News

නෙළුම් කුලුනේ ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වෙයි

කොළඹ  ඉදිකෙරෙන නෙළුම් කුලුන ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ජල කාන්දු සිදුවන බව වාර්තා වුණා. නෙළුම් පෙති හැඩයට නිමවා ඇති කොටස්වල වීදුරුවලින් මෙලෙස ජල කාන්දු සිදුවන බවයි වැඩිදුරටත් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ. ඒ අනුව මේ පිළිබඳ නැවත සොයා බලන බව ඉදිකිරීම් සිදුකරන චීන සමාගම ප‍්‍රකාශ කර තිබෙනවා. නෙළුම් කුලුන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 අගෝස්තු මාසයේදීයි. එහි සේවයේ නිරත වන්නන්ගෙන් සියයට 70ක් චීන ජාතිකයන්. සෙසු පිරිස ශී‍්‍ර ලාංකිකයන් වනවා. මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම  අමෙරිකානු ඩොලර් මිලියන 1,404ක්. ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසර 7ක් ඇතුළත එය චීනයේ එක්සිම් බැංකුව වෙත පියවිය යුතු වනවා. මේ වනවිට නෙළුම් කුලුන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සියයට 85ක් පමණ අවසන්. ලබන වසරේ ජනවාරි 8 වැනිදා එය විවෘත කිරීමට නියමිතව තිබෙනවා. දකුණු ආසියාවේ දැනට ඇති උසම සන්නිවේදන කුලුන ද නෙළුම් කුලුනයි. එහි උස මීටර් 356ක්.

Read more
ව්‍යාපාරිකයන්ගේ සිහින සැබෑවෙයි - e – bay ක්‍රමයට භාණ්ඩ රට යවන්නත් රජය අනුමැතිය දෙයි

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් හට අවස්ථාව හිමිව ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙරට පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හට මෙතෙක් අවස්ථාවන් ලැබී තිබුනේ නැහැ. ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක් සදහා උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ  ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන් වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හට මින් පසු අවස්ථාව ලැබේ. මේ අනුව එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා. මෙලෙස පාරිභෝගිකයා වෙත සෘජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමේ පහසුකම හිමිවන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, මෙරට ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට පමණක් බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටින්නේ

Read more
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත… එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රට පුරා බොහෝ ප‍්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ඇතැයි වාර්තාවරුවන් සදහන් කරති. වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව කඩපිලිවලින් රතිඤ්ඤා ගනිමින් ඒවා දල්වමින් ඇතැයිද වාර්තාකරුවෝ කියති. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 20දෙනෙක් පමණ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන නව ආණ්ඩුවට එකතු වීමට යන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. https://youtu.be/r-267fMUWI0

Read more
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීමට යෝජනා වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශ‍්‍රාම වැටුප වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මුලින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්තී‍්‍රවරයෙකු වන පේ‍්‍රමසිරි මානගේයි. වසර 5 ක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුව සිටි තැනැත්තෙකුට දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලබන මූලික වැටුපෙන් තුනෙන් එකක් විශ‍්‍රාම වැටුප ලෙස හිමි වනවා. වසර 15 ක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුව සිටි තැනැත්තෙකුට දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලබන මූලික වැටුපෙන් තුනෙන් දෙකක් විශ‍්‍රාම වැටුප ලෙස හිමියි. දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285 ක් වනවා. මූලික වැටුපට අමතරව රුපියල් ලක්‍ෂයක කාර්යාල දීමනාවක්,  ඉන්ධන සහ දුරකතන දීමනාද දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට හිමියි. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශ‍්‍රාම වැටුප ගණනය කිරීමේදී එම දීමනාද සැලකිල්ලට ගතයුතු බවයි පේ‍්‍රමසිරි මානගේ යෝජනා කර ඇත්තේ. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේදීද සාකච්ඡාවට ගෙන තිබෙනවා. එහෙත් එහි සාමාජිකයෙකු වන ජනතා විමුක්ති පෙරමුණේම නිහාල් ගලප්පත්ති මන්තී‍්‍රවරයා ඊට විරුද්ධ වී ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට විශ‍්‍රාම වැටුපට අමතරව රුපියල් 15,000 ක අමතර දීමනාවක් ගෙවීමට කතානායකවරයා පසුව යෝජනා කර තිබෙනවා. එම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙතද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more
ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම විවෘත කෙරේ

චීනයේ හොංකොං සහ මැකාවු නගර යාකරමින් ඉදිකර ඇති ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම ඊයේ (23) විවෘත කළ බව චීන මාධ්‍ය වාර්තා කර ඇත. පාලමේ දිග කිලෝමීටර් 55කි. ඇමරිකානු ඩොලර් බිලියන 20ක් මෙම පාලම සඳහා වියදම් වී ඇති බව පැවසේ. පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී ජින්පිං සහභාගි වන බවත් පාලම ජනතාවට විවෘත කිරීම අද (24) දිනයේ සිදුවනු ඇති බවත් චීන බලධාරීහු පවසති. පාලම ඉදිකිරීම සඳහා වසර 09ක් ගතවී ඇති අතර මෙහි වැඩ කටයුතු 2016 වසරේ නිම කිරීමට සැලසුම් කර තිබී ඇත. මෙම පාලම ඉදිකිරීමත් සමඟ මැකාවු සහ හොංකොං අතර ගමන් කිරීමට ගතවන පැය 03ක කාලය විනාඩි 30ක් දක්වා අඩු වෙයි. කෘත්‍රීම දූපතක් යා කරමින් දිවෙන උමගක් හරහා ද පාලම ගමන් කරයි. (සිඑන්එන් ඇසුරිනි )

Read more
රටට ලෝක පදක්කමක් දිනා දුන් පාරමී මාරිස්ටෙලාට නිවාස දෙකක් රජයෙන් දෙයි

ආජන්ටිනාවේ පැවැති  තුන්වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී  ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙනදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින් ඉදිකර දීමට රජය තීරණය කර තිබේ. පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ හලාවත, ඉරණවිල පිහිටි නිවසට ගිය වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා දැනුම් දී තිබේ. නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පාරමි ක්‍රීඩිකාව හා ඇයගේ දෙමාපියන් හමුවේ ප්‍රකාශ කර ඇත. මෙම පහසුකමට අමතරව ඇය දැනට ජිවත්වන හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුලත රජයේ වියදමින් අලූත් වැඩියාකර දීමටද රජය තීරණය කර තිබෙන බවත් ලබන 30 දා කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේදී ඇයට නව නිවසක් බාර දීමට කටයුතු කරන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඇය හා දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ඉදිරි ගමනට ඇති බලවත්ම බාධාව බවත් එයට විසදුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යෘපන කටයුතු හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදිය යුතු බවත් ඒ සදහා රජයේ අවධානය යොමු කරවීමටත් කටයුතු කරන බවද වැඩි දුරටත් මෙහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා අගමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත් එය අනිවාර්යෙන් ඉටුකරන බවටත් අමාත්‍යවරයා පොරොන්දු විය. මෙහිදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට ස්තූතිය පුදකරමින් අදහස් දැක්වූ පාරමී මාරිස්ටෙලා සිසුවිය මෙලෙස අදහස් පල කළාය. මට අද හරිම සතුටුයි. මං වෙනුවෙන් රජය ලොකු දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වීම ගැන. ඒ වගේම මගේ අම්ම තාත්තට මෙන්ම රටටත් මගෙන් තවත් යුතුකම් බලාපොරොත්තු වෙන්න මෙය හේතුවක් වේවි. ඒ වගේම මගේ ඔලිම්පික් සිහිනය සැබෑවක් කර ගන්නත් රටට කීර්තියක් ගෙන දෙන්නත් මේ දායකත්වයන් හේතු වේවි යැයිද ප්‍රකාශ කළාය. මෙම අවසථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද සහභාගී විය. – ජයකාන්ත ලියනගේ

Read more