Resus Energy ජාතික විදුලි පද්ධතියට එක්කරන බලශක්ති ධාරිතාව ඉහළ නංවයි

ශ‍්‍රී ලංකාවේ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් වඩාත් පැරණිතම සහ ප‍්‍රධානතම මූලාශ‍්‍රය වන්නේ ජල විදුලියයි. විශාල පරිමාණයේ ජල විදුලි බලාගාර මෙන්ම කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඔස්සේ විදුලිය ජනනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව විශේෂයෙන් ගැළපෙන්නේ එහි ඇති සුවිශේෂිත භූගෝලීය පිහිටීම හේතුවෙනි.

නවීනතම තාක්ෂණය භාවිත කරමින් පරිසර හිතකාමී ක‍්‍රමවේදයක් යටතේ පුනර්ජනනීය සහ තිරසාර බලශක්ති නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කීර්තියක් දිනාගෙන ඇති Resus Energy PLC සමාගම පරිසර හිතකාමී ක‍්‍රමවේදයක් යටතේ ශ‍්‍රී ලංකාව තුළ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර කිහිපයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා යොමු වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *