CLC ‘රිය සැණකෙළිය’ දිවයින පුරා දැවැන්ත පාරිභෝගික ආකර්ෂණයක් දිනාගනී

ප‍්‍රධාන නගරවලින් බැහැරව වෙසෙන පාරිභෝගික ජනතාවගේ වාහන අවශ්‍යතා සියල්ලම පාහේ, ඔවුන් වෙත සමීප කිරීම අරමුණු කරගත් මෙරට ප‍්‍රමුඛතම ලීසිං සහ මූල්‍ය සේවා සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් සමාගම (CLC, මෑතකදී හඳුන්වා දුන් ‘රිය සැණකෙළිය’ වැඩසටහන මෙරට ලියාපදිංචි කළ සහ නොකළ වාහන වෙළෙඳපොළ තුළ දැවැන්ත පෙරළියක් සිදුකිරීමට සමත්ව සිටී.

රිය සැණකෙළියේ ප‍්‍රධාන වෙනසක් වන්නේ එය තවත් එක් රියපොළක් හෝ වාහන ප‍්‍රදර්ශනයකට එහා ගිය සේවාවන් රැසක් පිරිනැමීම ය. එනම් පාරිභෝගිකයන්ට වාහන මිලදීගැනීමේ සිට ඊට අවශ්‍ය ලීසිං, රක්ෂණ, තක්සේරු, වාහන හුවමාරු ආදී පහසුකම් සියල්ල එකම වහලක් යටදී ලබාගැනීමට අවස්ථාව උදාකර දී ඇත.

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *