Sports

රටට ලෝක පදක්කමක් දිනා දුන් පාරමී මාරිස්ටෙලාට නිවාස දෙකක් රජයෙන් දෙයි

ආජන්ටිනාවේ පැවැති  තුන්වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී  ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙනදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින් ඉදිකර දීමට රජය තීරණය කර තිබේ. පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ හලාවත, ඉරණවිල පිහිටි නිවසට ගිය වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා දැනුම් දී තිබේ. නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පාරමි ක්‍රීඩිකාව හා ඇයගේ දෙමාපියන් හමුවේ ප්‍රකාශ කර ඇත. මෙම පහසුකමට අමතරව ඇය දැනට ජිවත්වන හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුලත රජයේ වියදමින් අලූත් වැඩියාකර දීමටද රජය තීරණය කර තිබෙන බවත් ලබන 30 දා කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේදී ඇයට නව නිවසක් බාර දීමට කටයුතු කරන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඇය හා දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ඉදිරි ගමනට ඇති බලවත්ම බාධාව බවත් එයට විසදුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යෘපන කටයුතු හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදිය යුතු බවත් ඒ සදහා රජයේ අවධානය යොමු කරවීමටත් කටයුතු කරන බවද වැඩි දුරටත් මෙහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා අගමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත් එය අනිවාර්යෙන් ඉටුකරන බවටත් අමාත්‍යවරයා පොරොන්දු විය. මෙහිදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට ස්තූතිය පුදකරමින් අදහස් දැක්වූ පාරමී මාරිස්ටෙලා සිසුවිය මෙලෙස අදහස් පල කළාය. මට අද හරිම සතුටුයි. මං වෙනුවෙන් රජය ලොකු දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වීම ගැන. ඒ වගේම මගේ අම්ම තාත්තට මෙන්ම රටටත් මගෙන් තවත් යුතුකම් බලාපොරොත්තු වෙන්න මෙය හේතුවක් වේවි. ඒ වගේම මගේ ඔලිම්පික් සිහිනය සැබෑවක් කර ගන්නත් රටට කීර්තියක් ගෙන දෙන්නත් මේ දායකත්වයන් හේතු වේවි යැයිද ප්‍රකාශ කළාය. මෙම අවසථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද සහභාගී විය. – ජයකාන්ත ලියනගේ

Read more
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ මඩින්න ඉන්දියාවේ සහාය - ඇමැති අර්ජුන හෙළි කරයි

බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිවන තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා පැවැත්වුණු ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාව තමන්ට උදා වූ බවයි. පසුගියදා පැවැත්වුණු ඉන්දු – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන්ගේ නිල හමුවට ශ්‍රී ලංකාවෙන් එක් වූ දූත කණ්ඩායමෙහි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද විය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සංචාරය අතරතුරදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය සහ වංචාව තුරන් කිරීමට ඉන්දීය සහාය ලබා ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු වූ බවයි. “අගමැතිතුමාත් මමත් ඉන්දීය අගමැතිතුමාගෙන් ඒ ගැන ඉල්ලීමක් කළා. මොකද ඉන්දියාව තමයි තරග පාවාදීමේ හොකරම් බොහොමයක් ඇල්ලුවේ. ඉන්දියාවේ තියෙනවා සී. බී. අයි. කියලා ( Central Bureau of Investigation – CBI ) ආයතනයක්. එම ආයතනය තරග පාවදීම් ගැන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතියේ රැහැනට කොටු කර ගත්තා. ඒ හරහා බොහෝ අයට තරග තහනම් පවා පැනවුණා. ඒ අනුව ඉන්දියාවේ එම පරිණතබව අපිටත් ලබා දෙන ලෙස අපි ඉන්දීය අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදීම පැය ගාණක් ඇතුළත ඉන්දීය අගමැතිතුමා ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ ඉහළ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට මාව යොමු කළා. එහිදී මෝදි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි (Arun Jaitley) සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැන මම දීර්ඝව සාකච්ඡා කළා. අරුන් ජෙට්ලි මෝදි අගමැතිතුමාගේ සමීපතයෙක්. ඒ වගේම ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ ඉහළතම නිලධාරීයෙක්.  එම සාකච්ඡාවල ප්‍රතිඵලක් ලෙසට අපේ අගමැතිතුමාගේ කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල දූෂණ මැඩලන්න අවශ්‍ය දැනුම ලබා දෙන බවට ඉන්දියාව එකඟ වෙලා තියෙනවා. මමත් ඇගමැතිතුමාත් මෙවැනි ඉල්ලීමක් කළේ අපේ ක්‍රිකට් වැටිලා තියෙන තත්ත්වයට වගකිව යුතු මුල සොයා ගන්න ඕන නිසා. අද අපි බොහෝ විට කතා කරන්නේ ක්‍රීඩකයෝ ගැන. නමුත් ක්‍රීඩකයින්ට වඩා ඊට ඔබ්බට ගිය බුකිකාරයෝ සූදුකාරයෝ ක්‍රිකට්වල විනාශයට අද වගකිව යුතු වෙනවා. මොලකාරයෝ සැඟව සිටිනවා. ඔවුන්ව සොයා ගැනීමට අපේ රටේ ඇතැම් අංශ කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම වඩාත් වැදගත් බව පේන්න තියෙනවා…..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය. ඉන්දියාවේ පැවැති මෙම සාකච්ඡාවලදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ලයේ හිටපු සභාපති අනුරග් තකුර් (Anurag Thakur) මහතා සමග ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අදහස් හුවමාරු කර ගත්තේය. මේ සමග අමුණා ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවයි.

Read more
මට අවුරුදු එක හමාරකින් අවස්ථාවක් දුන්නේ නෑ - මාලිංග

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය පසුගියදා (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. මෙහිදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එම නිසා තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එංගලන්ත කණ්ඩායමට පිරිනැමුණා. මේ අතර එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලසිත් මාලිංග කඩුලු පහක් දවා ගැනීමට සමත් වුණා. තරගයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ මාලිංග කියා සිටියේ තමන්ට වසර එක හමාරකින් පමණ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්තාව නොදුන් බවයි. එම කාලය තුල පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීමට අවස්තාව ලැබුනේ නැති බවත් මාලිංග කියා සිටියා. එම අවස්තාවේ වීඩියෝව පහතින්,

Read more
එංගලන්ත පිල අතිදක්ෂයි, ඕනෑම තත්ත්වයක ක්‍රීඩා කර ජයගත හැකියි

ඕනෑම කණ්ඩායමක් එංගලන්ත‍යේ සංචාරය කරනා විට සංචාරක කණ්ඩායමේ මානසිකත්වය බිද දැමීම සදහා මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීම එංගලන්ත ක්‍රිකට් සම්ප්‍රදායයි. ඒ අනුවම වෙනත් රටක එංගලන්තය ක්‍රීඩා කරනා විට එංගලන්ත කණ්ඩායමේද මානසිකත්වය ඉහළ දැමීමට ඔවුන් කටයුතු කරනවා. එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය එල‌ඹෙන 10 වැනිදා ආරම්භ වීමට නියමිතය. මේ වන විට ශ‍්‍රී ලංකාවේදී පුහුණුව අරඹා ඇති එංගලන්ත පිල සම්බන්ධයෙන් සුබවාදී ධනාත්මක අදහස් පළ කිරීමට කුමාර් සංගක්කාර ඉදිරිපත් වී තිබේ. ප්‍රමුඛ ක්‍රිකට් වෙබ් අඩවියක් සමග කුමාර් සංගක්කාර පවසා ඇත්තේ එංගලන්ත කණ්ඩායමට ලෝකයේ කුමන ප්‍රදේශයේ සංචාරය කළද හොදින් ක‍්‍රීඩා කළ හැකි දක්ෂ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ඉන්නා බවයි. “එංගලන්ත කණ්ඩායමට ඕනෑම තත්ත්වයකට ක‍්‍රීඩා කළ හැකි තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටින බවට මා විශ්වාස කරනවා. ලෝකයේ ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ක‍්‍රීඩකයන් ඉන්නවා. ඇලිස්ටයාර් කුක් සමුගැනීම නිසා ඔවුන්ට අලූත් ආරම්භක පිතිකරු යුගලක් ශ‍්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියේදී යොදවන්න වෙනවා, එංගලන්තයට හොඳ දඟපන්දු යවන්නනුත් ඉන්නවා. ඇඩිල් රෂීඞ් සහ මොයින් අලී මෙහි තත්ත්වය ශ‍්‍රී ලංකාවට තර්ජනක් විය හැකි පන්දු යවන්නන්” යනුවෙන් සංගා පවසා තිබුණා. කුමාර් සංගක්කාර එංගලන්තය ක්‍රීඩා කළ තරගයන්හි විස්තර විචාරකයෙක් ලෙස ද කටයුතු කළ අතර සරේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු ද වනවා.

Read more
ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානයේ අවසන් සටනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සූදානම්

ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසාන මහා තරගය බංග්ලාදේශයේ ශී‍්‍ර බංග්ලා කි‍්‍රඩාංගනයේදී අද (07) පැවැත්වෙනවා. ඒ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතරයි. මෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ මේ දක්වා කිසිඳු තරගයක් පරාජයට පත්වී නැහැ. ශී‍්‍ර ලංකාව ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ අවසන් තරගයකට සහභාගී වන සිව්වන අවස්ථාව මෙයයි. ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම මෙතෙක් ආසියානු යොවුන් ශූරතාවක් දිනා ගැනීමට සමත් වී නැහැ. ඉන්දියානු යොවුන් කණ්ඩායම අවස්ථා 05කදී ආසියානු යොවුන් කි‍්‍රකට් ශූරතාව දිනා ගත්තා. 2017 වසරේ ආසියානු යොවුන් කි‍්‍රකට් ශූරතාව දිනා ගත්තේ ඇෆ්ගනිස්තානයයි.

Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය ගැන හතුරුගෙන් තීරණයක්

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලො මැතිවුස් ඉවත් කිරීමට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ලැබූ අතර එම පරාජයන් සැක සහිත බවට දැඩි ආන්දෝලනයක්ද හට ගත්තා. මෙවැනි පසුබිමක පුහුණුකරු සහ තේරීම් කමිටුවේ තීරණය මත ඇන්ජලො මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ප්‍රධාන පුහුණුකරුගේ නියමයෙන් සීමීත  නව නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙතම පැවරී තිබෙනවා. දිනේෂ් චන්දිමාල් ප්‍රසිද්ධව ඇත්තේ දක්ෂ නායකත්වයක් සහිත ක්‍රීඩකයෙකු ලෙසයි. මේ අතර මැතිවුස් සදහන් කරන්නේ තේරීම් කමිටුවට අවශ්‍ය නම් තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනිමට පවා සුදානම් නමුත් තමන්ට තවදුරටත් හොදින් ක්‍රීඩා කළ හැකි බව තමන් විස්වාස කරන බවයි. නව නායකයාට උපරිම දායකත්වය ලබා දෙමින් ඉදිරි තරග ක්‍රීඩා කිරීම තමන්ගේ අරමුණ බවට මැතිවුස් පවසනවා. ඒ අනුව මැතිවුස් ක්‍රීඩකයෙකු වශයෙන් දිගටම කණ්ඩායමේ රැඳි සිටිනු ඇත. කෙසේ වෙතත් මින් පෙරද මැතිවුස් නායකත්වයෙන් ඉවත් වූ අතර ටික කලකට පසු ඔහු නැවතත් නායකත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළම බළධාරියෙකු කටයුතු කළා.

Read more
ICC ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ICC ක්‍රිකට් ලෝක කුසලානය සම්ප්‍රදායක් වශයෙන් හා ප්‍රචාරණයක් වශයෙන් තරගාවලියේ රටවල් අතර ගෙනයාම සිදුවන අතර ලොව වටා රැගෙන යන සංචාරයේ සිව්වන අදියර යටතේ එය ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මෙයට එක්වූ නමුත් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකුත් සහභාගී නොවීම කැපී පෙනුණි. මෙම අවස්ථාවට ඔවුන් සහභාගී නොවීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයේ පවා අවධානයට ලක් වී මේ වනවිට පුවත් පළව තිබේ.

Read more
ශ්‍රී ලංකාවේ ජය බංග්ලාදේශය උදුරාගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී ඊයේ (15 ) පැවැති තරගයේදී මුෂ්ෆිකුර් රහීම් ලබාගත් අනිගි ශතකය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 137 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35.2 ක් අවසානයේ ලකුණු 124 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නායක මෂ්රෆී මොටාසා, මුස්තෆිසුර් රෙහෙමාන් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමුවා. පසු පෙළ පිතිකරුවන් වූ ඩිල්රුවන් පෙරේරා හයේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද, සුරංග ලක්මාල් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද බැගින් රැස්කළද, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නෑ. තරග දිනවිය හැකි ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස නම් දරා සිටින තිසර පෙරේරාටද මෙම තරගයේදී සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වීමට නොහැකි වූ අතර උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 6 ක් පමණයි. දහවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී විනිසුරුවරයා ලබාදුන් වැරදි තීරණයක් හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ලත් බිඳ වැටිණා. ලකුණු 11 ක් ලබා සිටියදී කුසල් පෙරේරා කඩුල්ල මුවා කළ බවට විනිසුරුවරයා සංඥා කළද, එම සිදුවීමේ පුනුරූපණ නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ පන්දුව කුසල්ගේ පාදයේ වැදීමට පෙර ඔහුගේ පිත්තේ දාරයේ වදින බවයි. ඒ වන විට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක් නොමැතිවීම නිසා තමා නොදැවුණ ක්‍රීඩකයකු බව දැන දැනම කුසල්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261 ක් ලබාගත්තා. පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු පිටියෙන් ඉවත් කළ ලසිත් මාලිංග, එම ඕවරයේම අවසන් පන්දුවේදී සකීබ් අල් හසන්ගේ කඩුල්ලද බිඳ දමමින් බංග්ලාදේශ කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවා. එක්දින තරගයක පළමු ඕවරය තුළදී කඩුලු 2 ක් හෝ 2 කට වැඩි සංඛ්‍යාවක් දැවී ගිය දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය වාර්තා අතරට එක්වූ අතර මින් පෙර අවසන් වරට එවන් අවස්ථාවක් සටහන් වී තිබුණේ වසර 15 කට ඉහතදීයි. 2003 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමු ඕවරයේදී කඩුලු 4 ක් දවාගනිමින් චමින්ද වාස් එම වාර්තාව පිහිටුවා තිබිණා.  

Read more
නෙට්බෝල් නිසා ජීවත් වෙන්නේ බෝඩිම්ක - මව්බිම දිනවූ වීර දියණියගේ කතාව !

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දැල් පන්දු කුසලානය ජය ගත්තේය. ඒ අවසන් මහා තරගයේදි සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින්. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ඨ සේවයක් සිදු කළ ක්‍රීඩිකාව වූයේ පන්දු විදින ක්‍රීඩිකා තර්ජිනී ශිවලිංගම් ය. මව්බිමට අභිමානයක් ගෙන ආ තර්ජිනීගේ ජීවිත කතාව නම් එතරම් සුන්දර නැත. ලෝකයේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තර්ජිනී අඩි 6ක් සහ අගල් 10ක උසින් යුක්තය. 1980 උපන් තර්ජිනී 38 හැවිරිදිය. උතුරු පළාතේ උපත ලද සිය පවුල සහ සමීපතමයන් ද නොමැතිව කොළඹ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වන්නේ මව්බිම වෙනුවෙන් නෙට්බෝල් ක්‍රීඩා කිරීමට නම් කොළඹ ප්‍රදේශයේ ජීවත්ව සිටිය යුතුය. ඇය මව්බිමට මෙතරම් අභිමානයක් ගෙන එන්නේ එලෙස කටුක දිවියක් ගත කිරීම තුළිනි. ඇයගේ නෙට්බෝල් දිවියේ හොදම කාලයේ ලොව හොදම නෙට්බෝල් ක්‍රීඩිකාව බවට පත්වීමට තර්ජිනීට හැකි විය. 2011 ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියේදි ඇය ශ්‍රී ලංකා නායිකාව ලෙසින් කටයුතු කරමින් ලොව හොදම දැල් පන්දු විදින්නිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. කෙසේ වෙතත් බලධාරීන්ගේ නොපනත්කම් හේතුවෙන් ඇයට කලක් ජාතික කණ්ඩායමෙන් ඉවතට විසීමට ද සිදු විය. එම නිසාම ඇය ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීමට ද කලක් විදෙස් ගතව සිටියාය. අවසානයේ සුදුස්සාට සුදුසු තැන ලැබුණු පසු සිය දක්ෂතා පෙන්වමින් මව්බි්මට ආසියානු කුසලානය දිනවා දීමට ඇය සමත් විය. යුද ගිනි දැල් නිවුණු රටක ත්‍රස්තවාදීන්ගෙන් පීඩිතව තුවක්කු ඔසවා සිටි උතුරු පළාතේ දැරියන් දැල් පන්දුව ඔසවන යුගයක් දැන් නැවතත් ඇතිව තිබේ. මව්බිම දිනවන තර්ජිනීලා දහස් ගණනින් බිහිවේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි. මවුබිම වෙනුවෙන් අපමණ කැප කිරීම් කරමින් මවුබිම දිනවූ තර්ජිනි, ඔබට දේශයේ උපහාරය !

Read more