Travel Hub

පිරමීඩ පරයන මහා අබිරහස ‘පූමාපුංකු’

1967 වසරේ ජූලි 20 වැනිදා, ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් ඉතිහාසයට එක් වූයේ සඳ මත පය තැබූ පළමු මිනිසුන් හැටියටය. නීල් ආම්ස්ට්‍රෝං සඳ තරණය කිරීම, පිටසක්වළ ජීවීන් පිරිසක් ඔවුන් නොදන්නා වෙනත් ලොවකට පය තැබුවා හා සමානය. සඳට යෑම කරන්න බැරි දෙයක් යැයි සිතූ කාලයක් තිබුණ ද අවසානයේ සඳ ජය ගැනීමට තාක්ෂණයටත් විද්‍යාවටත් හැකිවිය. අහස ජය ගෙන, රොකට් නිර්මාණය කරමින් සඳට යන්න මිනිසාට හැකිවූයේ නම්, විශ්වයේ වෙනත් ග‍්‍රහලෝකවල සිටින තාක්ෂණයෙන් පරතෙරට ගිය බුද්ධිමත් ජීවීන් පෘථිවියට එන්න බැරි කමක් නැහැ යන්න බොහෝ දෙනාගේ සිත්වලට නැගෙන ප‍්‍රශ්නයකි. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව පෙන්වන්න පුළුවන් සාක්ෂි තිබෙන්නේ කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති ඇති බව පවසන විද්‍යාඥයෝ පිරිසක් ද වෙති. මොවුන්ගේ විශ්වාසය නම්, පිටසක්වළ ජීවීන් නිරන්තරයෙන් පෘථිවිය සමඟ සබඳතා පවත්වන බවය. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඇමෙරිකාවේ නාසා ආයතනය ඒ බව ලොවෙන් වසං කරනවා කියාය. පුරාණ මිනිසා සහ පුරාණ සංස්කෘතීන් බිහිවන්න, ඒවා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න පිටසක්වළින් පැමිණි අමුත්තන්ගේ උදව් ලැබුණා වෙන්න පුළුවන් යැයි අතිශය ජනප්‍රිය ‘චැරියට්ස් ඔෆ් ද ගෝඩ්‍ස්’ නම් ග‍්‍රන්ථය රචනා කළ එරික් වොන්ඩයිකන් පෙන්වා දෙයි. පුරාණයේ පිටසක්වළ ජීවීන්ගේ ආගමනය ගැන සාක්ෂි සොයමින් යද්දී එරික් වොන්ඩැනිකන් සෑම ගල් පිළිමයක් හා ස්මාරකයක් ගැනම සොයා බැලුවේය. ඔහු ඔහුගේ තර්ක ඉදිරිපත් කරන්නේ සාධක දෙකක් පදනම් කර ගනිමිනි. පළමු සාධකය සාහිත්‍යය, මිථ්‍යා කතා, පුරාවිද්‍යාත්මක තොරතුරු ආදියයි. දෙවැනි සාධකය දකින්න හා අතගා බලන්න පුළුවන් වස්තූන්ය. ඊජිප්තුවේ මිසර පිරමීඩ ඒ අතරින් කැපී පෙනෙයි. කෙසේ නමුත් පිරමීඩ පරයන ආකාරයේ මහා අභිරහසක්, බොලිවියාවේ සැඟවී තිබී හමුවිය. ඒ, පූමාපුංකු ය. පූමාපුංකු යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයක් වන බොලිවියාවේ, ඉපැරණි ටියවනාකා නගරයට සැතපුම් කිහිපයක් නුදුරින් ඇති පූජනීය නගරයකි. පූමාපුංකු හඳුන්වා දීමට පෙර, ටියවනාකා ගැන විග‍්‍රහයක් කළ යුතු වෙයි. ටියවනාකා අද සංචාරක ආකර්ෂණයකි. මෙහි නටබුන්වී ගිය ගල් කණු, ගල් බැමි, ගල් පිළිම සහ කැටයම් දකින්නට ලැබේ. මේවා වසර 7,000කට වඩා පැරැණි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. ඇතැම්විට ලොව පැරැණිතම නගරය ද ටියවනාකා විය හැකි බවට මතකයක් පවතී. ටියවනාකා නටබුන්, පාස්කු දූපතේ මෝයි ගල් පිළිමවලට සමානකමක් දක්වයි. එය පුදුමාකාරය. එපමණක් ද නොව, ටියවනාකා නගරයේ දකින්න ලැබෙන නිර්මාණවල ලක්ෂණ ලෝකයේ අනෙක් පුරාණ සංස්කෘතීන්වලත් දකින්න ලැබේ. ටියවනාකා නටබුන් පුරයට සැතපුම් කිහිපයක් ඇති පූමාපුංකු සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා තැනක් නොවේ. කෙසේ නමුත් ටියවනාකාට වඩා අපූරු තැන වන්නේ මෙතැනය. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගැනීමට පූමාපුංකු ගල් කැටයම් සමත් වී තිබේ. පූමාපුංකු පිරමීඩවලටත් වඩා අබිරහසක් යැයි පෙන්වා දෙන්නේ ඔවුන්ය. පුරාණයේ පිටසක්වළ ජීවීන් මෙහි පැමිණි බවට ඇති ප‍්‍රහේලිකාවේ ඉතා වැදගත්ම කොටසක් හැටියට බොලීවියා කඳුකරයේ පිහිටි පූමාපුංකු නුවර නටබුන් සැලකෙයි. වාස්තු විද්‍යාවේ බලමහිමය පෙන්වන හාස්කමක් ලෙස සැලකෙන ගීසාහි පිරමීඩ පවා පූමාපුංකු නටබුන් හමුවේ පුංචි ළමයකු තැනූ සෙල්ලම් ගෙයක් හා සමානයි විද්‍යාඥයෝ කියති. ලොව දකින්න ලැබෙන අනෙක් අබිරහස් පරයන්නට ද පූමාපුංකු නටබුන් සමත්වී තිබෙන බවට සැකයක් නැති බව පැවැසෙයි. මොකක්ද මේ අබිරහස? අබිරහස නම් පූමාපුංකු ඉදිකිරීම සිදුවුණේ කෙසේදැයි යන්න පැහැදිලි කිරීමට විද්‍යාඥයන්ට නොහැකි වීමය. අද දකින්න ලැබෙන්නේ නටබුන් වූ මහා ගල් කණුය. දැවැන්ත ගල් කුට්ටි පවා තැන තැන දකින්නට ලැබේ. පෙනෙන විදියට, මොකක් නමුත් මහා බලවේගයකින් ඒවා කැබැලි කර දමා තිබේ. පූමාපුංකු නගරයේ දකින්න ලැබෙන ගල් කුට්ටි ඉතා නිවැරදිව හා ඉතා සූක්ෂමව කපා වෙන් කර තිබීම සුවිශේෂත්වයකි. ඒවා ඉතාම නිවැරදි ආකාරයෙන් එකිනෙක හා සම්බන්ධ වී තිබේ. කැබැලි වී වෙන්වුණු ඒවා පවා සම්බන්ධ කළ හැකිය. අද වෙන් වෙන්ව තිබුණත් අතීතයේ ඒවා ඉතා හොඳින් එකිනෙකට සම්බන්ධ වී තිබෙන්න ඇතැයි පැවැසෙයි. මේ නගරයට කිට්ටුම ගල්වළ ඇත්තේ සැතපුම් 7,000ක් දුරිනි. මෙහි ඇති අති දැවැන්ත ගල් කණු, ගල් කුට්ටි සැතපුම් ගණනක් දුර ඇති මේ නගරයට ගෙනාවේ කෙසේදැයි යන්න අබිරහසකි. පූමාපුංකු නගරයේ පළමු අබිරහස මෙයයි. පූමාපුංකු නගරය පිහිටන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4,000ක් උසකිනි. අවට කොහේවත් ගස් දකින්න ලැබෙන්නේ නැත. එසේ නම්, ගල් කුට්ටි ගස් කඳන් මත තබාගෙන තල්ලු කරගෙන ආවා විය නොහැකිය. පූමාපුංකු පිහිටි ප‍්‍රදේශය අවට දකින්න ලැබෙන්නේ අඳුරු පැහැති පඳුරු හා තණකොළ පමණි. පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පූමාපුංකු පූජනීය නගරය නිර්මාණය කළේ ‘අයිමාරා’ ඉන්දියානු ගෝත්‍රිකයන් කියාය. මෙවැනි මහා පරිමාණයේ නිර්මාණ කිරීමට නම් සැලසුම් සකස් කළ යුතු වෙයි. සැලසුම් ඇඳිය යුතු වෙයි. එවැන්නක් නොකර මෙවැනි නිර්මාණයක් සූක්ෂමව කළ නොහැකිය. ගල් කුට්ටි එකිනෙක සම්බන්ධ කළ යුතු වන්නේ කුමන විදියටදැයි මූලික අවබෝධයක් නැතිව මෙවැනි නිර්මාණයක් කළේ කෙසේද? ‘අයිමාරා’ ගෝත්‍රිකයන්ට එවැනි දැනුමක් තිබුණා ද? ලොව ප‍්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් සැවොම, අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණක් වන්නේ, අයිමාරා ඉන්දියානුවන්ට දියුණු තාක්ෂණයක් නොතිබුණු බවය. ඔවුහු ඉතා ප‍්‍රාථමික ගෝත්‍රික පිරිසක් වූහ. පිටසක්වළ අමුත්තන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්, පූමාපුංකු සහ ටියවනාකා නටබුන් වෙත අවධානය යොමු කරන්නේ ඒවායේ ඇති ගුප්ත බව නිසාම නොවෙයි, ඒ දැවැන්ත ගල් කුට්ටි ඔවුන් පුදුම කිරීමට සමත්ව ඇති නිසාය. කළු පැහැයෙන් යුත් එම ගල් කුට්ටි කපා නිසි ලෙස සකස් කිරීමට, යම්කිසි යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයක් සිදුවුණැයි බැලූ බැල්මට පෙනෙයි. එක් ගල් කුට්ටියක් ටොන් 800ක් පමණ බරය. ඇතැම් ගල් කුට්ටි ඔප දමා ඇත. ඒවා ඉතා සියුම් ලෙස කපා වෙන් කර තිබෙන බව පැහැදිලිය. අයිමාරා ඉන්දියානුවන්ට ගල් යුගයේ ආයුධ (එනම් ගල් කටු හා මිටි) භාවිත කරමින් මෙවැනි නිර්මාණයක් කිසිසේත් කළ නොහැකිය. මේ ගල් කුට්ටිවල කපා ඇති රේඛා ඉතා නිවැරදිව ඍජුව පවතී. එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා එම රේඛාවල ඇති ගැඹුර එක සමානය. පූමාපුංකු නගරය නිර්මාණය කිරීමට යොද‌ාගෙන තිබෙන්නේ පිරමීඩවලට යොදා ගත් ආකාරයේ හුණු ගල් නොවෙයි. ග‍්‍රැනයිට් සහ ඩයරයිට් පාෂාණ ය. මේ අතරින්, ඩයරයිට් පාෂාණ කැපී පෙනෙයි. ශක්තියෙන් ‘ඩයරයිට්’ පාෂාණ දෙවැනි වන්නේ දියමන්තිවලට පමණක් යැයි ද පැවැසෙයි. එහෙයින්, මේ පාෂාණ මේ ආකාරයට කපා සකස් කරන්න යොදා ගත් ආයුධ දියමන්තිවලින් සකස් කර තිබිය යුතු වෙයි. වර්තමාන ඉදිකිරීම් කරුවන් පවා පවසා පෙන්වා දෙන අන්දමට, අද තිබෙන නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන පවා පූමාපුංකු නටබුන් නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමට නොහැකි බවය.

Read more
ආදි මුතුන්මිත්තන් සොයා පාහියන්ගලට ගිය ගමන......

තවත් එක් විවේකී සෙනසුරාදාවක අප උදෑසනම ලක ලෑස්ති වූයේ අපගේ ආදි මුතුන් මිත්තන්ගේ තිඹිරිගෙය ලෙස සැලකෙන ශ‍්‍රී ලංකාවේ විශාලතම ගල්ගුහාව නැරඹීමට සහ එහි අතීතය අධ්‍යයනය කිරීමටයි. කළුතර දිස්ත‍්‍රික්කයේ මායිමේ පිහිටි සුන්දර ගම්මානයක් වන යටගම්පිටිය ගම්මානයේ පිහිටි ඉතාමත් පෞරාණික වටිනාකමක් ඇති පාහියන්ගල ගල් පර්වතය අපගේ අද දිනයේ අවධානයට යොමු වීමට මූලික හේතුව වූයේ පසුගිය දිනවලදී සිදු වූ ගංවතුර සහ එහිදී පාහියන්ගල සහ බුලත්සිංහල ප‍්‍රදේශවලට සිදු වූ දැඩි හානියි. එම හානි හේතුවෙන් පාහියන්ගල දක්වා ගමන් කිරීමට පසුගිය දිනවලදී නොයෙක් බාධා ඇති වී තිබුණු අතර මේ වනවිට නැවත සියලූම දේ යථා තත්ත්වයට පත් වී තිබුණා. සුපුරුදු පරිදි අප ගමන ආරම්භ කළේ කළුතරින්. කළුතර සිට හොරණ පාර ඔස්සේ ප‍්‍රථමයෙන් අප ගමන් කළ අතර ගල්පාතින් පසුව බුලත්සිංහල – මතුගම මාර්ගය ඔස්සේ වරකාගොඩට ගමන් කළා. අපගේ ප‍්‍රථම නැවතුම්පොළ වූයේ වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරස්ථානයයි. වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරස්ථානයද නමට අදාළව ගල්ලෙනක් තුළ තැනවූ පන්සලක් වුණු අතර මෙහි ඇති ඉපැරණි බව නිසා මෙය මේ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියට පත්ව තිබුණා. මෙම විහාරස්ථානයේ අතීතය වංශකතා පොත්වල සනිටුහන් වී ඇත්තේ පස් යොදුන් රට ලෙස එවකට හැ`දින්වූ ප‍්‍රදේශයේ තැනවූ බලකොටුවක් ආශ‍්‍රිතව මෙම විහාරය ඇති වූ ලෙසයි. මෙම විහාරය තැනීමට මානාභරණ, කීර්ති ශ‍්‍රී වල්ලභ සහ කීර්ති ශ‍්‍රී මේඝ යන සහෝදරවරු තිදෙනා මූලික වී ඇති බවද දක්වා තිබෙනවා. පරාක‍්‍රමබාහු රජු විසින් රචිත ගලපාත ශිලා ලේඛනයේ පස් යොදුන් විහාරය ලෙස දක්වා තිබෙන්නේ මෙම විහාරස්ථානය බවද විද්වතුන් විසින් ඉදිරිපත් කළ මතවල ස`දහන් වනවා. මෙහි ඇති දහ අට රියන් බුදුපිළිමය මානාභරණ කුමරුවන්ගේ අධීක්ෂණයෙන් කළ නිර්මාණයක් බව ස`දහන් වනවා. වරකාගොඩ ගල්ලෙන් විහාරය පිළිබ`දව අප ඉතාමත් වටිනා සහ වැදගත් කරුණු රාශියක් ලබා ගැනීමට ඒ අවට සිටි ගැමියෙක්ගේ උපකාර ලබා ගත් අතර මෙම ප‍්‍රදේශයේ සැ`ගවී ඇති වටිනා පුරාවෘත්ත රාශියක් අපට හෙළි කිරීමට ඔහු පසුබට වූයේ නැහැ. මෙලෙස දැනගත් තොරතුරු තවත් නුදුරු දිනයක ඔබ හා ගෙන ඒමේ බලාපොරොත්තුව ඇටිව අප වරකාගොඩ ගල්ලෙන් විහාරස්ථානයෙන් සමුගත්තේ අපගේ ගමන නැවත පාහියන්ගල දක්වා සිදු කිරීමටයි. පාහියන්ගලට මෙහි සිට තිබුණේ විනාඩි තිහක පමණ ගමන් කාලයක්. වරකාගොඩ සිට දියකඩුවටත් එතැනින් බුලත්සිංහල දක්වාත් ගමන් කළ අප සේන්දු වූයේ පාහියන්ගලටයි. ක‍්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මුල් භාගයේදී අනුරාධපුර සමයේ රජ කළ මහානාම රජ සමයේ චීන ජාතික පාහියන් නම් භික්ෂුන්වහන්සේ නමක් ධර්ම සංචාරයන් ස`දහා ශ‍්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ මෙම ප‍්‍රදේශයේ මෙම ගල් තලාව ආශ‍්‍රිතව කාලයක් වැඩ විසූ බවත් ඒ අනුව මෙම ගුහාවට එම භික්ෂුවගේ නම වන ෆාහියන් යන නම තබා ඇති බවත් කාලයාගේ ඇවෑමෙන් ෆාහියන් යන්න පාහියන් ලෙස ජනවහරට එක් වී ඇති බවත් ස`දහන් වනවා. ශ‍්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස විරුදාවලිය ලත් පාහියන්ගල ස්වභාවදහමේ ඉතාමත් විස්මිත නිමැවුමක්. බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යටගම්පිටිය ග‍්‍රාමයේ ස්වාභාවික පිහිටා ඇති ගල් පර්වතයක් ස්වභාවිකවම ලෙනක් ලෙස සැකසී තිබෙනවා. මෙය පාහියන් භික්ෂුවගේ වාසයට ශ‍්‍රී ලංකාවේ ආදි මානවයන්ගේ වාසස්ථානයක්ව තිබී ඇති බව සැලකෙන අතර කාලනිර්ණයන්ට අනුව ලංකාවේ නවීන මානවයාගේ ජනාවාසකරණය අදින් වසර 50,000කට පමණ අතීතය දක්වා විහිදෙන බව තහවුරු වීමට පාහියන්ගල ලෙන තුළ සිදු කරන ලද කැණීම්වලින් හමු වූ සාක්ෂි සමත් වී ඇත. අප මේ වනවිට පැමිණ සිටියේ පාහියන්ගල ලෙන තුළට පිවිසීමට ඇති පඩි පෙළ ඉදිරියටයි. මුහුදු මට්ටමින් අඩි 400ක පමණ උසින් පිහිටා ඇති මෙම ගල්ලෙනට නැගුමට පඩි 496ක් පසු කළ යුතුය. සෙමෙන් සෙමෙන් අප ඉහළට නැගීම ආරම්භ කළෙමු. ගලින් තනා තිබූ පඩි පෙළ ඔස්සේ ගමන් ගන්නා විට වරින් වර ඉහළ සිට ඇදහැලූණු වතුර පහරවල්වලින් අප තරමක තෙමුණු අතර නිරන්තරයෙන්ම දෙසවනට ඇසුණේ සෙමෙන් ගලා ගිය ජල පහරවල ශබ්දයයි. අවසානයේ අප ගල්ලෙන තුළට පැමිණි අතර බැලූ බැල්මට නම් එහි එතරම් විශාලත්වයක් හෝ විශේෂත්වයක් තිබෙන බවක් නම් පෙනුණේ නැති අතර අප ඉන්පසුව අප ගල්ගුහාව තුළට ගමන් කළෙමු. ගල්ගුහාව තුළ සිට පිටත බැලූ විට මෙහි විශාලත්වය කෙතරම්දැයි අපට මනාව පසක් වුණා. අප ඉතාමත් විශාල වහලක් යට කුහුඹුවන් සේ සිටින අයුරක් අපට හැ`ගී ගියා. ගුහාව මධ්‍යයේ මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් සිදු කරමින් සිටින බව දක්නට ලැබුණා. මේ පාහියන්ගල ගුහාව පිළිබ`ද වැඩිදුර කරුණු විමසීමේදී අපට දැනගත හැකි වූයේ මෙම ගුහාවේ තුන්දහසකට ආසන්න පිරිසකට ලැගුම්ගත හැකි බවයි. මෙය දැනට ගණනය කර ඇති පරිදි දිගින් අඩි 175ක් ද පළල අඩි 150ක් ද පමණ වනවා. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 400ක උසින් පිහිටා ඇති අතර ගුහාවේ පාමුල සිට මුදුන දක්වා අඩි 460ක් වනවා. පාහියන්ගල ගුහාවේ කැණිම් කටයුතු ආරම්භ වී ඇත්තේ 1986 වසරේ වන අතර එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වන ශිරාන් දැරණියගල මහතා මෙම කැණීම් කටයුතුවල මූලිකත්වය ගෙන තිබෙනවා. මේ කැණිම්වලින් මිනිස් හිස් කබල් පහක් හමු වී ඇති අතර ඒවායේ ඇති සුවිශේෂී ලක්ෂණයක් ලෙස හිස් කබල් වර්ණ ගන්වා ඇති බව ඔහු ඇතුළු කණ්ඩායම විසින් ඒ අවස්ථාවේ නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව එකල විසූ මිනිස් කොට්ඨාසය මිහිදන් කළ මළ සිරුරු නැවත ගොඩ ගෙන යම් කිසි වතාවත් සිදුකොට හිස් කබලවල වර්ණ ගන්වා නැවතත් මිහිදන් කර ඇති බව විශ්වාස කරනවා. ඒ අනුව යම් කිසි ඉහළ ශිෂ්ටාචාරයක් සහිත මානවයන් පිරිසක් මෙහි විසූ බව අපට නිගමනය කළ හැකි වනවා. මීට අමතරව එකල එම ආදිවාසීන් විසින් ප‍්‍රයෝජනයට ගත්තේයැයි සැලකෙන ආයුධ සහ මෙවලම් ද සොයාගෙන ඇති අතර ඒවායේ ආයු කාලය කාබන් 14 කාල නිර්ණය පරීක්ෂාවට අනුව වසර 37,000ක් පමණ අතීතයට දිව යන බව සොයාගෙන තිබෙනවා. මීට අමතරව මොවුන් විසින් ආහාරයට ගත්තා යැයි සැලකෙන බෙල්ලන්ගේ කටු, අස්වාභාවික ලෙස කැඞී බි`දී ගිය සතුන්ගේ ඇටකටු, මීයන්ගේ සහ වෙනත් ක්ෂීරපායීන්ගේද කොටස් හමු වී ඇති අතර බෙල්ලන් ආදිය ආහාරය ගැනීම ස`දහා සිදුරු කර ඇති ස්ථාන නිරීක්ෂණය කිරීමේදී මොවුන් එකලද දියුණු ආයුධ භාවිත කර ඇති බවට නිගමනය කර තිබෙනවා. ගල් ආයුධ යුගයේ දියුණුතම ආයුධ ලෙස සැලකෙන ක්ෂුද්‍ර ගල් අවිද මොවුන් විසින් භාවිත කර ඇති බව සොයාගෙන තිබෙන අතර ඒවා විවිධ ජ්‍යාමිතික හැඩවලින් යුතු ඒවා වන බව නිරීක්ෂණය කොට තිබෙනවා. අදටත් මෙම කැණීම්වලදී හමු වූ සමහර කොටස් පාහියන්ගල ඇති එක් කොටසක තැන්පත් කර ඇති අතර ඒවා අවශ්‍ය නම් නිරීක්ෂණය කළ හැකි වනවා. පාහියන්ගල ගුහාව හා ඒ අවට ප‍්‍රදේශ මේ වනවිට භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය උදෙසා වෙන් වී ඇති අතර ගල් ලෙනට පහත කොටසේ භික්ෂූන් උදෙසා දන් ශාලාවක් සහ ආවාසගෙයක් තනා තිබෙනවා. අප ඉන්පසුව පිවිසුණේ ගල් ලෙන පිටුපසින් ලෙන මුදුනට නැගීම ස`දහා තැනී ඇති මාර්ගයේ ගමන් කිරීමටයි. මෙය සාමාන්‍යයෙන් පාහියන්ගල ලෙන නැරඹීමට සහ දානය දීමට පැමිණෙන පුද්ගලයන් ගමන් නොගන්නා මාර්ගයක් වන අතර මෙම ලෙන මුදුනේ තනාගත් කුටිවල භික්ෂූන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටින බැවින් මෙහි යාම එතරම් සුදුසු නොවේ. යාමට ඇති මාර්ගය වැටී ඇත්තේ කැලයක් මැදින් වන අතර තැන තැන ඇති ගල් සහ කොටන් ආදිය මැදින් වැටී ඇති මාර්ගයක් ඔස්සේ මෙහි ගමන් කළ යුතු වේ. මෙහිදී විනාඩි තිහක පමණ ගමනකින් පසුව ලෙන මුදුනට ළ`ගා විය හැක. තැනින් තැන වැසි ජලය එකතු වී කුඩා පොකුණු මෙන් තැනී ඇති අතර ඒවායේ ඇති ජලය කුඩා ජල පහරවල් තැනී පහළට ගලා ඒ. එතැන් සිට බැලූ විට ඒ අවට ඉතාමත් මනස්කාන්ත දර්ශනයක් මවමින් දර්ශනය වන අතර ඈතින් ගම්මානද ඊටත් එපිටින් මහා මාර්ගයද දිස්වේ. එතැන ම`ද වේලාවක් ගත කළ අප නැවතත් පහළට බැසීමට ආරම්භ කළේ වෙසක් මස මහ වැසි ඇද හැලීමට අහස ගිගුරුම් දීම ඇරඹුණු බැවිනි.

Read more
කිතුල්ගල රහස් සොයා ගිය ගමන

ශී‍්‍ර ලංකාවේ සුන්දරත්වය ලොවටම පෙන්වූ අවස්ථාවකට පාදක වුණු ස්ථානයක් සොයා යාම තමයි අද දිනයේ අපගේ සංචාරයේ අරමුණ වූයේ. මෙය ලාංකිකයන් මෙන්ම විදේශිකයන් අතරද ප‍්‍රචලිත වූයේ ත‍්‍රාසජනක කී‍්‍රඩා සඳහා අපූරු ස්ථානයක් ලෙසයි. කැලණි ගඟ පාදක කරගෙන සිදුකරන මෙම අපූරු ත‍්‍රාසජනක කී‍්‍රඩා සිදු කරන්නේ අප හැමෝම අතර ප‍්‍රසිද්ධ කිතුල්ගල ප‍්‍රදේශයේයි. කළුතර සිට කිතුල්ගල දක්වා යාමට මාර්ග කිහිපයක් පැවතුනත් අප තෝරා ගත්තේ වඩාත් හුරුපුරුදු මාර්ගය වූ කළුතර – හොරණ මාර්ගයයි. උදෑසනම අප ගමන ආරම්භ කළේ ත‍්‍රාසජනක ජල කී‍්‍රඩා කිහිපයක යෙදීමට සහ ගම්වැසියන් කිහිප දෙනෙකු සමග පිළිසඳරේ යෙදීමටත් අපට අවශ්‍යව තිබූ නිසාවෙනි. කළුතර – හොරණ මාර්ගයේ අඟුරුවාතොටටත් වේවල හරහා ඉංගිරියටත් ගමන් ගත් අපි ඉංගිරියෙන් උදෑසන ආහාරය ලබාගැනීමට අමතක කළේ නැහැ. ගැමි කඩයකට ගොඩ වැදුණු අප කොළ කැඳ කෝප්පයක් සමග හකුරු කැබැල්ලක් සහ උණු බත් සමග පොල්සම්බෝලයක් රස බැලූ අතර ආහාරය අවසන් වූයේ රසවත් බෙලිමල් වීදුරුවකින්. නගරබද වෙසෙන අපට බෙලි මල් වැනි ගුණදායක බීම වර්ග පානයට නිරන්තරයෙන් අවකාශ නොලැබුණත් යන එන ගමන් අපට හමු වන ගැමි කඩවලින් බෙලිමල් වියළි පැකට්ටු ගෙන ඒමට අප අමතක කරන්නෙ නැහැ. මෙය තේ වෙනුවට පානය කළ හැකි ඉතාමත් රසවත් පානයක් වන අතර ඖෂධීය ගුණයෙන් අනූන වනවා. උදෑසන ආහාර වේලෙන් පසුව අප නැවතත් ගමන ආරම්භ කළ අතර අප එතැනින් ඇහැළියගොඩ දක්වා ගමන් ගත්තා. ඇහැළියගොඩ මැණික් සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන අතර උදෑසනම වුවද මැණික් මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් මුළු නගරය පුරාවටම පිරී සිටිනු දක්නට ලැබුණා. සමහරු මැණික් පරීක්ෂා කරන උපකරණවලින් මැණික් ගල් අහසට අල්ලා පරීක්ෂා කළ අතර සමහරු ලන්සු තියනු දක්නට ලැබුණා. ඉතා සුඛෝපභෝගී වාහනවලින් බැසගත් මැණික් මුදලාලිලා මෙන්ම පතල්වල වැඩ කරනා කම්කරුවන්ද පාර පුරා දක්නට ලැබුණා. ඇහැළියගොඩ පසු කළ අප ඉන්පසුව පනාවල පසු කොට යටියන්තොටට පැමිණි අතර එහිදී අප කොළඹ මඩකලපුව ප‍්‍රධාන මාර්ගයට වැටුණු අතර එතැන් සිට දිගටම කිතුල්ගල දක්වා ගමන් ගත්තේ කරවනැල්ල තුනීකන්ද ඔස්සේයි. කිතුල්ගල අයත් වනුයේ කෑගල්ල දිස්ති‍්‍රක්කයට වන අතර සබරගමුව පළාතේ පිහිටයි. ක‍්‍රමයෙන් අප සේන්දු වී සිටියේ සුන්දර කිතුල්ගල පුරවරයටයි. අප කලින් මෙම ප‍්‍රදේශයේ සංචාරක සේවා සපයන කෝසල මහතාට කතා කොට අපගේ අවශ්‍යතාව පවසා තිබුණු අතර ඔහු අපි එන පෙර මග බලා සිටිනු දක්නට ලැබුණා. මෙම ප‍්‍රදේශය ඔහුගේ උපන් ගම් පෙදෙස වූ අතර අපට පවසන්නට ඔහු හා ඔහුගේ මවට ඉතාමත් රසවත් කතා ගොන්නක් තිබෙන බව අප හා දුරකතන සංවාදයේදී ඔහු පැවසූ අතර එම කතා අසා ඔබට ගෙන ඒමට අප තුළ පැවතියේ ඉමහත් ආශාවක්. අපව ඉතාම අපූරු ලෙසට පිළිගත් ඔහු අලංකාර ලෙස සැකසූ තැඹිලි ගෙඩි දෙකක් අපට පිරිනැමූ අතර ගමන් විඩාව එමගින් ක්ෂණිකව මැකී ගියා. කෝසල අයියා මඳ වේලාවකින් අපේම හිතවතෙකු බවට පත් වූ අතර ඔහු දැනට කිතුල්ගල සහ ශී‍්‍ර ලංකාවේ සියලූම ප‍්‍රදේශ ආශි‍්‍රතව සංචාරක කර්මාන්තයේ යෙදෙන බවත් කිතුල්ගල ජල කී‍්‍රඩා ආරම්භයට මූලිකත්වය ගත් කෙනෙක්ගෙන් එක් අයෙකු තමා වන බවත් පැවසූවේ ඉමහත් ආඩම්බරයකින්. ඔහු අපට ප‍්‍රථමයෙන් පැවසූවේ ඉර මුදුන් වීමට පෙර ජල කී‍්‍රඩා සඳහා ගොස් පැමිණෙන ලෙසයි. ඔහුගේ ඉල්ලීම පිළිගත් අප ඔහු ගේ බෝට්ටු සේවාව ආරම්භ කරන ස්ථානයට අප රැුගෙන ගියා. එම ස්ථානය කිතුල්ගල – හැටන් මාර්ගය අයිනේම පිහිටා තිබුණු අතර ඔහුගේ සහායකයින් දෙදෙනා ඒ වන විටත් අප එන තෙක් මග බලා සිටියා. එතැන තිබූ ට‍්‍රක් රථයක බෝට්ටුව, හබල් සහ ජීවිතාරක්ෂක උපකරණ පටවා ගත් අප ඔවුන් සමග ගඟ උඩහට ගමන් කළා. මෙම ගංගාව වනුයේ කැලණි ගඟ වන අතර මෙහි කිහිප ස්ථානයක් බෝට්ටු කී‍්‍රඩාව ආරම්භ කිරීම සඳහා වෙන් කොට තිබුණා. ආත්මාරක්ෂක උපදෙස් ලබාගත් අප ජීවිතාරක්ෂක කබා පැලඳ හබල් රැුගෙන බෝට්ටුවට නැග ගත්තේ එම අපූරු අත්දැකීම විඳ ගැනීම සඳහායි. ජල පහර නිසල වුවත් කෙමෙන් කෙමෙන් ජල පහරේ වේගය වැඩි වූ අතර බෝට්ටුව ඒ හා සමානව ගැස්සීම් හා පැද්දීම්වලින් ගහණ වුණා. අප හා සමග එක් ජීවිතාරක්ෂකයෙකු සිටි අතර ඔහු අපගේ ජීවිතාරක්ෂකයෙකු මෙන්ම බෝට්ටුව හසුරවන්නා ලෙසද කි‍්‍රයා කළා. ඔහුගේ උපදෙස අනුව අප සැඩ පහරේ බෝට්ටුව පදවන්න උත්සාහ කළා. විටෙක ජලයෙන් අප වැසී ගිය අතර තවත් විටෙක අප උඩ ගොස් බෝට්ටුවේම වෙන ස්ථානයක පතිත වුණා. සුදු පැහැති පෙණ පිඩු අතරේ බෝට්ටුව ඉතා සුන්දරව ඇදී ගිය අතර මෙය ඉතාමත් සුන්දර අත්දැකීමක් වුණා. පැයක පමණ ධාවනකයකින් පසුව බෝට්ටුව අප නැවතත් නිසල ජල තලය මතට සහ ඉන්පසුව ගොඩබිමටත් රැුගෙන ආවේ ඒ සුන්දර සහ ත‍්‍රාසජනක ගමන අවසන් කරමින්. කෝසල අයියා අප වෙනුවෙන් ඊළ`ගට සංවිධානය කර තිබුණේ තවත් එක් ඉතාමත් ත‍්‍රාසජනක කී‍්‍රඩාවක්. මෙය සිදු කිරීමට ඉතාමත් දැඩි ආත්ම විශ්වාසයක් මෙන්ම ශක්තිමත් සහ කී‍්‍රඩාශීලී සිරුරක් තිබීම වැදගත් වනවා. මෙය වෝටර් ෆෝල් ඇබ්සේලින්ග් හෙවත් දිය පහරක් ඔස්සේ ඉහළ සිට පහළට කඹ ආධාරයෙන් බැසීම වන අතර මේ සඳහා ඉතාමත් විධිමත් නමුත් කෙටි පුහුණුවක් ලබා දෙන අතර ඊට අමතරව ඒ සඳහා දස්කම් ඇති පුහුණුකරුවෙකු සහ ජීවිතාරක්ෂකයන් දෙදෙනෙකු මෙම කි‍්‍රයාදාමයේදී අප හා එක් වී සිටිනවා. විදේශ රටවලින් ආනයනය කරන ලදැයි පැවසූ නොයෙක් ආකාරයේ කඹ වර්ග, කොකු වර්ග සහ අප නම නොදන්නා බොහෝ උපකරණ ඔවුන් සතුව පැවතුනා. උපදෙස්වලින් අනතුරුව අප ආරම්භ කළේ වරෙකට එක්කෙනා බැගින් පහලට බැසීමටයි. ලිස්සනසුලූ ගල මතුපිට ජල පහරට සමාන්තරව අප හෙමින් පහළට බැස ගත් අතර විටෙක එක එල්ලේ මුහුණට වදින ජල පහර අපගේ ගමනට විටින් විට බාධා පැමිණුවා. මඑම කී‍්‍රඩාවෙන් පසුව අප ජලය මත ලිස්සා යාමේ කී‍්‍රඩාවට ඔහු විසින් යොමුකළ අතර එය අවධානය අඩු කී‍්‍රඩාවක් වූ අතර විනෝදාත්මක බවෙන් ඉහළ වුණා. ගල්තලාවක් මතු පිට ගලා යන ජලය මත හිඳ ගත් අප කුඩා උන් මෙන් ගල් තලාවේ පහතට ජලය මතින් ලිස්සා ගියේ කෑ ගසමින්. එය ඉතාමත් අපූරු අත්දැකීමක් වුණු අතර අප වැඩි වේලාවක් ගත කළා. ඉන්පසුව ඔවුන් එම ස්ථානයෙන් මඳක් ඔබ්බට වන්නට තිබූ තවත් ස්ථානයකට අපව රැුගෙන ගියේ තවත් ඇ`ග සීතල වන අත්දැකීමක් ලබා දීමටයි. කොන්ෆිඩන්ට් ජම්ප් ලෙස හැඳින්වූ අතර ඉතා උසක සිට ජලයට පැනීමට අප උනන්දු කරවූවා. පහළ බැලූ විට කැලඹෙන ජල දහරා අපගේ දිරිය හීන කළද අප සිත දැඩිකරගෙන එම කි‍්‍රයාදාමයේ යෙදුනා. මේ අයුරින් අපගේ ජල කී‍්‍රඩා අවසන් වූ අතර අප ඉන්පසුව පිවිසුණේ අපගේ ගමනේ ප‍්‍රධාන අරමුණ සොයායි. එනම් කිතුල්ගල ලොව පුරා ප‍්‍රසිද්ධ වීමේ හේතුව සොයාගෙනයි.. මේ අයුරින් අපගේ ජල කී‍්‍රඩා අවසන් වූ අතර අප ඉන්පසුව පිවිසුණේ අපගේ ගමනේ ප‍්‍රධාන අරමුණ සොයායි. එනම් කිතුල්ගල ලොව පුරා ප‍්‍රසිද්ධ වීමේ හේතුව සොයාගෙනයි.

Read more