Gossip

ගුවන්ගත වෙන්න සූදානම්ද?

සමස්ත ඉන්දීය රසික ප්‍රජාවම උඩුගුවනට රැගෙන යාමට දමිළ අධ්‍යක්‍ෂ සෞන්දර් රාජන් සහ නිෂ්පාදක වී. හිතේෂ් ජබක් මේ වන විට සූදානම්. මෙය දකුණු ඉන්දීය සිනමා පටයක් වුවත් ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ සිනමා පටයයි. ටික්: ටික්: ටික් නම් ප්‍රථම අභ්‍යවකාශ සිනමාපටයේ අන්තර්ගය ද එදා මෙදා තුර ඉන්දීය සිනමා සම්ප්‍රදායට පටහැනියි. ‍මෙහි ප්‍රධාන තරු යුවළක් නැත. වීරයන් නැත. සහාය තරු නැත. සෑම චරිතයක්ම වැදගත්ය. ටික්: ටික්: ටික් විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක අභ්‍යවකාශ සිනමාපටය බොහෝදුරට සමාන වන්නේ හොලිවුඩ් සිනමා පටයකයකට පමණයි. හොලිවුඩ් මට්ටමටම සිනමාපටය රැගෙන ඒමට විශාල වියදමක් දරා තිබෙන බවටයි වාර්කා වන්නේ.එමෙන්ම මෙතෙක් තිරයේ කිසිකලක නුදුටු අකාරයේ දුෂ්ටයකු ටික්:ටික්: ටික් සිනමාපටයේ දී දැකගන්න පුළුවන්. ටික් ටික් ටික් අති සාර්ථක ලෙස නිම කිරීමට පරිගණක ග්‍රාෆිකත්,කලා අධ්‍යක්‍ෂ එස්. එස්. මූර්තිගේ හැකියාවත් ප්‍රබල ලෙස හේතු වූ බව අධ්‍යක්‍ෂකවරයා පවසනවා. ඉන්දියාවේ පමණක් ප්‍රදර්ශනය ඇරඹූ මිනිත්තු 130ක් දීර්ඝ ප්‍රථම අභ්‍යවකාශ සිනමාපටය නැරඹිමට ලොව පුරා ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව උදා වී තිබෙනවා. එය අධ්‍යක්‍ෂ ශක්ති ඇතුළු සිනමා කණ්ඩායම ප්‍රේක්‍ෂකයන් සැබෑවටම ගුවන් ගතකරන රසාලිප්ත අත්දැකීම් වනු ඇති බව බොහොදෙනාගේ විශ්වාස කරනවා.

Read more
බොලිවුඩ් සිනමාව පෙරළියකට සූදානම්

බොලිවුඩ් සිනමාව දිනෙන් දිනට දියුණු වන කර්මාන්තයක් බව බොහෝදෙනා දන්නා කාරණාවක්. මෙම හේතුවෙන් ඇතැම් චිත්‍රපට ඉන්දියානු සිනමාවට අලුත් හැරවුම් ලක්ෂයක් ද වී තිබෙනවා. මෙවර ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය මගින් මෙම වසරේ දැවැන්ත නිර්මාණක් එළිදැක්වීමට සූදානමින් සිටිනවා. ‘Thugs of Hindostan’ නම් වූ මෙම චිත්‍රපටය මුහුදු කොල්ලකරුවන් අශ්‍රිතව නිර්මාණය වන චිත්‍රපටයක්. බොලිවුඩ් සිනමාව තුළ මෙවැනි චිත්‍රපටයක් එළිදක්වන ප්‍රථම අවස්ථාවද මෙය බවයි සඳහන් වෙන්නේ. මෙහි ප්‍රධාන චරිත හැඩකරනු ලබන්නේ, අමිතාබ් භච්චන්, අමීර් ඛාන්, කත්‍රිනා කායිෆ් සහ ෆාතිමා සානා විසිනුයි. ‘Thugs of Hindostanහි අධ්‍යක්ෂණය Vijay Krishna Acharya වන අතර නිෂ්පාදනය  Aditya Chopra විසිනි. ලබන මස 08 වැනි දින ප්‍රදර්ශනයට සූදානම් කර ඇති මෙම සිනමාපටය ලොව පුරා සිනමාලෝලීන්ගේ නොමද රසාස්වාදයට ලක්වනු ඇතැයි විචාරකයන්ගේ මතයයි.

Read more
රුක්මණී දේවියගේ අවසන් පැය කිහිපය

ඇහැට පෙනෙන මානයේ හිටියත් හිතකට ඇතුළුවන්න බැරි අය වගේම පුදුමාකාර විදියට අනිත් අයගේ හිත් පතුලට කිඳා බහින අයත් ඉන්නවා. තරුවකට තිබිය යුතු ප්‍රධානම සුදුසුකමක් තමයි රසික හිත්වල ජීවත් වීමේ හැකියාව. ඒ විදියට බැලුවොත් රුක්මණී දේවි කියන්නේ සදා දිලෙන තරුවක්. වසර හතළිහකට පෙර අද වගේ දවසක ජීවිතයෙන් සමුගත්තත් අද සිටින කුඩා දරුවකු පවා රුක්මණී දේවි කියන නම එක වතාවක් හෝ අසා නැත්නම් එය පුදුමයට කාරණාවක්. ඒ නිසාමයි ඇගේ වියෝවෙන් වසර හතළිහක් ගවෛන මේ මොහොතේ රිද්ම තුළින් ඇගේ මතකය ආවර්ජනය කරන්නට ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි පෙරේරාව අපි මේ විදියට කතා බහට එකතු කරගත්තේ. බොහෝ දෙනෙක් නොදැන සිටියත් රුක්මණී දේවියගේ අවසන් හෝරා කිහිපය  ගත වුණු කිහිප දෙනා අතර ඔබත් ඉන්නවා. මතකද එදා සිදුවුණු දේවල්? ඒ හෝරා කිහිපය ජීවිතයටම අමතක නොවන හෝරා කිහිපයක්. 1978 ඔක්තෝබර් 29 වැනිදා තමයි ඩේසි අක්කා (රුක්මණී දේවි) එයාගේ කලා ජීවිතේට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් ස්වර්ණ ගී ප්‍රසංගය පවත්වන්නට යොදාගෙන තිබුණේ. ඊට කලින් දවසේ ඒ වෙනුවෙන් වැඩ රාජකාරි රැසක්ම ඇයට යෙදිලා තිබුණා. ඔක්තෝබර් 27 වැනිදා මාතර උයන්වත්තේ පැවැති ප්‍රසංගයක ගී ගයන්නත් ඇය බාර ගෙන තිබුණා. ඒ ප්‍රසංගයට අපි ත්‍රී සිස්ටර්ස්ලාත් (මම, මල්ලිකා පෙරේරා හා අයිරාංගනී පෙරේරා) සහභාගි වීමට නියමිතව තිබුණා. ඊට පස්සේ? මම කියන්නම්. එදා අද වගේ ‍නෙවෙයි. අද ගොඩක් වෙලාවට ප්‍රසංගවලට ගායක ගායිකාවන් තමන්ගේ වාහනයෙන් ඇවිත් ගී ගයලා යනවා. අද කට්ටිය එකට මුණ ගැහෙනවා අඩුයි. එදා ගායක ගායිකාවන් ප්‍රසංගයකට යන්නේ එකටයි. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ දවස්වල ගායක ගායිකාවන් ප්‍රසංගවලට හයර් එකට ගෙන යන වාහනයක් තිබුණා. ඒක දයා පෙරේරාගේ. 27 වැනිදා දයා පෙරේරාගේ වාහනයෙන් ගායක ගායිකාවන් එකතු කරගෙන අන්තිමට රාජගිරියේ අපේ ගෙදරට ආවා. ප්‍රසංගයට ගිහිල්ලා තමයි ඇඳ පැලඳගෙන මේකප් කරන්නේ. ඩේසි අක්කා ලස්සන ලුංගියක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන සුරංගනාවක් වගේ වාහනෙන් බැහැලා අපේ ගෙට ආ හැටි මට අද වගේ මතකයි. ඊට පස්සේ අපි කට්ටියම වාහනයට නැගලා  ගමන යන්න පිටත් වුණා. ඒක බොහොම සුන්දර ගමනක් වෙන්න ඇති? ඔව්. හරිම සුන්දර ගමනක්. අපේ පුංචි අම්මා (රූබි) ඉන්නේ කළුතර. අපි  මාතර යනවා. ඒ ගමනට රුක්මණී දේවිත් එනවා කියලා දැන ගත්තම එයාලගේ ගෙදරත් අපිට එන්න කිව්වා. ඒ හින්දා අපි ගියේ කළුතර හරහා. කට්ටියම පුංචිලගෙ ගෙදර ගියා. ඩේසි අක්කයි පුංචියි හොඳම යාළුවෝ. ඩේසි අක්කා වාහනෙන් බැහැලා කුස්සියටම ගියා. අපි කාලා බිලා බොහොම සතුටින් ගත කරලා ඊට පස්සේ පුංචිලාගෙන් සමු අරගෙන මාතර ගියා. ඩේසි අක්කා ඉන්න තැන පාළුවක් නැහැ. විහිළු තහළු කරමින් හරිම සතුටින් මාතරට යද්දී උයන්වත්ත ක්‍රීඩාංගණය තනිකරම ජනගඟක්. එදා ප්‍රසංගය ඉතාමත් සාර්ථකයි. ප්‍රසංගය නිමාවෙලා අපි ආපහු එන්න පිටත් වුණා. ඒ ෙදෙවෝපගත රුදුරු ඉරණමට කාලය ටිකෙන් ටික ළං වුණා නේද? කවුද එහෙම හිතුවේ. අපි ආවෙත් හරිම සතුටින්. එක් එක් ගායක ගායිකාවන් බස්සලා අන්තිමට රාජගිරියේ අපේ ගෙදරට ආවා. ඉතුරු වෙලා හිටියේ ඩේසි අක්කයි එඩී අයියයි අපියි. ඒ දවස්වල ත්‍රී සිස්ටර්ස්ලා ප්‍රසංග වලට අපේ තාත්තත් යනවා. තාත්තා ඩේසි අක්කටයි එඩී අයියටයි කිව්වා ගෙට ඇවිත් තේ එකක් බිලා යමු කියලා. ඒත් ඩේසි අක්කා ඒකට කැමති වුණේ නැහැ. එයාට ඕන වුණේ ඉක්මනින් ගමන නිමා කරන්නයි. මතකද එදා රුක්මණී දේවි ඔබලාගෙන් සමුගත්තු හැටි? මිස්ටර් පෙරේරා නම් හරිම වාසනාවන්තයි. දැන් සැපට නිදා ගනියි. අපි දැන් කඳානෙන් එඩීව දාලා මීගමුවේ ගිහින් අම්මයි තාත්තයි මුණගැහිලා ආයෙම කොළඹ එන්න ඕනනේ….. කියලා. ඩේසි අක්කා තාත්තාට කිව්වා 29 දා ස්වර්ණ ගී ප්‍රසංගයේදී හමුවෙමු කියලා ඩේසි අක්කා වාහනේට නැගලා අපිට අත වනලා පිටත් වෙලා ගියා. ඒ තමයි ඔබ ඇයව දැකපු අවසන්වතාව? අනේ ඔව්. (හැඟුම්බර වෙයි.) අපි ඇඳුම් මාරු කරලා නිදා ගන්න හැදුවා. පැය භාගයක් වත් ගෙවිලා ගියේ නැහැ. අජන්ත පීිරිස්ගෙන් කෝල් එකක් ආවා. මමයි දුරකථනය ගත්තේ. කඳානෙන් එඩී අයියව බස්සලා මීගමු යද්දී ජා ඇල තුඩැල්ල හන්දියේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා රුක්මණී දේවියි දයා පෙරේරයි එතනම මියගිහින් කියන පණිවුඩය අපිට ලැබුණා. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා මතක නැහැ. අපි ඒ මොහොතේම ජාතික රෝහලට ගියා. කලාකරුවෝ රැසක්ම රෝහලට ඇවිදින් හිටියා. ඩේසි අක්කාගේ රසික පිරිසත් රෝහල වට කරලා. ඒත් කාටවත් මිනිය බලන්න දුන්නේ නැහැ. ඩේසි අක්කගේ අර ලස්සන මුහුණ කුඩු පට්ටම් කරලා තමයි කුරිරු ෙදෙවය විසින් ඇගේ ජීවිතය ඇගෙන් උදුරාගෙන තිබුණේ. ෙදෙවය කියන්නේ පුදුමාකාර දෙයක්.  මගේ අක්කා මල්ලිකා පෙරේරා නොහිතපු විදියේ හදිසි මරණයකට ගොදුරු වුණෙත් 1987 ඔක්තෝබර් 27 වැනිදා. ඔක්තෝබරයේ අගභාගය උදා වෙද්දී අදටත් මට මේ අමිහිරි මතකය මතකයට එනවා. ආරියවංශ කුලතිලක

Read more
ශිහාන් මිහිරංගගෙන් ඉල්ලීමක්

facebook හින්දා නළු නිළියෝ, ගායක ගායිකාවෝ මුහුණදීපු ප්‍රශ්න අතුරින් බරපතළම ප්‍රශ්නයට මුහුණ දුන්නේ මමද කියලත් වෙලාවකට මට හිතෙනවා. facebook  නිසා මට ඇති වූ  ප්‍රශ්න කොයි තරම්ද කියනවා නම් අන්තිමට මම මුහුණු ‍පොතෙනුත් ඉවත් වුණා. අද මේ රටේ ඉන්න අවු 14-15 ළමයින්ටත් facebook එකවුන්ට් තියෙනවානේ. ඒත් මට දැන් facebook එකවුන්ට් එකක් නැහැ.  ශිහාන් මිහිරංග නමින් facebook ගිණුම් හදාගෙන නොයෙකුත් විදියේ අයහපත් කටයුතු කළ අය අන්තර්ජාලයේ සැරි සරද්දී ඊට විරුද්ධව කරන්නට දෙයක් නැති වුණාම මම ගත්තු තීරණය තමයි ඒ. දැන් මට ඕනෑම තැනක කියන්න පුළුවන්. මම facebook නැහැ. ශිහාන් මිහිරංග නමින් කවුරුහරි facebook හරහා මා විදියට අමතනවා නම් එයා අමු හොරෙක් කියලා. මම facebook තුළින් සමුගත් පුවත රටටම හෙළිදරව් කළේ ලක්බිම රිද්ම අතිරේකයටයි. එදා මම ඒ විදියට රිද්ම හරහා පාඨකයන් දැනුවත් කළේ. මගේ පෞද්ගලික දුරකතන අංකයත් සමගයි. ජාතික පුවත්පතකින් මේ වගේ දැනුවත් කිරීමක් කළ පසු හොර ශිහාන්ලා මේ හොර වැඩ නවතියි කියලා මම හිතුවා. හොර ශිහාන්ට රැවටෙන රසික පිරිස දැනුවත් වෙයි කියලා මම හිතුවා. ඒත් එහෙම වෙලා නැහැ. තවමත් හොර ශිහාන්ලා 200ක් විතර මුහුණු‍පොතේ සැරිසරනවා. අදටත් සමහරු ඒ අයට රැවටෙනවා. මම ඔය ලිපිය පළ කළ දා පටන් මගේ දුරකතනයට නිදහසත් නැති වුණා. මට ලැබුණු හැම ඇමතුමක්ම වගේ හොර ශිහාන්ලාට රැවටුන අයගෙන්. ඔය දුරකථන ඇමතුම් අතරේ අපූරු ඇමතුම් තිබුණා. අයියේ ඔයා fb එකෙන් අයින් වෙලා කියලා රිද්ම පත්තරේට කියලා තිබුණේ බොරුවට නේද? ඊයේ රෑ මාත් එක්ක chat කළේ. ඇත්තටම ඔයා නේද? ඒ විදියේ ඇමතුමක් ආවේ හොර ශිහාන් කෙනෙකුට රැවටුණු ගැහැනු ළමයෙකුගෙන්. ඒවගේ අයත් එක්ක වැඩි දුර තොරතුරු කතා කරද්දී ගොඩාක් දේවල් මට දැනගන්න ලැබුණා. මම අසාර්ථක විවාහ ජීවිතයක් ගෙවන බව… බිරිඳගේ ආදරය නොලැබෙන බව… කියලා තමයි හොර ශිහාන්ලා මේ ළමයින්ට චැට් කරලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ ඒ අයගේ වෙනත් අරමුණු ඉෂ්ට කරගන්නයි. දවසක් මට එංගලන්තයෙන් ඇමතුමක් ආවා. ඒ කතා කරලා තියෙන්නේ මම ඉල්ලු මුදල මගේ ගිණුමට බැර කරන්න කලින් ඒ ගැන හරියටම දැන ගන්නයි. ඒ නාඳුනන ඇමතුම ආවම මගේ ඇඟම සීතල වෙලා ගියා. කතාව මේකයි…. මම දුප්පත් අයට ගෙවල් හදලා දෙනවලු. ඒක කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙන නොවෙයි රහසේමලු ඊට දායක වෙන්න කැමති අයට ගිණුම්  අංකයකුත් සමගයි.  මේ හොර ශිහාන් තමන්ගේ හොර facebook ගිණුමේ post දාලා තියෙන්නේ. රිද්ම පත්තරේ පළ වූ ලිපිය දැකපු අය, මේ වැඩේ කරන්නේ හොර ශිහාන් කෙනෙක් බව සැක කරලා මගෙන් ඒ ගැන ඇහුවා. එංගලන්තය, ප්‍රංශය වගේ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයනුත් ඒ අතර ඉන්නවා. හැබැයි මේ වෙද්දී කී දෙනෙක් ඔය ගිණුමට මුදල් බැර කළාද කියන්න නම් මම දන්නේ නැහැ. හොර ශිහාන්ලාගේ අලුත්ම ව්‍යාපෘතිය තමා මගේ ගීත  රූප රචනාවල රඟපාන්න නවක නිළියන් සෙවීම. ඡායාරූපයක් හා දුරකතන අංකයක් එවන්න කියලා ඒ අය post පළ කරලා තියෙනවා. ඡායාරූප යවපු ගෑනු ළමයින්ට පස්සේ ඒ අය කතා කරලා කියලා තියෙනවා මම කියන ඕනෑම විදියකට පින්තූරයකට ඉන්න කැමතිද? ඕනෑම ජවනිකාවක් රඟපාන්න කැමතිද කියලා. ඒ විතරක් නමෛයි ළඟදීම නළු නිළි සම්මුඛ පරීක්ෂණයට දැනුම් දෙන්නම් කියලත් කියලා තියෙනවා. මම කියලා හිතාගෙන ඡායාරූප යවපු ගෑනු ළමයිට ඔය කියන සම්මුඛ පරීක්ෂණයට ළගඳීම මේ හොර ශිහාන් කතා කරයි. ඊට කලින් තමයි මේ ගැන නැවතත් පත්තරේ සඳහන් කරන්නේ. අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ හැම Music Video එකකම රඟපෑවේ දැනට ක්ෂේත්‍රයේ ඉන්න නිරූපණ ශිල්පියෝ හා නිළියෝ. මගේ Music Videoවල රඟපාන්න නවක ගෑනු ළමයින්ට මම කිසිම දවසක ආරාධනා කරලා නැහැ. මම දැනුවත්ව ඒ වගේ සම්මුඛ පරීක්ෂණයන් තිබිලත් නැහැ. ඒ වගේම අසරණ අයට නිවාස සෑදීමේ කිසිදු වැඩපිළිවෙළකට මම කිසිම අයුරකින් සම්බන්ධ වෙලත් නැහැ. කොටින්ම කියනවා නම් මම දැන් facebook එකෙත් නැහැ. ඒ විතරක් නමෛයි. මේ හොර ශිහාන්ලාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් මම දැන් කටයුතු යොදලයි තියෙන්නේ. චන්ද්‍රලතා තන්ත්‍රිගේ

Read more