමගින් තෙතමනය ලබාදෙයි. ග්ලිසරින් මෙන්ම බ‍්‍රසීලයෙන් ලබාගත් Community Trade සෝයා තෙල් යොදා මෙය නිපදවා ඇත. The Body Shop නිෂ්පාදන එකතුවට අලූතින්ම එකතු වන නිෂ්පදාන වන්නේ පලතුරු ‘ලිප් ජූසර්’ පෙළයි. Fruity Acai, Luscious Blueberry, Juicy Kiwi යනාදී රස වර්ග වලින් ලිප් ජූසර් බාම් වර්ග 5 ක් මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී ඇත. නවතම ‘සුපර්ෆුඞ් ස්මූදී’ පාන සම්ප‍්‍රදායෙන් ආභාෂය ලබා නිපදවා ඇති මේවා, ඝානාවෙන් ලබාගත් Community Trade බටර් යොදා නිපදවා තිබේ. මෙම ලිප් ජූසර් සඳහා ඝානාවේ Tungteiya Women’s Shea Butter Association හි කාන්තාවන් 500 කට අධික පිරිසක් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද භාවිතයෙන් ෂී බටර් නිපදවති. මෙය ලොව පුරා ප‍්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා The Body Shop ගන්නා උත්සාහයේ එක් පියවරක් වන අතර මෙවැනි වැඩසටහන් මගින් වසරකට ලොව පුරා 45,000 කට අධික පිරිසකට සෙත සැලසේ. ස්ට්‍රෝබෙරි හිසකෙස් සත්කාර සහ පලතුරු ‘ලිප් ජූසර්’ නිෂ්පාදන කොළඹ බගතලේ පාරේ පිහිටි The Body Shop ප‍්‍රදර්ශනාගාරයෙන් සහ, කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ සහ මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හි පිහිටි ඔඩෙල් ප‍්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැකි වේ. The Body Shop පිළිබඳව 1976 වසරේදී ඇනිටා රොඩික් විසින් එංගලන්තයේ ලිට්ල් හැම්ටන් ප‍්‍රදේශයේ දී ‘ද බොඩි ෂොප්’ ආරම්භ කරන ලදි. ව්‍යාපාරයක් යනු සමාජයට යහපතක් සිදුකිරීම සඳහා භාවිතා කළ හැකි බලවේගයක් ය යන සංකල්පය පදනම් කරගෙන එය ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි. ස්වභාවිකත්වයට මුල්තැන දෙන, උසස් තත්ත්වයෙන් යුත්, ආචාරධර්ම සහ තිරසාරත්වය සුරකිමින් නිෂ්පාදනය කළ හිසකෙස් සත්කාර නිෂ්පාදන, සම සඳහා වන සත්කාර නිෂ්පාදන සහ රූපාලංකරණ නිෂ්පාදන තිළිණ කරමින් සමාජයේ යහපත් වෙනසක් ඇතිකිරීම සඳහා ද බොඩි ෂොප් උත්සාහ කරයි. වසර 42 කට පසුවත් සිය මුල් දැක්ම අනුව යමින්, 2020 වසර වනවිට තමන් භාවිතා කරන Community Trade අමුද්‍රව්‍ය ප‍්‍රමාණය දෙගුණ කිරීම සමාගමේ ඉලක්කය වී ඇත. lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
ශ‍්‍රී ලංකාවේ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය සූදානමින්

ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවත් බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාව අද (18) පස්වරුවේ ලන්ඩන් නුවරදී හමුවූ ලියම් ෆොක්ස් මහතා මේ බව සදහන් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙද සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්වඡාවට ලක්විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලියම් ෆොක්ස් මහතා සදහන් කළේ ශ‍්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබද තොරතුරු බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙ`ද කටයුතු අමාත්‍යාංශයේ වෙබි අඩවිය තුළ ද අන්තර්ගත කිරීමට කටයුතු කරන බවයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත‍්‍රයේ ද සුවිශේෂී ප‍්‍රගතියක් සිදුව තිබෙන බවයි. සියලූ රටවල් සම`ග මිත‍්‍රත්වය ගොඩනගා ගනිමින් ශ‍්‍රී ලංකා රජය ගෙන යන මිත‍්‍රශීලී විදේශ ප‍්‍රතිපත්තිය තුළින් මාතෘ භූමියට ජයග‍්‍රහණ රැුසක් උදාකර ගැනීමට හැකිවී තිබෙන බව ද ජනාධිපතිතුමා ස`දහන් කළේය. ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබ`ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ විදුලිබල උත්පාදන ක්ෂේත‍්‍රයේ නව ආයෝජන පිළිබද රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කෘෂිකාර්මික සහ පශු සම්පත් ක්ෂේත‍්‍ර පිළිබදව ද ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබෙන බවයි. බි‍්‍රතාන්‍ය රජය නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ලබාදෙන සහය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. මේ අතර ශ‍්‍රී ලංකාවට ඉතාමත් හිතවත් අයුරින් කටයුතු කරන බි‍්‍රතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු සභික බාරෝන් නෙස්බි සාමිවරයා ද ලන්ඩන් නුවරදී ජනාධිපතිතුමා මුණ ගැසිණි. ශ‍්‍රී ලංකා රජය අද ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල මෙහිදී අගය කළ නෙස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාවේ සැබෑ මිත‍්‍රයකු ලෙස ඒ වෙනුවෙන් ලබාදිය හැකි සියලූ සහය ලබාදෙන බවට ද සහතික විය. එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සංහිදියා සහ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ද අගය කළ සාමිවරයා පශ්චාත් යුද සමයේ ශ‍්‍රී ලංකාව ඉටුකරමින් සිටින කාර්ය භාරය ලොව අන් රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පවතින බව ද කියා සිටියේය.එම වැඩපිළිවෙළ පිළිබද නිවැරදි සහ ප‍්‍රමාණවත් තොරතුරු යුරෝපීය රටවලට සහ ජිනිවාවලට නිසි පරිදි නොලැබීම කනගාටුවට කරුණක් වන අතර, එම සත්‍ය තත්ත්වය පිළිබද ඔවුන් දැනුවත් කිරීමට තම උපරිම සහය ලබාදෙන බවට ද සහතික විය. ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබද නිසි අවබෝධයෙන් යුතුව රටේ සංවර්ධන සහ සංහි`දියා වැඩපිළිවෙල වෙනුවෙන් නෙස්බි සාමිවරයා ලබාදෙන පෞද්ගලික මැදිහත්වීම පිළිබද මෙහිදී ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමීය. ජනාධිපති මාධ්‍ය අංශය lankamediahub.com ලංකා මීඩියා හබ්

Read more
CameraLK අලුත්ම සත්කාරය

“CameraLK ප්‍රජා සත්කාර” වැඩසටහන යටතේ කතරගම ප්‍රදේශයේ අවාසනාවන්ත ලෙස පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ තරුණයා වෙනුවෙන් ඔහුගේ බිරිඳට හා තුන් හැවිරිදි දරුවාට නිවසක් තනා දීම සදහා කැමරා එල්කේ. සමාගම දායකත්වය ලබාදීමට කටයුතු කර ඇත.   ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්වී ජනවාරි 25 දින නිවසේ වැඩකටයුතු ආරම්භ කිරීම සදහා මුල් ගල් තබන ලදි. මෙම දරුවාගේ උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සදහා සියලු විය හියදම් දැරීමට CameraLK සමාගම ඉදිරිපත් විය. මෙම ව්‍යාපෘතිය දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට කටයුතු සූදානම්කර ඇත. https://www.cameralk.com/    lankamediahub.com

Read more