Business

අඩුම මිලට හොදම බෙහෙත්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය දිවයින පුරා කඩිනමින් ව්‍යාප්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට උපදෙස් ලබා දී ඇත. ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය. මේ වන විට දිවයින පුරා ඔසුසල් 36 ක් ක්‍රියාත්මකය. ඉදිරි කාලයේ දී අක්කරෙයිපත්තුව, මොණරාගල, පේරාදෙණිය, මාතලේ සහ කෑගල්ල යන නගර වල ඔසුසල් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. නියෝජිත ඔසුසල් ජාලය සහ අලෙවිසැල් ද ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. දිවයින පුරා සියලුම රෝහල්වල දේශිය ඖෂධ මිලදී ගැනීම් සිදු කරන්නේ ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. ඔසුසල් ජාලය ව්‍යාප්ත කිරීමේ දී දිවයින පුරා පිහිටි මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් ආශ්‍රිතව ද ඔසුසල් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආදායම වර්ධනය වී ඇති බැවින් සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පියවර ගන්නා ලදි. 2017 වසරේ දී පමණක් රුපියල් මිලියන 6000 කට අධික ඖෂධ අලෙවියක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කොට ඇත. එහිදී රජයේ රෝහල්වලට රුපියල් මිලියන 191 ක අක්ෂි කාච ද ලබා දී ඇති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණ විය. මෙම අවස්ථාවට සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Read more
ප්‍රියන්ත දිසානායක ගම්පහ ගහපු ගේම් එක හෙළිකරයි

උසස් පෙළ ආර්ථික විද්‍යා හා ව්‍යාපාර අධ්‍යයන දේශක, ප්‍රියන්ත දිසානායක උසස් පෙළ කියන්නේ දරුවෙකුගේ අවුරුදු 13ක පාසල් ජීවිතයේ එක්තරා කඩයිමක්. තමන්ගේ අනාගතය නිර්මාණය කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක්. පාසල, දෙමව්පියෝ, ගුරුවරු කියලා කියන්නේ ඒ වෙනුවෙන් ඔවුන්ට හරි පාර පෙන්වන අතිශයින් වැදගත් සාධක තුනක්. එලෙස අවුරුදු ගණනාවක් තිස්සේ දහසකුත් දරුවන්ට ඔවුන්ගේ අනාගතය නිර්මාණය කරගැනීම උදෙසා මගපෙන්වන්නෙක් වුණ ගුරුවරයෙක් සොයා යන්න අද අපි තීරණය කළා. මේ “ගම්පහ – යහන්සා” පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ අධිපති උසස් පෙළ ආර්ථික විද්‍යා සහ ව්‍යාපාර අධ්‍යයන ජනප්‍රිය දේශක, ප්‍රියන්ත දිසානායක මහතායි. ඔබතුමාගේ මේ ගුරු ජීවිතයට දැන් අවුරුදු කීයක්ද? මම මුලින්ම පන්ති පටන් ගන්නේ 2002, 2003 වගේ අවුරුදුවල. ඒ කියන්නේ දැන් අවුරුදු 15කට ආසන්නයි. ගුරුවරයෙක් වෙන්න ඕන කියන සිතුවිල්ල මුලින්ම ආවේ කොහොමද? උසස් පෙළ ඉවරවෙලා ඉන්න කාලේ, අපිට පස්සේ උසස් පෙළ කරන්න හිටිය නංගිලා, මල්ලිලා ඉතින් පාඩම්වල නොතේරෙන දේවල් අපෙන් අහනවා. හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය නිසා ඒවා පැහැදිලි කරදීමේ පොඩි හැකියාවකුත් මට තිබුණා. ඉතින් එහෙම පටන්ගත්ත පොඩි පොඩි පැහැදිලි කිරීම් අවසානයේ ටිකෙන් ටික පන්තියක් බවට පත්වුණා. මුලින්ම ළමයි හත් දෙනෙක්ගෙන් තමයි මම පන්තියක් පටන් ගත්තේ. කිරිබත්ගොඩ එක්සලන්ට් ආයතනයේ තමයි මම මුලින්ම පන්ති කරන්නේ. ඊටපස්සේ ගම්පහ මොන්ටානා ආයතනය එක්ක සම්බන්ධ වෙනවා. මේ වෙද්දි මම ගම්පහ සහ කිරිබත්ගොඩ කියන නගර දෙක මූලික කරගනිමින් තමයි උපකාරක පන්ති පවත්වන්නේ. මේ වෙද්දි දරුවො විසිදහසකට ආසන්න පිරිසක් මගෙන් අධ්‍යාපනය ලබලා තියෙනවා. අද ඒ දරුවෝ ඉන්න තැන් දැක්කම ඉතින් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. එතකොට කොහොමද “ගම්පහ-යහන්සා” කියලා ඔබේම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ආරම්භ කෙරෙන්නේ? මම ගම්පහ මොන්ටානා ආයතනයේ පන්ති කරමින් ඉන්න කාලයේ තමයි මගේම ආයතනයක් තිබුණොත් හොඳයි කියන අදහස එන්නේ. ඒ වෙද්දි මහින්ද බණ්ඩාරනායක කියලා සර් කෙනෙක් තමයි ඒකේ හිමිකරයා වුණේ. කොහොමහරි මොන්ටානා එක තිබුණ ඉඩමෙන් පර්චස් 60ක් විතර මම ඒ කාලේ මිලට ගන්නවා. ඒ බිම් කොටස තමයි අද වෙද්දි යහන්සා ආයතනය වෙනුවෙන් වෙන්වෙලා තියෙන්නේ. “ගම්පහ-යහන්සා” පෞද්ගලික අධ්‍යාපනය ආයතනයේ මේ වෙද්දි ශාලා 10ක් තියෙනවා දරුවන්ට එකවර ඉගෙන ගන්න පුළුවන්. ඒ වෙද්දි ගම්පහ බහුතරයක් තිබුණේ වහලෙට ටකරං දාපු සාමාන්‍ය පන්ති. ගම්පහ ටියුෂන් නගරයක් වුණාට බොහොමයක් තිබුණේ අඩු පහසුකම් සහිත ඒවා. නමුත් අපි තීරණය කරනවා යහන්සා ආයතනය යම් පිළිවෙළක් ඇතුව නිර්මාණය වෙන්න ඕන කියලා. ඇත්තටම ගම්පහ ටියුෂන් කලාව වෙනස් කරපු ආයතනයක් විදියට යහන්සා ආයතනය හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දි අපේ හැම ශාලාවක්ම වායු සමීකරණය කරලා, බිමට ටයිල් පවා අල්ලලා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් දාලා දරුවන්ට ඉගෙන ගන්න පහසු කරන විදියේ වටපිටාවක් ඒ තුළ ගොඩනගන්න අපි උත්සාහ කරලා තියෙනවා. මීට අවුරුදු තුනකට විතර කලින් ආරම්භ වුණ මේ ආයතනයේ අද වෙද්දි උසස් පෙළ සියලුම විෂයන්වලට අදාළව පන්ති පැවැත්වෙනවා. ගුරුවරු 25කට වඩා වැඩි ප්‍රමාණයක් ආයතනයට සම්බන්ධ වෙලා වැඩ කරන අතරේ කාර්ය මණ්ඩලයත් 30ක් විතර ඉන්නවා. මේ අවුරුදු 14ක ගුරු ජීවිතය ඇතුළේ අභියෝගත් මදි නොකියන්න තියෙන්න ඇති? ඔව් අනිවාර්යෙන්ම. මේක අභියෝග ගොඩක් මැදින් ආපු ගමනක්. මම කලින් කිව්වා වගේ මගේ මුල්ම පන්තියේ හිටියේ ළමයි 7යි. හැබැයි ළමයි 80කින් විතර තමයි මම ඒ පන්තිය ඉවර කරන්නේ. ඊටපස්සේ දෙක, තුන අවුරුදු වෙද්දි කිරිබත්ගොඩ වැඩිම ළමයි ඉන්න පන්තිය බවට පත්වෙන්නේ මගේ පන්තිය. ඊටත් පස්සේ තමයි මම ගම්පහට එන්නේ. ළමයි දෙනෙතුන් දෙනෙක් තමයි මුල්ම දවසේ පන්තියේ ඉන්නේ. හැබැයි ගම්පහ පන්ති කරපු මුල් අවුරුද්දෙම ළමයි 100කට ආසන්න පිරිසක් විභාගයට යවන්න මට හැකි වෙනවා. ඊටපස්සේ තව අවුරුදු දෙක තුනක් යද්දි ගම්පහ හොඳ ස්ථාවර පන්තියක් නිර්මාණය කරගන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ ගමන මේ කතා කරන තරම් ලේසි වුණේ නෑ. විවිධාකාරයේ ප්‍රශ්න, අභියෝග ආවා. විශේෂයෙන්ම ගම්පහ වගේ ටියුෂන් නගරයකට එද්දි. හැබැයි ඒ ආපු අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා දැඩි උත්සාහයකින්, කැපවීමකින් කටයුතු කළ නිසා හොඳ ස්ථාවරත්වයක් ගොඩනගාගන්න මට පුළුවන් වුණා. මේ වෙද්දි ළමයි 1500කට වැඩි ප්‍රමාණයක් හැම අවුරුද්දකම විභාගයට යවන්න අපිට පුළුවන් වෙලා තියනවා. වර්තමානයේ පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රචාරණය මොන තරම් දුරට වැදගත් ද? ඒ කාරණාවෙදි ඔබතුමාගේ වැඩපිළිවෙළ මොන වගේද කියලත් අපි කතා කරමු. ප්‍රචාරණය කියන කාරණාවෙදි මම විශ්වාස කරන දෙයක් තමයි අපිව හොයාගෙන එන ළමයින්ට හොඳින් ඉගැන්වීම තමයි හොඳම ප්‍රචාරණය වෙන්නේ. මොකද ඔවුන්ට හොඳින් අධ්‍යාපනය ලැබෙනවා කියන්නේ එයාලා බලාපොරොත්තු වුණ දේ ඉටු වෙනවා. ඉතින් එයාලගේ හදවතේ ඒක හැමදාමත් මතක තියෙනවා. ඊටපස්සේ ඒ දරුවා පාසලේදිත් විෂයයන්වලට වැඩියෙන් ලකුණු ගන්නවා. වැඩවලදි ගොඩක් ඉස්සරහට එනවා. ඉතින් පාසලේදි ළමයි අතරේ, දෙමව්පියන් අතරේ කතාබහට ලක්වෙනවා. ඒ කතාබහ අතරේ ඒ පන්තිය හොඳයි කියලා කියන කාරණාවත් කියවෙනවා. ප්‍රචාරය වෙනවා. ඒකට ප්‍රචාරණය කියනවට වඩා මම කැමතියි භාවිත කරන්න දැනුවත්වීම කියන වචනය. මොකද මේක අධ්‍යාපනයක්නේ. භාණ්ඩයක් නෙමෙයිනේ. ඉතින් දැනුවත් වීම ඒ හරහා වෙනවා. ඒක තමයි හොඳම ක්‍රමය. රූපවාහිනී දැන්වීම්, පුවත්පත් දැන්වීම්, පෝස්ටර් ඔස්සේත් ප්‍රචාරණය කරන්න පුළුවන්. හැබැයි දිගුකලක් පවතින්නේ නෑ. ළමයින් අතරේ තිබෙන පැහැදිලි දැනුවත්වීම තමයි වැදගත්. ප්‍රචාරණයට මේ වෙද්දි විශාල ලෙස මුදල් යොදවමින් ගුරුවරු ඒකට යොමුවෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් මොන තරම් වියදම් කළත් වැඩක් නැහැ තමන් හරියට දරුවන්ට උගන්වපු අතීතයක් නැත්තම්. පන්ති පටන් ගන්න දින දැනුම් දීම සඳහා පමණක් ප්‍රචාරණය තියෙන්න ඕන. ඒ හැර ලොකු මුදලක් ඒ වෙනුවෙන් වැය කිරිම අනවශ්‍ය බවයි මට නම් හිතෙන්නේ. මේ රැකියාව අනෙක් රැකියාවලට වඩා ලොකු වගකීමක් නේද? ඔව්. පැහැදිලිවම. මම විශ්වාස කරන දෙයක් තමයි වෛද්‍යවරයෙක්ගේ අතේ රෝගියෙක්ගේ ජීවිතය රැඳිලා තියනවා වගේම ගුරුවරු විදියට අපේ අතේ තමයි දරුවන්ගේ අනාගතය රැඳිලා තියෙන්නේ කියන කාරණය. ඒ නිසා පැහැදිලිවම විෂය කරුණු ටිකක් උගන්වලා, පාස් පේපර්ස් ටිකක් කරලා, කටපාඩම් කරලා විභාගේ ලියන්න කියලා යවන සාම්ප්‍රදියික ටියුෂන් කලාවට එහා ගිය වගකීමක් ගුරුවරු විදියට අපිට තියෙනවා. අපි ළඟට එන්නේ අවුරුදු 16දි සාමාන්‍ය පෙළ කරලා, අවුරුදු 17ක් දැනුම තියෙන දරුවො. ඉතින් ඒ දරුවන්ගේ හදවත නිර්මාණය කිරීමයි අවශ්‍ය. මම ගොඩක් වෙලාවට මගේ දරුවන්ට කියන්නේ මේ විශ්වයේ අපිට අම්මලා ඉන්නේ එක්කෙනයි. තාත්තලා ඉන්නේ එක්කෙනයි. ඒ නිසා අම්මට තාත්තට ගරු කරන්න. ආගමට දහමට ලැදි වෙන්න. රටට වැඩදායී දෙයක් කරන දරුවෙක් වෙන්න කියලා. විවිධ විවිධ ආකල්ප තියෙන දරුවො අපි ළඟට එනවා. ඉතින් ඒ හැමෝම අන්න ඒ දැක්මට ගන්න එකයි අපේ වගකීම. ඒක ඇතුළේ ඉඳලා අපි උත්සහ කරන්න ඕන දරුවන්ව විභාගෙට සුදානම් කරන්න. ඉතින් අන්න ඒ වගකීම ගුරුවරු විදියට අපිට පැවරුණ දෙයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. දරුවෙක්ගේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ වගේ කඩයිම් විභාගයකට දෙමව්පියන්ගේ සහභාගිත්වය මොන වගේ වෙන්න ඕන කියලද ඔබතුමා හිතන්නේ? පැහැදිලිවම තමන්ගේ දරුවාව, තමන්ගෙන් අෑත් කරන්න හොඳ නෑ. අම්මලා තාත්තලා තමන්ගේ දරුවත් එක්ක යාළුවෙක් වගේ නිතරම සමීපව ඉන්න ඕන. ඒ අතරේ දරුවට උපදෙස් දෙන්න ඕන වැඩ කටයුතු පිළිවෙළට කරගෙන යන්න. ඒ වගේ දෙමව්පියෝ ළංවුණාම තමයි දරුවෝ වැරදි දේවල්වලට යොමු වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙන්නේ. එහෙම නැතුව දරුවන්ගෙන් අෑත් වෙලා පන්ති යන්න සල්ලි විතරක් දීලා, ඕන පන්තියකට යන්න කියලා, යන්නේ මොන පන්තියටද කියලා බලන්නේ නැති වුණොත් ළමයා සමහර විට මේ තියෙන සමාජයීය තත්ත්වයන් එක්ක වැරදි දේවල්වලට යොමු වෙන්න පුළුවන්. දරුවො-දෙමව්පියෝ අතර ලොකු බැඳීමක් තියෙනවා. ඒක පළුදු වුණොත් තමයි ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. උසස් පෙළ විෂයයන් තෝරා ගැනීම සම්බන්ධව ගුරුවරයෙක් විදියට ඔබතුමාට මොනවද දරුවන්ට කියන්න තියෙන්නේ? වැදගත්ම දේ තමයි දරුවාගේ කැමැත්ත මත විෂයයන් තෝරාගත යුතුයි. දෙවැනි කාරණය ගණිත, විද්‍යාව, වාණිජ, කලා වගේ විෂය අංශයන් මොන වගේද කියන කාරණය ගැන අපි දරුවට අවබෝධයක් දෙන්න ඕන. දෙමව්පියන් කරන්න ඕන ඒ සම්බන්ධව තොරතුරු සහ දැනුම ලබාදෙන එක. තීරණය දරුවා තමයි ගන්න ඕන. එතකොට තමයි ඒක නියම ප්‍රතිඵල ගන්න පුළුවන්. ආපස්සට හැරිලා බලද්දි මේ ආපු ගමන ගැන තෘප්තිමත්ද? පැහැදිලිවම ඔව්. මම සාර්ථකයි කියලා මට දැනෙනවා. මේ කාල සීමාව ඇතුළේ ලොකු තරගයක් දීලා කැපවීමෙන්, මහන්සියෙන් වැඩ කරලා මම බලාපොරොත්තු වුණ ඉලක්කය වෙත එන්න මට පුළුවන් වෙලා තියෙනවා. දරුවන්ට උගන්වලා එයාලගේ ආදරය, ප්‍රසාදය එක්ක තමයි මම මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ. ඉතින් මම හිතනවා පහුගිය දශකය ඇතුළේ ලොකු සාර්ථකත්වයක් ලබන්න මට පුළුවන් වෙලා තියෙනවා කියලා. ඒ ආපු ගමනේ ශක්තිය දුන්න අයවත් මතක් කළොත්? මේ තරම් සාර්ථක ගමනක් එන්න මට ලොකුම දායකත්වය ලැබුණේ තාත්තාගෙන්. එයා කෘෂි උපදේශකවරයෙක්. පුංචි කාලේ තාත්තා පවත්වන සම්මන්ත්‍රණවලට, දේශනවලට මම යනවා. තාත්තා ඒවා මෙහෙයවන ආකාරය දිහා මං බලන් ඉන්නවා. අදටත් තාත්තා මට ගොඩක් උපදෙස් ලබාදෙනවා. මගේ අම්මා වගේම සහෝදරයත් මේ වගේ සාර්ථක ගමනක් එන්න මට ලොකු ශක්තියක් වුණා කියන එකත් මතක් කරන්නම ඕන. ගුරුවරයෙක් විදියට මේ ඇවිත් තියෙන සාර්ථක ගමනේ මගේ මූලිකම අරමුණ වෙන්නේ අම්මට තාත්තට ගරු කරන ආගමට දහමට ලැදි රටට සේවයක් කරන දරුවෙක් ගොඩනගන එක. ඉතින් ඒ අරමුණට එන්න ගොඩක් අය මට උදව් කරලා තියෙනවා. ඒක තමයි මම සාර්ථකත්වය මනින නිර්ණායකය විදියට යොදා ගන්නෙත්. රිද්මි පතිරණ – irida apple newspaper https://www.facebook.com/100014814047821/videos/174049136432220/

Read more
අලුත්ම Sony A7 r III කැමරාව ලංකාවට

Sony mirrorless කාණ්ඩයේ පෙරළිකාර කැමරා මාදිලියක්වූ Sony Alpha මාදිලියේ නවතම කැමරාව වන A7 r III කැමරාව ශ්‍රී ලාංකීය වෙළඳපල වෙත හඳුන්වාදීම 2018 ජනවාරි 16වන දින කොළඹ Galle face Hotelහීදී ( ගාලු මුවදොර හෝටලයේදී ) උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙගා පික්සල් 42කින් යුක්ත මෙම කැමරාව , තත්පරයට ඡායාරුප 10 දක්වා ග්‍රහණය කිරීමේ හැකියාවෙන් යුතුවන අතර මින් පෙර තිබු මාදිලියට වඩා නාභිගත කිරීමේ ක්‍රියාවලියද දියුණුකර ඇති අතර Focus points 425ක් සමගින් මෙම කැමරාව එළිදකිනවා. තවදpixel shifting තාක්ෂණය මගින් මෙම කැමරාව සතු මෙගා පික්සල් 42ක සෙන්සරයම භාවිතා කරමින් මෙගා පික්සල් 160ක පමණ ප්‍රමාණයේ ඡායාරුපයක් ලබාගැනීමේ සුවිශේෂ ක්‍රමවෙදයක් මෙම කැමරාව සතුවීම විශේෂයකි Sony Alpha A7r iii කැමරාව හඳුන්වාදීම ශ්‍රී ලංකාව තුල සෝනි කැමරා සඳහා බලයලත් අලෙවිකරු වන CameraLK ආයතනය , සෝනි මව් ආයතනය සමග එක්ව සංවිධානයකර තිබිණි.

Read more
SLT පාරිභෝගිකයන්ට 75%ක් දක්වා වැඩිපුර ඬේටා නොමිලේ

මෙරට බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල සේවා සැපයුම් අතර ඉදිරියෙන්ම සිටින SLT බ්‍රෝඞ්බෑන්ඞ් සේවාව 2018 නව වසරේ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පෙරළියක් කරමින් සිය බ්‍රෝඞ්බෑන්ඞ් ඉන්ටර්නෙට් පැකේජයන් සඳහා පවතින එම මිලටම 75%ක් දක්වා වැඩිපුර ඬේටා පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මෙම ඬේටා ධාරිතාව ඉහළ නැංවීම මේ වනවිටත් මෙම සේවාව අත්විඳින SLT පාරිභෝගිකයන් සහ අලූතින් මෙම සේවාව ලබාගැනීම සඳහා එක්වන හෙවත් නව සම්බන්ධතා සඳහා ද අදාළ වේ. ඒ අනුව මෙරට වඩාත් ස්ථායී, බාධා රහිත සහ වේගවත්ම ඉන්ටර්නෙට් සබඳතාව සමග කිසිදු වැඩිපුර ගෙවීමකින් තොරව වැඩි වැඩියෙන් අන්තර්ජාලයේ සැරිසැරීමේ අවස්ථාව ඔබට හිමිවේ. මේ සමගින්, අන් කිසිදු ඉන්ටර්නෙට් සේවාවක් හා සමකළ නොහැකි මෙන්ම, ගෙවන මිලට ලැබෙන වටිනාකම අතින් අංක 1 ස්ථානයේ සැබැවින්ම පසුවන බ්‍රෝඞ්බෑන්ඞ් සේවාව බවට SLT බ්‍රෝඞ්බෑන්ඞ් සේවාව අත්කරගෙන සිටින ප‍්‍රසාදය තවදුරටත් වර්ධනය වනු ඇත. එමගින් මසකට ගිගා බයිට් 3000කට (3000GB/3TB) වැඩි ඬේටා දීමනා සමග වසර පුරා අදහාගත නොහැකි දීමනා පිරිනැමීම කැපී පෙනෙයි. එම සේවාවෙන් පිරිනැමෙන 100Mbps වේගවත්ම සබඳතාව සමග දිනෙන් දින වැඩිවන ඩිජිටල් අවශ්‍යතා හමුවේ Wi-Fi සම්බන්ධතාව ඔස්සේ අදාළ සම්බන්ධිත උපාංග කිහිපයකට වුව එකවර ඉන්ටර්නෙට් භාවිත කළ හැකිය.SLT බ්‍රෝඞ්බෑන්ඞ් සිය පාරිභෝගිකයන් හට, ජාතික Fibre Optics සන්නිවේදනය ජාලය ඔස්සේ අධිවේගී ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල සබඳතාවක් අත්වි`දීමේ අවස්ථාව සලසා දී තිබේ. ඉහළම ප‍්‍රමිතියෙන් යුත් අනර්ඝතම බ්‍රෝඞ්බෑන්ඞ් අත්දැකීමක් මෙරට සියල්ලන්නටම විඳගැනීමට හැකිවන සේ රට පුරා විහිද ඇති සිය ජාලය දිනෙන් දිනම සෑම අතින්ම ශක්තිමත් කිරීමට SLT බ්‍රෝඞ්බෑන්ඞ් සේවාව කටයුතු කරයි. එහි ප‍්‍රතිඵලය ලෙසින් ඔබේ ඇඟිලි තුඩු අග තොරතුරු සම්භාරයක් රඳවමින් මුළු රටම එකිනෙකා හා යා කරන අතරවාරයේ ලෝකය හා සම්බන්ධ කිරීමට ීඛඔ බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවට හැකිව ඇත.

Read more