CameraLK අලුත්ම සත්කාරය

“CameraLK ප්‍රජා සත්කාර” වැඩසටහන යටතේ කතරගම ප්‍රදේශයේ අවාසනාවන්ත ලෙස පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ තරුණයා වෙනුවෙන් ඔහුගේ බිරිඳට හා තුන් හැවිරිදි දරුවාට නිවසක් තනා දීම සදහා කැමරා එල්කේ. සමාගම දායකත්වය ලබාදීමට කටයුතු කර ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්වී ජනවාරි 25 දින නිවසේ වැඩකටයුතු ආරම්භ කිරීම සදහා මුල් ගල් තබන ලදි. මෙම දරුවාගේ උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සදහා සියලු විය හියදම් දැරීමට CameraLK සමාගම ඉදිරිපත් විය.

මෙම ව්‍යාපෘතිය දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට කටයුතු සූදානම්කර ඇත.

https://www.cameralk.com/ 

 

lankamediahub.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *