Video

පැසිපන්දු ක්‍රීඩකයෙකු පැසිපන්දු ක්‍රීඩිකාවකට පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේදී විවාහ යෝජනා කළ හැටි

එංගලන්ත පිරිමි පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයකු වන 27 හැවිරිදි ජැමෙල් ඇන්ඩර්සන් සිය දිගු කාලීන පෙම්වතිය වන 28 හැවිරිදි එංගලන්ත පැසිපන්දු ක්‍රීඩිකා ජෝජියා ජෝන්ස් හට විවාහ යෝජනාව ගෙන ඒමට පසුගිය අට (08) වනදා තෝරා ගත්තේ ගෝල්ඩ් කෝස්ට් හි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන ක්‍රීඩාංගණයයි. එදින පැවති තරඟ ජයගත් බ්‍රිතාන්‍ය පිරිමි හා කාන්තා පැසි පන්දු කණ්ඩායම් දෙක ජය සමරමින් සිටි අවස්ථාවේ ඇන්ඩර්සන් සිය මිතුරන්ට පවසා ඇත්තේ තමන් දැන් සිය පෙම්වතිය වන ජෝර්ජියා හට විවාහ යෝජනා කරන බවයි. එයින් උද්දාමයට පත් මිතුරන්ගේ ප්‍රීති ගෝෂා මැද ඇන්ඩර්සන් සිය පෙම්වතියට විවාහ යෝජනා කළේ මෙසේයි. මෙවැනි තවත් විශේෂාංග නරබන්න lanka media hub youtube චැනලය SUBSCRIBED  කරන්න. https://youtu.be/KmnSHwsMkbY

Read more
හමුදාව වෙනුවෙන් නිර්මාණය වුනු අලුත්ම පට්ට ඇඩ් එක - රට රකින ජාතිය ශ්‍රී ලංකා යුද්ද හමුදාව

[embed]https://youtu.be/O7dSv_6Qs3s[/embed] හමුදාවකට පුළුවන් රට රකින්න, රටක මිනිස්සුන්ට පුළුවන්ද හමුදාව රකින්න, ඔව් පුළුවන් මේ ඒ රට රකින ජාතියට කරන වර්තමාන සුපිරිම ආමන්ත්‍රණය තමයි මේ අලුත්ම ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම. වසර තිහක් යුද්ධයෙන් බැට කාපු රටක අපි රටක් ජාතියක් ගැන ආඩම්බරයෙන් කතාකරපු අපි පසුගිය කාලයේ පබයෝ වගේ හිටියේ ඇයි. මේ ජාතියක අපුර්වතම නැගිටීමේ පෙරමන් සලකුණු. ආඩම්බරයි වියයුතු කාරණය නම් රට රකින ජාතියට කොන්ද පන ඇති නායකත්වයක් හිමි වීමය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට මේ පිළිබඳව ජාතියක් ලෙස අප ස්තුති වන්ත විය යුතුය. මේ අපුර්ව නිර්මාණයේ නිර්මාණ කරුවා වෙන්නේ සංජක ප්‍රසාද් දොලේවත්ත කියන වර්තමාන පෙරලිකාර තාරුණ්‍යයේ විප්ලවීය පුවත්පත් කලාවේදියාය. වර්තමාන ඉරිදා ඇපල් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වන ඔහු ඉන් ඉහතදී ට්‍රයඩ් වෙළඳ ප්‍රචාරණ ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂණ කටයුතුද සිදු කරමින් ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රචාරණ කලාවේ නව ප්‍රවණතා අනුව නිර්මාණ කටයුතු සිදුකරමින් ක්ෂත්‍රයේ නම් තැබුවෙකි. ගැම්ම කියන්නේ ලේ නහර ආදරෙන් නාඩි වැටෙන තාලයට…අපි එකිනෙකාට අනුව ඒ නාඩි වැටෙන තාලේ වෙනස් උනාට මේ නිර්මාණයේ හැම නාඩියක්ම තනි තාලෙකට අරගෙන..ඒකතමයි ගැම්ම…ගැම්මක් නැති රටකට පිම්මක් පනින බෑ කියල දන්න නොදන්නා හැම හිතකටම පිම්මක් ගන්න ගැම්මක් දෙන වර්තමාන වෙළඳ ප්‍රචාරණ කලාවේ දැවැන්ත නිර්මාණයක් බවට පත් වනු ඇත.   ශ්‍රී ලාංකීය ජාතිය රකින රට රකින ජාතියට ඔබත් එක්වන්න රට රකින ජාතිය ශ්‍රී ලංකා යුද්ද හමුදාව    

Read more