Vehicle Hub

ඉන්දියාවේ තහනම් වාහන හොර ගිවිසුමකින් ලංකාවට

ඉන්දියාවේ අධිකරණයක් මගින් තහනම් කළ අනාරක්ෂිත Quadricycle’s වාහන දේශපාලකයන්ගේ වුවමනාව මත මෙරටට ගෙන්වීම සඳහා රහස් ගිවිසුම් අත්සන්කිරීමට යන බව වාර්තා වේ. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ පිළිබඳව හෙළිකරමින් මෙය ජාතික අපරාධයක් බවත් ලංකාව ඉන්දියාවේ කුණු ගොඩක් බවට පත් කිරීමට පාලකයන් කටයුතු කරමින් සිටින බවත් පවසයි. එම ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පැවසුවේ 2016 වසරේදී ත්‍රි රෝද රථයට විකල්පයක් ලෙස මෙරටට ආනයනය කිරීමට සුදානම් වූ මෙම රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ධාවනයට නුසුදුසු බවට තීරණය කළ අතර නැවත එම වාහන මෙලෙස ගෙන්වීමට දේශපාලකයන් උත්සහ කිරීම බරපතළ ජාතික ගැටළුවක් බවයි.

Read more
එයාර් බැලුන් නැති වාහන තහනම්

ආසන පටි , වායු බැලුන ඇතුළු මගී ආරක්‍ෂිත ක්‍රමවේද සහිත යුරෝ ඉව හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ලබන ජුලි 1 සිට තහනම් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ලබන ජුලි මස 1 වනදායින් පසුව ආනයනය කරන වාහනවල රියදුරු සහ ඉදිරිපස ගමන් ගන්නා මගියා සඳහා වායු බැලුන ආගුලු වැටීම් වැළක්වීමේ තිරිංග පද්ධති , ඉදිරිපස සහ පසු පස අසුන්වල ගමන් ගන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධවන ආසන පටි අනිවාර්ය වේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය මෙම තහනම පනවා ඇත. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ විසින් වාහන ආනයනකරුවන්ට විශේෂ දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිතව ඇත. එහිදී මේ යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර වාහන ආනයනය කරන ආයතන වෙත ලබා දීමටද මුදල් අමාත්‍යංශය කටයුතු කරනු ඇති බව එහි විශේෂ ප්‍රකාශකයෙක් ලංකා මීඩියා හබ් ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේය.

Read more