Gossip

පුංචි කා‍ලේ මුලින්ම රඟපාන්න ගිහින් කැමරාව ඉස්සරහ ඇඹරි ඇඹරී හිටියා

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය “ඝරසරප” මේ දිනවල තිරගතවේ. එහි ප්‍රධාන පිරිමි භූමිකාව වන්නේ “සඳරැස්” ය. සඳරැස්ගේ  වැඩිහිටි අවධිය ප්‍රවීණ රංගන ශිල්පී “කමල් අද්දරආරච්චි” විසින් නිරූපණය කරන අතර සඳරැස්ගේ නවයොවුන් විය නිරූපණය කරමින් තවත් යොවුන් නළුවකු සිය රංගන දිවියේ නවතම කඩඉමක් පසුකරයි. බාල වියෙහිදීම ළමා නළුවකු ලෙස රංගනයට පිවිසි ඔහු වැඩිහිටි චරිතයක් සඳහා එක්වන ප්‍රථම අවස්ථාව මෙයයි. ඔහු “දෙවුනක ‍පෝරගේ”ය. මෙවර  පිළිසඳරට  අප එකතු කරගන්නේ “දෙවුනක”වය. දෙවුනකට කලාව උරුමවුණේ පවුල් පසුබිම තුළින්ම නේද..? ඔව් .. මගේ නැන්දා තමයි නිමන්ති ‍පෝරගේ.. මාමා ප්‍රභාත් රෝෂණ.. පුංචි කා‍ලේ ඉඳන්ම කලාව මට නුහුරුවුණේ නෑ.. “ඝරසරප” සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද ? මාමා තමයි “ඝරසරප” චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා.. “සඳරැස්” ගේ නවයොවුන් අවධියට නළුවෙක් තෝරනකොට මාමා තමයි “ජයන්ත චන්ද්‍රසිරි” මහතාට මාව ඉදිරිපත් කළේ. මගේ ඡායාරූපයක් බලලා ජයන්ත චන්ද්‍රසිරි මහතා මාව තිර පරික්ෂණයකට කැඳෙව්වා. එදා ඒ පරික්ෂණයට කාවින්ද්‍යාත් ඇවිත් හිටියා.. ඒ පරික්ෂණයෙන් පස්සේ අපි දෙන්නව “සඳරැස්” සහ “දිව්‍යා” කියන චරිත සඳහා තෝරාගත්තා. දෙවුනකට රඟපෑම නුහුරු දෙයක් ‍නෙවෙයිනේ .. ? නැහැ.. මම රඟපාන්න ආවේ වයස අවුරුදු 7දි.. පවුල් පසුබිම තුළින්ම කලාවට සමීප බවක් තිබුණ හින්දා නළුවෙකු වෙන හීනය පුංචිකා‍ලේ ඉඳන්ම දෙවුනකගේ හිතේ තිබුණාද.. ? කලාවට ආසාව පුංචි කා‍ලේ ඉඳන් තිබුණා. ඒත් රඟපාන්න යන්න ඕන කියලා නම් හිතුවේ නැහැ.. ඒ දවස්වල මම ටිකක් ලැජ්ජාශීලී චරිතයක්.. එතකොට නළුවකු වුණේ..? ගෙදරදී මම මයිකල් ජැක්සන් විදියට නටනවා.. බලපු චිත්‍රපටිවල කොටස් රඟපාලා පෙන්නනවා.. හැබැයි එහෙම කරන්නේ ගෙදර අයට පෙනෙන්න විතරයි.. මගේ ඒ හැකියාවන් දැකල නැන්දා තමයි මාව වෙළඳ දැන්වීමකට යොමුකළේ.. එතකොට මට වයස  අවුරුදු 7 ක් විතර ඇති. එදා ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දුන්නද …. ? නැහැ.. මට රඟපාන්න ගියාට එදා රඟපාන්න බැරිවුණා.. කැමරාව ඉස්සරහට ගිහිල්ලා  ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටියා මිසක්  රඟපෑවේ නැහැ.. ඊට පස්සේ.. ? ඊට පස්සේ මට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ “පිටසක්වල කුමාරයයි පැංචො හතයි” චිත්‍රපටයෙන්.. එදා “ස්ක්‍රීන් ටෙස්ට්” එකට (තිර පරික්ෂණයට) ගිහිල්ලත් මම ලැජ්ජාවෙන් තමයි හිටියේ.. ඒත් මාව චිත්‍රපටියට තෝරාගත්තා.. ෂූටින් පටන් ගත්තට පස්සේ තමයි මගෙ සබකෝලය නැතිවෙලා ගියේ.. ඊට පස්සේ නම් දිගටම රඟපෑවා.. මොනවද ඒ නිර්මාණ .. ? වෙළඳ දැන්වීම් 10 කට විතර පෙනී හිටියා.. “ගඟ අද්දර” ටෙලි නාට්‍යයේ “සාරංග දිසාසේකර” ගේ ළමා කාලය සහ “සිහින වසන්තයක්” ටෙලි නාට්‍යයේ “නිරෝෂන් විජේසිංහ” ගේ ළමා කාලය රඟපෑවා.. “භාර්යාවෝ” ටෙලි නාට්‍යයේත් රඟපෑවා.. කාලයක් දෙවුනක රංගනයෙන් දුරස්වෙලා හිටියා නේද .. ?  පුංචි කා‍ලේ රඟපෑමට යොමුවුණාට ඊට පස්සේ වැඩි අවධානයක් යොමුකළේ අධ්‍යාපන කටයුතු වලට.. ඒ හින්දා තමයි රංගනයෙන් මදක් ඈත්වුණේ.. ආයෙම රංගනයට එකතුවෙන්න හිතුවේ දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද .. ? ඔව් .. දැන් පාසැල් අධ්‍යාපනය අවසන් . ඒ හින්දා රංගනයට යොමුවන්න පුළුවනි… අනික ඉතින් මේ ලැබුණ අවස්ථාවක් සුවිශේෂ එකක්නේ.. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණ එක ගැන මම සතුටු වනවා. ඒ හින්දා තමයි “ඝරසරප” චිත්‍රපටියට එකතු වුණේ.. දැන් දිගටම රඟපානවද? මේ වෙද්දිත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒත් ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්න අදහසක් නම් නෑ.. ඉඳහිට හොඳ නිර්මාණයක දෙකක විතර රඟපෑවම ඇති. රඟපෑමට දෙවැනි තැන දෙන්නේ  වෙනත් ක්ෂේත්‍රයකට යොමුවෙලා ඉන්න හින්දද ..? මම දැනට පෞද්ගලික ආයතනයක අලෙවි සම්බන්ධීකාරකවරයෙක් විදියට කටයුතු කරනවා.. ඒ සමගම නීතිය හදාරනවා.. ඔබේ ප්‍රථම සිනමා පෙම්වතිය ගැන කතාකළොත්.. කවී (කාවින්ද්‍යා අධිකාරි) හරිම හොඳ මිතුරියක්.. රඟපාන්න ගියාම ගොඩක් සහයෝගයෙන් අපි වැඩකළා. අදටත් කවියි මමයි හොඳ යාළුවෝ.. දෙවුනක  සැබෑ ජීවිතයෙත් ප්‍රේමවන්තයෙක්ද .. ? දැනට නැහැ..  ආරියවංශ කුලතිලක   

Read more
ශනුද්‍රි දෙව‍ෙනි ඉනිම හැර යාම ගැන මුල් වරට මාධ්‍යයට හෙළි කරයි

ශනුද්‍රි මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ලොකු වැඩක් නම් නැහැ අලුත් නාට්‍යයක වැඩ පටන් ගත්තා ‘ගමනේ යා’ කියලා ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්. දෙවෙනි ඉනිමෙන් ශනුද්‍රි ඉවත් වෙන්න යනවා කියන්නේ ඇත්තද? මේ දවස්වල නම් මම දෙවෙනි ඉනිම නාට්‍යයේ ඉන්නවා ඉස්සරහට බලමු නේද මොකද වෙන්නේ කියලා. තවත් අලුත් නාට්‍යයකට කාලය දුන්නේ දෙවෙනි ඉනිමෙන් නිදහස් වුණ නිසා නෙමෙයිද? මම මීට කලිනුත් තව නාට්‍යවලට සම්බන්ධ වුණා. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන් ඉවත් වුණ නිසා හෝ ඉවත් වුණේ නැති නිසා අලුත් නාට්‍යයක් කරන්න භාර ගත්තා නෙමෙයි. මට මේ නාට්‍ය කරන්න පුළුවන්කම තියෙනවා සහ මට ඒ නාට්‍ය සහ චරිතය ගැළපෙනවා කියලා හිතුණා. ඒ වගේම මට ඒ නාට්‍ය වෙනුවෙන් කාලය කළමනාකරණය කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒකයි තවත් අලුත් වැඩක් භාරගත්තේ. ශනුද්‍රි ගැළපෙන දේවල් තීරණය කරන්නේ මොන නිර්ණායක එක්කද? මගේ වයසත් එක්ක සුදුසු චරිත මම භාරගන්නවා ලැබෙන චරිතය ඇතුළේ දෙයක් කරන්න තියෙනවද බලලා ඒක මට සුදුසුද කියලා අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා තමයි චරිතය භාරගන්නේ. එතකොට ශනුද්‍රි තනි තීරණ ගන්නෙම නැද්ද? නැහැ. මම තාම තනි තීරණ අරගෙන නැහැ ගන්න තීරණය අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා තමයි ගන්නේ. අම්මයි තාත්තයි අකැමැති නිසා ශනුද්‍රි කැමැති දේවල් අතහැරලා තියෙනවද? තාම එහෙම මුකුත් අතහැරලා නෑ එයාලා මම කැමැති දේවල්වලට ඉඩ දෙනවා. වැරැද්දක් කරන්න එයාලා ඉඩ දෙන්නේ නැහැ. ශනුද්‍රි අක්කා වගේ වැඩ ගොඩක පේන්න නැත්තේ? අක්කි වෘත්තිය හැටියට තමයි රංගනය කරන්නේ. මම අධ්‍යාපන කටයුතුත් එක්ක තමයි රංගන කටයුතු කරන්නේ මට කොහොමත් අක්කි වගේ වැඩ ගොඩක් කරන්නවත් ගොඩක් රඟපාන්නවත් ආස නැහැ. ඒ කියන්නේ ශනුද්‍රි රංගනය වෘත්තිය විදියට තෝරාගන්න එකක් නැද්ද? සමහර විට රංගනය වෘත්තිය කරගන්න එකක් නැහැ ඒත් ඉදිරියේදී කොහොම වෙයිද දන්නේ නැහැ. ශනුද්‍රිද දිනක්ෂිද වැඩිය ජනප්‍රිය? අක්කි තමයි මට කලින් රඟපාන්න ආවේ එයා මට වඩා ජනප්‍රියයි හැබැයි දිනක්ෂි කියන්නේ ශනුද්‍රි තමයි වැඩිය ජනප්‍රිය කියලා එක කාලයක් දෙවෙනි ඉනිමේ කණ්ඩායම ජනප්‍රිය වුණානේ ඒ නිසා වෙන්න ඇති අක්කි එහෙම කියන්නේ ඒත් ඇත්තටම අක්කි මට වඩා ජනප්‍රියයි. ජනප්‍රිය වෙන්න ශනුද්‍රිට අවස්ථාව ලැබිලා තියෙනවා ඒත් ජනප්‍රිය දෙයින් ගැලවෙන්න උත්සාහ කරන්නේ ඇයි? මම ජනප්‍රියත්වය පස්සේ යන්නේ නෑ. සම්මාන පිටුපස්සේ යන්නෙත් නෑ මේ වසරේ මුල මට ජනප්‍රිය සම්මානයක් ලැබුණා. මට ඒ ඇති මට වැඩක් ලැබුණොත් ඒ දේ උපරිමව කරන්න තමයි මහන්සි වෙන්නේ. ශනුද්‍රිගේ ගායන හැකියාවෙන් අලුත් නිර්මාණයක් කරන්නේ නැද්ද? අලුත් ගීත දෙකක් කරලා තියෙනවා ඒ මනුරංග අයියා සහ පසන් ලියනගේ අයියා එක්ක ඒ නිර්මාණවල වැඩ වෙනුවෙනුත් කාලය වෙන් කරන්න ඕන. ඉදිරියේදී ඒ නිර්මාණ රසිකයන් අතරට ගේන්න පුළුවන් වෙයි. අලුත් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද? නැහැ. තාම ඉතින් මම ආවා විතරයිනේ මම වැඩිපුර කාලය වෙන් කරන්නේ අධ්‍යාපන කටයුතුවලට. අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා අනෙක් දේවල් හිමිහිට කරගෙන යනවා. තව මට කල් තියෙනවනේ. තිළිණි කෞශල්‍යා විජේසිංහ

Read more
ආධ්‍යාත්මික දිවියකට හුරු වුණු දඟකාර නිරෝෂාගේ වර්තමාන කතාව

අපි ගොඩක් වෙලාවට ජනප්‍රිය චරිත ගැන ප්‍රතිරූප මවාගන්නේ ඒ අයගේ බාහිර පෙනුම වගේම ඒ අය කලාව තුළ කරන කියන දේවල් දිහා බලලා ඒත් එතැනින් එහා බොහෝ දේවල් ඔවුන්ගේ ජීවිත තුළ තියෙන්න පුළුවන් කාලෙකට පස්සේ නිරෝෂා පෙරේරා සමග කතා බහ කරද්දී ඇයත් ඇගේ ජීවිතය පිළිබඳ අපි නොදන්නා කරුණු කාරණා බොහොමයක් හෙළි කළා. මේ දවස්වල නිරෝෂාව වැඩිය දකින්නට නැත්තේ ඇයි කියලා හොයන රසික පිරිස වගේම ඇගේ ජීවිතය ගැන මතෛක් නොකී කතා දැන ගන්න කැමති රසික පිරිස වෙනුවෙන් තමයි මේ තොරතුරු නිරෝෂාගේ කිසිම සද්දයක් දැන් නෑ මොකෝ මේ නිහැඩියාවට හේතුව? මේ නිරෝෂා පෙරේරා සද්දෙ දාගෙන වැඩ කරන්නේ නෑනේ. කන්දක් සේමා චිත්‍රපටය රූගත කරලා ඉවරයි. මේ චිත්‍රපටය හරහා මම ආයෙමත් ප්‍රේක්ෂකයන් අතරට එනවා. අලුත් නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබුණා. තෝරා බේරාගෙන චිත්‍රපටවල රඟපෑවට ටෙලි නාට්‍යවල නම් රඟපාන්නේ නැහැ මේ දවස්වල මම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙත් නැහැ මගේ රූපය නොපෙනෙන නිසා වෙන්න ඇති මම නිහඬයි කියලා ඔය විදියට හිතෙනවා ඇත්තේ. එතකොට නිරෝෂාගේ පවු‍ලේ ව්‍යාපාර කටයුතු? ඔය කියන ව්‍යාපාර කටයුතු හින්දා පසුගිය දවස්වල රටවල් කිහිපයකටම ගියා. ව්‍යාපාර පරිපාලන කටයුතු කරන්නේ නම් මගේ නංගී ඉරෝෂා මම එයත් එක්ක තමයි රටවල් කීපයකට ගියේ හැබැයි ඉතින් මේ ගමන්වලදී මම නම් හරිම නිදහසින් හිටියේ. නංගී තමයි ව්‍යාපාර කටයුතු ගැන සොයා බැලුවේ. ඒ කියන්නේ නිරෝෂා නංගිට තනි රකිනවා විතරයි? නැහැ නැහැ මගේ වැඩ කටයුතු කිහිපයකුත් තියෙනවා ඒවා කලාවටත් සම්පූර්ණ පරිබාහිර කටයුතු හින්දා තමයි ඒ ගැන මාධ්‍යයට කියන්න ඒ තරම් උනන්දු වුණේ නැත්තේ. මොනවද ඒ? මම ලංකාවේ ස්ථාපිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්යවරියක් විදියට කටයුතු කරනවා. international business personal and international business personal and professional Development Business planing කියන කාරණා මා එහිදී උගන්වනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයට හා වෙළෙඳ කරණයට පිවිසෙන වෘත්තිකයන්ගේ පෞරුෂ හා මානසික සංවර්ධනය සම්බන්ධව තමයි එහිදී පුහුණුව ලබා දෙන්නේ. පෞරුෂ සංවර්ධනය ගැන උපදෙස් දෙන්න යොමු වුණේ මනෝ චිකිත්සක උපදේශනයට යොමු වූ හින්දද? මම මනෝ චිකිත්සක උපදේශන කටයුතුවල යෙදෙන්නේ වසර කිහිපයක ඉඳලා ඒකත් මම ප්‍රසිද්ධියට පත් කළේ නැහැ හැබැයි දැන් ගොඩක් දෙනෙක් දන්නවා මම මනෝ චිකිත්සක උපදේශනය කරන බව. රංගනය නිවේදනය වැනි කටයුතුවලට වඩා සම්පූර්ණයෙන් වෙනස් පැත්තකට යොමු වුණේ ඇයි? ඒක සිදු වුණේ මෙහෙමයි මීට වසර කිහිපයකට පෙර මට හිතුණා බෞද්ධ දර්ශනය හදාරන්න මම ඒ ගැන හදාරද්දී ‍පොත පත කියවද්දී මට දැනුනා මිනිස් සිත ගැන කොයි තරම් ගැඹුරු විග්‍රහයන් එහි තියෙනවද කියලා. ඒ ඔස්සේ තමයි මනෝ විද්‍යාව මනෝ චිකිත්සාව වැඩිදුරටත් හදාරන්න හිතුවේ. අපි දන්න නිරෝෂා හරිම සැහැල්ලු විනෝදකාමී චරිතයක් දැන් ඒ නිරෝෂා සහමුලින්ම වෙනස් චරිතයක් වෙලාද? බෞද්ධයන් විදියට බොහෝ අය කරන්නේ ආමිස පූජාවයි මේ නිසා බොහෝ දෙනෙක් සුදු ඇඳගෙන මල් වට්ටි අරගෙන විවිධාකාර ආගමික වැඩසටහන්වල නිරත වෙනවා. සමහරු ඒවා photo ගහලා දානවා. පන්සල් හදන්න විවිධ පින් අතේ වැඩ වලට මුදල් පරිත්‍යාග කරලා ඒවාටත් පුළුල් ප්‍රචාර ලබා දෙනවා ඒ විදියේ බෞද්ධයන් අතර නම් මම නැහැ කන බොන විදිය අඳින පළඳින විදිය හැසිරෙන විදිය ගත්තම මම තවමත් පරණ නිරෝෂාමයි හැබැයි බෞද්ධ දර්ශනය ගැඹුරින් වටහා ගන්න ඒ ප්‍රතිපත්ති ජීවිතයට එකතු කරගන්න මම හැම වෙලාවේම උත්සාහ කරනවා. බෞද්ධ දර්ශනය බුදු දහම ගැන ඔය විදියට කතා කළාට ඔබ ගෙවන්නේ බොහොම සැහැල්ලු ජීවිතයක් ඇඳුමින් පැළඳුමින් පවා ඒ දේ පේනවා ඒ නිසා ඔබ ගැන කොහොමද ඔය කියන කාරණා වලින් පමණක් නිසි අවබෝධයක් ලබාගන්නේ? අපිට රූපය, ධනය, බලය, සැප සම්පත් ලැබෙන්නේ පෙර පින් අනුවයි. මට ඒ හැම දේම ලැබිලා තියෙනවා මම ගෙවන්නේ සුඛෝපභෝගී දිවියක් කියන එක ඇත්ත හැබැයි මේ දේවල් ඊළඟ භවයෙත් ලැබේවා කියලා මම පතන්නේ නැහැ මේ දේවල් තව දියුණු කරගන්න උත්සාහ කරන්නෙත් නැහැ මම මගේ මුලින් කී වෘත්තිය කටයුතු සැහැල්ලු වුණත් කිව්වේ මගෙන් අහපු හින්දා. මාධ්‍යයට ඒවා කියලා ප්‍රචාරය ලබාගෙන ජනප්‍රිය වෙන්න මට ඕන කමක් නැහැ මේ භවයෙදීම තෘෂ්ණාව නැති කරලා නිවන් දකින්න මට බැහැ හැබැයි තෘෂ්ණාව අඩු කරන්න පුළුවන් මම අද කරන්නේ ඒක එහෙම බලද්දී සුඛෝපභෝගී ජීවිතයක් ලැබුණත් මම මධ්‍යම ප්‍රතිපදාව තුළයි ජීවත් වෙන්නේ. එතකොට විවාහය? විවාහය ගැන හිතද්දී මට නැගෙන ප්‍රශ්නය තමයි ඇයි මිනිස්සු විවාහ වෙන්නේ කියන එක. ඇත්තටම බැලුවොත් මිනිස්සු විවාහ වෙන්නේ බෙදා ගන්න කෙනෙක් අවශ්‍ය හින්දා මට එහෙම කෙනෙක් අවශ්‍ය නැහැ. මගේ ජීවිතේ කොටසක් තව කෙනෙකුට බෙදලා දෙන්නත් මට බැහැ මට හිතෙන්නේ මම ඉපදිලා තියෙන්නේ විවාහ නොවී ඉන්න අයගේ ගොඩට අයත්ව කියලා. හැබැයි ඉතින් නොසිතූ විදියට මුළු ජීවිතේම වුණත් භාර දෙන්න පුළුවන් සුවිශේෂී කෙනෙක් හමුවුණොත් මගේ හිත වුණත් වෙනස් වෙන්න පුළුවන්. දැනට නම් එහෙම කෙනෙක් පෙනෙනතෙක් මානයක නැහැ. ආරියවංශ කුලතිලක

Read more
2020 ජනාධිපතිවරණයෙන් ජය කාටදැයි ප‍්‍රකට ජ්‍යෙතිර්වේදී හිමියන් තත්කාලයෙන් කැට තබා කියයි

2020න් පසු බිහිවන රාජ්‍ය නායකයා කවුදැයි ශ්‍රාස්ත්‍රපති ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් අනාවැකි පල කරති. වයස අවුරුදු 92ක් වන උන් වහන්සේ දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වැඩ වාසය කරන අතර ජනාධිපතිවරණයක්ද නුදුරේදී පැවැත්වීමට නියමිතව තිබියදී පල කරන ලද මෙම අනාවැකිය විශේෂය. සිය අනාවැකිය මගින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ මොහොතේ ගතවන ග්‍රහ පිහිටීම් බලවත් නිසා දෙවැනි ධුර කාලයක්ද ජනාධිපති වීමට හැකියාව ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නේ යයි මෙහිමියන් අනාවැකි පළ කර ඇත. 49,075 Viewers

Read more
ජැකලින්ගේ ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමාපටය ‘ACCORDING TO MATTHEW’ ළඟදීම

1979 වසරේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කර ගෙන,සම්මානනීය සිනමා අධ්‍යක්ෂ Chandran Rutnamවිසින් අධ්‍යක්ෂණය කළ ‘According to Matthew’ සිනමා සිත්තම නිකුත් වීමට නියමිතව තුබුණේ 2017 වසරේ දීයි. එනමුත් විවිධාකර හේතු සාධක නිසාවෙන් එහි තිරගත කිරීම පමා වී තිබුණා.මේ දිනවල ලැබෙන තොරතුරුවලට අනුව මේ වසරේ නොවැම්බරයේ  ‘According to Matthew’ සිනමා සිත්තම තිරගත වීම අරඹීමට නියමිතයි. මැතිව් පීරිස් නම් ඇන්ග්ලිකන් නිකායික පාදිලිවරයා අතින් සිදු වූ අපරාධයක් වටා ගොඩනැඟුනු කතා පුවතක් ‘ According to Matthew’ ඔස්සේ  සිනමාවට නගා තිබෙනවා.එහිදී ඔහු ඔහුගේ බිරිය සහ ඔහුගේ පෙම්වතියගේ ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සමබන්ධව එල්ලා මැරීමට නියම වෙයි. මෙම සිනමා සිත්තම ඉංග්‍රීසි බසින් නිපැයූ එකක්.මිස් ශ්‍රී ලංකා යුනිවර්ස් ලෙසින් අභිෂේක ලැබූ ඉන්දීය සිනමාවේ සුපුරි නිළි Jacqueline Ferdinandez මෙහි පාදිලිවරයා ගේ පෙම්වතියගේ චරිතය නිරූපණය කරයි.එමෙන්ම ශ්‍රී ලංකාවේ උපන් ඔස්ට්‍රේලියානු ගායක,ගී පද රචක හා රංගන ශිල්පී Alston Kochවිසින් පාදිලිවරයා ගේ චරිතය රඟ දක්වයි. බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස්  මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන්නේ මෙම සිනමා පටය හරහායි. ‘ According to Matthew’ සිනමාපටයේ නම පිළිබඳව පැවති බොහෝ කතාබහ හේතුවෙන් එහි නම  ‘අනුරාගිනි‘ ලෙස වෙනස් වීමට ඉඩ ඇති බවටද තොරතුරු වාර්තාවෙනවා. බිම්සරා ප්‍රේමරත්න, රයන් විජයරත්න, ගාමින් ලුඩොක්ස්, කියාන් ඕ ශ්රේඩි ආදි නළු නිළියන් රැසක් රඟන’ According to Matthew’ සිනමාශාලා රැසක  තිරගත කිරීමට නියමිතයි. කලකට ඉහත රට කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් අළලා තැණුන මෙම සිනමාපටයේ තිර රචනය, ක්රිස්ටි එලියසර් හා චන්ද්‍රන් රත්නම් විසිනි. චන්දන ජයසිංහ කැමරාකරණයෙන්ද ජේම්ස් රත්නම් සංස්කරණයෙන්ද ‘According to Matthew’ චිත්‍රපටයට දායක වූ සෙසු පුද්ගලයන් වෙයි.    

Read more
අපේ කැදැල්ලට එන්න ඉන්නේ පුතෙක්

දෙරණ සිහින තරු මාවතේ කිරුළ හිමිකරගෙන, ඉන් පසුව ගායිකාවක ලෙස ජනප්‍රියත්වයේ කිරුළු දැරූ ඇය මීට ටික කලකට කලින් බිරිඳක ලෙස කිරුළු දරමින් පතිකුලයට පිවිසුණා. මේ දිනවල ඇය සැරසී සිටින්නේ ගැහැනියකට ජීවිතයේ ලැබිය හැකි. ඉහළම කිරුළ දරන්නයි. එනම් මව් පදවිය ලබන්නයි. ඇය උපේඛා නිර්මාණි. මේ දිනවල විවේකී සුවයෙන් නිවසටම වී සිටින උපේඛාගෙන් අපිට අහන්න ප්‍රශ්න කිහිපයක්ම තිබුණා. මොන විදියටද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ? විවේකී සුවයෙන් තමයි කාලය ගත වෙන්නේ. තිළිණලගෙ ගෙදරයි අපේ ගෙදරයි දෙකම තියන්නේ මීගමුවේ. කිලෝමීටර් 10ක විතර දුරක තමයි ගෙවල් දෙක තියෙන්නේ. ඒ හින්දා ගෙවල් දෙකේම ඉන්නවා. දෙගොල්ලන්ගේම ආදරය ලැබෙනවා. කවදද අලුත් අමුත්තා ඔබේ කැඳැල්ලට එන්නේ? තව මාස දෙකකින් විතර. කුළුඳුල් දරුවා මෙලොව එළිය දකින්නත් කලින් මව්පියන් උනන්දු වෙන්නේ ලැබෙන්න ඉන්නේ දුවෙක්ද? පුතෙක්ද? කියලා දැනගන්න නේද? ඒකනම් ඇත්ත. ඒත් මම නම් පුතෙක් ලැබුණත් දුවෙක් ලැබුණත් කමක් නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. තිළිණ නම් මුල ඉඳන්ම ආසාවෙන් හිටියේ පුතෙකුට. තිළිණගේ හීනය ඉටුවෙයිද කියලා මේ වෙද්දිත් ඔය දෙන්නා දන්නවා ඇති? ඔව්… නවීන තාක්ෂණයේ බල මහිමයෙන් ඒක දැනගන්න පුළුවන්නේ. තිළිණගේ බලා‍පොරොත්තුව ඉෂ්ට වෙනවා. අපේ කැඳැල්ලට එන්නේ පුතෙක්. උපේඛාගේ තාත්තා ජොලි සීයා මේ රටේ ජනප්‍රිය ගායකයෙක්. සීයා කෙනෙක් වෙන්න යන එක ගැන ඔහුටත් ලොකු සතුටක් ඇති? මගේ අක්කත් මේ දවස්වල සූදානමින් ඉන්නේ එයාලගේ කැඳැල්ලට අලුත් අමුත්තෙක් එනතුරු. තාත්තට ඉතා ඉක්මනින් මුනුපුරන් දෙන්නෙක්ම බලන්න ලැබෙයි. හැබැයි ඉතින් තාත්තා ඉස්සරවෙලාම දකින මුනුපුරා මගේ පුතා. අක්කගේ බබාව දකින්න ලැබෙන්නේ ඊට පස්සේ. මව් පදවියට සැරසෙන හින්දා උපේඛා දැන් සංගීත කටයුතුවලින් ඈත්වෙලාද ඉන්නේ? ප්‍රසංග වේදිකාවට නම් යන්නේ නැහැ. අලුත් ගීතයක් නම් ළඟදී කළා. “මතකෙට අරං ඔබ සුවඳ” කියන ඒ ගීතය ලිව්වේ ගිහාන් අනුෂ්ක. සංගීතවත් කළේ හෂාන්. රූප රචනා සහිතව අලුත් ගීතයක් කරන්න තව කාලයක් බලා ඉන්නවද? නැහැ නැහැ… තව සති දෙකකින් විතර අලුත් ගීතයක් කරනවා. තව මාස දෙකකට විතර පස්සේ ඒ ගීතයේ රූප රචනාවත් කරනවා. ඒක ටිකක් සුවිශේෂ ගීතයක්. මොකක්ද ඒ විශේෂත්වය? ඒ ගීතය අපේ පුතා ගැන ලියැවුණු ගීතයක්. කලණි නදීෂා තමයි සිංදුව ලිව්වේ. සංගීතවත් කළේ චතුරංග සිල්වා. රූප රචනාව කරන්න මාස දෙකක් කල් ගන්නේ ඇයි? ඒ රූප රචනාවේ අපේ පුතත් ඉන්නවා. ඒ වගේම තිළිණත් ඉන්නවා. අපි තුන්දෙනාම ඉන්න අපේ පුතා ගැන කියන ගීතයක් හින්දයි ඒක විශේෂිත ගීතයක්  කිව්වේ.පුතා ඉපදුණාට පස්සේ තමයි ඒ රූප රචනාව කරන්නේ. ආරියවංශ කුලතිලක

Read more